December 24, 2017

Wi-Fi සම්බන්ධතාවය වැඩි කර ගැනීම සඳහා සරල ක්‍රමයක්


විද්‍යාඥයන් පිරිසක් විසින් ගෘහස්ථව Wi-Fi සම්බන්ධතාවය වැඩි කර ගැනීම සඳහා  අඩු වියදමින් සිදු කළ හැකි සරල ක්‍රමයක් සොයා ගෙන ඇත. මේ සඳහා භාවිතා කරනු ලබන්නේ ඇලුමිනියම් ප්‍රභාවර්ධකයකි (aluminium foil). මෙම ඇලුමිනියම් ප්‍රභාවර්ධකය (aluminium foil) පරාවර්ථ ඵලකයක් ලෙස භාවිතා කරමින් 'virtual wall' ක් Wi-Fi රවුටරය ආසන්නයේ නිර්මාණය කරමින් ගෘහස්ථව ඇති Wi-Fi තරංග වල ශක්තිය වැඩි කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම තරංග වල වේගය මෙන්ම හොඳ ආවරණ කලාපයක්ද ඇති කර ගත හැක.

ඇලුමිනියම් බීම කෑන් භාවිතයෙන් මෙය අත්හදා බැලිය හැක. පර්යේෂකයන් විසින් මෙම පරාවර්ථකයේ හැඩය වෙනස් කරමින් Wi-Fi තරංග වල ශක්තිය වැඩි කිරීමට වඩා යෝග්‍ය වන අවස්ථාව පිළිබඳ අධ්‍යයනය සිදු කරන ලදී. අවසානයේදී වක්‍ර සාමාන්‍ය පලුවක් ආකාරයට පරාවර්ථකය සකස් කළ හැකි විය.

තවද පවතින සැලැස්ම අනුව පරාවර්ථකය වෙනස් කරමින් තම නිවස තුල  Wi-Fi සම්බන්ධතාවය අවශ්‍ය ස්ථාන වල ශක්තිය වැඩිකර ගැනීමට ඇති හැකියාව පිළිබඳව පර්යේෂකයන් විසින් Wi-Fi තරංග සම්බන්ධතාවය අවශ්‍ය නොවන කලාප හඳුනා ගැනීමෙන් WiPrint නැමැති ක්‍රමය භාවිතා කර පර්යේෂණ සිදු කරන ලදී.

මෙම යෙදවුම් (inputs) ඇතුලත් කිරීමෙන් WiPrint's algorithm මගින් ඉතා සුදුසු හැඩය ලබා ගැනීමෙන් පසු ත්‍රිමාණ මුද්‍රණයකින් ලබා ගන්නා ප්ලාස්ටික්  උපාංගය ඇලුමිනියම් ප්‍රභාවර්ධකය (aluminium foil) කින් ආවරණය කිරීමෙන් සාර්ථක පරාවර්තකයක් ලබා ගත හැක. මෙහිදී ත්‍රිමාණ මුද්‍රණය සඳහා පමණක් වියදමක් දැරීමට සිදුවේ. නැතිනම් මේ සඳහා විශාල වියදමක් දරා වෙනම ස්පර්ශකයක් antennae යෙදීමට සිදුවේ.

එලෙසම මෙම පරාවර්ථකය භාවිතයෙන් පසු පරීක්ෂා කිරීමෙන් මෙම තරංග වැඩි කළ යුතු ස්ථානවල 55.1% කින් සහ අඩු කළ යුතු ස්ථාන වල 63.3% කින් අඩු වී ඇති බව අනාවරණය කර ගත හැකි විය. එලෙසම නිවස ආසන්නයේ අනවශ්‍ය ස්ථානවල අවභාවිතයද මෙමගින් වලක්වා ගත හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.
 
උපුටා ගැනීම
http://www.sciencealert.com/simple-hack-aluminium-foil-improve-home-wi-fi-wireless-signals

සකස් කලේ-
විද්‍යා හා තාක්ෂණ නිළධාරි- ගඟ ඉහළ කෝරළේ 
උපුටා ගැනීම 

0 comments:

Post a Comment