නිසල ජලය ඇති ජලාශවල, පොකුණු හා වැව් ඉවුරුවල දක්නට
ලැබෙන ඕලු, නෙලුම්, මානෙල් යන නම්වලින් හදුන්වන ජලජ ශාක උද්භිදවිද්‍යාත්මක වශයෙන්
දෙයාකාරයක් පවතී.
මින් එක් ආකාරයක් නම් Water
lily ලෙස හදුන්වන අතර Nymphaeaceae පවුලට අයත්වේ. අනෙක් ආකාරය Lotus ලෙස හදුන්වන අතර Nelumbo යට අයත්වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය වැනි
ආසියාතික නිවර්තන දේශගුණික කළාපයේ රටවල් වල බොහෝ සෙයින් හමුවන්නේ නෙලුම් හෙවත් Lotus ලෙස හදුන්වන විශේෂයන්ය.
මැක්සිකෝව, ගල්ප්, උතුරු ඇමරිකාව ආදී
සෞම්‍ය කළාපයේදී හමුවන්නේ Water lily ලෙස හදුන්වන විශේෂයන්ය. කෙසේ නමුත් නෙඑම්
විශේෂ 58ක් හදුනාගෙන ඇත.
බොලිවියාවේ පලමුවරට හදුනාගනු ලැබූ Victoria amazonica නම්
විශේෂය ලොව විශාලතම නෙලුම් හෙවත් Water lily
වර්ගයවේ. එය බ්‍රසීලයේ හා ඇමසන් ගංගා ඉවුරේ සුලබය.
- Kingdom: Plantae
- Phylum: Magnoliophyta
- Class: Magnoliopsida
- Order: Nymphaeales
- Family: Nymphaeaceae
- Genus: Victoria
- Species: Victoria
amazonica
- Common
Name: Giant Water Lily



කෙසේ වෙතත් මෙම යෝධ නෙලුම් විශේෂය පරිසර පද්ධති කෙරේ ඇති කරන බලපෑමද සලකා
බැලිය යුතුය. පත්‍රවල විශාලත්වය නිසා ජලපෘෂ්ඨය ආවරණය වීමෙන් හිරුඑළිය ජලාශයේ පතුලට
නොලැබීයයි. මේ නිසා මේවා වැඩෙන ජලාශවල ඇල්ගී වර්ධනය අවම මට්ටමක පවතී. එනිසා ඇල්ගී
ආහාරයට ගන්නා මත්ස හා සත්ව විශේෂ වලට අහිතකර බලපෑම් ඇතිකරයි.
එන්ගලන්තයේ පර්යේෂනණාගාර තුල Victoria amazonica ජාන වෙනත්
ශාක හා සංයෝජනය කරමින් බෝගවගාව පිළිබද වැඩිදුර
පර්යේෂණ සිදු කරමින් පවතී.
0 comments:
Post a Comment