December 19, 2017

කෑලි කැඩුනත් යළි හා කළ හැකි TUEG3

වතුර හෝ තේ  හෝ බීමට ගන්නා ලද වීදුරුව අත් වැරදීමකින් බිම වැටී කුඩා කෑලී වලට බිඳී විසිරි යනු දැකීම අප බොහෝ දෙනා අත් දැක ඇති සුලබ සිදු වීමකි.  කෙසේ වුව ද එම විසිරී ගිය කොටස්  යළි එක්කර, මැලියම් වැනි දේ භාවිතා නොකර, හුදෙක් තද කර පීඩනයක් යෙදීම පමණක් මඟින් බිඳී ගිය වීදුරුව ප්‍රතිනිර්මාණය කිරීම විශ්මය දනවන සුළු සිදු වීමක් විය හැකිය.

කැපූ කොටස් දෙකක් එක් කර තත්පර 30 ක් වැනි කාලයක් තද කර තබා ගැනීමෙන් (පීඩනයක් යෙදීමෙන්) එම කොටස් දෙක යළිත් හා වන ආකාරයේ විස්මිත ගුණාංග සහිත නව ද්‍රව්‍යයක් සොයා ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී ඇත. මීට පෙර නිපදවා තිබුණු මෙම ගුණාංගය සහිත ද්‍රව්‍ය, මෘදු හෝ ඉහළ උෂ්ණත්ව අවශ්‍ය කරනු ලබන ද්‍රව්‍යයන් වුව ද මෙම නව ද්‍රව්‍ය ප්‍රයෝගික කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් දෘඩතාවයක් සහිත වන අතර සවි වීම සඳහා ඉහළ උෂ්ණත්වයක් ද අවශ්‍ය නොවේ.
 
බහුඅවයවික වර්ගයට අයත් මෙම නව ද්‍රව්‍යය  TUEG3 ලෙස නම් කර ඇති අතර යළි සවි විමේ ක්‍රියාවලියට පදනම් වී ඇත්තේ අණු අතර ක්‍රියාත්මක වන ප්‍රභල අන්තර් අණුක ආකර්ෂණ බලයක් වන හයිඩ්‍රජන් බන්ධනයන්ය.  

https://youtu.be/VJCX0xgQFBE?t=16
විද්‍යා හා තාක්ෂණ නිලධාරි - කැස්බෑව

0 comments:

Post a Comment