December 22, 2017

අපේ සමට ක්ෂුද්‍ර ජීවීන් අවශ්‍ය ඇයි?

අප දන්නා පරිදි අපේ ආහාර මාර්ගයේ දස දහස් ප්‍රකෝටි ගණනක් ක්ෂුද්‍ර ජීවීන් වාසස්ථානය කරගෙන වෙසේ. එපමණක් නොව අපේ සමේද බැක්ටීරියා, යීස්ට්, පැරසයිට් වර්ග කිහිපයක් ඒකරාශී වී වසස්ථානය කර ගෙන වෙසේ. අපේ දේහ සෛල හා සම්බන්ධතාවයක් පවත්වන ක්ෂුද්‍ර ජීවී ගහන ඝනත්වය ගත්විට එය අපේ ශරීරයේ සමස්ථ සෛල ප්‍රමාණයටත් වඩා වැඩිය. සමත් මෙම ක්ෂුද්‍ර ජීවීනුත් අතර මනා සම්බන්ධතාවයක් ඇත. අපේ සමේ හිතකර මෙන්ම අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ද සිටියි. අපේ නව සමාජ රටාවත් සමග සම පරිසරයේ ඇති සංයෝග, පිරිසිදුකාරක සබන්, ක්ලෙන්සර්, ඩිටර්ජන්, ඩියොඩ්‍රන්ට් හා අනෙකුත් සුවද විලවුන් හා සම අලංකර ද්‍රව්‍යවලට නිතරම ගැටී ප්‍රතික්‍රියා කරයි. එවැනි සංයෝග මගින් සමට හිතකර භාවයට වඩා අහිතකරව බලපානුයේ ක්ෂුද්‍ර ජීවී යාන්ත්‍රනයේ සමතුලිතතාවය බිද දැමීමට මෙම සංයෝග ක්‍රියා කරන නිසයි.
සම යනු බාහිර පරිසරය හා අභ්‍යන්තර පරිසරය වෙන් කරන බිත්තියක් වැනි බාධක පටලයකි. එහි ලිම්පෝසයිට් පටක තිබේ. සමේ ලිම්පෝසයිට් හා බැක්ටීරියා අතර අනුපාතය 1:1 වේ. සමේ මෙම බැක්ටීරියා ලිම්පෝසිට් මගින් විශාල මෙහෙයක් ප්‍රතිශක්තීකරන  පද්ධතියට ඇති කරයි.
අපේ ශරීරයේ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ආරම්භ වනුයේ අපි ඉපදුනු මොහොතේ සිටයි. අපේ ශරීරයේ T සෛල මගින් ඇතිවන ප්‍රතිශක්තීකරණය අපේ සමේ වෙසෙන සාමාන්‍ය හා අපට හිතකර බැක්ටීරියාවන්ට පීඩා නොකිරීමට සැකසේ.
අප අති පිරිසිදු විය යුතුද?
ඉහත සදහන් කල පරිදි  සම හා ක්ෂුද්‍ර ජීවීන් සුසංයෝගය අපට අවශ්‍ය බැවින් අති පිරිසිදු වීම අපේ සමේ නිරෝගිමත් භාවයට හා ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඝෘජු ප්‍රතිඵල එක්කරයි.
කිලිටි වීමට භය නොවන්න.
අද අපේ සමාජයේ අපි අපිරිසිදු වීමට බියක් පෙන්වයි. අතීතයේ මිනිසුන් බොහෝවිට එළිමහනේ කාලය ගත කල අතර වැඩ කිරීම, ආහාර ගැනීම වැනි බොහෝ කටයුතු පරිසරය සමග ඉටුකළා. එවිට පරිසරයේ සිටින  පස් ආශ්‍රිත ජීවීන් (Soil based organism) ප්‍රෝබයෝටික ජීවීන් අපේ සම හා ආහාර මාර්ගය හා සම්බන්ධ වුනා. අද වන විට මෙම හිතකර සමහර බැක්ටීරියා  සමග අපේ ගණුදෙනුවක් නොමැත. ඒ අපේ අති පිරිසිදුභාවය නිසාය.
අද වන විට බාහිරින් අපි ප්‍රෝබයෝටික බැක්ටීරියා අඩංගු ආහාර ශරීරයට කෘතීමව ගැනීමට සිදුවී ඇත. පරිසරය හා මිනිසා අතර සම්බන්ධතාවය බිද වැටීම මෙයට ප්‍රධාන හේතුවයි.
එනිසා අපි වැඩි කාලයක් එළමහනේ වගා කටයුතු වල නිරත වනවා නම් (Gardening) විශාල ප්‍රෝබයෝටික ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයක් හා ගැටීමට හැකිවේ.
ප්‍රෝබයෝටික ජීවීන් අපේ සමට හිතකරය. ප්‍රෝබයෝටික යෝගට් එකක් මුහුනේ ආලේප කලවිට (Mask ලෙස) සම පිරිසිදුවී  තෙල් ගතිය ඉවත්වී සිනිදු බවට පත්වනු දැකිය හැකිය. එය සමට ආරක්ෂාව සපයයි.
ඇන්ටි බැක්ටීරියල් සබන් භාවිතය සුදුසුද?

අද බෙහෝ දෙනා ඇන්ටි බැක්ටීරියල් සබන් භාවිතා කරයි. එමගින් අපේ සමේ හිතකර හා ස්වාභාවික බැක්ටීරියා වර්ගද විනාශ කර දමයි. ට්‍ර්යික්ලෝන් ප්‍රධානව ඇන්ටිබැක්ටීරියල් සබන් සදහා යොදා ගනී. එය ඉතාමත් අහිතකර තහනම් කරන ලද සංයෝගයකි. එයට අමතරව බියුටාසයික්ලොන්, බෙන්සිනෝල්, ලිමනෝන් ඩයි වර්ග, පැරා බෙන්ස්, ක්ලොරයිඩි භාවිතා කරයි. මෙවැනි සංයෝග දියර සබන් වල 75% ක්ද බාර් සබන් වල 30% ක්ද අඩංගු වේ. එමනිසා ඇන්ටි බැක්ටීරියල් සබන් හා සෝදනකාරක වලට වඩා සාමාන්‍ය සබන් භාවිතය හිතකරය. නිතර ඇන්ටි බැකිටීරියල් සබන්, ෂැම්පු භාවිතා කිරීම නිසා සමේ හිතකර බැක්ටීරියා විනාශ වී රෝග ඇතිවේ. එවැනි රෝග නම්
·         තයිරොයිඩි ග්‍රන්තියේ අසමතුලිතකාවයන්
·         සම වියළීම
·         හෝමෝන අසමතුලිතතාවයන්
·         කළල වර්ධනයට බලපෑම්
·         ආසාත්මිකතාවයන්

0 comments:

Post a Comment