December 29, 2017

“තල කමු බෙහෙත් නොබොමු”

තල බීජ රසකැවිලි නිෂ්පාදනය සදහා යොදා ගනු ලැබුවත් ප්‍රධාන වශයෙන් තෙල් නිපදවීම සදහා යොදා ගනු ලබනවා. තල තෙල් කැල්සියම් වලින් සම්පුර්ණ සහ කොලොස්ටරෝල් වලින් තොර බැවින් පෝෂ්‍යදායි තෙල්  වර්ගයක් ලෙස සදහන් කල හැක. ශරීරයට අවශ්‍යය කැල්සියම් ලබා ගැනීම සදහා කිරි හොද මාධ්‍යයක් වුවත් සත්ව මේද කොලොස්ටරෝල් ඉහල නංවන බැවින් කිරි පරිභෝජනය වෙනත් ආකාරයකින් ශරීරයට බලපෑම් කිරිමට සමත්වේ. නමුත් තල තෙල් කොලොස්ටරෝල් වලින් තොර බැවින් කැල්සියම් ලබා ගැනීම සදහා ඉතා හොද මාධ්‍යයකි.

කොලොස්ටරෝල් ඉහල නංවන්නේ නැතිව කැල්සියම් ලබා දීමට අමතරව ශරීරයේ අධි රධිර පීඩනය පාලනය කීරීමටද තල තෙල් මෙන්ම සහල් නිවුඩු තෙල් සමත් වන බව ජපානයේ චිකුසිනෝ හි  ෆුකෝකා වෛද්‍ය සරසවියේ විද්‍යාඥ  දේවරාජන් ශංකර් විසින් හෙලිදරව් කර ඇත.

සංතෘප්ත  මේද අම්ල ඉතා අල්ප මෙම දෙවර්ගයම මගින් කොලොස්ටරෝල් මට්ට්ම යහපත් ලෙස වර්ධනය කරන බව පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇත.

මෙම පර්යේෂණ සදහා අධි රුධිර පීඩනය සහිත හා මධ්‍යම ප්‍රමාණය අධිරුධිර පීඩනය  සහිත ගැහැණු පිරිමි 300 දෙනෙකුගෙන් කණ්ඩායමක් තෝරාගෙන ඇති අතර ඔවුන් කණ්ඩායම් තුනකට වෙන්කර ඇත.

ඉන් එක් කණ්ඩායමක් සදහා අධි රුධිර පීඩනය පහත හෙලන “නිෆොඩිපයින්” ඖෂධය ලබා දෙන ලද අතර දෙවැනි කණ්ඩායමට තල තෙල් හා නිවුඩු තෙල් මිශ්‍රණය දිනකට අවුන්ස 01ක බැගින් අහාරයට එක් කර ගැනීමට සලස්වා ඇත. තෙවන  කණ්ඩායම සදහා ඖෂධ සමග ඉහත තෙල් වර්ගය  අවුන්ස 01 බැගින් දිනපතා ලබා දී ඇත.

අවසාන ප්‍රතිඵල ලෙස දැක්වී ඇත්තේ රුධිර පීඩනය පිළිබද ඉහල අංකයෙන් දැක්වෙන  සිස්ටොලික් අගය තෙල් පමණක්  ලබා ගත් කණ්ඩායම  අංක 14 කින් ද ඖෂධ පමණක් ලබා ගත් අයගේ අංක 16 කින්ද ඖෂධ හා තෙල් ලබාගත් අයගේ අංක 36 කින්ද පහත වැටී ඇති  බවයි.

එමෙන්ම  රුධිර පීඩනය පිළිබද පහල අංකයෙන් පෙන්නුම් කෙරෙන ඩයොස්ටලික්  අගය තෙල්  පමණක් භාවිත කල අයගේ අංක 11 කින්ද, ඖෂධ පමණක් ලබා ගත් අයගේ  අංක 12කින්ද තෙල් හා ඖෂධ ලබා ගත් අයගේ අංක 24 කින්ද පහල වැටී ඇති බවයි.

කොලොස්ටරෝල් පිළිබද සිදු කල පරීක්ෂණයේදී හෙලි වී ඇත්තේ  තෙල් පමණක් භාවිත කල අයගේ අයහපත් කොලොස්ටරෝල් හෙවත්  LDL කොලොස්ටරෝල් 26% කින් පහල ගොස් ඇති බවද යහපත් හෙවත් HDLකොලොස්ටරෝල් 9.5% ඉහළ ගොස් ඇති බවයි. ඖෂධ  පමණක් භාවිතා කල අයගේ වෙනසක් දක්නට නොලැබෙන අතර ඖෂධ  හා තෙල් දෙවර්ගයම භාවිතකල අයත් LDL 27%කින් පහළ ගොස් HDL  10.9% කින් පහළ ගොස් ඇති බව අනාවරණය විය. 

පොල්තෙල් සහ එළවළු තෙල් වලට සාපේක්ෂව ඉහළ මිලක් තල තෙල් වලට හිමි වුවත් ශරීර සෞඛ්‍ය ගැන අවධානය යොමු  කිරීමේදී තල තෙල් ඉතා වැදගත් කාර්යභාරක් ඉටු කරන බව පෙනී යයි.

0 comments:

Post a Comment