December 21, 2017

සියළු සතුන්ට අප මෙන්ම කතාකිරීමට පුලුවන් වුනහොත්.....

ලෝකයේ මිනිසාට සාපේක්ෂව ගත් කල සත්ව ජනගහණය ඉතා අධිකය. අප සමහරක් සත්වයන්ටඉතා කැමැත්තක් දක්වයි. සමහරක් සත්වයන් තමන්ගේ සුරතල්ලු වශයෙන් හදාවඩා ගනී.  ඔවුන්ගේ හැසීරීම් රටාවන්ගෙන් ඔවුන්ට අවශ්‍ය කුමක්දැයි  උපකල්පනය කරන නමුත් ඔවුන්ට ඇත්තටම අවශ්‍ය කුමක්දැයි අපට නොතේරේ.  කිමද ඔවුන්ගේ භාෂාව අපට නොතේරෙන බැවිනි. නමුත් ඔවුනටද අප මෙන් කතා කිරීමට, අදහස් ප්‍රකාශ කිරීමට හැකිවුනා නම් කියා ඔබ මොහොතකටවත් සිතුවාද?
පෘතුවියේ වෙසෙන මනුෂ්‍යයන් ප්‍රමාණයට වඩා පෘතුවියේ වෙසෙන සත්වයන් ප්‍රමාණය ඉතා විශාලය. සියලුම සත්වයන්ට කතාකරන්නට පුළුවන් වූවිට මුළු පෘතුවියම ඉතා ඝෝෂාකාරී විය හැක. එවිට ඔවුන් එකිනෙකා හා කතා කිරීමට අදහස් හුවමාරු කිරීමට හැකි නිසා කුසගින්නට කෑම ඉල්ලනවාට වඩා වැඩි දෙයක් ඉල්ලීමට හැකිය. එමෙන්ම මිනිසුන් මෙන්ම ඔවුන්ද සමාජයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරයි.
තමන්ගේ සුරතල් සතුන්ටද කතා කිරීමට පුලුවන් වූවහොත් ඔවුන්ගේ අදහස් අපට මනාව අවබෝධ කිරීමට හැකි වන අතර ඔවුන් අපට සුරතලුන්ට වඩා විශ්වාසවන්ත මිතුරන්වනු ඇත.
උදාහරණයක් විදියට මිනිසුන් මෙන් ඔවුනුත් සමාජයක් ගොඩනගා ගැනීමට පෙළඹේවි. ඔවුන්ගේ පැවැත්මට මිනිසුන් තර්ජනයක් බව සිතා සත්වයින් මිනිසාට එරෙහිව සංවිධානය වී මිනිසා පරදා ඔවුන්ට ජයලබන්නටත් හැකියාව ඇත. කිමද මිනිසුන්ගේ සංඛ්‍යාවට වඩා සත්වයින්ගේ සංඛ්‍යාව වැඩි නිසාවෙන්.
එය සමහර විටකදී මිනිසාට අවාසි සහගත ලෙස බලපෑමට ඉඩතඩ පවතී. ඔවුන් මිනිසුන් හා සමාන අයිතිවාසිකම් ඉල්ලිමට පුළුවන.
වර්තමානයේ වෛද්‍ය ක්ෂේත්‍රය තුල ඖෂධ නිපදවීමට සහ ලෙඩරෝග පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට සත්වයින් විශාල වශයෙන් භාවිතා කෙරේ. එමෙන්ම අධික ලෙස සත්ව මාංශ අනුභව කිරීම සිදුවේ.
නමුත් සත්වයන්ට කතා කිරීමට පුළුවන් වුනහොත් ඒවා කිරීමට ඔවුන් ඉඩනොතබනු ඇත. මස් අනුභව කිරීම පිණිස මරා දමනු ලබන සත්වයින් ඔවුන් අත්විඳින වේදනාව ලෝකයට ඇසෙන්න හඩනගා පවසාවි.එම නිසා බොහෝ දෙනෙක් නිර්මාංශී වීමටද පුළුවන්.
එමෙන්ම මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා වාසස්ථාන අහිමිවෙන සත්වයින්, පර්යේෂණ වලින් බරපතල තත්වයට පත්වන සත්වයින්, මිනිසුන් නිසා තම ආදරණීයන් අහිමි වෙන සත්වයින්ද ඔවුන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් මිනිසාට විරුද්ධව අනිවාර්යයෙන් පෙලගැසෙනු ඇත.
එමෙන්ම සත්වෝද්‍යාන වල සිරගත කර තිබෙන සත්වයින්ට කතා කරන්න පුළුවන් නම්, කූඩුවක සිරවී ඔවුන් ගෙවන ජීවිතයේ වේදනාව සැමටම පවසාවී. එවිට සත්වෝද්‍යාන තුල අහන්න දකින්න ලැබෙන්නේ සත්වයින්ගේ දුක් අදෝනාවන් පමණයි. එය විනෝදාත්මක අත්දැකීමක් වෙන එකක් නැහැ.
විද්‍යාඥයින් පවසන පරිදි සත්වයින්ට කතා කරන්න පුළුවන් වුනොත්, එය අපිට අවබෝධ කරගැනීමට තරමක් අසීරූ වන බවයි කිමද සත්ව ජීවිතය සහ සත්ව ලෝකය මිනිසාගේ ලෝකයට වඩා බෙහෙවින් වෙනස් වන නිසාය.

වර්තමානයේ සත්වයින් අපි සමග වචන වලින් කතා බහ නොකලත් ඔවුන්ගේම ක්‍රමවේදයකට අප හා සන්නිවේදනය කිරීමට ඔවුන් නිතරම උත්සහ කරනු ලබයි. සත්වයන් කතා කිරීම වුවත් නැතත් උසස් මනසකින් සහ සිතීමේ ශක්තියක් ඇති මිනිසා සත්වයන් ගැන මීට වඩා සිතිය යුතුවේ.
සංස්කාරක සටහන :

මෙහි පළකර ඇත්තේ කතුවරයාගේ දැක්මකි.

0 comments:

Post a Comment