Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Showing posts with label ස්වයං රැකියා. Show all posts
Showing posts with label ස්වයං රැකියා. Show all posts

May 27, 2019

කඩොලාන විනාශයට ග්‍රාමීය ව්‍යවසායක නිෂ්පාදනයක් දහයියා දර?



2008 මැයි මාසයේදී Nargis සුළි කුණාටුව නිසා මියන්මාරයේ සිදුවූ landfall (භුමිය කඩා වැටීම / නිවර්තන සුළි කුණාටුවක කේන්ද්‍රය, වෙරළ තීරය හා අන්ත:ඡේදනය) මගින් රටෙහි ග්‍රාමීය හා පහත් බිම් ප්‍රදේශයක් වන Irrawaddy Delta (ඉරවඩ්ඩි ඩෙල්ටා)ව විනාශ කර දැමීය. 100,000 කට අධික පිරිසක් මිය ගිය සහ තවත් බොහෝ දෙනෙක් අවතැන් වූ මෙය මියන්මාරයේ  මාරාන්තික ස්වභාවික ව්‍යවසනයක් ලෙස සටහන් වී තිබේ. කෙඩොලාන වනාන්තරවලට පිටුපසින් පිහිටා ඇති ප්‍රදේශවල සාපේක්ෂව අඩු හානියක් සිදුවූ අතර  කෙඩොලාන වනාන්තරවලින් අඩු ආරක්ෂාවක් සහිතව පිහිටි ගම්මානවල වැසියන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වූහ.  Nargis සුළි කුණාටුවෙන් පසුව සිදුවූ හානිය පිලිබදව හොදින් අවබෝධ කර ගත් වෙරළ තීරයේ වෙසෙන ගම්වැසියන් කඩොලාන මගින් ලබාදුන් ආරක්ෂාවට බොහෝ සේ ස්තුතිවන්ත විය.

කඩොලාන වනාන්තර මගින් ලැබෙන මෙවැනි ආරක්ෂාව පිලිබඳ දැනුවත්කම සහ රජය මගින් රට පුරා ගස් කැපීම තහනම් කිරීම මධ්‍යයේ වුවද මියන්මාරයේ කඩොලාන හානිය තවමත් සිදුවේ. බොහෝ කඩොලාන ඉඩම් මත්ස්‍ය වගාව සහ වී වගාව සඳහා යොදාගැනීම නිසා මියන්මාරයේ කඩොලාන ඉඩම් විශාල ප්‍රමාණයකින් අඩුවී තිබේ. මිට අමතරව විශේෂයෙන් විදුලිය නොමැතිවීම, දුගීකම යනාදී ගැටළු නිසා ගින්දර  සහ දැව අඟුරු නිපදවීම සදහා නොමිලේ ලද සම්පතක්  වූ කඩොලාන ශාඛ භාවිතා කිරීමට Irrawaddy Delta වැනි දුෂ්කර ගම්මානවල වැසියන් යොමු වී ඇත.

මෙම තත්ත්ව යටතේ වී මෝල් හිමියෙකු වන , U Zayar Myo (උයාර් මයෝ) විසින් ඔහුගේ ව්‍යවසායකත්ව ගතිගුණ උපයෝගී කරගෙන කඩොලාන දැව වලට විකල්පයක් ලෙස ඉවතලන දහයියා වලින් දහයියා සම්පිඩිත ගඩොලිත (compact rice husk briquettes/ දහයියා දර) නිපදවීමට සමත් වී තිබේ. වී මොලෙන් නැවත පරිසරය අපවිත්‍ර කරමින් ඉවතලන දහයියා පිලිබදව කනස්සල්ලෙන් පසුවූ Myo එය ප්‍රයෝජනවත් අමුද්‍රව්‍යක් බවට පත්කිරීමට සමත් විය. කඩොලාන දර හෝ දර අඟුරු වලට විකල්ප ඉන්ධනයක් ලෙස මෙම දහයියා briquettes පිළිස්සීම යොදා ගත හැකි බව වාර්තා වේ. මේ අනුව දහයියා දර දෙයාකාරයකින් පරිසරය ආරක්ෂා කරයි.

කඩොලාන දර දහනය කිරීම මත යැපුණු ඓතිහාසික ව්‍යාපාර සඳහා නව දහයියා briquettes (දහයියා දර) ලබාදී දැන් එම ව්‍යාපාරිකයෝ කඩොලාන දර භාවිතයෙන් වැලකි සිටිති.  එමගින් මියන්මාරයේ කඩොලාන වානාන්තර විනාශය ප්‍රමාණාත්මකව අඩුවක් දක්නට ඇත. එහෙත් දහයියා දර හොද මිලකට අලෙවි කර ගැනීම අපහසු නිසා අවශ්‍යතාවය කෙසේවුවද දහයියා දර නිෂ්පාදනය ලාභදායි ව්‍යාපාරයක් නොවන බව මයෝ පවසයි. එහෙත් දහයියා දර කඩොලන රැකීමට උපකාර කිරීම මගින් පරිසරයට, මියන්මාරයට, ස්වභාවික විපත්වලින් ඉරවඩ්ඩි ඩෙල්ටා වැනි ග්‍රාමීය ප්‍රදේශ සහ ඒවායේ ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීමෙන් ලබාදෙන ප්‍රතිලාභය ඉතා ඉහළය. 

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර

January 23, 2018

“විදාතා හරිත කඩමණ්ඩිය” බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී 2018/01/24, 25 දින පැවැත්වේ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 266 ක් යටතේ ක්‍රියාත්මක වන විදාතා සම්පත් මධ්‍යස්ථාන වැඩපිළිවෙළ ග්‍රාමීය නිෂ්පාදන, ව්‍යවසායකයන් හට විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම අවබෝධය ලබාදෙමින් ප්‍රමුඛ කාර්යසාධනයක් ඉටුකරනු ලබයි.

දිවයින පුරා විසිරී සිටින විදාතා ව්‍යවසායකත්ව ජාලය තුළින් තෝරාගනු ලැබූ කුඩා හා මධ්‍ය පරිමාණ සහ ජාතික, ජාත්‍යන්තර තලය දක්වා පැමිණි නිෂ්පාදකයින්, ව්‍යවසායකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත පිරිසකගේ නිෂ්පාදන හා සේවා ඇතුළත් වස විසෙන් තොර නිෂ්පාදන ඇතුළත් “විදාතා හරිත කඩමණ්ඩිය” බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී 2018/01/24, 25 යන දෙදින තුළ පැවැත්වීමට අමාත්‍යාංශය විසින් කටයුතු සම්පාදනය කර ඇත.

මෙහිදී දේශීය වියළි හා පිසින ලද ආහාර, රසකැවිලි, දේශීය සහල් (හෙළසුවය) බතික් හා නිමි ඇඳුම්, ආභරණ, හස්ත කර්මාන්ත අංශයේ නිෂ්පාදන, පාවහන්, බෑග්, විසිතුරු මල් කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන හා සේවා, විද්‍යුත් උපකරණ ඇතුළු දේශීයව නිපදවන තවත් බොහෝ දේ මෙම වෙළඳපළ තුළින් පාරිභෝගිකයන් අතට විශ්වාසවන්තව පත්කෙරෙනු ඇත.


විදාතා හරිත කඩමණ්ඩිය
දිනය                -           2018 ජනවාරි 24,25
ස්ථානය           -           සෙත්සිරිපාය පරිශ්‍රය, බත්තරමුල්ල

සංවිධානය       -           විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය

October 27, 2017

ස්‌වයං රැකියා සහ ක්ෂුද්‍ර ණය

ස්‌වයං රැකියා යනු තමා අවට ඇති සම්පත් උපයෝගී කරගනිමින් තමා ඇතුලු පවුලේ අයගේ ශ්‍රම දායකත්වයෙන් යම් නිෂ්පාදනයක් සිදු කිරීමයි.

නිෂ්පාදන වැඩිවීම මගින් රටක නිෂ්පාදනය වැඩිවේ. එම නිසා ජාතික සංවර්ධනයට දායකවේ. රටේ ජනගහනය ගත් විට 70% පමණ ස්‌වයං රැකියා සිදු කරන අය වේ. ග්‍රාමීය පරිසරය සලකුවිට විශාල ප්‍රමාණයක්  රැකියා නොමැති අය වේ. එයිනුත්  විශාල ප්‍රමාණයක්  කාන්තාවන්ය. කාන්තාවන්ගේ ප්‍රධාන කාර්ය භාරය දරු පවුල රැකගැනීම, පෝෂණය කිරීම සහ දරුවන් ආරක්ෂා කර ගැනීමය. රටේ ආර්ථිකයේ විශේෂයෙන්ම භාණ්ඩ මිලේ උච්චාවචවනය නිසා පවුලක පියා පමණක් රැකියාවක නිරතවීම මඟින් උපයන වැටුප් ප්‍රමාණවත් නොවේ. එබැවින් මවද යම් කාර්යක් එනම් පවුලේ ආර්ථිකයට යම් දායකත්වයක් ලබාදිය යුතු වේ. ඒ සඳහා ස්‌වයං රැකියා වල නිරතවීම සාමාන්‍යයෙන් සිදු වේ.

ස්‌වයං රැකියා ආරම්භ කිරීමේදී තාක්ෂණය මෙන්ම ඉතාම වැදගත් වන්නේ ප්‍රාග් ධනයයි. කර්මාන්තයක් ආරම්භ කර ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍යම මූලික මුදල සොයාගැනීම සදහා මොහොමඩ් යුහුස් යෝජනා කර ඇත්තේ ක්ෂුද්‍ර ණය ක්‍රමයයි. කුඩා කර්මාන්ත කරුවන්ට ණය ලබාගැනීමේදී ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ ඇප ඉදිරිපත් කිරීමයි. ඇප කරුවන් දිළිදු අයට ඇප අත්සන් කිරීමට මැලි කමක් දක්වයි. එම හේතුව නිසා මොහොමඩ් යුහුස් විසින් ක්ෂුද්‍ර ණය සදහා කණ්ඩායම් ඇප ක්‍රමය හඳුන්වා දී ඇත. ඉන්දියාව වැනි රටවල ග්‍රාමීය බොහෝ දෙනා මෙම ක්‍රමය මගින් දියුණු වී ඇත. අකුරක්වත් ඉගෙනීමට පාසල් නොගිය බොහෝ මව්වරුන්ගේ දරුවන් වෛද්‍යවරු ඉංජිනේරුවන් හා නීතීඥයන් කර ඇත්තේ ඔවුන්ගේ කුඩා කර්මාන්තයෙන් උපයගන්නා මුදලින් බව වටහාගත යුතුවේ. එමෙන්ම කුඩා කර්මාන්ත මගින් රටේ නිෂ්පාදනය වැඩිවන අතර ජාතික සංවර්ධනයට වන දායකත්වය ඇති මහත්ය.

එස්.එම්.ටී.කේ. සමරකෝන්,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
ගඟවටකෝරළය.

December 30, 2016

LED සංඥා පුවරු නිර්මාණය කිරීම (2)

උපාංග සවි කර ගැනීම
1)      බල සැපයුම් ඒකකයේ AC ස්ථානයට ප්‍රධාන විදුලි සැපයුම් වයර සවි කරන්න.
2)       බල සැපයුම් ඒකකයේ +V ස්ථානයට රතු ද -V ස්ථානයට කලු ද වන ලෙස පරිපථ කොටස් වලට බලය සපයන වයර සවි කරන්න. එහි අනෙක් කෙළවරවල් මවු පරිපථයේ  5V සැපයුම ලබා දෙන VCC+  ස්ථානයට  (+) ද GND ස්ථානයට (-) ද වන පරිදි සවි කරන්න. LED පැනලයට විදුලිය ලබා දීම සදහා ද මෙම ස්ථානවලින් කුමකට හෝ තවත් වයර සවි කර ගැනීමට සිදුවේ.


මවු පුවරුවට පැනලය සම්බන්ධ කිරීම


මෙම මවු පුවරුවේ 12-1 හා 12-2 ලෙස ස්ථාන දෙකකි. ඒ පළමු පැනල පේළිය හා දෙවන පැනල පේළිය සදහා වේ.  Data cable හි රතු දාරය පැත්ත මවු පුවරුවේ සම්බන්ධකයේ ඉහල ස්ථානයට වන ලෙස නිවැරදිව අමුණා ගත යුතුය.

මවු පුවරුවට ඇමුණූ දත්ත කේබලය LED පැනලය පිටුපස ඇති IN ස්ථානයට නිවැරදිව අමුනන්න. VCC ස්ථානයට + ද GND ස්ථානයට - ද වන පරිදි 5V විදුලිය සපයන්න. මෙහි OUT යන ස්ථානයට තවත් පැනලයක් වන පරිදි 1 වන පේළියට අවශ්‍ය පැනල ප්‍රමාණය කේබල් මගින් ඈදා ගත හැක. සුදු පැහැති ඊතලයක් මගින් පැනලයේ ඉහල පැත්ත හා සංඥා ගමන් ගන්නා දිශාව දක්වයි

නිසි පරිදි එකලස් කොට විදුලිය සපයන්න. එවිට රටාවක් දිස්වේ. මවු පුවරුවේ ඇති TEXT බොත්තම එබීමෙන් රටාව වෙනස් කළ හැක.
ඉන්පසු අපට අවශ්‍ය රටාව පරිඝණකයෙන් සකසා මවු පුවරුවට ලබා දිය යුතුය. මේ සදහා ක්‍රම 2ක් භාවිතා කරයි.
  1. දත්ත කේබල් භාවිතය 
  2.   පෙන් ඩ්‍රයිව් භාවිතය (නූතනයේ බහුලව භාවිතා වේ.)

අප අද සකසනුයේ පෙන් ඩ්‍රයිව් භාවිතා කර රටා සැකසීම හෙවත් program කිරීම සිදු කරන මවු පුවරුවකි. අවශ්‍ය program සකසා පෙන් ඩ්‍රයිව් එකට ලබාගෙන පරිපථවලට විදුලිය ලබාදී මවු පුවරුවට පෙන් ඩ්‍රයිව් එක සවිකළ පසු පැනලයේ OK ලෙස දිස්වේ නම්  අපගේ program සාර්ථකව මවු පුවරුවේ ගබඩා වී ඇත. පෙන් ඩ්‍රයිව් එක ඉවත් කළ විට වැඩසටහන ක්‍රියාත්මක වේ.

(මතු සම්බන්ධයි........... )
සැකසුම: ඩී.එම්.වසන්ත රණසිංහ, මුලටියන විදාතා මධ්‍යස්ථානය.

December 20, 2016

සුවබර දිවි පෙවෙතකට සුරතල් මසුන් වගාව

වර්තමාන සමාජයේ සුරතල් සතුන් ඇති කිරීම සුලභව දක්නට ලැබෙන අතර සුරතල් මසුන්  ඇති කිරීම විනෝදාංශයක් මෙන්ම ආර්ථික උත්පාදන මාර්ගයක් වන අතර එය ශරීර සෞඛ්‍ය රැක ගැනීමට ඉවහල් වේ. හෘද රෝගීන් සදහා මෙය කදිම විසදුමකි.
 ස්වයං රැකියාවක් හෝ හුදෙක් විනෝදාස්වාදය පිණිස කලද එහිදී ගැටළු මතුවන අවස්ථා සුලභය. මසුන් ඇති කිරීම ක්‍රමානුකූලව කලයුතු අතර ඉක්මනින් විනාශ වී යාම වලක්වා ගැනීම සදහා මත්ස්‍ය ටැංකි මනාව රැකගත යුතුයි.
මසුන් අති කිරීම වඩා සියුම්ව කලයුතු අතර අත්හල යුතු හා ක්‍රියාකලයුතු ක්‍රියාකාරකම් රාශියක් ඇත. ආහාර ලබා දීමේදී නිරන්තර සුපරීක්ෂාකාරීවීම හා කැපවිම වැදගත් වේ. දියුණු තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ව්‍යාපාරය සාර්ථක කර ගත හැක.
මත්ස්‍යටැංකි සදහා වීදුරු ටැංකි භාවිතය වර්තමානයේ බහුලව දක්නට ලැබේ. එහිදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ වඩා වැඩි ඉඩකඩකින් යුත් ටැංකි නිෂ්පාදනය වේ. සතුන්ගේ ජීවිතයෙ විවිධ අවස්ථාවලදී එකිනෙකට වෙනස් ආකාරයෙන් ටැංකි භාවිතා කල යුතුය. එවැනි අවස්ථා කිහිපයක්  නම් මව් සතුන් සදහා, අභිජනනය සදහා, බිත්තර රැස්වීම සදහා වර්ධනය වන සතුන් සදහා වේ.
ටැංකි නිර්මාණය පහත සදහන් ආකාරයෙන් සිදු කල යුතුයි   
1 සම්පූර්ණයෙන් වීදුරු වලින් සාදා ඇති ටැංකි
2. එක් පැත්තක් වීදුරුවලින් සහ අනෙක් පැති සිමෙන්ති වලින් සාදා ඇති ටංකි
3. පැති 04 ම සිමෙන්තියෙන් සාදා ඇති ටැංකි
4. විශා ප්‍රමාණයේ ස්ථාවර ටැංකි
5. පොකුණු
ඉහත ආකාරයෙන් නිෂ්පාදනය කරල ලද ටැංකි තුල මත්ස්‍ය නිෂ්පාදනය සිදු කිරීමේදී පහත සදහන් කරුණු පිළිබද දැනුවත් විය යුතුය මත්ස්‍ය්‍යයන් තෝරා ගැනීමේදී
1.     වායුගෝලයේ වාතය ස්වසනය කරන සතුන් නොවීම
2.     මත්ස්‍යයන්ගේ ඇස් අදුරුපැහැ වී සහ ඉදිමී නොතිබීම
3.     කරමල් ආවරණ දේහයට කිට්ටුවෙන් තිබීම
4.     දේහයේ තුවාල හෝ වෙනත් ආකාරයේ හානි සිදු නොවී තිබීම
5.     දේහයේ අසාමාන්‍ය ඉදිමීම් නොතිබීම
6.     මත්ස්‍යයන්ගේ දේහයේ පේශි ශක්තිමත්ව තිබීම
7.     වළිගයේ කෙලවර අපද්‍රව්‍ය තැන්පත්ව නොතිබීම
8.     මත්ස්‍යයන්ට අපහසුවෙන් තොරව පිහිනා යාමට හැකියාව තිබීම
9.     වරල්වලට හානි වී නොතිබිම
10.   දේහයේ වර්ණ සාමාන්‍ය තත්වයේ තිබීම
11.   මත්ස්‍යයන්ගේ මතුපිට සුදුපැහැති පුල්ගි නොතිබීම

මෙසේ  තොරා ගන්නාලද සතුන් ටැංකියකට දැමීමේදී සංඛ්‍යාවක් ඇති අතර මසුන් වැඩිපුර දැමීමෙන් මත්ස්‍යයන්ට මහත් අපහසුතාවයක් දැනෙන අතර ඇණ කොටා ගැනීම් රෝග පැතිරයම ඇති විය හැක. මසුන් සංඛ්‍යාව අඩු උවද සම්පත් අපතේ යාමක් සිදු වේ.

දේශීය වශයෙන් වගා කරනු ලබන මත්ස්‍ය වර්ග කිහිපයක් පහතින් දැක් වේ.
Vailtail Silver Angel (කලාතරක්න් දක්නට ලැබේ.)
Silver Angel (එතරම් සුලභ නොවේ)
Silver Half Back Angel (ආනයනය කරන දිග වරල් සහිත දේශීය වශයෙන් බෝ නොකරයි)
Black Lace Angel
Black lace Vailtail Angel ( දිගවරල් සහිතය)
Zebra Angel (රිදී පැහැති පටි 03ක් පමණ හරස් අතට දක්නට ලැබේ.)
Zebra Vailtail Angel ( දිගවරල් සහිතය)
Black Angel
Golden Angel (ඉතාමත් අලංකාරවත් දැනට වැඩියෙන්ම අලෙවි වේ)

White Angel
මේ ආකරයෙන් තෝරා ගන්නා ලද මත්ස්‍යයන් සදහා වපහත සදහන් ආකාරයෙන් ආහාර ලබා දිය යුතුය
1. බෝන් මිල්
මෙය සත්ව ඇටකටු සහ අමුද්‍රව්‍ය වියළා අඹරා සාදන ලද ආහාරයකි. ඛනිජ බහුලව ඇත.
2. වියළි ලේ
මස් සැකසුම් ආයතන මඟින් ඉවතලන ලේ එක් කොට වියළා සැකසූ තද දුඹුරු පාටකින් යුක්ත වියළි ලේ අන්නයකි.ඊට ආවේණික සුවඳක් ද පවතී. මේ තුළ ප්‍රෝටීන 80%ක් පමණ ඇත. එමෙන්ම ඛනිජ, මේදය, අයිසෝලියුසීන්, මෙතයනින් සහ ලයිසින් යන පෝෂණ කොටස්ද අඩංගු වේ.
3. මාළු අන්නය/ මාළු කුඩු
මෙහි ප්‍රෝටීන විශාල වශයෙන් පවතින අතර ඊට අමතරව ලයිසින්, මෙතයිනින්, ට්‍රිප්ටොපැන් යන ඇමයිනෝ අම්ලද කැල්සියම්, පොස්පරස්, යකඩ, අයඩීන් යන ඛනිජ වර්ගයන්ද අඩංගුය. 
4. මස් අන්නය/ මස් කුඩු
මස් වර්ග වියළා ඇඹරීමෙන් සකස් කරනු ලැබේ. ප්‍රෝටීන වැඩි වශයෙන් අන්තර්ගතවන අතර ලයිසින්, විටමින් බී වැනි පෝෂණ සංඝටකයන්ද පවතී.
5. වියළි ඉස්සන් කුඩු
ඉස්සන්ගේ ඉවතලන කොටස් වියළීමෙන් පසු අඹරා සකස්කර ගනු ලැබේ. මෙම මිශ්‍රණය තුළ වර්ණක බහුලව පැවතීම මත විශේෂයෙන්ම කැරෝටිනෝයිඩ් වර්ණකය නිසා මත්ස්‍යයින්ගේ වර්ණ වෙනස් වීම සඳහාත් ඉන් බලපෑමක් සිදු වේ.
6. බෙල්ලන්/ මට්ටි/ ගොලුබෙල්ලන්
මෙම ආහාර තුළ ඉතා ඉහළ මට්ටමින් ප්‍රෝටීන සංඝටක අඩංගු වේ.
මෙම මත්ස්‍ය ආහාර සැකසීමේදී කැරෝටිනෝයිඩ් වර්ණක අඩංගු එනම්, වර්ණ සහිත මල් පෙති, ඇල්ගී වර්ග, බතල, කැරට්, අටපෙතියා මල්, කූනිස්සන් හා මුහුදු ශාක යන සංඝටකයන් මඳ පවනේ වියළා හොඳින් අඹරා ප්‍රධාන ආහාර සලාක වලට එකතු කළ යුතුය. එමඟින් විසිතුරු මසුන්ගේ පැහැපත් භාවය වැඩිකර ගැනීමට හැකි වේ.
සතුන් ඇති කිරීමේදී විවිධ වූ ගැටළු පැන නගින් අතර ඒම ගැටළු පහතින් දක්වා ඇත
1.     ජලය හා ජල පාලනය
2.     ආලෝකය
3.     තාපය
4.     ටැංකි සොයා ගන්නා ස්ථාන
5.     සුදුසු මත්ස්‍යයන් සොයා ගැනීම
6.     මත්ස්‍ය ආහාර සොයා ගැනීම
7.     මත්ස්‍යයන් අපනයනය
ලාංකීය සමාජය තුල සුරතල් මත්ස්‍ය වගාව  ප්‍රචලිත කිරීම තුලින් ග්‍රාමීය ආර්ථිකය නංවා ගැනීම සහ මානසික ආතතිය දුරකරලමින් නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදාකරලිය හැක.
උපුටා ගැනීම
 cea.nsf.ac.lk/handle/1/339/browse?type=subject
කාර්මික තාක්ෂණ ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශය විසින්