May 27, 2019

කඩොලාන විනාශයට ග්‍රාමීය ව්‍යවසායක නිෂ්පාදනයක් දහයියා දර?



2008 මැයි මාසයේදී Nargis සුළි කුණාටුව නිසා මියන්මාරයේ සිදුවූ landfall (භුමිය කඩා වැටීම / නිවර්තන සුළි කුණාටුවක කේන්ද්‍රය, වෙරළ තීරය හා අන්ත:ඡේදනය) මගින් රටෙහි ග්‍රාමීය හා පහත් බිම් ප්‍රදේශයක් වන Irrawaddy Delta (ඉරවඩ්ඩි ඩෙල්ටා)ව විනාශ කර දැමීය. 100,000 කට අධික පිරිසක් මිය ගිය සහ තවත් බොහෝ දෙනෙක් අවතැන් වූ මෙය මියන්මාරයේ  මාරාන්තික ස්වභාවික ව්‍යවසනයක් ලෙස සටහන් වී තිබේ. කෙඩොලාන වනාන්තරවලට පිටුපසින් පිහිටා ඇති ප්‍රදේශවල සාපේක්ෂව අඩු හානියක් සිදුවූ අතර  කෙඩොලාන වනාන්තරවලින් අඩු ආරක්ෂාවක් සහිතව පිහිටි ගම්මානවල වැසියන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වූහ.  Nargis සුළි කුණාටුවෙන් පසුව සිදුවූ හානිය පිලිබදව හොදින් අවබෝධ කර ගත් වෙරළ තීරයේ වෙසෙන ගම්වැසියන් කඩොලාන මගින් ලබාදුන් ආරක්ෂාවට බොහෝ සේ ස්තුතිවන්ත විය.

කඩොලාන වනාන්තර මගින් ලැබෙන මෙවැනි ආරක්ෂාව පිලිබඳ දැනුවත්කම සහ රජය මගින් රට පුරා ගස් කැපීම තහනම් කිරීම මධ්‍යයේ වුවද මියන්මාරයේ කඩොලාන හානිය තවමත් සිදුවේ. බොහෝ කඩොලාන ඉඩම් මත්ස්‍ය වගාව සහ වී වගාව සඳහා යොදාගැනීම නිසා මියන්මාරයේ කඩොලාන ඉඩම් විශාල ප්‍රමාණයකින් අඩුවී තිබේ. මිට අමතරව විශේෂයෙන් විදුලිය නොමැතිවීම, දුගීකම යනාදී ගැටළු නිසා ගින්දර  සහ දැව අඟුරු නිපදවීම සදහා නොමිලේ ලද සම්පතක්  වූ කඩොලාන ශාඛ භාවිතා කිරීමට Irrawaddy Delta වැනි දුෂ්කර ගම්මානවල වැසියන් යොමු වී ඇත.

මෙම තත්ත්ව යටතේ වී මෝල් හිමියෙකු වන , U Zayar Myo (උයාර් මයෝ) විසින් ඔහුගේ ව්‍යවසායකත්ව ගතිගුණ උපයෝගී කරගෙන කඩොලාන දැව වලට විකල්පයක් ලෙස ඉවතලන දහයියා වලින් දහයියා සම්පිඩිත ගඩොලිත (compact rice husk briquettes/ දහයියා දර) නිපදවීමට සමත් වී තිබේ. වී මොලෙන් නැවත පරිසරය අපවිත්‍ර කරමින් ඉවතලන දහයියා පිලිබදව කනස්සල්ලෙන් පසුවූ Myo එය ප්‍රයෝජනවත් අමුද්‍රව්‍යක් බවට පත්කිරීමට සමත් විය. කඩොලාන දර හෝ දර අඟුරු වලට විකල්ප ඉන්ධනයක් ලෙස මෙම දහයියා briquettes පිළිස්සීම යොදා ගත හැකි බව වාර්තා වේ. මේ අනුව දහයියා දර දෙයාකාරයකින් පරිසරය ආරක්ෂා කරයි.

කඩොලාන දර දහනය කිරීම මත යැපුණු ඓතිහාසික ව්‍යාපාර සඳහා නව දහයියා briquettes (දහයියා දර) ලබාදී දැන් එම ව්‍යාපාරිකයෝ කඩොලාන දර භාවිතයෙන් වැලකි සිටිති.  එමගින් මියන්මාරයේ කඩොලාන වානාන්තර විනාශය ප්‍රමාණාත්මකව අඩුවක් දක්නට ඇත. එහෙත් දහයියා දර හොද මිලකට අලෙවි කර ගැනීම අපහසු නිසා අවශ්‍යතාවය කෙසේවුවද දහයියා දර නිෂ්පාදනය ලාභදායි ව්‍යාපාරයක් නොවන බව මයෝ පවසයි. එහෙත් දහයියා දර කඩොලන රැකීමට උපකාර කිරීම මගින් පරිසරයට, මියන්මාරයට, ස්වභාවික විපත්වලින් ඉරවඩ්ඩි ඩෙල්ටා වැනි ග්‍රාමීය ප්‍රදේශ සහ ඒවායේ ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීමෙන් ලබාදෙන ප්‍රතිලාභය ඉතා ඉහළය. 

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment