කාබන්ඩයොක්සයිඩ් වලින් මත්ස්‍ය ආහාර
නිෂ්පාදනය කිරීමට පර්යේෂකයෝ සමත් වි ඇතැයි වාර්තා වේ. එනම් එමගින් කර්මාන්තශාලා වලින් නිපදවෙන කාබන්ඩයොක්සයිඩ් අපගේ
ආහාර දාමයට එක් කිරීමට හැකියාව ලැබී තිබේ. බිලියන 7.2 ක් වූ ලොව මනුෂ්‍ය ජනගහනය
සමග ඉහළ යන බිලියන ටොන් ගණනින් විශාල වූ කාබන්ඩයොක්සයිඩ් (CO2)
නිෂ්පාදනය පෘථිවියේ පැවැත්මට විශාල ලෙස බලපාන බව සදහන් වේ.
Nottingham (නොටින්හැම්) විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ව්‍යවසායකයින්
පිරිසක් සහ Deep Branch (ඩීප් බ්‍රාන්ච්) නම් සිමෙන්ති නිෂ්පාදන සමාගමක්
එක්ව සිමෙන්ති කර්මාන්තශාලාවේ දුම් කවුළුවලින් පිටවෙන CO2 වලින් මත්ස්‍ය
ආහාර නිපදවීමට තාක්ෂණයක් නිර්මාණය කර තිබේ. විශේෂ බැක්ටීරියා වර්ගයක් නව මිශ්‍රණයෙන්
පෝෂණය කර එම බැක්ටීරියාව මත්ස්‍ය ආහාර බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ නව ක්‍රියාවලිය
වේ. එය වායු පැසවීම(gas fermentation)ලෙස හැඳින්වෙන ක්ෂුද්‍රජීවී ක්‍රියාවලියකි (microbial process).

ජලජීවී වගා කර්මාන්තයේ (aquaculture) මත්ෂ්‍යයින්ට ආහාර ලබාදීමේදී සෝයා (soy) යනු
යෝග්‍ය ආහාරයක් නොවේ. සෝයා ආහාරය හොදින් ජීර්ණය කර ගැනීමේ හැකියාවක් මත්ෂ්‍යයින්ට
නොමැති නිසා මුහුදු මසුන්ගෙන් නිෂ්පාදිත මත්ෂ්‍යආහාර (fishmeal) මත්ස්‍ය වගා කර්මාන්තයේදී භාවිත කරයි. මිනිසුන්ගේ පරිභෝජනය වෙනුවෙන්ද
මුහුදු මසුන් අවශ්‍ය වේ. එහෙත් මුහුදෙන්
අල්ලා ගත හැකි මසුන්ගේ ප්‍රමාණයේ යම් සීමාවක් තිබේ. දැනටමත් මත්ස්‍ය වගාකරුවන් පණුවන්
වැනි විකල්ප මත්ස්‍ය ආහාර වෙත යොමුවී ඇත. එනිසා මුහුදු මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම
පාලනයටද නව ප්‍රෝටීන මත්ස්‍ය ආහාරය ප්‍රයෝජනවත් වේ. විශාල කර්මාන්තශාලා වලින් CO 2
මිලියන ටොන් ගණනක් වාර්ෂිකව නිපදවන බැවින් නව ප්‍රෝටීන මත්ස්‍ය ආහාර හිඟ නොවනු ඇතැයිද
ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර
https://youtu.be/mxgnB2q8D7c?t=8
0 comments:
Post a Comment