Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

March 31, 2016

ලුණු භාවිතයේ ගුණ අගුණ

මානව ඉතිහාසයේ වසර දහස් ගණනක සිටම මිනිසුන්ට ලුණු ඉතා වැදගත් හා වටිනා ද්‍රව්‍යයක් බවට පත්ව ඇත.සෝඩියම් හා ක්ලෝරයිඩ් වලින් සෑදි ඇති ලුණු පහසුවෙන් නොබිදෙන ශක්තිමත් අණුවලින් සෑදී ඇත.මිනිස් සිරුරට සෝඩියම් නිපදවා ගත නොහැකි වීමත් ලුණු මගින් සෝඩියම් ශරීරයට ලබා ගත හැකි වීමත් නිසා ලුණු ආහාරයට ගැනීම වැදගත්වේ.ලුණු ශරීරයට අත්‍යවශ්‍ය වූවද ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම නුසුදුසුවේ.වයස අවුරුදු 11 ඉක්මවු පසු දෛනික ලුණු අවශ්‍යතාවය 6g ක් එනම් ලුණු තේ හැන්දක් පමණ වේ. එම ප්‍රමාණය ඉක්මවා ලුණු ආහාරයට ගැනීම නුසුදුසුවේ.
ලුණු නිසි පමණින් ආහාරයට ගත් විට කුඩා අන්ත්‍රෙයේදි පෝෂක පහසුවෙන් උරා ගැනීමට හැකිවේ. එමෙන්ම එමගින් සෛලවල තිබෙන ජල ප්‍රමාණය ,පෝෂක ප්‍රමාණය හා අපද්‍රව්‍ය සමබර කර ගැනීමට උපකාරීවේ.

ලුණු අධිකව ආහාරයට ගැනීම, අධි රුධිර පීඩනය,හෘද රෝග වැනි රෝග රැසක් ඇති වීමට හේතුවේ.
නිවසේ විවිධ කාර්යයන් සදහා ලුණු උදව් කර ගැනීමේ හැකියාව ඇත.රෙදි මදින ඉස්ත්‍රික්කයේ පතුලේ පැල්ලම් ඇත්නම් ඒවා ඉවත් කර ගැනීමට ලුණු යොදා ගත හැක.කඩදාසියක් මතට ලුණු ඉස ඒ මතින් මද උණුසුම් ඉස්ත්‍රික්කය සෙමින් ගෙන යාමෙන් එහි පතුලේ පැල්ලම් ඉවත්වේ.
තේ පීරිසි හා බදුන් වල ඇති තේ හා කෝපි පැල්ලම් ඒ මත ලුණු ඇතිල්ලීමෙන් ඉවත් කර ගත හැකිය.
මාළු ටැංකිවල බැදී තිබෙන වතුර මට්ටම පෙන්වන පැල්ලම් ඉවත් කිරීම ,අයඩීන්  රහිත ලුණු ඇතිල්ලීමෙන් කළ හැකි අතර නැවත මාළු දැමිමට පෙර ටැංකිය හොදින් සේදිය යුතුය.
එළවළු කපන ලෑලි හොදින් සේදිමෙන් පසුව ලුණු වලින් පෙගවු රෙදි කැබැල්ලකින් හොදින් පිස දැමීමෙන් ලෑල්ලට හොද පෙනුමක් ලබා දිය හැක.
ලුණු ,ලෙමන් යුෂ හෝ විනාකිරි සමග මිශ්‍ර කර හොද සේදුම්කාරකයක් සාදා ගත හැක.
ලුණු කෝප්ප එකක් නටන උණු වතුර කෝප්ප 1 ½ කට මිශ්‍රකර දැමීමෙන් මුළු තැන්ගෙයි සින්ක් වල බැදි ඇති කුඩා සෙවල කැබලි හා ගද ඉවත් කර ගත හැකිය.‍
ගෙවත්තේ ටයිල් කැට අතර වල් පැල වැවීම ලුණු කුඩු ඉසීමෙන් මර්ධනය කළ හැකිය.
ඇදුම් වල ඇති ලේ පැල්ලම් ඉවත් කිරීම, එය පළමුව සීතල ලුණු වතුරේ පොගවා පසුව සබන් මිශ්‍ර උණු වතුරෙන් සෝදා හැරිම මගින් කළ හැකිය.
කෘතිම මල් වල දූවිලි බැදී ඇති විට ඒවා ලුණු දැමූ බෑගයකට දමා සෙලවීම මගින් ඉවත් කර ගත හැකිය.එමගින් මල් වලට අළුත් පෙනුමක් ලබා ගත හැකිය.
නිව‍සේ කූඹින් එන මාර්ග වලට ලුණු ස්වල්පයක් ඉසීමෙන් කූඹි කරදරය මගහරවා ගත හැකිය.
කැන්වස් සපත්තු වලට ඉදහිට ලුණු ස්වල්පයක් ඉසීමෙන් ඒවායේ ගද නැනි කර ගත හැකිය.
උගුර රිදෙන විට මද උණුසුම් වතුරට ලුණු දමා උගුර සේදීම මගින් සහනයක් ලබා ගත හැකිය.
බිත්තර තම්බන වතුරට ලුණු ස්වල්පයක් එකතු කිරීමෙන් බිත්තර කටුව පහසුවෙන් ඉවත් කළ හැකිය.වතුර කෝප්පයකට ලුණු තේ හැදි දෙකක් දමා දියකර එයට බිත්තරය දැමු විට බිත්තරය අළුත් නම් එය දියේ ගිලෙන අතර පරණ නම් එය දිය මත පාවෙනු ඇත.
අළුත් මල් වැඩි කාලයක් ප්‍රාණවත්ව තබා ගැනීමට මල් දැමු වතුරට ලුණු ස්වල්පයක් එකතු කර ගත හැකිය.
වීදුරු බදුන් අව පැහැ ගැන්වී ඇත්නම් ලුණු මිටක් හා විනිකාරි ස්වල්පයක් ජලයට එකතු කරඑම මිශ්‍රණයේ වීදුරු බදුන් රැයක් බහා තබා උදෑසන පිසදා හරින්න.
මෙලෙස කාර්යයන් රැසකට ලුණු ප්‍රයෝජනවත් වන අතර ජීවත්වීම සදහා සියළුම ජීවින්ට ස්වල්ප වශයෙන් හෝ අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව ලුණු ප්‍රමාණය දැන ආහාරයට ගැනීමටත් ඉන් ලබා ගත හැකි ප්‍රයෝජන ලබා ගැනීමටත් අප කල්පනාකාරි විය යුතුය.

සැකසුම -විද්‍යා හා තාක්ෂණ නිළධාරි- බලපිටිය.

පොත පත ඇසුරිනි

March 30, 2016

ප්‍රභාස්වර ලිපියට සම්මානයක්

2015 වසර තුල සිංහල භාෂාවෙන් පළවූ බ්ලොග් රචනා අතුරින් “ගෘහස්ත කාරණා” කාණ්ඩය යටතේ වු සම්මානය සඳහා ‘ප්‍රභාස්වර’ හි පළවූ “දියවැඩියාව පරදවන්නට” නම් ලිපිය තේරී ඇත. ලිපිය ඉදිරිපත් කළ හාලිඇලි විදාතා සම්පත් මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරී එච්. එම්.  තුෂංග හේරත් මහතාට මෙම සම්මානය හිමි විය.

ශ්‍රි ලංකා බ්ලොග් අඩවි සංනිවේදක සම්මාන සඳහා කොළඹ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී 2015 මාර්තු මස 26 දින පැවැති 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළලේ ප්‍රධාන ආරාධිතයා වූයේ කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමාය.


2015  නෙලුම්යාය බ්ලොග් සම්මාන උළලේ සංවිධායක මණ්ඩලයට ප්‍රභාස්වර බ්ලොග් පිටුවේ ස්තුතිය මෙයින් ප්‍රකාශ කරමු.

March 29, 2016

ඉවතලන තක්කාලි වලින් විදුලිය

ශීත කාලය හීනවෙමින් උෂ්ණත්වය වැඩි වී ගිම්හානය ලඟාවෙන විට  වෙරළ සහ තටාක වලට අමතරව තක්කාලි ඵලදාවද හරවත් ලෙස ප්‍රයෝජනයට ගැනිමට අපට අවශ්‍ය වේ.
ඵලදාවෙන් ලැබෙන සියළු තක්කාලි මුළුතැන්ගෙයි රසවත් ආහාර පිසීමට සහ කල්පවත්නා  සෝස් වර්ග නිෂ්පාදනය සඳහා පමණක් භාවිතා නොවේ. තැලීම්, පලදු වීම් හා විරෑපී වීම නිසා තක්කාලි ඵලදාවෙන් විශාල කොටසක් ගොවියන් විසින් වෙලඳපොලට ඉදිරිපත් නොකරම ඉවතලනු ලැබේ. ප්‍රවාහනය වැනි විවිධ කාරනා නිසා පලුදු වූ තැලුණු තක්කාලි විශාල ප්‍රමාණයක් වෙලඳපොලේදීද ඉවතලයි. මේ ඉවතලන තක්කාලි විශාල ප්‍රමාණය තවදුරටත් අපද්‍රව්‍යන් නොවී විදුලිය නිපදවීම සඳහා යොදාගත හැකි ක්‍රමයක් සොයාගෙන තිබේ.

ඇමරිකානු රසායනික සමාජය විසින් මෑතකදී පවත්වන ලද ප්‍රදර්ශනයේදී තක්කාලි වලින් විදුලිය නිපදවන අයුරු ප්‍රදර්ශනය කරන ලදී. මේ සඳහා රසායනික ප්‍රතික්‍රියාවක් යොදාගෙන තිබේ.
නරක් වීම, පලදු වීම නිසා ඉවත දැමූ තක්කාලි ඵලදාව බලවත් බලශක්තියක් බවට පරිවර්තනය කිරීමට හැකි බව අප දුටුවා. ඒ සදහා ඒවා ජෛව විද්‍යාත්මකව එනම් ක්ෂූද්‍ර ජීවී රසායනික ක්‍රියාවලියක් සහිත විදුලි කෝෂ (බැටරි මෙන්) බවට පරිවර්තනය කල හැකිය. එමඟින් තක්කාලි නිසා ඇති වන ඝණ අපද්‍රව්‍ය මෙන්ම ඒ ආශ්‍රිතව සිදුවන ජලය අපිරිසිදු වීමද වලක්වා ගත හැකිය. මෙලෙස සඳහන් කලේ ව්‍යාපෘතියේ පර්යේෂිකාවක් වූ Namitha Shrestha ය.

පර්යේෂණයෙන් තක්කාලි ජීරණය කල හැකි විශේෂ බැකිටීරියාවක් සමග ඉවතලූ තක්කාලි එක් කෝෂයක් තුලට ඇතුලු කරවයි. මෙම ක්ෂූද්‍ර ජීවීන් ඉවතලූ තක්කාලි හා ප්‍රතික්‍රියා කිරීමේදී, එනම් ක්ෂූද්‍ර ජීවීන් නිසා තක්කාලි ඔක්සිකරණය  වීම නිසා ඉලෙක්ට්‍රෝන නිදහස් වේ. එම ඉලෙක්ට්‍රෝන එක්රැස්කර ඒවා විදුලිය බවට පරිවර්තනය කිරීමට ඉලෙක්ට්‍රෝන රසායනික කෝෂ වලට හැකිය. මෙය එදිනෙදා භාවිතවන බැටරිවල ක්‍රියාකාරීත්වයට සමාන ආකාරයෙන් සිදුවේ.
ආරම්භයේදී ඉවතලන තක්කාලි 110 mg කින් ලබාගත හැක්කේ 3 W ක විදුලි බලයක් පමණක් වුවද එම ප්‍රමාණය වැඩිකර ගැනීමටද කඩිනමින් හැකි වනු ඇත.
බිම ගොඩකිරීම සදහා නරක් වූ තක්කාලි ටොන් ගණනක් භාවිතා වීමෙන් සිදුවන හානිය හා ජලමූලාශ්‍ර දූෂණය වීම් පවා මෙමගින් වළක්වාගත හැකිය.
\
උපුටා ගැනීම :   
Damaged tomatoes could provide electricity by Mary Griggs

https://www.youtube.com/watch?v=fyPAKzbuZE0

March 24, 2016

වානේ පමණක් නොව ප්ලාස්ටික් භාණ්ඩද වෑල්ඩින් කළ හැකිය.

ප්ලාස්ටික් නිෂ්පාදන බිදුණු විට ඒවා එක් කිරීම (ඇලවීම ) සඳහා ගම් වර්ග යොදා ගැනීමට සිදුවේ. එනම් පිරිමුදනය සඳහා යොදාගත හැකි එකම ද්‍රව්‍ය ගම් වේ. මෙලෙස සමහර ප්ලාස්ටික් භාණ්ඩ ගම් මගින් අළුත්වැඩියා කළ හැකි නමුත් උණුසුමට සහ ආතතිය (බර) සඳහා ගම් ඔරොත්තු නොදේ. එනිසා පලුදු වූ බොහෝ ප්ලාස්වික් භාණ්ඩ විසිකර දැමීමට සිදුවේ. නවතම සොයා ගැනීමක් වන Bondic Pro මෙම ගැටළුවට බලාපොරොත්තු සහගත විසදුමක් ලබාදී තිබේ. ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වල ඊයම් මගින් කරන පෑස්සුම් ආකාරයට බවුතයක් වැනි Bondic Pro ආධාරයෙන් පෑස්සිම සිදුකෙරේ. Bondic Pro මඟින් ප්ලාස්ටික් දියර ස්ථරයක් බිඳුණු ස්ථාන සේ තවරනු ලැබේ.උණුසුම් දියරමය ප්ලාස්ටික් ස්ථරය ක්ෂණිකව ඝනීභවනය වේ. මෙනිසා Bondic Pro මගින්  ඉතා තද ඇලවීමක් කල හැකිය. දියර ප්ලාසිටික් මඟින් ඇලවිම නිසා බන්ධනය ඉහළ උෂ්ණත්වයට  සහ ආතතියට ඔරොත්තු දේ. ජලය සඳහා කාන්දු වීමකින් තොරව ඔරොත්තු දිමේ හැකියාවද ලැබේ. මෙලෙස ප්ලාස්ටික් පෑස්සීමට හැකි Bondic Pro උපකරණය දැන් Pop Science Shop මඟින් විකිණීම සිදු කරයි.

Bondic Pro සඳහා අවශ්‍ය දියර ප්ලාස්ටික් කාට්‍රිජයක් තුල ඇති අතර මි.මි. 1 - 1.5 ඝනකම ස්ථර යොදා ඇතිරීම සිදු කරයි. භාණ්ඩය මුල් තත්වයට පත්වන ලෙසට ඇලවූ බවට සහතික වූ පසු Bondic Pro හි පාරජම්බුල කිරණ සහිත ලෙඩ් බල්බය මඟින් වියළීම සිදුකළ හැක. එනම් තප්පර 4 ක් වැනි කාලයකදී ඇලවූ දියර ප්ලාස්ටික් ඝණීභවනය වේ. ඉන්පසු අළුත්වැඩියා කළ ප්ලාස්ටික් භාණඩය බිදීයාමට පෙර තිබූ ලෙසම නැවත පෙනුමෙන් හා  ක්‍රියාවෙන්  භාවිතයට ගත හැකි වේ. අවශ්‍ය නම් පෑස්සු ප්ලාස්ටික් කොටස් මැදීම සහ ඔප්නංවාලීම වුවද කළ හැකිය.
 
  උෂ්ණත්වයට සහ ජලයට ඔරොත්තු දිය හැකි  බන්ධන නිසා Bondic Pro. විදුලි රැහැන් සිට සාමාන්‍ය කෝප්පය දක්වා සියලු බිදුනු ප්ලාස්ටික් භාණ්ඩ අළුත්වැඩියාවට යොදගත හැකිවීම සුවිශේෂි වේ. ප්‍රමාණයෙන් කුඩා වූ Bondic Pro ස්වයං බලශක්තියෙන් ක්‍රියාකරයි.

උපුටාගැනීම:-
Bondic Pro is the world’s first liquid plastic welder by Stark Commerce

https://www.youtube.com/watch?v=xTsfwL61CR8

March 21, 2016

සුවඳ විලවුන් වල අන්තර්ගත ශරීරයට අහිතකර රසායනයන්

නීරෝගිමත් සහ පියකරු පෙනුමක් ලබා ගැනීම සඳහා බොහෝදෙනා සුවඳවිලවුන්, තොල් ආලේපන, නිය ආලේපන වැනි විවිධ personal care නිෂ්පාදන භාවිතා කරති. මෙම නිෂ්පාදන වල අන්තර්ගත රසායන ද්රගව්යන ප්රපමාණය බහුලය. කෙසේ වෙතත් මිනිස් ශරීරයට ආරක්ෂාව සපයන ඇතැම් personal care නිෂ්පාදනද වෙළඳපොළේ ඇත. නමුත් සත්යෙවශයෙන්ම සොයා බලන විට බොහොමයක් නිෂ්පාදන මිනිස් ශරීරයට ඉතා හානිදායකය.මෙම නිෂ්පාදන වල අන්තර්ගත රසායනයන් ඉතා ප්රසබල විෂරසායනයන් බැවින් දිගුකාලීනව මෙම නිෂ්පාදන භාවිතයෙන් මිනිස් සමට අවලස්සන පෙනුමක් ඇතිවීමට ඉඩ ඇත. එසේම මෙම නිෂ්පාදන වල අන්තර්ගත රසායනයන් ක්ෂණික ප්රටතිඵල පෙන්නුම් කරන බැවින් ඒවා මිනිස් සමට අධික ලෙස සංවේදිවේ.
සුවඳ විලවුන් වල අන්තර්ගත මිනිස් සිරුරට ඉතා හානිකර විෂ රසායනයන් කිහිපයකි.

ගල් අඟුරු තාර
Makeup නිෂ්පාදන හා hair dyes නිෂ්පාදන සදහා ගල් අඟුරු තාර යොදා ගනු ලැබේ. ගල් අඟුරු තාර භාවිතයෙන් නිපදවනු  ලබන hair dyes වර්ග වල අන්තර්ගත වර්ණක චර්ම රෝග ඇති වීමට හේතු වේ. දිගුකාලීනව මෙවැනි dye වර්ග භාවිතය නිසා folliculitis (රතු පැහැති කුඩා බිබිලි විශේෂයක් ) රෝගී තත්වය ඇති වීමේ අවදානමක් ඇත.
ගල් අඟුරු තාර නිෂ්පාදනය කරනු ලබන්නේ polycyclic hydrocarbons (බහුචක්රිවය හයිඩ්රොතකාබන ) වලිනි. සමහර බහුචක්රිාය ඇරෝමැටික  හයිඩ්රොlකාබන වලට නිරාවරනය වීමෙන් අක්මාවේ පිළිකා , සමේ පිළිකා සහ පෙනහලු පිළිකා ඇතිවිය හැක.

Diethanolamine (DEA)
ෂැම්පු සහ සබන් නිෂ්පාදනයේදි ඩයිඑතනෝල් ඇමීන් (DEA) නැමති රසායනය භාවිතා කරයි . මිනිස් කලලයක  වර්ධන  අවස්ථාවේ දී මෙම DEA රසායනය කළලයේ මො‍ළයේ විකසනයට හානිදායක ලෙස බලපාන බව සොයා ගෙන ඇත. මීයන් යොදා ගෙන කරනු ලැබූ පරීක්ෂණයකදී මෙම DEA රසායනය වැඩිවීමෙන් අක්මාවේ නියෝප්ලාස්මය සහ වෘක්ක නාලිකාවල  adenoma  තත්වයක් ඇතිවිය හැක අනාවරනය වී ඇත.

Formaldehyde
කොන්ඩය සිනිඳු කරන සමහර නිෂ්පාදන වල ‍ Formaldehyde නැමති රසායනය අන්තර්ගතවේ. මෙම නිෂ්පාදන වල මෙම රසායනය ඉතා සුලු වශයෙන් අන්තර්ගත වන්නේ නම් එය මිනිස් සිරුරට හානිකර නොවේ. නමුත් අධික ලෙස Formaldehyde  අන්තර්ගත වීමෙන් ඇස්,උගුර සහ සමෙහි  අසාත්මිකතා ඇති විය හැක. තවද ඇදුම රෝගී තත්වය ඇති වීමට ද හේතුවේ. කාන්තාවනගේ ඔසප් චක්රගය අක්රඅමවත්වීමට ද විවිධ ආකාර පිළිකා ඇතිවීමටද  මෙම  Formaldehyde බලපාන බව සොයා ගෙන ඇත.
Glycol Ethers
බොහොමයක් සුවඳ විලවුන් හා ඒහා සම්බන්ධ බොහොමක් නිෂ්පාදන වල Glycol ethers නැමති රසායනය අන්තර්ගතය. glycol ethers භාවිතය නිසා පිරිමින්ගේ සරු බව අඩු වීම සහ ගැබිනි කාන්තාවන්ට හානිකර තත්වයක් ඇති විය හැක. තවද මෙම රසායනය ශරීරගත වීම නිසා ශරීරය දුර්වල වීම, ඕක්කාරය,හිසරදය සහ සමෙහි  කැසීම හෝ දැවිල්ල වැනි තත්වයන් ඇතිවිය හැක.

ලෙඩ්
සමහර සුවඳ විලවුන් වල අන්තර්ගත ලෙඩ් නැමති රසායනය මිනිස් ශරීරයට  දැඩි ලෙස හානිදායකය. මෙම රසායනය දීර්ඝකාලීනව ශරීරගත වුවහොත් පිළිකා ඇතිවීමට ප්රසවනතාවයක් ඇත. තවද ගර්භනී කාන්තාවන්ට ඕක්කාරය, හිසරදය වැනි රෝගී තත්ව ඇතිවිය හැක.එසේම මෙම රසායනය ස්නායු පද්ධතියට හානිකර ලෙස බලපෑම් ඇති කල හැකි අතර ළමයින්ගේ මානසික හා කායික වර්ධනයට අහිතකර ලෙස බලපාන බවද සොයා ගෙන ඇත.
6.රසදිය
සමහර skin lightening cream වර්ග වල රසදිය අන්තර්ගතය. මෙමගින් මිනිස් වකුගඩු, අක්මාව සහ මොලයට හානිකරයි. දිගුකාලීනව මෙම අකාබනික රසදිය ශරීරගතවීමෙන් මධ්යම ස්නායු පද්ධතියට හානිවීම නිසා neurotoxicity සහ nehrotic syndromes වැනි රෝගී තත්ව ඇතිවිය හැක.

Triethanolamine (TEA)
විවිධ cosmetic නිෂ්පාදන වල pH අගය සකස් කිරීම සදහා TEA නැමති රසායනය යොදා ගනී. මෙම රසායනය ශරීරගත වීමෙන් මිනිස් සම සහ කෙස් වියලි වීම සහ විවිධ අසාත්මිකතා ඇති වීමට ඉඩ ඇති බව සොයා ගෙන ඇත.
මේ නිසා කාබනික cosmetics  නිෂ්පාදන මිලදී ගැනීමේදී ඉන් ලැබෙන ක්ෂණික ප්ර තිඵල ගැන නොව දිගු කාලින ප්රාතිඵල පිලිබඳව දෙවරක් සිතා බැලිය යුතුය.

https://www.organicfacts.net/organic-products/organic-cosmetics/harmful-chemicals-in-personal-care-products.html

March 18, 2016

ලංකාවේ වාරි විශ්මය සහ දේශිය වාරි තාක්ෂණය

විජයාවතරණයට පෙර සිට ලංකාවේ පැවත එන වැව් සහ වාරි මාර්ග පිලිබද විස්තරය සහ එහි ශිල්පීය අංශය ගැන විමසුමක්
විජයාවතරණයට පෙර සිට ලංකාවේ වැවහල්දුම්මුල්ල සිට බලන කල්හි දැකගත හැකි සපරගමු බිම්තැන්නට ඉහලින් පිහිටි කවුක්ගිරිය නම් අහස් වැවක් සහ එයින් පෝෂණය වු ගම් වැව් දැනට හඳුනාගෙන තිබේ.මෙහි තාක්ෂණය නම් ගැබ්බරවු වලාකුල් වලින් ජලය ආකර්ශනය කොට අහස් වැවට පාත් කර ගැනීමයි. ඉන් පසුව ගම් වැව දක්වා දිය කදුරු මගින් ජලය නිකුත් කෙරේ. 
ගම් වැවක වාරි නිරමිත
වෑ කන්ද
සොරොව්ව (ගොඩ සොරොව්ව හා මඩ සොරොව්ව)
පිටවාන
ගස් වැටි නොහොත් පෝටා වැටි
තාවල්ල සහ ගිල්ම
රළපනාව
වැවක ඉහත්තාව

කොට සොරොව්ව

මැටි නළ වැව් අඩියේ සිට ඉහලට ඔසවා එකිනෙක මත තබා සකස් වෙයි. වෑ කන්ද හරහා යන මැටි නලය කුඩහ ලෙසින් හැදින්වෙයි. වැවක ජලය නිකුත් කරන කල්හි එක් වරකට එක් නලයක් බැගින් ඉවත් කරයි. එය එක වතුර මුරයකි. එලෙස වතුර මුර උපරිම වශයෙන් හතරක් පමණ නිකුත් කරයි. මෙහිදි කෙතට පිට වන්නේ වැව මතුපිට පවතින පිරිසිදු ජලය පමණකි. වැවක ඉතිරි වන ජලය බීමට නෑමට සහ සතුන්ට ඉතිරි කර තබයි.


කුඩහ (මැටි නළය)

බිසෝ කොටුව


Add caption


බිසෝ කොටුවත් තරමක් විශාල සොරොව්වකි. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරයකටයි. මහ වැව් උදෙසා බිසෝ කොටු නිර්මාණය ව ඇති අතර වැවේ ජල කදේ බර සැලකිල්ලට ගෙන වතුර පිට කිරීම පාලනය කිරීම එහි අරමුණයි. මාදුරු ඔය පැරණි බිසෝ කොටුව මෙහිදි සැලකිල්ලට ගත හැකිය.
 වාරි මාර්ග සහ වැව් පිලිබද ඓතිහාසික විකාශනය
පණ්ඩුකාභය රජ දවස - (කි.පු. පස්වන සියවස) ඓතිහාසික දොර මඩලාව සමග බැඳීම, අභය වැව කරවීම (බසවක් කුලම)
පළමුවන සියවස -
ඉළනාග රජ - තිස්සවාපී (තිසාවැව) සහ දූරවාපී සෑදීම
වසභ රජු - මයන්ති (විලච්චිය වැව) මහා නික්ක වට්ටි (මානන්  කැටිය) කාලී වාපී, වාථමංගණ (නොච්චි පොතාන) අග්ගිවඩ්ඩමානක (අක්වඩන්නා - හබරණ හිරි  වඩන්නා) මහවාපී නොච්චියාගම අසල
තෙවන සියවස-
මහසෙන් රජ - මින්නේරිය හුරුලු වැව මහකනදරාව මාමිණීයා වැව කිඹුල් වාන මහ රත්මල් වැව, රන්තිසා වැව (කවඩුල්ල) මාගල්ලේ වැව, මහගල්කඩවල වැව, කාලවාණ වැව
පිටවාන (අංගමුව වැව)

 සතරවන සියවස -
පළමුවන උපතිස්ස - රාජප්පුල, වලාහස්ස, අම්බුටී, තෝපා වැව, පොක්ඛර පාසාය, ගොණ්ඩිගාමය
ධාතුසේන - වැව් දහඅටකි. - මහාදත්තවාපී, පාණගම් වැව මානා මාතු වැව (යෝධ වැව) සංගමු වැව (මැද්දකැටිය වැව) මාඑළිය වැව
පළමුවන අග්ගබෝධි - සිරිවඩ්ඩමානකවාපී කුරුන්ද වාපී (තන්නිමුරුප්පුකුලම - මුලතිව්)   මාමඩුවා වැව (වව්නියා) මිනිපේ ඇළ
මහා පරාක්‍රමබාහු - පරාක්‍රම සමුද්‍රය, පදවිය විශාල කිරීම
වාරි මාර්ග තැනවීම
ජනගහනය වැඩිවීමත් වගාකළ හැකි භූමිය පුළුල් වීමත් නිසා මහා වාරි ව්‍යාපාර බිහිකිරීමට රජවරුනට සිදු විය. මහසෙන් රජු විසින් මෙම වාරි ව්‍යාපාර දියුණු කිරීම ආරම්භ කරනලදි. ලංකාවේ මධ්‍යම කදුකරයෙන් ආරම්භව තැනිතලාව හරහා ගලන මහවැලි ගඟ අඹන් ගඟ,මල්වතු ඔය. දැදුරු ඔය, කිරිදි ඔය, මොර ඔය හරස් කර අමුණූ බඳවා හිර වන ජලය මහා වැව් කරා ගෙන යෑමට සලස්වන ලදි. එසේම මහා වැව් වල ජලය යෝධ ඇළවල් ඔස්සේ සැතපුම් ගනන් ගෙන ගොස් රජරට මෙන්ම වන්නි පළාත්ද සාරවත් කරන ලදි.
ගන්තලාව යෝධ ඇළ




තෙක්කම අමුණ


සැතපුම් හතරහමාරක් දිග යෝධ වැවේ බැම්ම නිසා පැතිර යන ජල ධාරිතාවය වර්ග සැතපුම් 38ක් බව පැවසේ.එම නිසා අක්කර අඩි 26600 ක් එහි රඳා පවත්වා ගත හැකිය. මේ නිසා අක්කර 14000ක පමණ කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දීමට ලක් කර ඇත. මේ ප්‍රදේශය ලංකාවේ සහල් බඳුන යයි නම් දරා තිබෙන්නේ මේ වැවේ විශිෂ්ඨත්වය නිසාය. මේ වැවට ජලය ගෙන එන ප්‍රධාන ඇළ මාර්ගය සැතපුම් 24ක් දිගය. තේක්කමදී මල් වතු ඔය හරස් කිරීමෙන්  පසුව එයට පහලින් අමුණක් මගින් ජලය පාලනය කරයි. තේක්කම අමුණ සැදීමට විශාල ගල් කුට්ටි රාශියක් යොදවා ගෙන ඇත. මේවා කපා සම මට්ටම් කිරීමට විශාල ශ්‍රමයක් එකල යොදවා ගන්නට ඇතැයි සිතිය හැකිය. අඩි 12ක් උස මේ බැම්ම අඩි 640ක් දිගැතිය. අඩි 90ක් පළලය. ගල්බැම්මේ විශාල දොරටු 3ක් ඇත. මල්වතු ඔය දිගේ ගලා එන විශාල ජල කඳ මේ නැම්මේද හරස් වී වයඹ දෙසට ඉහලට ගමන් කිරීම අරඹයි. දොරටු තනවා ඇත්තේ පීඩනය තදින්ම දැනෙන ස්ථානයට උතුරු දෙසින්ය. වැඩි පුර ජලය වෙත් නම් අමුණෙන් පහලට වැටී නැවත මල් වතු ඔයටම එකතු වෙයි. මෙම ශිල්පය පුරාණ යක්ෂ ගෝත්‍රිකයන්ගේ අමුණු බැඳවීමේ ශිල්පය වෙයි. වර්ෂය පුරාම මෙහි ගලන ජලය නිසා යෝධ වැවට ජලය හිඟ වන්නේ නැත.
මන්නාරම් පළාත සාමාන්‍යයෙන් සූක්ෂ පරිසරයක පිහිටා ඇත. එහි වර්ෂාපතනයද අඩුය. එබැවින් කුඩා වැව් වලින් ලැබිය හැකි  පළ ප්‍රයෝජනය මද බව පෙනේ. මේ නිසා මන්ගුණු වැව නොහොත් ධාතු සේන රජු විසින් විශාල කරවා හැදවු මානාමාතුක වැව නොහොත් වත්මන් යෝධ වැව මේ ගැටළුවට සාර්ථක පිළිතුරක් දෙන්නක් බවට පත් විය. මේ යෝධ වැවට ජලය ගෙන යන මාර්ගය ආරම්භ වන්නේ මල්වත් ඔයේ නැම්මකිනි. දැනට තේක්කම නම් ස්ථානයේ මේ අමුණ බඳවා ඇත. මෙම තේක්කම නම් නාමය යොදා ගෙන ඇත්තේ ධාතු සේන රජ නොවේ. දෙවන උදය රජතුමා බව සඳහන් කළ යුතුය. එයට හේතුව ඔහු විජය රාජ වංශයේ ටිකා ග්‍රෝත්‍රයට අයත් වීමයි. එහි සැබෑ නාමය ටික්කම විය යුතුය. පැරණි අමුණට මදක් පහළින් තවත් අමුණක් බඳවා වම් පාර්ශවයට සැතපුම් දාහතරක තවත් ඇලක් නිර්මාණය කරමින් මල්වතු ඔයට පහළින් අකාති මුරුප්පු නමින් වර්තමානයේ හඳුන්වන වැවට ජලය ගෙන ගිය බවට ඉතිහාසයේ සදහන්ව ඇත.
මේ නිසා අතීතයේදී මේ පෙදෙස තුල විශාල සිංහල ජනගහනයක් වාසය කළ බවට සාක්ෂි ඇත. ඔවුහු යෝධ ඇළට ජලය ගෙන එන ඇළට පහළින් විශාල කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දුහ. එසේම විශාල වැව් ප්‍රමාණයක් පෝෂණය කිරීමටද මේ ජලය යොදා ගත්හ.
උපුටා ගැනීම- මතුගම සෙනෙවිරුවන් මහතාගේ දේශනය ඇසුරින්
කේ එල් පී නයනකුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරී -මතුගම

March 17, 2016

ගසේ උපත ගැන නව මතයක්.........

ජලයේ හටගත් ඇල්ගී පරිනාමය වී භෞමික ශාක ඇතිවූ බවට වසර සිය ගණනක් තිබූ මතය අභියෝගයට ලක්කිරීමට පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. ඔවුන් පවසන්නේ සියලු ශාක බිහිවූයේ ජලජ ඇල්ගීවලින් නොවන බවයි.

පැරණි මතයට අභියෝග කරන පර්යේෂකයන් සියලු ශාක ජලජ ඇල්ගීවලින් පැවත එන්නේ නැතැයි පෙන්වාදෙයි. ඇතැම් ශාක ජලජ ඇල්ගී පරිනාමය වී හටගෙන ඇති බවත් තවත් ශාක විශේෂ හටගෙන ඇත්තේ පොළොව මත තිබූ මළ ද්ව් මත භෞමික ඇල්ගී වර්ධනයෙන් බවත් ඔවුහු කියති.
මේ මතය ඉදිරිපත් වී දැනට වසර 30 වැඩි කාලයක් ගත වී ඇත. කාර්ල්ස්බර්ග් පර්යේෂණාගාරයේ ජෙස්පර් හාර්හොල්ට් සහ කෝපන්හේගන් හි ජිවින්ඩ් මොයිස්ට් හා පීටර් උවුල්ස්කෝව් මේ මතය තහවුරු කිරීමට සාක්ෂි සපයයි. ඔවුන් ශාක සෛල බිත්තිය පරිනාමය වූ ආකාරයත් ගුරුත්වය හා සමග ශාකයේ පැවැත්ම සිදුවන ආකාරයත් අධ්යයනය කරයි.

භෞමික ශාක ඔවුන්ගේ මේ අදහස තහවුරු කිරීමට අවශ් සාක්ෂි ලබා දී ඇති බවත් ජලජ ඇල්ගීවලින් ශාක පරිනාමය වූයේ යැයි තිබූ මතය බිද වැටෙන බවත් පර්යේෂකයන්ගේ මතයයි.  
පුවත්පත් ඇසුරිනි.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
මීගමුව.

අඟහරු ජනාවාසකරණයට පෙරනිමිත්තක්........

-අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය-
සැතපුම් 250ක් දුර ඈත අවකාශයේ රදවා තිබෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) තත්පරයට සැතපුම් 05 ක වේගයකින් පෘථිවිය වටා ගමන් කරමින් පවතී. එය තුල අගහරු ජනාවාසකරණය පිලිබද වැදගත් පර්යේෂණයක් සිදු කර ඇත.
ඇන්ටාක්ටිකාව නිජබිම කර ගත් පුස් විශේෂයක් මේ සදහා දායක කර ගෙන ඇත.යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මාස 18 ක කාලයක් අගහරුගේ පරිසරයට සමාන පරිසරයකදී මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.

පෘථිවියේ වාසයට නුසුදුසු පරිසර පිලිබදව සොයා බැලීමේදී ඇන්ටාක්ටිකාවේ වියලි,නිසරු,නිතර වේගයෙන් සුලං හමන මැක්මඩෝ නිම්නය අංක 01ට පැමිණ තිබෙනවා.ප්‍රබල සුලි කුණාටු මගින් හිම සහ අයිස් සූරා දමා ගල් කැබලි පමණක් ඉතිරි කර මෙම වියලි,සිසිල් පරිසරය නිර්මාණය කර තිබෙනවා.මේ පරිසරය තුල ඉහත කී පුස් වර්ගය මේ දක්වා නොනැසී පවතිනවා.
-පුස් විශේෂය-
මැක්මඩෝ නිම්නයේ රැලි ගැසුණු උස් කදු මුදුන් වල cryomyces antarcticus හා  cryomyces minteri ලෙස හදුන්වන පුස් වර්ග දෙක අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Expose –E නැමැති කොටසේදී මේ සදහා යොදා ගෙන තිබෙනවා.මෙහි තිබූ වායුගෝලයේ කාබන් ප්‍රතිශතය 95%ක්,නයිට්‍රජන් ප්‍රතිශතය 3%ක්, හා ඔක්සිජන් ප්‍රතිශතය 0.15%ක් ලෙස සකසා තිබුණා.ඒ අගහරුගේ වායුගෝලයේ සංයුතියට සමාන වන අයුරිනි.(පෘථිවි වායුගෝලයේ නයිට්‍රජන් 78%ක් හා ඔක්සිජන් 21% දල වශයෙන් ඇත.) පරීක්ෂණාගාරය තුලදී අඩු පීඩන තත්ව යටතේ මාස 18 ක කාලය පුරා පාරජම්බුල කිරණ ගැටීමට සලස්වන ලද අතර පුස් වලින් 60%ක් කිසිදු ඩී එන් ඒ විකෘතිවීමකින් තොරව සජීවීව පැවතිණි.

දුෂ්කර පරිසරයක ලයිකන හා පුස් වර්ග පිලිබදව කරනු ලබන පරීක්ෂණ LIFE-Lichens and Fungi Experiments ලෙස හදුන්වයි.

Popular Science ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
මීගමුව.