March 9, 2016

වැඩිහිටියන්ගේ පෝෂණය

වයස්ගත ප්‍රජාව වර්තමාන සමාජයේ දිනෙන් දින වැඩි වෙමින් පවති.වයස්ගත වීමත් සමඟ ඔවුන් කායික මානසික වෙනස්කම් සමඟ විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීමේ අවදානම වැඩී වේ.මෙහිදි වයස්ගත පෝෂණය පිළිබඳව නොසලකා හැරීමෙන් ලෙඩ රෝග වැළදීමේ ස්භාවය තව දුරටත් වැඩි විය හැක.එම තත්වය රටකට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කළ හැක.එනම් වයස්ගත වුවන්ගේ රෝගී තත්වයන්ට වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බැවින් එය රටක , සමාජයක දියුණුවට බලපානු ඇත.
                                    එම නිසා වැඩිහිටි ප්‍රජාවගේ පෝෂණ අවශ්‍යතා  පිළිබඳ දැනුවත් කිරීම තුළින් මෙම තත්වය අවම කළ හැක.ඔවුන්ගේ ප්‍රධාන පෝෂණ ගැටළු ලෙස දැකිය හැක්කේ දත් නොමැති වීම නිසා හැපීමේ දුර්වලතා හා ජීර්ණයේ හා පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණයේ දුර්වලතාය.තවද පහත පෝෂණ ගැටළු වැඩිහිටි ප්‍රජාවගේ බහුලව දැකිය හැකිය.
  •   විජලනය
  •   මන්දපෝෂණය
  •   රක්ත නතාවය
  •   විටමින් නතාවය
  •   මළ බද්ධය හා අර්ශස් රෝග
  •   කෑම අරුචිය
  •   දියවැඩියාව,කොලෙස්ටරෝල්,අධි රුධිර පීඩනය
  •   අස්ථි පද්ධතිය දුර්වල වීම.

වැඩිහිටියන්ගේ පෝෂණ අවශ්‍යතා
·        වයස්ගත පුද්ගලයන්ගේ ශක්ති අවශ්‍යතාවය අඩු විය හැකි අතර ප්‍රෝටින, විටමින හා ඛනිජ ලවණ අවශ්‍යතාවය අඩු වීමක් දැකිය හැකිය.එළවළු හා පලතුරු වැඩි වශයෙන් දිනපතා ආහාරයට එකතු කර ගත යුතුය.එමගින් තන්තු අවශ්‍යතාවය සපිරෙන අතර මළ බද්ධය අඩු වීමට උදව් වේ.

·        වැඩිහිටියන්ගේ මාංශ පේශී ක්ෂය වන අතර මේදය තැන්පත් වීමක් සිදු වේ.ක්‍රියාකාරී ජීවන රටාව හා සමබල ආහාර වේල තුළින් මෙම තත්වය පාලනය කළ හැක.
විටමින් වර්ග

  •  වැඩිහිටියන් හිරු එළයට නිරාවරණය වීම අඩු වන බැවින් විටමින් D  සංස්ලේෂණය අඩු වීමක් දැකිය හැක.එම නිසා කුඩා මාළු, විටමින් එකතු කරන ලද ධාන්‍ය ,බිමිමල් වැනි ආහාර තුළින් විටමින් D ලබා ගත යුතුය.
  •  විටමින් A හා යකඩ වියපත්  වැඩිහිටියන්ගේ සිරුරේ පහසුවෙන්  තැන්පත් වීමේ හැකි බැවින් අතිරේකව ලබා ගන්නා විටමින් A හා යකඩ ලබා ගැනිමේදි සැලකිලිමත් විය යුතුය. 
  •   විටමින් E වැඩිහිටියන්ට ඉතාමත් ගුණදායක වන අතර ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද හෙබිය.එබැවින් විටමින් E හදවත් රෝග, ඇසේ සුද වැනි රෝග තත්ව ඇති විමේ අවධානය අඩු  කරනු ලැබේ.එසේම විටමින් E මානසික ස්ථාවර තත්වයට උදව් වේ.නොපාහින ලද ධාන්‍ය, කොළ එළවළු, තක්කාලි, රට කජු, බිත්තර වල විටමින් E බහුලව දැකිය හැකිය. 
  •  පිපාසය දැනිමේ සංවේදතාවය අඩු වන බැවින් වයස්ගත වෙත්ම පානය කරන ජල ප්‍රමාණය අඩු විමත් සමඟ ශරීරය විජලනයට පත් විමේ අවධානම අඩු කීරීමට හැකිතාක් ජලය පානය පිළිබද දැනුවත් කිරීම ඉතාමත් වටිනා කරුනකි. 
  •  එසේම කෑම අරුචිය, රස සුවද දැනීමේ සංවේදනතාව අඩු වීම නිසා වැඩිහිටියන්ට ආහාර පිළිගැන්වීමේදී විවිධ ආකාරයට ආහාර පිසිම‍, පිළිගැන්වීම ඉතාමත් වටිනා කරුනකි.
 

1 comments:

වැදගත් ලිපියක්.

Post a Comment