March 11, 2016

පාසැලේදී අප හදුනා නොගත් විද්‍යාඥවරියන්(ජාත්‍යන්තර කාන්තා දිනය)

විද්‍යාව,තාක්ෂණය,ඉංජිනේරු හා ගණිත හෙවත්(STEM) ක්ෂේත්‍රය සඳහා කාන්තාවන්ගේ දායකත්වය වඩා හොදින් නිරූපණය වී නොමැති බව බොහෝවිට වාර්තා වී තිබේ. ඉතිහාසය පුරාවට කාන්තාවන් විවධ බාධක මධ්‍යයේ වූවද STEM ක්ෂේත්‍රය ජය ගෙන තිබේ.උසස් අධ්‍යාපනයට හා පර්යේෂණ ක්ෂේත්‍රයට ඇතුල් වීම සඳහා ඔවුනට සටන් වැදීමට සිදුවූයේ පිරිමි ශිෂ්‍යයින්ට ඉඩදීමට හා බාධා පැමිණවීම වැලැක්වීම සදහා කාන්තාවන් පාසැලේදී පවා තිරයෙන් පිටුපස වී සිටීමට සිදුවූ බැවිණි. ජාත්‍යන්තර කාන්තා දිනය සමරණ දිනයේදී මෙම බාධක ජයගෙන  STEM ( Science,Technology , Engineering & Maths ) ක්ෂේත්‍රයේ දියුණුව සඳහා සුවිශේෂි දායකත්වයක් ලබාදුන් කාන්තා විද්‍යාඥයින් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු පළ කළ යුතුය.

      Margaret Hamilton
නාසා ආයතනයේ (NASA) ඇපලෝ 11 අජටාකාශ යානය සඳහා පියාසර මෘදුකාංගය නිර්මාණයේ මූලිකාව වූ මාගර්ට් හැමිල්ටන් ගණිතඥ වරියකි. ඇය විසින් මෘදුකාංග ඉංජිනේරු ශිල්පය ගොඩ නැගීමේ කලාව සංවර්ධන කළ බවද වාර්තා වේ.
                                                                                          Nettie Stevens
ජාන විද්‍යාඥ වරියකු වූ නෙතී ස්ටීවන්ස්  1905 දී ලිංගික වර්ණ දේහක සොයා ගන්නා ලදී. එය ජීවීන්ගේ උත්පාදනය හදුනා ගැනීම සඳහා මූලික විය.



   Lise Meither
ඹස්ට්‍රියානු භෞතිඥ වරියක වූ ලීස් මයිට්නර්  න්‍යෂඨික දහනය සොයා ගැනීමේ සම කතෘ වරිය  විය. මෙම සොයාගැනීම සඳහා නොබෙල් ත්‍යාගය ලැබුණු නමුත් ඇයගේ දායකත්වය  එහිදී මඟහැරී ඇත.

                                                                                                                                                                                              Alice August ball
ලාදුරු රෝගය සඳහා එන්නත් කළ හැකි ප්‍රතිකාරයක් නිපදවූ ඇලිස් ඹීගස්ට් බෝල් රසායන විද්‍යාඥවරියකි. ලාඳුරු රෝග ලක්ෂණ වලින් රෝගීන් මුඳවා සුව කිරීම සඳහා වෛද්‍යවරු බොහෝ කාලයක් මෙම එන්නත භාවිතාකර තිබේ.
       Ada Lovelace
ඇඩා කිං හෙවත් ඇඩා ලවලේස් ප්‍රසිද්ධ ගණිතඥවරිය පළමු වරට යාන්ත්‍රික ගණිත රිති ක්‍රමයක්   නිර්මාණය කළාය. එවකට මන:ක්කල්පිතයක් වූ පරිගණකය වෙනුවෙන් මෙම ඇල්ගොරිතමය  ඇය ලියා තිබේ. මේ නිසා ඇය ලොව පළමු පරිගනක ක්‍රමලේඛන  ශිල්පිණිය ලෙස සැලකේ.
                                                                                                                                                                           Katherine Johnson  
ඉලොට්‍රානික පරිගණක  බිහි වීමට පෙර ගණි.ඥ කැතරීන් ජොන්සන් අභ්‍යවකාශය පිළිබඳ ජාතික උපදේශක සභාවේ  (NACA) “ පරිගණකය ” ලෙස සේවය කළාය. වර්තමානයේ NASA ලෙස හැදින් වන්නේ NACA ආයනතයයි.  එහිදී  ඇපලෝ සඳ ගමන ඇතුළු අභ්‍යවකාශය ගමන් සඳහා අවශ්‍යවූ සංකීර්ණ  ගණිත ගැටළු ස්වකිය දැනුමෙන් විසදීම ඇගේ කාර්ය විය. 

7    Jocelyn Bell Burnell 


   කේම්බ්‍රජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහකාරණියක ලෙස සේවය කළ ජොසිලින් බෙල් බර්නල් විසින් විකිරණ කදම්බ නිකුත් කරන අඳුරු තාරකා සහ නියුට්‍රෝන තාරකා සොයාගන්නා ලදී.

                                                                                                                                                                                                          Chien – shiung Wu
න්‍යෂඨික භෞතික විද්‍යාවේ පදනම් සංකල්පයක් වූ සමත්ව නීතිය (parity law) සාවද්‍ය බව සනාථ කිරීම සඳහා භෞතිකඥ චිං ෂියුං වූ විසින් පරීක්ෂණ මෙහෙයවන ලදී.



උපුටා ගැනීම:-
 WOMEN SCIENTISTS YOU DIDN'T LEARN ABOUT IN SCHOOL
IN CELEBRATION OF INTERNATIONAL WOMEN'S DAY

http://www.popsci.com/women-scientists-you-didnt-learn-about-in-school-1

0 comments:

Post a Comment