March 18, 2016

ලංකාවේ වාරි විශ්මය සහ දේශිය වාරි තාක්ෂණය

විජයාවතරණයට පෙර සිට ලංකාවේ පැවත එන වැව් සහ වාරි මාර්ග පිලිබද විස්තරය සහ එහි ශිල්පීය අංශය ගැන විමසුමක්

විජයාවතරණයට පෙර සිට ලංකාවේ වැවහල්දුම්මුල්ල සිට බලන කල්හි දැකගත හැකි සපරගමු බිම්තැන්නට ඉහලින් පිහිටි කවුක්ගිරිය නම් අහස් වැවක් සහ එයින් පෝෂණය වු ගම් වැව් දැනට හඳුනාගෙන තිබේ.මෙහි තාක්ෂණය නම් ගැබ්බරවු වලාකුල් වලින් ජලය ආකර්ශනය කොට අහස් වැවට පාත් කර ගැනීමයි. ඉන් පසුව ගම් වැව දක්වා දිය කදුරු මගින් ජලය නිකුත් කෙරේ. 
ගම් වැවක වාරි නිරමිත
වෑ කන්ද
සොරොව්ව (ගොඩ සොරොව්ව හා මඩ සොරොව්ව)
පිටවාන
ගස් වැටි නොහොත් පෝටා වැටි
තාවල්ල සහ ගිල්ම
රළපනාව
වැවක ඉහත්තාව

කොට සොරොව්ව

මැටි නළ වැව් අඩියේ සිට ඉහලට ඔසවා එකිනෙක මත තබා සකස් වෙයි. වෑ කන්ද හරහා යන මැටි නලය කුඩහ ලෙසින් හැදින්වෙයි. වැවක ජලය නිකුත් කරන කල්හි එක් වරකට එක් නලයක් බැගින් ඉවත් කරයි. එය එක වතුර මුරයකි. එලෙස වතුර මුර උපරිම වශයෙන් හතරක් පමණ නිකුත් කරයි. මෙහිදි කෙතට පිට වන්නේ වැව මතුපිට පවතින පිරිසිදු ජලය පමණකි. වැවක ඉතිරි වන ජලය බීමට නෑමට සහ සතුන්ට ඉතිරි කර තබයි.


කුඩහ (මැටි නළය)

බිසෝ කොටුව


Add caption


බිසෝ කොටුවත් තරමක් විශාල සොරොව්වකි. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරයකටයි. මහ වැව් උදෙසා බිසෝ කොටු නිර්මාණය ව ඇති අතර වැවේ ජල කදේ බර සැලකිල්ලට ගෙන වතුර පිට කිරීම පාලනය කිරීම එහි අරමුණයි. මාදුරු ඔය පැරණි බිසෝ කොටුව මෙහිදි සැලකිල්ලට ගත හැකිය.
 වාරි මාර්ග සහ වැව් පිලිබද ඓතිහාසික විකාශනය
පණ්ඩුකාභය රජ දවස - (කි.පු. පස්වන සියවස) ඓතිහාසික දොර මඩලාව සමග බැඳීම, අභය වැව කරවීම (බසවක් කුලම)
පළමුවන සියවස -
ඉළනාග රජ - තිස්සවාපී (තිසාවැව) සහ දූරවාපී සෑදීම
වසභ රජු - මයන්ති (විලච්චිය වැව) මහා නික්ක වට්ටි (මානන්  කැටිය) කාලී වාපී, වාථමංගණ (නොච්චි පොතාන) අග්ගිවඩ්ඩමානක (අක්වඩන්නා - හබරණ හිරි  වඩන්නා) මහවාපී නොච්චියාගම අසල
තෙවන සියවස-
මහසෙන් රජ - මින්නේරිය හුරුලු වැව මහකනදරාව මාමිණීයා වැව කිඹුල් වාන මහ රත්මල් වැව, රන්තිසා වැව (කවඩුල්ල) මාගල්ලේ වැව, මහගල්කඩවල වැව, කාලවාණ වැව
පිටවාන (අංගමුව වැව)

 සතරවන සියවස -
පළමුවන උපතිස්ස - රාජප්පුල, වලාහස්ස, අම්බුටී, තෝපා වැව, පොක්ඛර පාසාය, ගොණ්ඩිගාමය
ධාතුසේන - වැව් දහඅටකි. - මහාදත්තවාපී, පාණගම් වැව මානා මාතු වැව (යෝධ වැව) සංගමු වැව (මැද්දකැටිය වැව) මාඑළිය වැව
පළමුවන අග්ගබෝධි - සිරිවඩ්ඩමානකවාපී කුරුන්ද වාපී (තන්නිමුරුප්පුකුලම - මුලතිව්)   මාමඩුවා වැව (වව්නියා) මිනිපේ ඇළ
මහා පරාක්‍රමබාහු - පරාක්‍රම සමුද්‍රය, පදවිය විශාල කිරීම
වාරි මාර්ග තැනවීම
ජනගහනය වැඩිවීමත් වගාකළ හැකි භූමිය පුළුල් වීමත් නිසා මහා වාරි ව්‍යාපාර බිහිකිරීමට රජවරුනට සිදු විය. මහසෙන් රජු විසින් මෙම වාරි ව්‍යාපාර දියුණු කිරීම ආරම්භ කරනලදි. ලංකාවේ මධ්‍යම කදුකරයෙන් ආරම්භව තැනිතලාව හරහා ගලන මහවැලි ගඟ අඹන් ගඟ,මල්වතු ඔය. දැදුරු ඔය, කිරිදි ඔය, මොර ඔය හරස් කර අමුණූ බඳවා හිර වන ජලය මහා වැව් කරා ගෙන යෑමට සලස්වන ලදි. එසේම මහා වැව් වල ජලය යෝධ ඇළවල් ඔස්සේ සැතපුම් ගනන් ගෙන ගොස් රජරට මෙන්ම වන්නි පළාත්ද සාරවත් කරන ලදි.
ගන්තලාව යෝධ ඇළ




තෙක්කම අමුණ


සැතපුම් හතරහමාරක් දිග යෝධ වැවේ බැම්ම නිසා පැතිර යන ජල ධාරිතාවය වර්ග සැතපුම් 38ක් බව පැවසේ.එම නිසා අක්කර අඩි 26600 ක් එහි රඳා පවත්වා ගත හැකිය. මේ නිසා අක්කර 14000ක පමණ කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දීමට ලක් කර ඇත. මේ ප්‍රදේශය ලංකාවේ සහල් බඳුන යයි නම් දරා තිබෙන්නේ මේ වැවේ විශිෂ්ඨත්වය නිසාය. මේ වැවට ජලය ගෙන එන ප්‍රධාන ඇළ මාර්ගය සැතපුම් 24ක් දිගය. තේක්කමදී මල් වතු ඔය හරස් කිරීමෙන්  පසුව එයට පහලින් අමුණක් මගින් ජලය පාලනය කරයි. තේක්කම අමුණ සැදීමට විශාල ගල් කුට්ටි රාශියක් යොදවා ගෙන ඇත. මේවා කපා සම මට්ටම් කිරීමට විශාල ශ්‍රමයක් එකල යොදවා ගන්නට ඇතැයි සිතිය හැකිය. අඩි 12ක් උස මේ බැම්ම අඩි 640ක් දිගැතිය. අඩි 90ක් පළලය. ගල්බැම්මේ විශාල දොරටු 3ක් ඇත. මල්වතු ඔය දිගේ ගලා එන විශාල ජල කඳ මේ නැම්මේද හරස් වී වයඹ දෙසට ඉහලට ගමන් කිරීම අරඹයි. දොරටු තනවා ඇත්තේ පීඩනය තදින්ම දැනෙන ස්ථානයට උතුරු දෙසින්ය. වැඩි පුර ජලය වෙත් නම් අමුණෙන් පහලට වැටී නැවත මල් වතු ඔයටම එකතු වෙයි. මෙම ශිල්පය පුරාණ යක්ෂ ගෝත්‍රිකයන්ගේ අමුණු බැඳවීමේ ශිල්පය වෙයි. වර්ෂය පුරාම මෙහි ගලන ජලය නිසා යෝධ වැවට ජලය හිඟ වන්නේ නැත.
මන්නාරම් පළාත සාමාන්‍යයෙන් සූක්ෂ පරිසරයක පිහිටා ඇත. එහි වර්ෂාපතනයද අඩුය. එබැවින් කුඩා වැව් වලින් ලැබිය හැකි  පළ ප්‍රයෝජනය මද බව පෙනේ. මේ නිසා මන්ගුණු වැව නොහොත් ධාතු සේන රජු විසින් විශාල කරවා හැදවු මානාමාතුක වැව නොහොත් වත්මන් යෝධ වැව මේ ගැටළුවට සාර්ථක පිළිතුරක් දෙන්නක් බවට පත් විය. මේ යෝධ වැවට ජලය ගෙන යන මාර්ගය ආරම්භ වන්නේ මල්වත් ඔයේ නැම්මකිනි. දැනට තේක්කම නම් ස්ථානයේ මේ අමුණ බඳවා ඇත. මෙම තේක්කම නම් නාමය යොදා ගෙන ඇත්තේ ධාතු සේන රජ නොවේ. දෙවන උදය රජතුමා බව සඳහන් කළ යුතුය. එයට හේතුව ඔහු විජය රාජ වංශයේ ටිකා ග්‍රෝත්‍රයට අයත් වීමයි. එහි සැබෑ නාමය ටික්කම විය යුතුය. පැරණි අමුණට මදක් පහළින් තවත් අමුණක් බඳවා වම් පාර්ශවයට සැතපුම් දාහතරක තවත් ඇලක් නිර්මාණය කරමින් මල්වතු ඔයට පහළින් අකාති මුරුප්පු නමින් වර්තමානයේ හඳුන්වන වැවට ජලය ගෙන ගිය බවට ඉතිහාසයේ සදහන්ව ඇත.
මේ නිසා අතීතයේදී මේ පෙදෙස තුල විශාල සිංහල ජනගහනයක් වාසය කළ බවට සාක්ෂි ඇත. ඔවුහු යෝධ ඇළට ජලය ගෙන එන ඇළට පහළින් විශාල කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දුහ. එසේම විශාල වැව් ප්‍රමාණයක් පෝෂණය කිරීමටද මේ ජලය යොදා ගත්හ.
උපුටා ගැනීම- මතුගම සෙනෙවිරුවන් මහතාගේ දේශනය ඇසුරින්
කේ එල් පී නයනකුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරී -මතුගම

0 comments:

Post a Comment