Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 29, 2017

Google இனுடைய முதல் ஊழியர்கள்

6 ஊழியர்கள் மாத்திரமே கூகிளில் ஆரம்பத்திலிருந்து இன்றுவரை பணிபுரிந்து வருகின்றனர். இதில் இணை நிறுவனர்களான Larry Page மற்றயது Sergey Brin ஆகும். இதில் சிலர் சிறந்த தொழில் முயற்சியாளர்களாகவும் இன்னும் சிலர் வேறுபட்ட தொழில்நுட்ப கம்பனிகளில் உயர் பதவிகளை வகிக்கின்றனர். சிலர் மகிழ்ச்சியாக ஓய்வு பெற்று சென்று விட்டனர்.

Marissa Mayer

Marissa Mayer மென்பொருள் பொறியிலாளராக Google இல் இணைந்தார். தற்போது இவர் Yahoo வின் CEO (தலைமை நிர்வாக அதிகாரியாக உள்ளார்). இவர் Google இல் June 1999 - July 2012 காலப்பகுதியில் பணியாற்றினார். Google இல் VP, Local, Maps & Location Services போன்ற சேவைகளில் பணியாற்றியுள்ளார்.




Kendra DiGirolamo

Kendra DiGirolamo விற்பனை ஒருங்கிணைப்பாளராக Google இல் இணைந்தார். கடந்த மூன்று வருடங்களுக்கு முன்பு Google லில் இருந்து வெளியேறினார். தற்போது இவர் Driscoll's எனும் நிறுவனத்தில் பணி புரிந்து வருகின்றார். Google இல் வியாபார விற்பனை ஒருங்கிணைப்பாளராகவும் பணியாற்றியுள்ளார்.





Susan Wojcicki



Susan Wojcicki தற்போது வரை Google இல் கடமையாற்றி வருகின்றார். தற்போது Youtube இன் (CEO) தலைமை நிர்வாக அதிகாரியாக 2014 ஆம் ஆண்டிலிருந்து உள்ளார். 1999 ஆம் ஆண்டிலிருந்து Google இல் கடமையாற்றி வருகின்றார்.

Salar Kamangar Youtube இன் (CEO) தலைமை நிர்வாக அதிகாரியாக இருந்தவேளை   இவர் Google இன் 16 வது உத்தியோகத்தராக Google இல் இணைந்துகொண்டார்.

இவர் Google இல் இணைவதற்கு முன்னர் இவரும் இவரது கணவரும் இணைந்து தங்களது கேரேஜ் மற்றும் பல அறைகளை Google இற்கு மாதம் 1700 அமெரிக்க டொலர்களுக்கு வாடகைக்கு விட்டிருந்தமை குறிப்பிடதக்க ஒரு விடயமாகும்.


Omid Kordestani


Omid Kordestani Google இல் 1999 தொடக்கம் 2015 வரை கடமையாற்றின்னார் இவர் தற்போது Twitter இல் நிர்வாக அதிகாரியாக பணிபுரிந்து வருகின்றார். இவர் Google இல் தலைமை வணிக அதிகாரி, மூத்த ஆலோசகராகவும் கடமைபுரிந்தார்.


தொடரும் ........................

Source - https://www.gadgetsnow.com
S

November 28, 2017

ඔබගේ සංගීත රසය පාලනයට විද්‍යාවෙන් මගක්

මිනිස්සු සංගීතයට විශාල ලැදියාවක් සහ ආශාවක් දක්වති. සංගීතය විශ්ව භාෂාවක් ලෙසද සැලකේ. මේ නිසාම සුපිරි සංගීත ශිල්පීහු තම ප්‍රේක්ෂකයන්ට විශාල ආශ්වාදයක් ලබාදෙමින් විශාල ආදායම් උපයති. බටහිර එක සුපිරි ගායිකාවකගේ වාර්ෂික ආදායම රු. කෝටි 3500 කට වැඩි වීමෙන් වාර්තාවක්ද පිහිටුවා තිබේ.

දැනට ක්‍රියාත්මක කරන Transcranial Magnetic Stimulation (TMS) ප්‍රතිකාර ක්‍රමය අනුව මොළයේ විශේෂිත ප්‍රදේශ උද්දීපනය හෝ අවහිර කිරීම සදහා මොලය තුලින් චුම්භක ස්පන්දන ගමන් කරවනු ලැබේ. මෙම TMS ක්‍රමය භාවිතා කර පුද්ගලයන්ගේ සංගීත රසය සත්‍ය ලෙසම වෙනස් හෝ පාලනය කිරීමට McGill විශ්ව විද්‍යාලයේ සහ Montreal ස්නායුමය ආයතනයේ විද්‍යායින් කණ්ඩායමක් සමත්වූ බව එහි අධ්‍යයන වාර්තාවක් පලකරමින් Nature Human Behavior සඟරාව පසුගියදා ප්‍රකාශයට පත් කර තිබේ.

මෙය ඉතාම අසාමාන්‍ය විද්‍යාත්මක ප්‍රබන්ධ තත්වයේ ක්‍රියාවක් වුවත් පර්යේෂකයෝ එය ක්‍රියාත්මක කළ ආකාරය විස්තර කිරීමේදී පෙනීගිය සරල බවද විශේෂත්වයකි. එනම් එවැනි පහසු ලෙස ක්‍රියාත්මක කළ හැකි පර්යේෂණාත්මක සොයාගැනීමක් මෙතරම් ප්‍රමාද වුයේ මන්ද යන්නයි. 

මිනිසුන් සංගීතය රසවිදීමට හෝ කිසියම් දෙයක් භුක්තිවිදීමට හේතුව නම් එයට අදාළ අපගේ මොළයේ යම් ප්‍රදේශයක් උද්දීපනයෙන් හා ක්‍රියාශීලිව නියැලීම නිසා ලබන ත්‍යාග පද්ධතියයි. තවද මොළයට ත්‍යාග ලබාදීමේ ක්‍රියාවලියේ ඉතාම වැදගත් ස්නායු සම්ප්‍රේක්ෂකය dopamine බවත් මොලය තුල මෙවැනි අවස්තාවක සිදුවන සිද්ධි දම්වැල නිසා dopamine නිදහස්වීම කුළුගැන්වෙන බවත්  වාර්තාවේ සදහන් වේ. මෙලෙස රසය හෝ භුක්තිය ලෙස අපට දැනෙන හැගීම් හෙවත් මොළයට ලැබෙන තෑගී හේතුවෙන් මොළයේ අදාළ ප්‍රදේශය තෑගි අපේක්ෂාවෙන්ද උද්දීපනය හා ක්‍රියාශීලිත්වය වැඩි කරයි. ශ්‍රවණය කරන සංගීතයේ උච්චාවචන හා පුද්ගලයා අනුවද මෙම උද්දීපනය හා ක්‍රියාශීලිත්වය අඩු වැඩි වීම ස්වභාවික තත්වයයි. පර්යේෂක විද්‍යායින් කණ්ඩායම මෙම ක්‍රියාවලිය බාහිරෙන් පාලනය කර ඇති බව වාර්තාවෙන් පැහැදිලි වේ.  

රසවත් සංගීතය ශ්‍රවණය කිරීමේදී මොළයේ වඩාත් ක්‍රියාකාරී වූ කොටස මොළයේ වම් පෘෂ්ඨිය පාර්ශවයේ වූ Prefrontal Cortex (DLPFC) හි fronto-striatal පරිපථය බව මෙයට පෙර ක්‍රියාත්මක කරන ලද බොහෝ මොළයේ මුර්තන අධ්‍යනයන් මගින් පැහැදිලි වී තිබේ. එනිසා පර්යේෂකයෝ මොළයේ එම කොටස (DLPFC හි fronto-striatal පරිපථයඉලක්ක කර TMS ක්‍රමයෙන් උද්දීපනය හෝ අවහිර කිරීම් සිදුකරන ලදී. එමගින් මොලයට ත්‍යාග මෙන්ම ත්‍යාග අපේක්ෂාවද වැදගත් වන විවධ විද්‍යාත්මක පර්යේෂණ හා නිරීක්ෂණ තුලින් පුද්ගල සහභාගිත්වයද සහිතව කරන ලද අධ්‍යයනය අනුව පුද්ගලයන්ගේ සංගීත රසය පාලනය කිරීමට හැකි බව පෙර සදහන් කළ අධ්‍යයන වාර්තාවෙන් ප්‍රකාශයට පත් කර තිබේ. සංගීතයට අමතරව මින්සුන්ගේ වෙනත් ආශාවන් පාලනයට හැකි ලෙස මෙම විද්‍යාත්මක ක්‍රියාවලිය සංවර්ධනය කිරීමට විද්‍යාඥයින් සමත්වේද?  

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/RcHLVZcxT_8?t=2

වියපත් වන මොලයේ රුව ගුණ සුරකින ව්‍යායාම

ස්වායු ව්‍යායාම(Aerobic exercise) වල නිරතවීම මොලයේ හිපොකැම්පස් (hippocampus) නැමැති ප්‍රදේශයට බලපාන ආකාරය  පිලිබද ඕස්ට්‍රේලියා සහ බිතාන්‍ය විශ්ව විද්‍යාල (Western Sydney University-Australia, University of Manchester-UK) පර්යේෂකයන් විසින් සොයා බලන ලදී. මොලයේ හිපොකැම්පස් ප්‍රදේශය මතකය ගබඩා කිරීමට සහ අනෙකුත් මොලයේ ප්‍රධාන ක්‍රියාකාරකම් පිලිබද වැදගත් ස්ථානයකි.

වයස අවුරුදු 40 ඉක්ම වු පසු මොලයේ ප්‍රමාණය දශකයකට 5% ක්වු ප්‍රමාණයකින් හැකිලීම සිදුවේ.

පර්යේෂකයන් විසින් මිනිසුන් 737 සහභාගී කර ගනිමින් විධිමත්ව සායනික අත්හදා බැලීම් 41 ක් සිදුකරන ලදී. මෙම නියැදියට සෞඛ්‍යමත් පුද්ගලයන්, ඇල්ෂයිමර් (Alzheimer’s) රෝගයෙන් මද වශයෙන් පෙලෙන්නවුන්, විශාදය (depression) සහ ෂීස්‍රොෆීනියා (schizophrenia) යන මානසික රෝගී තත්ව සහිත පුද්ගලයින් අයත් විය. ඔවුනගේ වයස අවුරුදු 24-76 දක්වා වු අතර ඔවුනගෙන් කොටසක් ස්වායු ව්‍යායාම සිදුකිරීමෙන් පසුව සහ කොටසක් එසේ නොකිරීමෙන් පසුව මොලයේ ස්කෑන් පරීක්ෂණ සිදුකරන ලදී. ස්වායු ව්‍යායාම ලෙස ඇවිදීම, එක තැන පාපැදි පැදිම සහ treadmill යන්ත්‍රයක දිවීම ඇතුලත් විය. මෙවැනි ව්‍යායාම වැඩසටහන් සතිකකට 2-5 දක්වා මාස 03-24 වැනි කාලයක් තිස්සේ පැවැත්වුනි.

මෙහිදී ව්‍යායාම සිදුකල පුද්ගලයින්ගේ හිපොකැම්පසයේ සමස්ථ පරිමාවේ වෙනසක් සිදුනොවු නමුදු එහි වම්පස ප්‍රදේශයේ කැපී පෙනෙන ප්‍රමාණාත්මක වැඩිවීමක් දක්නට ලැබිණි. මෙම පර්යේෂයේදී ව්‍යායාම වල යෙදීමෙන් මිනිස් මොලයට ලැබෙන ප්‍රයෝජන පිලිබද ස්ථීර සාක්ෂි ලැබුණු බව පර්යේෂ කණ්ඩායමේ අදහසයි.

ව්‍යායාම කරන අවස්ථාවේදී නිපදවන Brain–derived neurotrophic factor (BDNF) නැමැති රසායනිකය මගින් මිනිසා වසයට යාමේදී වන මොලයේ හැකිලෙන ප්‍රමාණය අඩුකිරීමට උදව් විය හැකි බව ඔවුහු තවදුරටත් පවසයි.

පර්යේෂණ ප්‍රතිථල වලින් හෙලිවන පරිදි ස්වායු ව්‍යායාම මගින් මිනිස් මොලයේ හිපොකැම්පසයේ ප්‍රමාණය හුදෙක් වැඩි නොවන මුත් ව්‍යායාම මගින්  මොලයේ හැකිලීමේ සීඝුතාවය අඩුකරන බව හෙලිවෙයි. මෙම ප්‍රථිඵල මගින් මිනිසා වියපත් වීමත් සමග මොලයේ ස්නායු පද්ධතිය පිරිහීමෙන් ඇතිවන Alzhermer’s සහ dementia වැනි රෝගී තත්ව වැලැක්වීම සදහා ව්‍යායාම උපකාරී විය හැති බව ඉගි පලවේ. නමුත් මෙම කරුණ වැඩිදුර පර්යේෂණ මගින් තහවුරු කර ගත යුතුය.


මෙම පර්යේෂණය අවසානයේ හෙලිවන රසවත් කරුණ නම් මහළු වියට පියමනින මිනිස් මොලයේ රුව ගුණ මනාලෙස පවත්වා ගතහැකි තහවරු වු අල්ප ක්‍රම වේදයන් අතරින් එකක් කායික ව්‍යායාම බවයි.

අන්තර්ජාලය ඇසුරෙනි.

විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
අතුරලිය.

ශ්‍රී ලංකාවේ කම්පියුටර්, ස්මාට්ෆෝන් හැදෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ මෘදුකාංග නැතිනම් සොෆ්ට්වෙයා ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත ආයතනවලට මේ කාලය ගෙවෙන්නේ බොහොම සුභදායකයි. අවුරුදු ගණනාවක් තිස්සේ විශ්ව විද්‍යාලවලින් වගේම වෙනත් අධ්‍යාපන ආයතනවලින් මෘදුකාංග නිර්මාණය, තොරතුරු පද්ධති (information systems), අන්තර්ජාල ආශ්‍රිත මෘදුකාංග නිර්මාණය (web development) ඇතුළු අංශ ගැන හොඳ දැනුමක් සහිත සිසුන් පිරිසක් වාර්ෂිකව මේ ක්ෂේත්‍රයට එකතු වෙනවාද කියනවා නම් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත ඕනෑම රැකියාවක් වෙනුවෙන් ප්‍රමාණවත් වෘත්තිකයන් හොයා ගන්න  බොහෝ ආයතනවලට ඉතාම පහසුවෙන් පුළුවන්.
ශ්‍රී ලංකාව ඇතුලේ මෘදුකාංග ආශ්‍රිත නිර්මාණ බිහි කෙරෙන එක නම් බහුලව සිදු කෙරෙන අතර දේශීය ආයතනවලින් බිහි කෙරෙන මෘදුකාංග වගේම ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවේ ශ්‍රමය පාවිච්චි කරලා බිහි කරන මෘදුකාංග එහෙමත් මේවාට අයත්. මේ හැම දේකින්ම පෙනෙන්නේ ලංකාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ දිනෙන් දින දියුණු වෙන වටපිටාවක් තියෙන බවයි. ඒ වගේම තොරතුරු තාක්ෂණයේ තවත් වැදගත් අංශයක් වන දෘඩාංග (Hardware) නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් සිදු වෙනවා.
පසුගිය අවුරුදු තුනක කාලය පුරාවට ශ්‍රී ලාංකික ආයතනයක් මෙරට සන්නාමයක් (Brand) යටතේ ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක වගේම ටැබ්ලට් සහ ස්මාට් ෆෝන් එහෙමත් නිපදවලා අලෙවි කරනවා. ඒ තමයි E-wis ආයතනය. ඔවුන් මූලාකෘතික නිර්මාණකරණ නිෂ්පාදක (ODM – Original Design Manufacturing) සහ මූලාකෘතික උපාංග නිෂ්පාදක (OEM – Original Equipment Manufacturing) කියන අංශ දෙකටම අයත් වෙන සමාගමක්. ඔවුන් හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ තමයි මේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ.

නිර්මාංශ භාවයට අදාළ හේතු

බොහෝ අය නිර්මාංශවාදය ඉතා ඉක්මණින්ම සම්බන්ධ කරනුයේ භික්ෂූන් හෝ භික්ෂූණීන් සමගය. නමුත් ඇත්ත වශයෙන්ම අද බොහෝ පුද්ගලයින් විද්‍යාත්මක හේතුන් නිසා නිර්මාංශ වීම තෝරාගනී. ඒ නිසා මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ නිර්මාංශ ආහාර ගන්නවුන් විය යුතු වීමට අදාළ විද්‍යාත්මක හේතු සම්බන්ධවය.
අපේ මුතුන්මිත්තන් ස්වභාවයෙන්ම නිර්මාංශ ආහාර ගත්තවුන්ය. මනුෂ්‍ය පරිණාමය හැදෑරීමේදී මේ බව ඔප්පු කිරීමට සාධක ඇත. එසේම ජීව විද්‍යාව පිළිබද පාඩම් පොත්වලින්ද මේ බව උගන්වනු ලැබේ. එම නිසා නිරවද්‍යතාව සදහා විශේෂ පැහැදිලි කිරීමක් අනවශ්‍යය. මිනිස් සිරුර මස් අනුභව කිරීම සදහා සුදුසු නැත.
ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා සරසවියේ ආචාර්ය ජී. එස්. හන්ට්න්ගන් විසින් කාය ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබද ලියා ඇති ලිපියකින් මනුෂ්‍යයන් නිර්මාංශ විය යුත්තේ ඇයි ද යන්න ඔප්පු කර පෙන්වා ඇත. එමනේම එම ලිපිය අනුව මාංශ අනුභවය මනුෂ්‍යයින් සදහා සුදුසු වන්නේද නැත. ඔහු පෙන්නා දෙන පරිදි, මස් අනුභව කරන සත්තවයින්ට (ව්‍යාඝ්‍රයින් වැනි) කුඩා බඩවැල් මහ බඩවැල් යන දෙවර්ගය ම පිහිටා ඇත. ඔවුන්ගේ මහ බඩවැල් සෘජුවම පිහිටා ඇති අතර ඒවා මෘදු ගතියෙන් යුක්තය. ඊට පටහැනිවශාකවලින් යැපෙන සතුන්ට මෙම දෙවර්යටම එනම් කුඩා බඩවැල් සහ මහ බඩවැල් ද ඇති නමුත් ඒවා දියගය. මස්වල ඇති කෙදි පුමාණය අඩු නිසාත් ප්‍රෝටීන් බහුල නිසාත් පෝෂණ ගුණය උරා ගැනීමට දිගු කාලයක් අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා මස් අනුභව කරන සතුන්ගේ බඩවැල් ශාක අනුභව කරන සතුන්ගේ බඩවැල් වලට වඩා කෙටිය.
මනුෂ්‍යයින්ගේ කුඩා සහ මහ බඩවැල් යන දෙකම ඉතා සමීප වශයෙන් ගතහොත් මීටර් එකහමාරක් පමණ දිගය. එය කිහිප වාරයක්ම එකට එතී ඇති නිසා ඒවායේ මෘදු නොවු බිත්ති එකට යාවී ඇත. මාංශ භක්ෂකයින්ගේ බඩවැල්වලට වඩා ඒවා දිගින් වැඩි නිසා අප ආහාරයට ගන්නා මස් දිගු වේලාවක් බඩවැල්වල රැදී පවතී. ඒ හේතුව නිසා මස් නරක් වී විෂබීජ උපදවන්නේය. මෙය අක්මාවට කරදර වැඩි කිරීමකි. එනම් අක්මාව විසින් කරනු ලබන්නේ විෂබීජ ඉවත් කිරීම නිසා, ඊට කිරීමට ඇති කාර්යය මේ නිසා වැඩි වන්නේය. එමෙන්ම මංශවල යුරෝකිනේස් (Urokinase) ප්‍රෝටීන් සහ යූරියා බහුලව ඇති නිසා වකුගඩුවල කාර්යයද දුෂ්කර වේ. සෑම මස් රාත්තලකම මූත්‍රාකරන (Urokinase) ප්‍රෝටීන් ග්‍රෑම් 14ක් අඩංගුය. යුරෝකිනේස් ප්‍රෝටීන් දියරය ජීව ශෛල තුළ බහාලූ විට එම ශෛලවල ක්‍රමවත්ව ක්‍රියාකාරීත්වය අඩුවේ. එපමණක් නොවමස්වල කෙදි ගතිය හා සිලියලෝස් අඩු නිසා, මළබද්ධය පහසුවෙන් ම ඇතිවේ. ගුද මාර්ගයේ පිළිකා සහ අර්ශස් වැනි රෝගවලට හේතුව මළබද්ධය බව අපි දනිමු. වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුෂ්කර වීම නිසා වකුගඩු විනාශ විමට පුළුවන අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වීමෙන් සිරෝසිස් (අක්මා රෝගයකි) රෝගය පමණක් නොව අක්මාවේ පිළිකාද ඇති කරයි.
ඌරන් පිළිබද වැඩිදුරටත් කරන ලද පර්යේෂණයට අනුව පෙනී යනුයේ මේද අධික ආහාර ගැනීම නිසා අක්මාව පිලාව යන ඉන්ද්‍රියන් විශාල වන බව සහ සම අභ්‍යන්තරයේ ඇති ශෛල මහත්වීම සිදුවන බවයි. මස්වල ඇති කොලෙස්ටරෝල් සහ සන්තෘප්ත මේද හෘද ස්පන්ධනය අක්‍රමවත් කරයි. තායිවානයේ ෆෝමෝසාවල මරණයවලට මුල් වී ඇති හේතු දහයෙන් එකක් වේ.
පිළිස්සීමෙන් හා බැදීමෙන් මස්වල රාසයන ද්‍රව්‍යයක් (Methylcholanthrenel) සෑදෙන අතර එය බලවත් පිළිකා රෝග කාරකයක් බව පර්යේෂණවලදී සොයාගෙන ඇත. මෙම රසායන ද්‍රව්‍යය මීයන්ට එන්නත් කළ විට උන් නොයෙකුත් පිළිකා වර්ගවලට එනම් ඇට තඩිස්සි වීම, ලේ පිළිකා, ආමාශ පිළිකා ආදියට ගොදුරු වී ඇත.
අප දිනපතා ආහාරයට ගන්නා මස් ලබා ගන්නා සුතුන් වෙත ආරම්භක අවස්ථාවේදී අක්‍රමිකතා තිබී ඇත්නම් අප ඒවා ආහාරයට ගත් විට ප්‍රතිඵලය අවබෝධ වේ. සමහර අය සිතන්නේ මස් පිරිසිදු සහ ආරක්ෂාකාරී බවයි. මස් මඩුවලදී ඒවා පරීෂා කරන බව ඔවුන් විශ්වාස කරයි. නමුත් ගවයන්, ඌරන්, කුකුළන් බොහෝ ගණනක් මස් සදහා දිනපතා මරණු ලබන නිසා සැබෑ වශයෙන් ම එතරම් විශාල සංඛ්‍යාවක් පරීක්ෂාවට භාජනය කිරීම අපහසුය. එම මස් පරීක්ෂකයින්ගේ වරදක් නොවේ. නමුත් වැඩ අධික වීම නිසා සිදුවන්නකි. එයට අමතරව එම සතුන්ගේ සෑම මස් කෑල්ලක්ම පරීක්ෂා කර එහි පිළිකා රෝගකාරක තිබේදැයි බැලීම ඉතාමත් අපහසු කාර්යයකි. හැම සතෙකුම පරීක්ෂා කළ ද සෑම මස් කෑල්ලක්ම පරීක්ෂා කරීම අසීරුය. එය කොතරම් ආමරු කාර්යයක් දැයි අපට සිතාගත හැකිය. දියුණු රටවල් වන යුරෝපය සහ ඇමරිකාවට පවා මෙය ගැටළුවක් වී ඇත. එය තවමත් කාර්යක්ෂම පාලනය කළ නොහැකි තත්වයකි. වර්තමානයේදී යම් ගැටලු සහගත තත්වයක් සතෙකුට ඇති වු විට මිනිසුන් කරනුයේ හිස වෙන් කිරීමය. එසේ නැතහොත් පයේ කිසියම් රෝගයක් තිබුණේ නම් පය කපා ඉවත් කිරීමය. නරක කොටස් පමණක් ඉවත් කොට ඉතිරිය විකුණනු ලැබේ. සමහර රටවල සනීපාරක්ෂක බලධාරීන් විසින් විකිණීම පිණිස ඇති කරන ඌරන්, හරකුන්, කුකුලන් හා තාරාවුන් පරීක්ෂා කරන්නේ අවම වශයෙනි.
සත්ත්වයින්ට දෙනු ලබන ආහාර ගැන කතා කරන විට සතුන්ගේ ආහාරයට පුතිජීවක (Antibiotics) එකතු කරනු ලබන අතර එම සතුන්ගේ මස් ආහාරයට ගන්නා මිනිසුන් විසින්ද එම ප්‍රතිජීවක උරා ගැනීම නිසා මිනිසුන් තුළ ඇති ප්‍රතිශක්තීකරණය දුර්වල වේ. ඒ අනුව මෙම පුද්ගලයන්ට යමු රෝගයක් වැළදුණු විට තවදුරටත් ප්‍රතිජීවකවලින් ඔවුන්ට පිහිටක් නොලැබෙන නිසා තවත් අගනා ජීවිතයක විනාශය සිදුවේ. මාංශ අනුභව කිරීමේ පුරුද්ද එයට හේතුවයි.
නිර්මාංශ ආහාර ඉතාමත් හොදයැයි සලකන සමහර අය, එහි ප්‍රමාණවත් පෝෂණ ගුණයක් නැතැයි සිතයි. එය වැරදි අවබෝධයකි. වෛද්‍යවරුන් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ මංශ භෝග වැඩි වශයෙන් ආහාරයට ගැනීම සුදුසු බවයි. මුදවන ලද කිරි, කඩල, සෝයා ඉතා පෝෂ්‍යදායී වේ. ධාන්‍ය ආහර සහ එළවළුවලින් අපේ ශරීරය පවත්වා ගැනීම සදහා අවශ්‍ය සියලුම පෝෂක කොටස් ලබා ගත හැකිය.
මස්වල ඇති ප්‍රෝටීන්, ශාකවල ප්‍රෝටීන්වලට වඩා උසස් බවත් පළමු වැන්නෙහි සම්පූර්ණ ප්‍රෝටීන් අඩංගු අතර දෙවැන්නෙහි ඒවා අසම්පූර්ණ බවත් බොහෝ දෙනා අදහස් කරති. එහෙත් සොයා, කඩලවල ඇත්තේ සම්පූර්ණ ප්‍රෝටීන් බව හදුනාගැනීමට ඔවුන් අසමත් වී ඇත. මාංශ අනුභව කරන මිනිසුන් සම්පූර්ණ ප්‍රෝටීන් ලබා ගත හැකි වුවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ මාංශ ප්‍රෝටීන් ආහාරයට දෙනු ලැබූ සත්වයින් ආරම්භයේදී ශක්තිමත් සහ නිරෝගී සම්පන්න වුවත්, ඔවුන් අඩු ආයුෂික ය යන බවත් විශේෂත්වයකින් තොරව ඔවුන් සියල්ලන්ටම රුධිර පීඩන රෝගයන් හා වකුගඩු ආබාධ ඇති බවත්ය. එයට හේතු වී ඇත්තේ ජීවධාතු විටමින් සහ ඛණිජ ලබණවලට වඩා ප්‍රෝටීන් වෙනස් නිසාය. එය අපේ ශරීරය තුළ විශාල වශයෙන් ගබඩා කර ගැනීමට නොහැකිය. එය බහිශ්‍රාවය කළ යුතුවේ. එම නිසා අක්මාවට සහ වකුගඩු වලට අමතර අපහසුතාවයක් දැරීමට සිදුවන්නේය.
ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට මනුෂ්‍ය වර්ගයාගේ ආහාරය වී ඇත්තේ ශාකයන්ය. පාරණි ග්‍රීක හා හීබෘ පුරාවෘත්තයන්වල විස්තර වී ඇති ආකාරය අනුව මුල් අවදියේදී මිනිසුන් ආහාරයට ගෙන ඇත්තේ පලතුරු වර්ගයන්ය. පැරණි ඊජීප්තු පැවිද්දන් කිසිදාක මස් අනුභවකර නැත. ප්ලේටෝ, දිගෝගිනිස්, සොක්‍රටීස් වැනි බොහෝ උසස් ග්‍රීක දාර්ශනිකයන් නිර්මාංශවාදයට පක්ෂ ව නිතරම කථා කර ඇත. ශාක්‍ය මුණි බුදුන් අහිංසාවේ (ජීවීන්ට හිංසා නොකළ යුතුය) වැදගත්කම අවධාරණය කළහ. එසේම මංශ අනුභව නොකරන ලෙස අනුගාමිකයින්ට අවවාද කළ අතර, එසේ කිරීම නිසා අනෙකුත් ජීව සත්වයින් ඔවුන් කෙරෙහි බිය වෙතැයිද පැවුසූහ. දයාව පිළිබදව අපේ ප්‍රාර්ථනය ඉෂ්ඨ කර ගැනීම සදහා මනුෂ්‍යයින් වන අප මාංශ අනුභවය නැවැත්විය යුතුය. ඒ අනුව නිර්මාංශ වූ බෞද්ධයින් බොහෝ දෙදෙනෙකු අදත් සිටී. බොහෝ තාඹ් වාදීන් ද පැරණි ක්‍රිස්තියනි සහ ජුදාස්වරුන්ද නිර්මාංශිකයන් විය.
ඩයනා කුමරිය, චාල්ස් කුමරුන්පෝල් නිව්මන්, අයින්ස්ටයින්, ප්ලේටෝ, පයිතගරස්, සොක්‍රටීස්, ශේක්ෂ්පියර්, ඩේවිඩ්, පෙට්‍රාව්, ඩාවින්චි, එමර්සන්, සෝලා, රස්ල් ෂෙලී නම් කවියා, නොබෙල් ත්‍යාග ලාභී තාගෝර්, රුසියානු ලේඛක ටොල්ස්ටෝයි, ජයනප්‍රිය අයිරිෂ් නාට්‍යකරු බර්නාඩ් ෂෝ, ඉන්දියානු නායකයකු වන ගාන්ධි සහ අල්සෙශියන්, වෙවද්‍ය දූත මෙහෙයේ සහ අප්‍රිකාවේ දේව ධර්ම වරයකු වන ෂවීට්සර් ආදීන් ඔවුන්ගෙන් කිහිප දෙනෙකි.
අයිස්ටයින් වැඩිදුරටත් මෙසේද පවසා ඇත. ‘‘මනුෂ්‍යාගේ චරිත ස්වභාවය වෙනස් කිරීම සහ පවිත්‍ර භාවයට පත් කිරීම සදහා නිර්මාංශ ආහාරයකින් ලැබෙන ප්‍රයෝජනය මුළු මිනිස් වර්ගයා වෙතම හිතකර වූ ක්‍රියාවක් යැයි මා සිතමි. එබැවින් නිර්මාංශවාදය මිනිසුන් තෝරා ගැනීම ඉතාම සුභ දායක මෙන්ම සාමකාමීද වේ. ‘‘එබැවින් නිර්මාංශ විය යුතුය.‘‘ යන්න අපට පෙනී යයි. ඉතිහාසය පුරාම බොහෝ වැදගත් පුද්ගලයින් සහ මුනිවරයන් ප්‍රඥාවන්තයින් විසින් දෙන ලද සාධාරණ සහ සාමන්‍ය උපදේශය එයයි.

ඉහත අප සාකච්ඡාවට බදුන් කළ කරුණු අනුව නිර්මාංශ වීම යහපත් ජීවිතයකට කය, මනස නිරවුල්ව තබා ගැනීමට ඉවහල් වන බව සනාථ වෙයි. යෝග දර්ශනය ඔස්සේ මෝක්ෂය සොයා ගමන් කරන අයටද නිර්මාංශ වීම අත්‍යවශ්‍ය දෙයකි. එය දෙවියන්ට ප්‍රිය බව වර්ධනය කරයි. සාමකාමී යහපත් ජීවිතයකට ඉවහල් වේ. දීර්ඝායුෂ ඇති කරයි. ශරීරය නිරෝගී කරයි. චාම් සරල දිවි පෙවෙතකට යොමු කරවයි. අප නිර්මාංශ වීමට අධිෂ්ඨාන කර ගනිමු.
සංස්කාරක සටහන :
මෙහි පළකර ඇත්තේ කතුවරයාගේ දැක්මකි.අවේගාත්මක,විවාදාත්මක හෝ විවාදයට බදුන්විය හැකි මාතෘකා පිලිබදව ලිපි පල නොකරන ලෙස අමාත්‍යාංශය කතෘන්ට උපදෙස් ලබා දී ඇත (MTR/5/17/B හා 2014/02/05 දිනැති චක්‍රලේකයේ 4 උපදේශය) .

November 27, 2017

වැඩිපුර හොඳ උණු වතුරද ඇල් වතුරද?

උදෑසනට  හොඳම  පානය
පාන්දරින්ම වතුර වීදුරුවකින්  දවසට ආරම්භයක්  ලබා දෙන්න. මඳ රස්නෙන්  වතුර  වීදුරුවක් පානය කිරීම මලබද්ධයට  හා  තරබාරු  අයටත් වඩා  සුදුසුයි. ඇල් ජලය පානයට  වඩා  උණුකර  නිවාගත්  වතුර  වීදුරුවට  වැඩි  අවධානයක්  දෙන්න.

උණ  ඇති  වූ  විට
හෙම්බිරිස්සාව සමග උණ ඇති  වුවහොත් ඇල් ජලය පානය එතරම් සුදුසු නැත. නමුත් උණ  ගතිය පමණක්  පවතියි  නම්  දියරමය  ආහාර වැඩි වශයෙන්  ලබා දීමට වෛද්‍යවරු  නිර්දේශ  කරයි. මේ අතරින් පිරිසිදු ජලයට  වැඩි  අවධානය  යොමු  වෙයි.

උෂ්ණ  දේශගුණයක්  පවතින  විට
වියළි  දේශගුණයකදී  සම  අධිකව  වියළි  වන  නිසා  නිතර  නිතර  ජලය  පානය  කිරීමෙන්  විජලනය  වලක්වා  ගත  හැකියි.

බර  අඩු  කරගන්න
අධික  තරබාරු  අය බර අඩු කර ගන්න සිතා එකවර පානය කිරීම සුදුසු නැහැ. වතුර උගුරු 4ක් පමණ පානය කර විනාඩි 15ක් පමණ ගියපසු නැවත වතුර පානය කිරීමට හුරුවන්න. ආමාශයට එකවර වතුර ගොඩක් දරා ගැනීම අපහසු වන නිසා එය ක්‍රමයෙන් බැහැර වන විට වරින් වර ජලය පානය කිරීම වඩා සුදුසුයි.

ක්‍රීඩකයින්ට
ශරීරය අධිකව වෙහෙසෙන ක්‍රීඩකයින්ද වතුර පානයට වැඩි ඉඩක් දිය යුතුමයි. නිතර දහදිය පිටවන නිසා ඇති වන විජලනය වැළැක්වීමටත් වතුර පානය කිරිම වැදගත්. ව්‍යායාම කරන අතරතුර ලැබෙන විවේකයේදී (විනාඩි 15 - 20 පසුව) 150 -300 ml අතර ප්‍රමාණයක් ජලය පානය කරන්න. ව්‍යායාම හෝ ක්‍රීඩා කර අවසන් වූ විට තම බර මැන බලා ශරීර ස්කන්ධයෙන් අඩු වන සෑම බර කිලෝ 1 කටම 1.5 ml ක් වත් පානයකරන්න.


වඩාත් සුදුසු ජලය

මල බද්ධයට, වකුගඩු රෝග වලට වතුර පානය දිව ඔසුවක්. සිරුරට ප්‍රමාණවත් බවක් ලබා දෙමින් සමේ වියළීම වලක්වාගෙන තරුණ පෙනුම රැකගන්නත් ජලය අත්‍යවශ්‍යම සාධකයක්. නමුත් වඩාත් සෞඛ්‍යාරක්ෂිත වන්නේ සිසිල් ජලයට වඩා උණුකර නිවා ගත් ජලය පානය කිරීමට හුරුවීමයි. එහි විසබීජ නටන උෂ්ණත්වයේදී නැතිවීම මෙයට හේතුවයි. නැත්නම් සිසිල් ජලය හෝ උණු ජලය පානය කිරීමෙන් වැඩි සෞඛ්‍යමය වාසි ලැබේ යැයි සිතීම නම් සත්‍යයක් නොවේ.

අන්තර්ජාලය අැසුරිනි.

විදාතා සම්පත් මධ්‍යස්ථානය-ජාඅැල

පහසුවෙන් ජලය පානය කරමු.

දවස පුරා ජලය පානය කරන්න.........

ඔබ පාසල් යන විට හෝ වෙනත් ගමනක් යන විට පානීය ජලය බෝතලයක් රැගෙන යන්න. එවිට අවශ්‍ය ඹ්නෑම මොහොතක ඔබට ජලය පානය කල හැකිය. විශේෂයෙන් උදෑසන අවදි වූ විගස, රාත්‍රී නින්දට පෙර හා ස්නානයට/පිහිනීමට පෙර ජලය පානය කිරීම සෞඛ්‍යයට හිතකරය. 

රූපවාහිනිය නරඹන විට සහ පරිගණකය භාවිතා කරන විටද නිරන්තරයෙන් ජලය පානය කරන්න. ඔබ විනෝද ගමන් යන විටදී නිතර ජලය පානය කිරීම පුරුද්දක් කර ගන්න. 

ඒ සඳහා මෙන්න සැළැස්ම

සෞඛ්‍යමත් ලෙස ජලය පානය සඳහා සවිධි සැලැස්ම(ABCDEF)

Amount   ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න

ඔබට සුදුසු ප්‍රමාණය කොපමණදැයි දැනගන්න.ශරීරය විජලනය වීම වලක්වා ගන්න.පානීය ජලය සෑම විටම කෘතිම පාන වලට වඩා අගනේය.




Bottle  පානීය ජල බෝතලයක් නිතරම ඔබ ලඟ තබාගන්න
ඔබගේ පෞද්ගලික පරිහරණය සඳහා වීදුරු /නැවත පාවිච්චියට සුදුසු ප්ලාස්ටික් බෝතලයක් ගන්න
තාපයට හිරු එළියට නිරාවණය වූ එක්වරක් පමණක් භාවිතයට සුදුසු බෝතල් පරිහරණය නොකරන්න



Clean පිරිසිදු ජලය බීමට ගන්න.
අපද්‍රව්‍ය සහිත ,ක්ෂුද්‍ර ජීවින්,විෂ බීජ,රසායනික විෂ කලවම් ජලය පාවිච්චියට ගැනීමෙන් මිදෙන්න




DAY  දවස පුරා ජලය පානය කරන්න.
ඔබ නිවසෙන් පිටත් වීමට ප්‍රථම දිනකට අවශ්‍ය පානීය ජලය ලබා ගන්නේ කෙසේ දැයි මදකට සිතා බලන්න.





Extra amount 
ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙන අවස්ථාවල වැඩිපුර උණුසුම් දිනවල සහ වායු සමීකරණය කළ තැන්වල සිටින විට වැඩිපුර ජලය  පානය කරන්න.



Food  ජලය අඩංගු ආහාර ගන්න.
ජලය බහුලව ඇති එළවළු පළතුරු පලා වර්ග කිරි සහිත ආහාර කැද සහ සුප් ආහාරයට ගන්න.






ඔබේ පවුලේ අය මිතුරන් හා නෑදෑයින් සෞඛ්‍ය සම්පන්න ජල පානයට හුරුකරවමු.


හෙල සුවය දේශණය ඇසුරෙන්
ඡායාරූප අන්තර්ජාලයෙන්
හංසනී ලුණුවිල
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
මාලිම්බඩ