November 27, 2017

වැඩිපුර හොඳ උණු වතුරද ඇල් වතුරද?

උදෑසනට  හොඳම  පානය
පාන්දරින්ම වතුර වීදුරුවකින්  දවසට ආරම්භයක්  ලබා දෙන්න. මඳ රස්නෙන්  වතුර  වීදුරුවක් පානය කිරීම මලබද්ධයට  හා  තරබාරු  අයටත් වඩා  සුදුසුයි. ඇල් ජලය පානයට  වඩා  උණුකර  නිවාගත්  වතුර  වීදුරුවට  වැඩි  අවධානයක්  දෙන්න.

උණ  ඇති  වූ  විට
හෙම්බිරිස්සාව සමග උණ ඇති  වුවහොත් ඇල් ජලය පානය එතරම් සුදුසු නැත. නමුත් උණ  ගතිය පමණක්  පවතියි  නම්  දියරමය  ආහාර වැඩි වශයෙන්  ලබා දීමට වෛද්‍යවරු  නිර්දේශ  කරයි. මේ අතරින් පිරිසිදු ජලයට  වැඩි  අවධානය  යොමු  වෙයි.

උෂ්ණ  දේශගුණයක්  පවතින  විට
වියළි  දේශගුණයකදී  සම  අධිකව  වියළි  වන  නිසා  නිතර  නිතර  ජලය  පානය  කිරීමෙන්  විජලනය  වලක්වා  ගත  හැකියි.

බර  අඩු  කරගන්න
අධික  තරබාරු  අය බර අඩු කර ගන්න සිතා එකවර පානය කිරීම සුදුසු නැහැ. වතුර උගුරු 4ක් පමණ පානය කර විනාඩි 15ක් පමණ ගියපසු නැවත වතුර පානය කිරීමට හුරුවන්න. ආමාශයට එකවර වතුර ගොඩක් දරා ගැනීම අපහසු වන නිසා එය ක්‍රමයෙන් බැහැර වන විට වරින් වර ජලය පානය කිරීම වඩා සුදුසුයි.

ක්‍රීඩකයින්ට
ශරීරය අධිකව වෙහෙසෙන ක්‍රීඩකයින්ද වතුර පානයට වැඩි ඉඩක් දිය යුතුමයි. නිතර දහදිය පිටවන නිසා ඇති වන විජලනය වැළැක්වීමටත් වතුර පානය කිරිම වැදගත්. ව්‍යායාම කරන අතරතුර ලැබෙන විවේකයේදී (විනාඩි 15 - 20 පසුව) 150 -300 ml අතර ප්‍රමාණයක් ජලය පානය කරන්න. ව්‍යායාම හෝ ක්‍රීඩා කර අවසන් වූ විට තම බර මැන බලා ශරීර ස්කන්ධයෙන් අඩු වන සෑම බර කිලෝ 1 කටම 1.5 ml ක් වත් පානයකරන්න.


වඩාත් සුදුසු ජලය

මල බද්ධයට, වකුගඩු රෝග වලට වතුර පානය දිව ඔසුවක්. සිරුරට ප්‍රමාණවත් බවක් ලබා දෙමින් සමේ වියළීම වලක්වාගෙන තරුණ පෙනුම රැකගන්නත් ජලය අත්‍යවශ්‍යම සාධකයක්. නමුත් වඩාත් සෞඛ්‍යාරක්ෂිත වන්නේ සිසිල් ජලයට වඩා උණුකර නිවා ගත් ජලය පානය කිරීමට හුරුවීමයි. එහි විසබීජ නටන උෂ්ණත්වයේදී නැතිවීම මෙයට හේතුවයි. නැත්නම් සිසිල් ජලය හෝ උණු ජලය පානය කිරීමෙන් වැඩි සෞඛ්‍යමය වාසි ලැබේ යැයි සිතීම නම් සත්‍යයක් නොවේ.

අන්තර්ජාලය අැසුරිනි.

විදාතා සම්පත් මධ්‍යස්ථානය-ජාඅැල

0 comments:

Post a Comment