November 1, 2017

පියාඹන,කිමිදෙන මීමැසි රොබෝවෙක්........

මරිකාවේ හාවඩ් හි පර්යේෂණ ආයතනයක් විසින් නිපදවන ලද මෙම නව දෙමුහුන් රොබෝ මී මැස්සාට පියෑඹීමට,ජලයේ කිමිදීමට,මතුපිට පිහිනීමට හා වහා ජලයෙන් ඉවත්වී ආරක්ෂාකාරී ස්ථානයකට ගමන් කිරීමේ හැකියාව පවතී.
නවීනතම පාවෙන උපකරණ මගින් මෙම බහුකාර්ය රොබෝව ජලය මතුපිට ස්ථාවර වීමට සලස්වයි.කලින් නිෂ්පාදනය කල මේ ආකාරයේ රොබෝවන්ට වඩා දහස් ගුණයකින් සැහැල්ලු මෙම නවතම රොබෝ සෙවීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුමේ සිට පාරිසරික නිරික්ෂණ හා ජෛව විද්‍යාත්මක අධ්‍යයනයන් සදහා ද යොදා ගත හැක.
මෙම මිලිමීටර ප්‍රමාණයේ රොබෝවකු ජලයේ හා ඉන් පිටත ගමන් කරවීම සෑහෙන තරමේ අභියෝගයකි.සාමාන්‍යෙයන් ජලය වාතයට වඩා 1000ගුණයක් පමණ ඝනත්වයෙන් වැඩි වේ.එබැවින් රොබෝවාගේ අත්තටු ගැසීමේ වේගය මෙම මාධ්‍යයන් දෙකේදී පුළුල් පරාසයක පැතිරී පවතී.අත්තටු ගැසීමේ සංඛ්‍යාතය ඉතා අඩු නම් රොබෝවාට පියෑඹීමට අවකාශ නොලැබේ.එමෙන්ම එය ඉතා වැඩිනම් ජලයේ පිහිනීමට,කිමීදීමට අවකාශ නොලැබේ.
න්‍යයාත්මක අනුරූ හා පර්යේෂණ දත්ත ඒකාබද්ධ කිරීමෙන් පියාපත්වල ප්‍රමාණය සහ අත්තටු ගැසීමේ වේගය තීරණය කිරීමට පර්යේෂකයින්ට හැකි වුණා.වාතයේදී 220 Hz සිට 300Hz සංඛ්‍යතයකින් යුතුව හා ජලයේදී 9Hz සිට 13Hz  දක්වා සංඛ්‍යාතයකින් යුතුව අත්තටු වල වේගය සිදුකළයුතු බවට එහිදී ඒත්තු ගැනිවිණි.
පර්යේෂකයන්ට මීළගට ඇතිවූ ප්‍රධාන ගැටළුව වූයේ මිලිමීටර ප්‍රමාණයේ වස්තුවකට ජලයේ පෘෂඨික ආතතිය ඉතා අධිකව දැනීමයි.මේ සදහා ඔවුන් හරස් දඩු හතරක් ඉපිලීම සදහා යොදනු ලැබුවා.මෙම රොබෝ මී මැස්සා තම ක්‍රියාකාරීත්වය සදහා අවශ්‍ය ඉන්ධන තමාමා සපයා ගනී .ඒ ජල මතුපිටදී එහි පවතින විද්‍යුත්විච්ජේදක පුවරු මගින් ජලය ඔක්සිහයිඩ්‍රජන් බවට පත්කර ගබඩා කර ගැනීමෙනි.අවශ්‍ය විටකදී නවීන පුලිගු උත්පාදකයක් මගින් මෙම ඔක්සිහයිඩ්‍රජන් දහනය කිරීමෙන් මෙම මී මැස්සාට ජලයෙන් ඉවතට පැමිණිය හැක.

වැඩිදුර විස්තර සදහා : Y. Chen el al., "A biologically inspired, flapping-wing, hybrid aerial-aquatic microrobot," Science Robotics (2017). robotics.sciencemag.org/lookup … /scirobotics.aao5619


අන්තර්ජාලය ඇසුරිනි.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,

විදාතා සම්පත් මධ්‍යස්ථානය- මීගමුව

0 comments:

Post a Comment