November 21, 2017

ස්ථුලතාවය ශරීර සෞඛ්‍යයට තර්ජනයක් විය හැකියි.ආරක්ෂාකාරී වන්න.

නූතන සමාජයේ ජීවන රටාවේ සහ ආහාර පරිභෝජන රටාවේ වෙනසත් සමග පුද්ගල ස්ථුලතාවයද වැඩිවන බවක්  දක්නට ඇත.විද්‍යාවේ දියුණුවත් සමග නවීන තාක්ෂණික උපකරණ  භාවිතය හේතුවෙන්ද, අවිවේකී බාවය නිසාද ,ශරීරයට ව්‍යායාම අඩුවීමක් දක්නට ඇත.මෙම කරුණු ස්ථුලතාවයට බලපාන අතර, ශරීර ස්ථුලතාවය සිරුරේ පරිවෘත්තියට අහිතකර ලෙස බලපායි.සිරුරේ රුධිරයේ සීනි මට්ටම, මේද මට්ටම පාලනය කරගත නොහැකි තත්වයට මේ නිසා පත්වේ.ඒ අනුව, දියවැඩියාව,රුධිරගත ක්ලොස්ටරෝල් මට්ටම ඉහළයාම ,අධික රුධිර පීඩනය යන රෝගාබාධ වලට ලක්වේ.මෙම රෝගවලට ලක්වීමෙන් මුළු ජීවිත කාලයම ඖෂධ මත යැපීමට සිදුවිය හැකිය.ජීවිතයේ අවදානම් තත්වයක් ඇතිවේ.එබැවින් නිරන්තරයෙන් පෝෂ්‍ය ගුණයෙන් වැඩි ආහාර සහ ක්‍රියාකාරී ජීවන රටාවකට අනුගතවීම වැදගත්ය.
ඔබගේ සිරුරේ බර වැඩිවීම දැනගැනීම සදහා පහත මිනුම් උපකාරීවේ.

1.ශරීර ස්කන්ධ දර්ශකය
   ශරීර ස්කන්ධ දර්ශකය   =    සිරුරේ බර (කිලෝග්‍රෑම්)

                                              උස (මිටර්)2
18.5 ට අඩු - ප්‍රමාණවත් බරක් නැත
18.5-24.9  - සුදුසු මට්ටම
25-29.9    - තරමක් බර වැඩි මට්ටම
30 වැඩි    - ස්ථුල මට්ටම

2.ඉණ සහ උකුල අතර අනුපාතය

                                                    - ඉණෙහි වට ප්‍රමාණය
                                                        උකුළෙහි වට ප්‍රමාණය
මෙහි අගය පිරිමින් සදහා 0.9 ටත් ස්ත්‍රීන් සදහා 0.8 ටත් වඩා අඩුවිය යුතුය.
3.සිරුරේ මේද ප්‍රතිශතය
මෙහි අගය සාමාන්‍යෙයන් පිරිමින් සදහා 18% ටත් ස්ත්‍රීන් සදහා 23% ටත් වඩා අඩුවිය යුතුය.
සිරුරේ බර නියමිත මට්ටමක පවත්වාගෙන යාම සදහා
  1.  පාන්පිටි, සීනි, තෙල් බහුල ආහාර භාවිතය අවම කිරීම වැදගත්ය.
  2.     කෙඳිති සහිත  ආහාර පරිභෝජනය වැඩි කිරීමද වැදගත්ය.මෙම ආහාර ජීර්ණය සෙමින් සිදුවන බැවින් අවශෝෂණයද එමගින් රුධිරයට ග්ලූකෝස් එකතුවීමද ක්‍රමානුකූලව සිදු වේ.
  3.   නියමිත වේලාවට ආහාර ලබාගැනීමට හුරු වීමද වැදගත්ය.උදේ ආහාරය 7.00වන විටත්,දිවා ආහාරය1.00 විටත්, රාත්‍රී ආහාරය 7.30 පමණ විටත් ලබාගැනීමට හුරුවිය යුතුය.මෙහිදී. විශේෂයෙන් නිදාගැනීමට ආසන්නව රාත්‍රී ආහාරය ලබාගැනීමෙන් වැලකිය යුතුය
  4. ලබා ගන්නා ආහාර ප්‍රමාණය මදක් අඩු කලද,ආහාර වේල් මගනොහැරිය යුතුවේ.
  5.  නිවසේ,ගෙවත්තේ වැඩකටයුතුවල ක්‍රියාශීලීව නිතර වීමද වැදගත්වේ.
  6.   සිරුරේ වැඩිපුර මේදය දහනය කිරීම සදහා ස්වායු ව්‍යායාම (Aerobic exercise) වල යෙදිමද 
අත් පත්‍රිකා ඇසුරිනි.

0 comments:

Post a Comment