Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 31, 2016

දියවැඩියාවට කෝපි

දෙවන වර්ගයේ දියවැඩියාව

 අග්න්‍යාශයෙන් අවශ්‍යතරම් ඉන්සියුලීන් නිෂ්පාදනය නොවීම හෝ ශරීරයේ සෛල ඉන්සියුලීන් වලට ප්‍රතිචාර නොදැක්වීම.
දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමට ප්‍රධාන හේතු
ජානමය සාධක

අමතර  බර වැඩිවීම හෝ තරබාරු වීම නිසා ඉන්සියුලීන් ප්‍රතිරෝධය ඇතිවිය හැක. දැන් මෙම දෙවන වර්ගයේ දියවැඩියා තත්වය, කුඩා දරුවන්, නව යොවුන්වියේ අය සහ වැඩිහිටියන්ටද ඇතිවිය හැකි වන අතර මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ ළමා කාලයේදී තරබාරු වීමයි.


පරිවෘත්තීය සහ ලක්ෂණය: ඉන්සියුලීන් ප්‍රතිරෝධය ඇති පුද්ගලයින් බොහෝවිට රුධීර ග්ලූකෝස් මට්ටම වැඩිවීම, ඉණ වටා අමතර මේදය තැන්පත් වීම, අධි රුධීර පීඩනය සහ ඉහල කොලෙස්ට්‍රෝල්  හා ට්‍රයිග්ලිසරයිඩ් යන ලක්ෂණ පෙන්වයි.

ශරීරයේ සෛල අතර වැරදි සන්නිවේදනය ඇතිවීම සමහරවිට සෛල අතර වැරදි සංඥා යැවීම හෝ පණිවුඩ නිවැරදිව සන්නිවේදනය සිදුනොවේ. මෙය සෛලවල ඉන්සියුලීන් නිපදවීමට සහ ග්ලූකෝස් වැයකිරීමට ගැටළු ඇති කිරීමට ඉවහල් වේ.

බීටා සෛල වල ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීම: සෛල වලින් වැරදි ප්‍රමාණයක් ඉන්සියුලීන් නිපදවූ විට, ඔබේ රුධීරයෙන් සීනි මට්ටම ඉහළ යයි. එසේ රුධීරයේ ග්ලූකෝස් මට්ටම එක් වරම වැඩිවීම නිසා බීටා සෛල වලට හානි සිදුවිය හැක.

නවතම අධ්‍යයනයකින් කියවෙන්නේ කෝපි පරිභෝජනය වැඩි කිරීම දෙවන වර්ගයේ දියවැඩියාව වැලඳීමේ හැකියාව අඩුකරන බවයි.කෝපි වල chlorogenic acid  හෙවත් GGA අඩංගු බව සොයා ගෙන ඇත. කෝපි වල අඩංගු chlorogenic acid  හෙවත් GGA මගින් රැධිර සීනි මට්මට පාලනය කරන බව සොයා ගෙන ඇත.

chlorogenic acid  හෙවත් GGA රැධිරයේ අධික ලෙස මේදය එක් රැස් වීම පාලනය කරයි.මීයන්ගේ රැධිර පරීක්ෂා වලින් මේ පිලිබදව අනාවරනය කර ගෙන ඇත.
 chlorogenic acid  හෙවත් GGA කෝපි වල බහුලව ඇත. තවද GGA ඇපල් පෙයාර්ස්  තක්කාලි වල බහුල වේ.
කෝපි
 සහ දෙවන වර්ගයේ දියවැඩියාව අතර සම්බන්ධය අළුත් සොයාගැනීමක් නොවේ. දිනකටකෝපි කෝප්ප කීපයක් පානය කිරීමෙන් මෙම දියවැඩියාව ඇතිවීමේ අවධානම අඩුවන බව මීට පෙර කෙරුණු අධ්‍යයන වලින්ද හෙළි වී ඇත. 
දෙවන වර්ගයේ දියවැඩියාවට හේතු වන පොලිපෙප්ටයිඩයක් වන (hIAPP) වල ක්‍රියාව  කෝපි මගින් නිෂේධනය වන බව පෙන්වා දී ඇත.
තවද කෝපි වල අඩංගු Cafestol සහ  caffeic acid මගින් ඉන්සියුලින් ස්‍රාවය වැඩි කරන අතර  glucose අවශෝෂණය වැඩි කරයි.එම නිසා මෙය antidiabetic drug ලෙසද හදුන්වා දිය හැකිය.
කෝපි ප්‍රබල ඇන්ටිඔක්සිජන් අඩංගු පානයක් ලෙස පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
එහි අදහස ඔබේ කොපි පරිභෝජනය වැඩිකිරීමට තවමත් කල්වැඩි බවයි.කෝපි වලින් ශරීරය වියපත් විය පත් කරවීමේ අවදානම අඩු කරයි.මරණය පමා කරයි.
කෝපි පරිභෝජකයන්ගේ ආයුෂ කෝපි පරිභෝජනය නොකරන්නගේ ආයුෂට වඩා වැඩි බව පෙන්වා දී ඇත.
කෝපි වල ගුණ වලට වඩා අපි දන්නේ අගුණ පැත්තය. කෝපි වල කැෆෙන් ඇති බවද, එය මිනිස් අස්ථි දිරා යාමට හේතු වන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. එහෙත් නවතම සොයා ගැනීම් වලට අනුව දිනකට කෝපි කෝප්ප දෙක තුනක් පානය කිරීමෙන් වයස්ගත පෙනුමඅඩු කර ගැනීමට හැකි වන බවයි.



උපුටා ගැනීම -Science daily news

May 30, 2016

පිළිස්සුණු ඉබිකටුව වෙනුවට ත්‍රිමාණ මුද්‍රිත ඉබිකට්ටක්

  
Animal Avengers (සත්ව ප්‍රතිහිංසකයෝ) නම් ස්වේච්ඡා කණ්ඩායමක ආධාරයෙන් විකලාංග වූ සත්වයෙකු බේරා ගැනීමට ත්‍රිමාණ මුදුණයට හැකි විය.

ඉබි කටුවෙන් 85%ක් පමණ පිළිස්සී විනාශ වී ගියද මරණයට පත් නොවූ මෙම ඉබ්බා ගැහැණු සතෙකු විය. කැලෑ ගින්නකට  හසු වී  මියයමින්  සිටි ඉබ්බා පශු වෛද්‍ය වරයෙකු වූ රොද්‍රිගු රුබලෝට විසින් බේරා ගෙන තිබේ. දරුණු ලෙස තුවාල වී තිබුණද ජීවත් වීමට වාසනාව තිබුණු ඉබ්බා Freddy ලෙස ඔහු නම් කළේය.

මෙම පිළිස්සුණු Freddy ඉබ්බා මුලින් ඉතාම අසාධ්‍ය තත්වයෙන් හා නිව්මෝනියාවෙන් පෙලුණු නිසා දින 45 ක් පමණ නිරාහාරව සිටියේය. පශු වෛද්‍යවරයා Freddy ජීවත්වේ යයි මුලින් නොසිතූ නමුත් ප්‍රතිකාර නිසා ඌ අසාමාන්‍ය ලෙස සුවය ලැබුවේය.පසුව ඔහු හා එක් වූ ත්‍රිමාණ මුද්‍රණ ශිල්පියෙකු හා සත්ව  ප්‍රතිහිංසකයෙකු වූ Cicero Mores ගේ ආධාරයෙන් ත්‍රිමාණ මුද්‍රණයෙන් ඉබිකට්ටක් නිපදවීමට ඔව්හු කටයුතු කළහ. මේ සඳහා ඔවුන් Freddy ගේ ප්‍රමාණයේ ඉබ්බෙක් සොයා එම ඉබිකටුවට සමාන ලෙස පරිගණක ඉබිකටුව සැලසුම් කර ඉබිකටුව ත්‍රිමාණ මුද්‍රණයෙන් මුද්‍රණය කරන ලදී. මේ සදහා ඉරිගු වලින් ව්‍යුත්පන්න කළ අමුද්‍රව්‍යයන් භාවිතා කළ අතර ඉබිකටුව එකිනෙක අන්තර් බද්ධ කළ හැකි (පින්තූර ප්‍රෙහ්ලිකාවක / Jigshaw ක්‍රීඩාවේ මෙන්) කොටස් 04 කින් සමන්විත විය .කෙසේ වෙතත් ආරම්භයේදී එය අස්වාභාවික සුදු පැහැයක් ගත් නිසා Yuri Caldera  නම් චිත්‍ර ශිල්පියා මගින් විෂ රහිත තීන්ත යොදා වර්ණ ගන්වන ලදී. Freedy ඇගේ නව ඉබිකට්ටත් සමග සතුටින් වාසය කරන බව වාර්තා වේ.

පශු වෛද්‍ය වරු, ශල්‍ය වෛද්‍යවරු, සැලසුම් නිර්මාණ කරුවන් සහ චිත්‍ර ශිල්පීන් ගේ සැදුම් ලත් මෙම ස්වෙච්චා කණ්ඩායම දැන් Animal Avengers ලෙස හදුන්වන අතර මීට පෙර මෙවැනි වූ ප්‍රකෘතිමත් වූ ශරීරාංග කිහිපයක් නිර්මාණය කර විකලාංග වූ ගිරවෙක්,පාත්තයෙක් ඇතුළු පක්ෂීන් කිහිප දෙනෙකු සුවපත් කර තිබේ. නවතම  තාක්ෂණයන්  භාවිතයෙන් මෙලෙස ආබාධයට පත් සත්වයන්ගේ ජිවිත ආරක්ෂා කිරීමට හැකි බව වැට හුනු නිසා ඔවුන් මෙසේ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වූ බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ

උපුටාගැනීම :Tortoise Receives A 3D-Printed Shell After It Was Burn In A Forest FireTom Hale  http://www.iflscience.com/plants-and-animals/tortoise-receives-3d-printed-shell-after-it-was-burnt-forest-fire

May 27, 2016

පුනර්ජනන බලශක්තිය නිසා විදුලිය භාවිතාකිරීමට රජයෙන් පරිභෝගිකයාට ගෙවීම.

අපගේ බලශක්ති අවශ්‍යතාවය අධික වීම නිසා විදුලි පරිභෝජනය වෙනුවෙන් ගෙවීමට සිදුවී ඇති විදුලි බිල අඛණ්ඩව වැඩිවීම නිසා පාරිභෝගිකයාට එය දරාගැනීමට අපහසු වූ තත්වයක් දක්වා වර්ධනය වී තිබේ. එහෙත් ස්වභාවධර්මය මගින්  අපට දායාද කර ඇති සුළං, සූර්ය, න්‍යෂඨික වැනි ස්වභාවික  බල නිසා මෙම මහත් වූ අපහසුතාව ආශ්චර්යමත් ලෙස වෙනස් කිරීමට ලෝකය සමත් වූ අවස්ථා කිහිපයක් වාර්තා වේ.ජර්මනිය ප්‍රායෝගිකව අත්දකින ලද මෙම සිද්ධිය වාර්තා වූයේ එක් තද හිරුරැස් සහිත දිනකදී ජර්මනියේ සූර්ය හා සුලං බලශක්ති අංශයට අධිශක්තියක් ලැබීම හේතුවෙනි.

ජර්මනියේ ජාතික පුනර්ජනන  බලශක්ති නිෂ්පාදන පහසුකම් උපයෝගී කරගෙන  මෙගා වොට් 63 ක වූ  මුළු පාරිභෝගික අවශ්‍යතාවයෙන් 85% ක් එනම් මෙගාවොට් 55ක බල ශක්තිය නිපදවීමට පසුගිය මැයි 8 වන දින ප. ව. 1.00 ට පමණ ඔවුන් සමත්විය. මීට අමතරව ජර්මනියේ අනෙකුත් සම්ප්‍රදායික බලශක්ති නිෂ්පාදනය මෙම පුනර්ජන බලශක්තියට එකතු වීම නිසා  ජාතික බලශක්ති ඉල්ලුමට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවීම එදින සිදුවිය. කෙටි කාලයකට හෝ මෙලෙස බලශක්ති අතිරික්තයක් මුදාහැරීම යනු පාරිභෝගිකයාට විදුලිය පාරිභෝජනය සඳහා රජය විසින් මුදල් ගෙවීමක් ලෙස සැලකිය හැකිය.

මෙයට සමාන තත්වයක් ඩෙන්මාර්ක් හිදී පසුගිය වසරේ සිදුවි තිබේ. තද සුළං සහිත දිනකදී ඩෙන්මාර්කයේ පුනර්ජනන සුළං බලශක්තිය මගින් අධික බලශක්තියක් නිෂ්පාදනය වීම නිසා එම ටර්බයින මගින් ජාතික ඉල්ලුම මෙන් 140% ක බලශක්තියක් මුදාහරින ලදී. එම අවස්ථාවේදී ඩෙන්මාර්කය ,මෙම අමතර බලශක්තිය නොර්වේ, ස්වීඩනය වැනි රටවලට අපනයනය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව පුනර්ජනන බලශක්තිය නිෂ්පාදනයේදී ජර්මනිය පුරෝගාමීව කටයුතු කරන බව පෙනී යයි. 2050 වසර වන විට ඔවුන්  සම්පූර්ණයෙන් පුනර්ජනන බලශක්තිය පමණක් භාවිතා කරනු ඇතැයි සැලකේ. ඒ සඳහා හොදම උදාහරණය පසුගිය මැයි 08 දා දක්නට ලැබුණි. එනම් පාරිභෝගිකයන් විදුලිය පරිභෝජනය සඳහා රජය ගෙවීමයි.

මෑතකදී කරන ලද අධ්‍යනයකදී බලශක්ති විප්ලවයකට ලොව සුදානම් බවට සියලු ලක්ෂණ පැහැදිලිවී තිබේ. පොසිල ඉන්ධන භාවිතය ප්‍රතික්ෂේප වනු ඇත. අන්තර්ජාතික බලශක්ති ඒජන්සිය මෑතකදී කළ ප්‍රකාශයකට අනුව පෘථිවියෙන් ¼ ක ප්‍රමාණයක් 2020 වන විට පුනර්ජනන බලශක්තිය භාවිතා කරන බව සදහන් වේ.

උපුටාගැනීම:
Germany just produced so much renewable energy that it had to pay people to use it. By Robin Andrew.

https://www.youtube.com/watch?v=REbF5BUcex0

May 25, 2016

අජිනමොටෝ හෙවත් MSG ඔබ හිතනවාට වඩා මාරාන්තිකයි

මොනොසෝඩියම් ග්ලූටොමේට් හෙවත් අජිනමොටෝ Chinese food වල ප්‍රධාන වශයෙන්ම අන්තර්ගතය.අජිනමොටෝ භාවිතයේ අතුරු විපාක කවරේදැයි තවමත් බොහෝ දෙනා නොදනී.විශේෂයෙන්ම ගර්භනී කාන්තාවන් අජිනමොටෝ සහිත ආහාර පරිභෝජනයෙන්  වඳභාවයට පත්විය හැකි බව සොයා ගෙන ඇත. තවද  කුඩා ළමයින්ට මෙම අජිනමොටෝ අන්තර්ගත ආහාර පරිභෝජනය බෙහෙවින්ම අනතුරුදායක බව සොයා ගෙන ඇත.
MSG හෝ ග්ලූටමික් අම්ලය අඩංගු ආහාර පරිභෝජනය නිසා රුධිරයේ ග්ලූටොමේට් මට්ටම අටගුණයත් දහගුණයත් අතර ප්‍රමාණයකින් වැඩිවේ.  මෙම ප්‍රමාණය ඉතා සුලු වුවද රුධිරයේ ග්ලූටොමේට් මට්ටම ඉහල යාම නිසා උග්‍ර රෝගී තත්වයන් ඇති විය හැක.
MSG අන්තර්ගත ආහාර නිතර නිතර  පරිභෝජනය හේතුවෙන් අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය වැඩිවේ.එවිට  ඉන්සියුලින් ශ්‍රාවය වැඩිවේ.මේ නිසා රුධිරයේ සීනි මට්ටම පහත වැටේ. මේ තත්වය නිසා නිතර බඩගිනි දැනේ. මෙය අධික තරබාරුවට හේතුවේ.
MSG පරිභෝජනයේ අතුරු විපාක ආරම්භයේ දී එතරම් දරුණු නොවේ. එහෙත් දිගින් දිගටම මේවා පරිභෝජනයට නැඹුරු වීමෙන් දරුණු රෝග තත්ව ඇති විය හැක. සාමාන්‍ය හිසරදය MSG පරිභෝජනයේ එක් අතුරුඵලයකි. නමුත් දිගින් දිගටම MSG පරි‍භෝජනයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සාමාන්‍ය හිසරදය, ඉරුවාරදය දක්වා වර්ධනය විය හැක. තවද නිතර මෙම රසායනය ශරීරගත වීමෙන් මුහුනේ දැවෙන ස්වභාවයක් ඇතිවේ.
ඇත. අජිනමොටෝ බාහිර neurotransmitter(එක් ස්නායුවක සිට තවත් ස්නායුවකට හෝ පේශියකට පනිවුඩ රැගෙන යන රසායන ද්‍රව්‍යයක් ) ලෙස ක්‍රියා කරයි. එමනිසා ස්නායු සෛල අධික ලෙස උත්තේජනය වීම සිදුවේ.දිගින් දිගටම මෙම රසකාරකය ශරීරගත වුවහොත් මෙම රසායනද්‍රව්‍ය  සමතුලිතතාව බිද වැටීම හේතුවෙන්  මිනිස් සිරුරේ නීරෝගීභාවයට  දැඩි තර්ජනයක් විය හැක.
MSG අධි රුධිර පීඩනය ,තෛරොක්සින් නිශ්පාදනය, දියවැඩියාව , ඇදුම, අධික තරබාරුව  සහ  අසාත්මිකතා වැනි  රෝගී තත්වයන්ට හේතු වන බව සොයා ගෙන ඇත. තවද  අනවශ්‍ය ලෙස දහදිය දැමීම ද මෙම රසකාරකය පරිභෝජනයේ තවත් අතුරු විපාකයකි.මෙම රසකාරකය පරිභෝජනයෙන් අනතුරුව ඕක්කාරය සහ සිරුරෙහි දුබලබව ඇති වනු ඇත.තවද මෙම රසකාරකය ඇසේ දෘෂ්ඨීතානයට  හානිකරයි. තවද මෙම රසකාරකය පිලිකා ඇති වීමටද  හේතු වන බව සොයා ගෙන ඇත. දිර්ඝකාලීනව මෙම රසායනය ශරීරගත වීමෙන් හෘදස්පන්දන අක්‍රමවත් වීම,හෘදයේ මාශපේෂි සිරවීම සහ පපුවේ වේදනාව ඇති වන බව සොයා ගෙන ඇත.
MSG අන්තර්ගත ආහාර ලෙස  ජු පරි‍භෝජනය සදහා  සකස්කරන ලද ඇසුරුම්කරන ලද ආහාර ,විජලනය කරන ලද සුප් පැකට්, ක්ෂණික නූඩ්ල්ස් සහ නුඩ්ලස් කප් , සියලුම ආකාරයේ සොසේජස් වර්ග  ,තක්කාලි සෝස් , සෝයා සෝස්, ටින් කරන ලද සියලුම ආහාර වර්ග සියලුම ක්ෂණික ආහාර සහ සැලඩ්ඩ්‍රෙසින් සැලකේ.මෙම සියලු ආහාර පරි‍‍භෝනයෙන් ඔබ සපුරා වැලකිය යුතුය.මෙවැනි ආහාර පරිභෝජනයෙන්  මුලුමනින්ම වැලකිය යුතුය.එසේ නැතහොත් මෙම රසායනය ඔබව සෙමෙන් සෙමෙන් මරුවා වෙත රැගෙන යනු ඇත.
Applications and Typical Use Levels (%)*

Application
Monosodium Glutamate
Dehydrated Soups and Gravies
6.00 - 8.00
Canned Meat, Sausage and Fish
0.10 - 0.20
Soups and Gravies
0.12 - 0.18
Fish (Preserved)
0.17 - 0.23
Sausage
0.27 - 0.33
Prepared Meals
0.08 - 0.14
Tomato Sauce and Ketchup
0.17 - 0.23
Mayonnaise
0.37 - 0.43
Snack Foods (Mix in Salt)
9.70 - 10.6
Soy Sauce
0.07 - 0.13
Crab, Prawn and Shellfish (Preserved)
0.07 - 0.13
http://www.ajiusafood.com/products/flavor-enhancers/msg.aspx

May 24, 2016

කොලෙස්ටරෝල් පාලනයට

කොලෙස්ටරෝල් යනු  මේද වර්ගයකි.අප ගන්නා ආහාර  හැරුණු විට අප ශරීරය විසින්ද කොලෙස්ටරෝල් නිපදවනු ලැබේ.අප ආහාරයට ගන්නා කිරි,කිරි නිෂ්පාදන,සත්ව ආහාර,කුකුල් මස් හා අනෙකුත් රත් පැහැති මස් වර්ග වලින් සෘජුවම සිරුරට කොලෙස්ටරෝල් ලැබෙන අතර අප ආහාර පිණිස ගන්නා සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය උපයෝගී කරගෙන අක්මාවෙන්ද සැලකිය යුතු කොලෙස්ටරෝල්  ප්‍රමාණයක් නිපදවේ.      
 අපේ ශරීරයට වැදගත් වන හෝමෝන නිපදවීමට
 පිත් යුෂ නිශ්පාදනයට  සහ
 සෛල වල පිටත ප්‍රාවරණ නිපදවීමට  කොලෙස්ටරෝල් වැදගත්වේ.

කොලෙස්ටරෝල් ශරීරයට අඩුවීමනිසා ඉහත කාර්යයන් වල දුර්වලතා ඇතිවේ.
කොලෙස්ටරෝල් මට්ටම තිබිය යුතු සාමාන්‍ය අගය ඉක්මවා යාම අධිකොලෙස්ටරොල්තාවය හෙවත් Hypercholesterolemia ලෙස හැදින්වේ.      
රුධිරය, අපේ සිරුර පුරා කොලෙස්ටරෝල් රැගෙන යන්නේ අධිඝනත්ව ලිපෝප්‍රෝටීන (high density lipoproteins HDL) ලෙස අප දන්නා ප්‍රෝටීන (හොද කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන්නේ ද එයයි) සහ නරක කොලෙස්ටරෝල් ලෙස හැඳින්වෙන අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන (low density lipoproteins LDL)මතය.
රුධිරයෙහි LDL වැඩි වශයෙන් ද HDL මද වශයෙන් ද ඇති තත්ත්වය රුධිර වාහිනී පටු කිරීමට හෝ අවහිර කිරිමට බලපාන ක්‍රියාදාමයකට සම්බන්ධය. රුධිරයෙහි LDL මට්ටම ඉහළ යාම, හෘද රෝග (myocardial infarction – MI) පපුවේ වේදනාව (සම්බාධය angina) පාදවල රුධිර වාහිණි පටුවීම (peripheral artery disease පර්යන්ත ධමනි රෝගය) හා ආඝාතය (stroke) යන පොදුවේ කන්තු වාහිණික රෝග(cardio vascular disease) යනුවෙන් හඳුන්වනු ලබන කොට්ඨාශය සම්බන්ධයෙන් අවදානම් ඇති කරවන සාධකයකි.
LDL මට්ටම ඉහළ යාම තන්තු වාහිණික රෝග වැළඳීමේ අවදානමට බලපාන එක් සාධකයක් පමණකි. දුම්බීම, අධික රුධිර පීඩනය, මධුමේහය (දියවැඩියාව) බරවැඩිවීම, අයහපත් ශාරීරික යෝග්‍යතාව මෙන්ම වේලාසනින් හෘද රෝග වැළඳීමේ පවුල් ඉතිහාසය යන කාරණා ද මෙකී අවදානමට බලපාන අනෙකුත් සාධකයි.
රැධිරයේ කොලෙස්ටරෝල් මට්ටම යහපත් මට්ටමක පවත්වා ගැනීමට
ඔබ දිනකට පරිභොජනය කරන ශක්ති ප්‍රමාණයෙන් 23 -36%පමණක් මේදයෙන් සමන්විත වන පරිදි මේද තෝරා ගන්න
ආහාරයේ අඩංගු සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය මගින් ශරීරගත කොලෙස්ටරෝල් අගය,LDL අගය හා ට්‍රයිග්ලිසරයිඩ් අගයන් ඉහල දමන අතර දිනකට ලබා ගන්නා මුළු ශක්ති ප්‍රමාණයෙන්  සංතෘප්ත මේදයෙන් ලබා ගන්නා ශක්තිය 7%ට වඩා අඩුවෙනුත් ට්‍රාන්ස් මේදය 1%ට වඩා අඩුවෙනුත් ලැබෙන ලෙස ආහාර තෝරාගත යුතුය.
මේ සදහා රතු පැහැති මස් වර්ග,ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ග හැකි තාක් අවම කල යුතුයි.
එමෙන්ම කුකීස්,ක්‍රැකර්ස්,කේක් වර්ග,ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වැනි මද වශයෙන් හයිඩ්‍රජනීකරණයකරන ලද එළවළු තෙල් අඩංගු ආහාර වල ට්‍රාන්ස් මේදය අඩංගු බැවින් ඒවාද සීමා කල යුතුය .
ඔබේ දෛනික මේද භාවිතය ඉහත සදහන් කල ලෙස සීමා කල යුතු බැවින් හැකි තරම් ගැඹුරු තෙලේ බදින ලද ආහාර,කෙටි කෑම,බටර් ,මාගරින්,චීස්,මුදවපු කිරි වැනි,අධික තෙල් සහිත ආහාර සීමා කල යුතුයි.

කොලෙස්ටරොල් යහපත් මට්ටක පවත්වා ගැනීමට හිතකර ආහාර
අලිගැටපේර ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් තත්වයක පවත්වා ගත හැකි බව පර්යේෂකයන් පෙන්වා දී ඇත.එහි මේදය ඇතත් ඒවා හිතකර මේදය බව සොයා ගෙන ඇත.
කරපිංචා පානය හෝ රතු ලූණු හෝ සුදු ලූණු එකතු කර සාදා ගත් සම්බල කොලෙස්ටරෝල් පාලනය කරන ඹසුවකි.
කෝපි සහ කොකෝවා පානයන් මගින් ද රැධිර ගත මේදය අඩු කරයි.
මී පැණි සහ කුරැදු  මිශ්‍ර කර ආහාරයට ගැනීම රැධිර කොලෙස්ටරෝල් සහ රැධිර පීඩනය පාලනයට වැදගත්ය
හරිත තේ පානය ද රැධිරයේ කොලෙස්ටරෝල් අවම කිරීමට වැදගත්ය.
මෙම තේ මිශ්‍රණයට විවිධ ඹෟෂධීය කොටස් එකතු කර පානය කිරීමෙන් කොලෙස්ටරෝල් අඩු කර ගත හැකිය.උදා කුරැදු
ගොරකා රැධිර ගත කොලෙස්ටරෝල් පාලනයට කිරීටම වැදගත් වන ඔසුවකි.
සෝයා/සෝයා බෝංචි: වලින් සාදන ටෝෆු සහ සෝයා කිරි මෙන් ආහාර ගැනීම කොලෙස්ටරෝල් අඩු කිරීමේ ප්‍රබල ක්‍රමයක් ලෙස හඳුනාගත හැක. විශ්ලේෂණ වල පෙන්වාදෙන ආකාරයට , දවසකට සෝයා ප්‍රෝටීන් ග්‍රෑම් 25ක් පමණ ප්‍රමාණවත් ආහාරයක් ගැනීමෙන්, 5%ක් 6%ක් පමණ LDL ප්‍රමානයක් අඩුකල හැක.
තන්තු වැඩි අහාර සහ ධාන්‍ය වර්ග අහාරයට ගැනීම
පිෂ්ඨමය අහාර ගැනීම සීමා කල යුතුය.
අර්තාපල් වලින් සකසන ආහාර වැඩි පුර පරිභෝජනයේ යෙදෙන්නන්ට අධික රැධිර පීඩනය සෑදීමේ අවධානමක් පවතින බව නවතම පර්යේෂණ වාර්තා මගින් පෙන්වා දීඇත

ඇපල්, මිදි, ස්ටෝබෙරි සහ ආම්ලික පලතුරු: මෙම පලතුරු වල ද්‍රාවිය කෙඳි වර්ගයක් වූ පෙක්ටීන් වලින් පොහොසත් වූ බැවින් LDL අඩු කරයි

ලූණු පරිභෝජනය අවම කර ගත යුතුය.එහෙත් නවතම පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දෙන්නේ රැධිර පීඩනය ඇති අයට ලූණු භාවිතය අවම කර ගත යුතු අතර සමහරැන්ට ලුණු වැඩිපුර භාවිතා කිරීම අහිතකර නොවන බවයි.
ඔලිව් වැනි ශාකමය තෙල් ආහාරයට ගැනිම වැදගත්ය.පොල් තෙල් ශාකමය තෙලක් වුවත් එහි සංතෘප්ත මේදය ඇති බැවින් මේද භාවිතය අවම කල යුතුය.එක් වරක් බැදපු තෙල් නැවත භාවිතා නොකල යුතුය. එක් වරක් බැදපු පසු තෙල් වල ව්‍යහය වෙනස් වේ.මෙහි ට්‍රානස් මේදය කොලෙස්ටරෝල් ඉහල දැමීමට හේතු වේ.



උපුටා ගැනීම -Science daily news