අපගේ බලශක්ති අවශ්‍යතාවය
අධික වීම නිසා විදුලි පරිභෝජනය වෙනුවෙන් ගෙවීමට සිදුවී ඇති විදුලි බිල අඛණ්ඩව වැඩිවීම
නිසා පාරිභෝගිකයාට එය දරාගැනීමට අපහසු වූ තත්වයක් දක්වා වර්ධනය වී තිබේ. එහෙත්
ස්වභාවධර්මය මගින් අපට දායාද කර ඇති සුළං,
සූර්ය, න්‍යෂඨික වැනි ස්වභාවික බල නිසා
මෙම මහත් වූ අපහසුතාව ආශ්චර්යමත් ලෙස වෙනස් කිරීමට ලෝකය සමත් වූ අවස්ථා කිහිපයක්
වාර්තා වේ.ජර්මනිය ප්‍රායෝගිකව අත්දකින ලද මෙම සිද්ධිය වාර්තා වූයේ එක් තද හිරුරැස්
සහිත දිනකදී ජර්මනියේ සූර්ය හා සුලං බලශක්ති අංශයට අධිශක්තියක් ලැබීම හේතුවෙනි.

මෙයට සමාන තත්වයක් ඩෙන්මාර්ක්
හිදී පසුගිය වසරේ සිදුවි තිබේ. තද සුළං සහිත දිනකදී ඩෙන්මාර්කයේ පුනර්ජනන සුළං
බලශක්තිය මගින් අධික බලශක්තියක් නිෂ්පාදනය වීම නිසා එම ටර්බයින මගින් ජාතික ඉල්ලුම
මෙන් 140% ක බලශක්තියක් මුදාහරින ලදී. එම අවස්ථාවේදී ඩෙන්මාර්කය ,මෙම අමතර
බලශක්තිය නොර්වේ, ස්වීඩනය වැනි රටවලට අපනයනය කරන ලදී.
එක්සත් ජාතීන්ගේ
වාර්තාවලට අනුව පුනර්ජනන බලශක්තිය නිෂ්පාදනයේදී ජර්මනිය පුරෝගාමීව කටයුතු කරන බව
පෙනී යයි. 2050 වසර වන විට ඔවුන් සම්පූර්ණයෙන්
පුනර්ජනන බලශක්තිය පමණක් භාවිතා කරනු ඇතැයි සැලකේ. ඒ සඳහා හොදම උදාහරණය පසුගිය
මැයි 08 දා දක්නට ලැබුණි. එනම් පාරිභෝගිකයන් විදුලිය පරිභෝජනය සඳහා රජය ගෙවීමයි.
මෑතකදී කරන ලද අධ්‍යනයකදී
බලශක්ති විප්ලවයකට ලොව සුදානම් බවට සියලු ලක්ෂණ පැහැදිලිවී තිබේ. පොසිල ඉන්ධන
භාවිතය ප්‍රතික්ෂේප වනු ඇත. අන්තර්ජාතික බලශක්ති ඒජන්සිය මෑතකදී කළ ප්‍රකාශයකට
අනුව පෘථිවියෙන් ¼ ක ප්‍රමාණයක් 2020 වන
විට පුනර්ජනන බලශක්තිය භාවිතා කරන බව සදහන් වේ.
උපුටාගැනීම:
Germany just produced so much renewable energy that it had to
pay people to use it. By Robin Andrew.
https://www.youtube.com/watch?v=REbF5BUcex0
0 comments:
Post a Comment