May 30, 2016

පිළිස්සුණු ඉබිකටුව වෙනුවට ත්‍රිමාණ මුද්‍රිත ඉබිකට්ටක්

  
Animal Avengers (සත්ව ප්‍රතිහිංසකයෝ) නම් ස්වේච්ඡා කණ්ඩායමක ආධාරයෙන් විකලාංග වූ සත්වයෙකු බේරා ගැනීමට ත්‍රිමාණ මුදුණයට හැකි විය.

ඉබි කටුවෙන් 85%ක් පමණ පිළිස්සී විනාශ වී ගියද මරණයට පත් නොවූ මෙම ඉබ්බා ගැහැණු සතෙකු විය. කැලෑ ගින්නකට  හසු වී  මියයමින්  සිටි ඉබ්බා පශු වෛද්‍ය වරයෙකු වූ රොද්‍රිගු රුබලෝට විසින් බේරා ගෙන තිබේ. දරුණු ලෙස තුවාල වී තිබුණද ජීවත් වීමට වාසනාව තිබුණු ඉබ්බා Freddy ලෙස ඔහු නම් කළේය.

මෙම පිළිස්සුණු Freddy ඉබ්බා මුලින් ඉතාම අසාධ්‍ය තත්වයෙන් හා නිව්මෝනියාවෙන් පෙලුණු නිසා දින 45 ක් පමණ නිරාහාරව සිටියේය. පශු වෛද්‍යවරයා Freddy ජීවත්වේ යයි මුලින් නොසිතූ නමුත් ප්‍රතිකාර නිසා ඌ අසාමාන්‍ය ලෙස සුවය ලැබුවේය.පසුව ඔහු හා එක් වූ ත්‍රිමාණ මුද්‍රණ ශිල්පියෙකු හා සත්ව  ප්‍රතිහිංසකයෙකු වූ Cicero Mores ගේ ආධාරයෙන් ත්‍රිමාණ මුද්‍රණයෙන් ඉබිකට්ටක් නිපදවීමට ඔව්හු කටයුතු කළහ. මේ සඳහා ඔවුන් Freddy ගේ ප්‍රමාණයේ ඉබ්බෙක් සොයා එම ඉබිකටුවට සමාන ලෙස පරිගණක ඉබිකටුව සැලසුම් කර ඉබිකටුව ත්‍රිමාණ මුද්‍රණයෙන් මුද්‍රණය කරන ලදී. මේ සදහා ඉරිගු වලින් ව්‍යුත්පන්න කළ අමුද්‍රව්‍යයන් භාවිතා කළ අතර ඉබිකටුව එකිනෙක අන්තර් බද්ධ කළ හැකි (පින්තූර ප්‍රෙහ්ලිකාවක / Jigshaw ක්‍රීඩාවේ මෙන්) කොටස් 04 කින් සමන්විත විය .කෙසේ වෙතත් ආරම්භයේදී එය අස්වාභාවික සුදු පැහැයක් ගත් නිසා Yuri Caldera  නම් චිත්‍ර ශිල්පියා මගින් විෂ රහිත තීන්ත යොදා වර්ණ ගන්වන ලදී. Freedy ඇගේ නව ඉබිකට්ටත් සමග සතුටින් වාසය කරන බව වාර්තා වේ.

පශු වෛද්‍ය වරු, ශල්‍ය වෛද්‍යවරු, සැලසුම් නිර්මාණ කරුවන් සහ චිත්‍ර ශිල්පීන් ගේ සැදුම් ලත් මෙම ස්වෙච්චා කණ්ඩායම දැන් Animal Avengers ලෙස හදුන්වන අතර මීට පෙර මෙවැනි වූ ප්‍රකෘතිමත් වූ ශරීරාංග කිහිපයක් නිර්මාණය කර විකලාංග වූ ගිරවෙක්,පාත්තයෙක් ඇතුළු පක්ෂීන් කිහිප දෙනෙකු සුවපත් කර තිබේ. නවතම  තාක්ෂණයන්  භාවිතයෙන් මෙලෙස ආබාධයට පත් සත්වයන්ගේ ජිවිත ආරක්ෂා කිරීමට හැකි බව වැට හුනු නිසා ඔවුන් මෙසේ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වූ බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ

උපුටාගැනීම :Tortoise Receives A 3D-Printed Shell After It Was Burn In A Forest FireTom Hale  http://www.iflscience.com/plants-and-animals/tortoise-receives-3d-printed-shell-after-it-was-burnt-forest-fire

0 comments:

Post a Comment