May 18, 2016

අනාගතය සදහා විකල්ප ශක්තිය

ජෛව ස්කන්ධය ලෙස අප සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ සියළුම ජීවීන් හා එහි අතුරුඵලවේ.  ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය ජෛව ස්කන්ධය  ලෙස සැලකේ.  මෙම ජෛව ස්කන්ධය තුල ගැබ් වී ඇති ශක්තිය විදුලිය නිපදවීමට යොදාගත හැක.  කැලිෆේනියාවේ විදුලි ජනනයෙන් 2.77%ක් සපයනු ලබන්නේ ජෛව ස්කන්ධය මගිනි. 


ඈත අතීතයේ සිටම මිනිසා භාවිතා කළ ප්‍රධානතම ශක්ති ප්‍රභවය වුයේ ජෛව ස්කන්ධයෙන් ලබා ගත් තාප ශක්තියයි. සංවර්ධනය වන රටවල තවමත් භාවිතා කරන ප්‍රධානතම ශක්ති ප්‍රභවය වන්නේ මෙයයි. ජෛව ස්කන්ධය මගින් ශක්ති ලබා ගැනීමේදී හරිතාගාර ආචරණය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි '‘(Green house neutral).ජෛව ස්කන්ධ ශක්තිය ලබාදෙන මුලික ප්‍රභවය වන්නේ සුර්ය්‍යයා වේ.  ශාක ප්‍රභාසංස්ලේෂණය මගින් ශක්තිය ගබඩා කරන අතර ශාක පරිභෝජනය මගින් සතුන් එම ශක්තිය ලබාගනී.  ජෛව ස්කන්ධයෙහි ඇති ශක්තිය මගින් චිදුලිය ලබාගැනීම පිළිබඳ දැන් විශේෂ අවධානය යොමු වී ඇත.  ජෛව ස්කන්ධය නැවත වර්ධනය වීමත් ප්‍රායෝගිකව එය නැවත පුනර්ජනනයත් දහනයේදී අවට පරිසරය දූෂණය අවම වීමත් මෙම විශේෂ අවධානයට භේතු වී ඇත. 

ජෛව ස්කන්ධ ශක්තිය ලබාගන්නා ආකාර 5 කි.
දහනයෙන්, ජීව වායු (gasification) මගින්, පයිරොලිසිය (pyrolysis) මගින්, ජීර්ණය (digestion) හා පැසීම (fermentation)  මගින් එම ආකාර වේ. 
ජෛව ස්කන්ධ ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි දැන් විශේෂ අවධානයක් යොමු වී ඇත. 
ඇල්කොහොල් නිපදවීම හා විදුලි ජනනය ඉන් ප්‍රධාන තැනක් ගනී. ජෛව ස්කන්ධ, ප්‍රතිචක්‍රීකරණය හා කඩදාසි, පොහොර වැනි දේ නිෂ්පාදනයට ගත හැකි නිසා කුණු කසල ලෙස ඉවත් කල යුතු ප්‍රමාණය අඩු වී යයි.  කුණු කසල බැහැර කිරීමේ ස්ථාන පිළිබඳ ප්‍රශ්ණය ද මින් අවම වේ.  වර්තමානයේ ජෛව ඉන්ධන යොදාගත හැකි නුතන ක්‍රම සොයමින් පවතී.
 ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන්  ජෛව ඉන්ධන නිපදවීමට පර්යේෂකයන් සමත්වි තිබේ. Thioredoxins (Trxs) යනු කුඩා ප්‍රෝටීනයකි ‍‍ මෙය  මෙය f සහ  mලෙස දුම් කොල ශාකයෙන් නිස්සාරනය කර ගත හැකිය.
Thioredoxins (Trxs) මගින් දුම් කොල ශාකයේ පිෂ්ඨ ප්‍රමාණය වැඩි වන අතර මිනිසාගේ ඇල්බියුමින් වලට සමාන ප්‍රෝටීන නිපදවීමට සංඟාව සැපයේ.
ඇල්බියුමින් නිපදවනු ලබනුයේ රුධිර නිස්සාරනයෙනි. මෙය ඉතා සීමීත බැවින් ප්‍රෝටීන නිපදවීමට දුම් කොල ශාකය යොදා ගත හැකි වනු ඇත.          
                                                        
                                                    
Thioredoxins (Trxs) මගින් අනෙක් ප්‍රෝටීනය වල ක්‍රියාව හකුලුවා තබා එම ප්‍රෝටීනය  වල ව්‍යහය තමප්‍රෝටීන‍යේ ව්‍යහය ලෙස වෙනස් කර ගනී.
Thioredoxins (Trxs) මගින් දුම් කොල ශාකයෙන්  ජෛව ඉන්ධන  ලබා ගැනීම කාර්යක්ෂම කල හැකිය.
Thioredoxins (Trxs) මගින් දුම් කොල ශාක‍යේ පිෂ්ඨ  ප්‍රමාණය  වැඩිවන අතර සීනි පැසීමේ වේගය ද වැඩිවේ.
දුම් කොල ශාක‍යේ  කොල ටොන් එකකින් ජෛව ඉන්ධන 40 ලීටර ලබා ගත හැකිය.ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන්  ජෛව ඉන්ධන  ප්‍රමාණය ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු නොකරන ලද දුම් කොල ශාකයෙන්  ජෛව ඉන්ධන  ප්‍රමාණය මෙන් 10 ගුණයකි.
ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන්  500% පැසෙන සීනි නිදහස් කිරීමේ හැකියාව ඇත.

පර්යේෂණය සිදු කරන ලද්දේ Ruth Sanz-Barrioනම්කෘෂිකර්ම ඉංජිනේරුවරයෙකු විසිනි.
පර්යේෂණය ස්ථානය NUP/UPNA-Public University of Navarre and researcher at the Institute of Biotechnology (mixed centre of the CSIC-Spanish National Research Council, Public University of Navarre and the Government of Navarre                
ජෛව ඉන්ධන මගින් එතනෝල් නිෂ්පාදනය කර එමගින් රථවාහන ධාවනය ඉන් එකකි.  එලෙසම ජෛව ඉන්ධන යොදා විදුලිබලය නිපදවීම ද  ඉතා වැදගත් තැනක් ගනී.
බඩ ඉරිගු සහ සෝයා බෝංච් යන ශාක ඉන්ධන නිපදවීමට භාවිතා කරයි.
ඇල්ගී ශාක වලින්ද ඉන්ධන නිපදවා ඇත.උදා Nannochloropis gaditana මුහුදු ඇල්ගී ශාකය
අර්තාපල් පෙත්තක් යොදා ගෙන දින 40 ක් LED බල්බයක් දැල්වූ බවට පර්යේෂණ වාර්තා පවතී.
නවතම පර්යේෂණයකින් වායුගෝලිය නයිට්‍රජන් පොහොර බවට පත් කිරීම හෝ ඉන්ධයක් ලෙස භාවිතා කිරීමට හැකි ආකාරයේ පරිවර්තනයක්  අනාවරනය කර ඇත.
නයිට්‍රජන් මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් වුවත් එය කෙලින්ම ලබා ගත නොහැක. එම නිසා ශාක සහ සත්ව කොටස් මත යැපීමට සිදු වීඇත.
මෙම පරිවර්තනයේදී වායුගෝලිය නයිට්‍රජන් ඇමෝනියා බවට පරිවර්තනය කෙරේ.මෙහිදී කෘතීම ඉන්ධන හෝ කෘතීම ආලෝකයක් නිපදවා ගත හැකිය.මෙය කෘතීමව සපයනු ලබන නැනෝ අවයවක ශක්තියක් මගින් සිදු කරනු ලබයි.


Add caption

මෙම සොයාගැනීම් අද ලෝකයේ පවතින ඉන්ධන අර්බුදයට පිටුවහලක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ බහුලව පවතින බහුල සෙලියුලෝස් ප්‍රභව යොදා යොදා ගෙන විකල්ප බලශක්ති ඉන්ධන
නිපදවීමට උනන්දු විය යුතුය. මෙය ඉන්ධන අර්බුදයට මෙන්ම පරිසර දූෂණය අවම කිරීමට මනා පිටුවහලක් වනු ඇත.
උදා -පිදුරැ, ගිනිසීලියා වැනි සෙලියුලෝස් අධික උපස්තර යොදා ගෙන සීනි නිපදවන ක්‍රමවේද ඇති කිරීමට
ජෛවනැනෝ තාක්ෂණය (bionanotechnology) උපයෝගීකර ගත හැක.



උපුටා ගැනිම-Science daily news

0 comments:

Post a Comment