May 3, 2016

ස්මාර්ට් දුරකතන ලෝලීන් නිසා විශේෂ මාර්ග සංඥා

වර්තමාණයේ බොහෝ ස්මාර්ට් දුරකථන ලෝලීහු කාර්ය බහුල නගරයේ සැරිසරද්දී පවා තම අවධානය ස්මාර්ට් දුරකථනවල විවිධ සේවා භාවිතය සඳහා යොමු කරති. ඔවුන් කොතරම් තදින් තම කන් earbud වලින් ආවරණය කරගෙන තිබුනද යන්න බාහිර පරිසරයට ඔවුන්ගේ අවධානයක් නොවීම මඟින් සනාථ වේ. නගරයේ යාන වාහන, යන්ත්‍ර සූත්‍ර, කර්මාන්තශාලා, වෙළඳපොල ශබ්ද පමණක් නොව අසල සිටින පුද්ගලයාගේ හඬද හදුනා ගැනීමට ඔවුනට හැකියාවක් නැත. අවශ්‍යතාවයක්ද නැතුවා සේය. එනිසා මහා මාර්ගය භාවිතා කරන්නන් ලෙස ඔවුන් අවනත විය යුතු හෝ ප්‍රතිචාර දැක්විය යුතු බොහෝ සංඥ ඔවුන්ගේ අවධානයට හසු නොවේ. එමගින් විශාල අනතුරු ප්‍රමාණයක් වාර්තා වී ඇති බව හදුනාගත් ජර්මනියේ ඔගස්බර්ගේ නගරයේ පාලකයින් ඔවුන් ඉලක්ක කොට අමතර මාර්ග සංඥා පද්ධතියක් සවි කර තිබේ. ට්‍රෑම් රථ ගමන් කරන මාර්ග හරහා ගමන් කිරීම සඳහා දැනට ඇති ආලෝක හා ශබ්ද සංඥා පුවරු වලට අමතරව LED බල්බ පේලි කිහිපයක් අලුතින් සවිකර ඇත. ට්‍රෑම් රථ ගමන් කරන විට එම බල්බ සියල්ලම තදින් දීප්තිමත් වේ.

නගර පාලකයින් පවසන්නේ මේ දිනවල සාමාන්‍ය විදුලි හා ආලෝක සංඥා පදිකයින් සඳහා ප්‍රමාණවත් නොවන බවයි. ඒ පදිකයින් වැඩි දෙනෙකු ස්මාර්ට් දුරකථන ලෝලීන් වීම නිසාය. වැඩිපුර ආලෝක සංඥා ප්‍රමාණයක් ඇති කිරීමෙන් පදිකයින්ගේ අවධානය ඒ සඳහා දිගා ගැනීමේ හැකියාව වැඩිවේ. තම අසාමාන්‍ය පුරුදු නිසා මිනිසුන් අනතුරු වලට පත්වී එයින් පාඩම් ඉගෙන ගෙන නිවැරදි වෙන තෙක් අපට එම ගැටළුව ගැන නොසලකා සිටිය නොහැකිය යන්න නගර පාලකයින්ගේ මතයයි. එහෙත් මේ සඳහා වැයවන අමතර මුදල් ලබා දිය යුතු වන්නේ සාමාන්‍ය බදු ගෙවන්නන්ය. එහෙයින් පුරවැසියන් කොටසකගේ අනවධානය වෙනුවෙන් සියළු දෙනාටම අමතර බදු ගෙවීම සම්බන්ධව ඔවුන්ගේ අප්‍රසාදය මුලින් පළවී  තිබේ. එසේ වුවද නව ආලෝක සංඥා නිසා අනතුරට පත්වී රෝහල් ගත වූ රෝගීන්ගේ ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වි ඇති බව රෝහල් වලින් වාර්ථා වීම නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා දැරිය යුතු වැය ප්‍රමාණය අඩු වීමද සැලකිල්ලට ගත්විට අවසානයේදී මෙම නව අත්හදා බැලීම නිසා සමස්ථයක් ලෙස සමාජීය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් සේවයක්ද සිදුවී ඇති බව පාලකයෝ පවසති.


උපුටා ගැනීම:-
City install special traffic lights for “smartphone Zombies” by Tom Hale

https://youtu.be/3Va9EpF9_hY

2 comments:

හනේ මන්දා. මාර්ග සංඥා ගැන නොතකා, ජංගම දුරකථනය හෝ ශ්‍රවන උපකරණ කනේ ගහගෙන යන අයගේ, කණ පැලෙන්න පාරක් වදින උපකරණයක් හදන්න වෙයිද මන්දා :D

ජර්මනියත් ගහලම ප්‍රශ්ණ විසදුවේ ඉස්සර

Post a Comment