May 23, 2016

සෑම උදෑසනකම කිසිවක් ආහාරයට ගැනීමට පෙර සුදු ළූණු කෑල්ලක් ආහාරයට ගන්න

හිස් බඩ සුදු ළූණු කන එක එච්චරම වාසි ගෙන දෙන දෙයක් කියලා කවුරුවත් හිතන්නේ නැතුව ඇති. ඔයාලට ඇහිලත් ඇති සමහර අය කියනවා මේක ආච්චිලාගේ කාලේ එකක් කියලා. ඒත් ඇත්තටම මේක බොහොමයක් රෝග සුව කරන්න හා රෝග වළක්වන්න පුළුවන් ඉතාමත් ඵලදායී ක්‍රමවේදයක් වෙනවා. මේ වන විට ඔප්පු වී ඇති දෙයක් තමයි උදෑසනම කිසිවක් ආහාරයට ගැනීමට පෙර හෝ පානය කිරීමට පෙර සුදුළූණු ආහාරයට ගැනීම හෝ පානය කිරීම ප්‍රතිජීවක ඖෂධයක් වන බව.

උදෑසනම සුදුළූණු ආහාරයට ගැනීම ඉතාමත් හොඳ වන්නේ ඇයි?
මෙය අධිරුධිර පීඩනයට සුවදායක වෙනවා. මෙමඟින් රුධිර සංසරණයට උදව් වෙනවා පමණක් නොවේ විවිධ හදවත් රෝග වලටද සුවය ලැබෙනවා. තවද අක්මාවේ සහ මුත්‍රාශයේ නිසි ක්‍රියාකාරීත්වයට උපකාර වෙනවා.
සුදුළූණු මගින් පාචනය වැනි රෝග සදහාද ප්‍රතිකාරයක් වෙනවා. සමහර පුද්ගලයන් පවසන්නේ මෙමගින් ස්නායු වල ගැටළු වලටද ප්‍රතිකාරයක් වන බවයි. මේ සියළුම වාසි අත් වන්නේ සුදු ළූණු හිස් බඩ ආහාරයට ගැනීමෙනුයි.

සුදුළූණු සහ විකල්ප බෙහෙත්
විකල්ප බෙහෙතක් ලෙස සැලකූවිට සුදුළූණු ශරීරය පිරිසිදු කර දෙන හොද ආහාරයක් වෙනවා. එමගින් පරපෝෂිතයන් සහ පණුවන් ඉවත් කර දියවැඩියාව , බෝවන උණ, මානසික අවපීඩනය හා සමහර පිළිකා වර්ග වලටද සුවය ගෙන දෙනවා.

සුදුළූණු ඔබට ආසාත්මික නම් මේ ඔවදන් පිළිගන්න.
කිසිවිටකත් සුදුළූණු අමුවෙන් ආහාරයට නොගන්න. තවද ඔබේ සමේ ලප , අධික ශරීර උෂ්ණත්වය හා හිසරදය ඇති වෙනවා නම් සුදුළූණු පරිභෝජනය නොකරන්න.
ඔබ සුදුළූණු පරිභෝජනය කිරීමට පෙර ඔබට එය ගැළපෙනවාද යන වග හොඳින් සොයා බලන්න.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
ජේ.ඒ.එස්.සාගරිකා කුමාරි මිය
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය,
කුරුණෑගල

1 comments:

Good and useful things.we can learn lot

Post a Comment