Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

March 26, 2019

මහා බලවත් ටී රෙක්ස්ගේ සිරුරේ පිහාටුද තිබේ.


නිව්යෝර්ක් නගරයේ පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබද ඇමෙරිකානු කෞතුකාගාරයේදී මෑතකදී ප්‍රදර්ශනය ආරම්භ කරන ලද මෙම සජීවී ප්‍රමාණයේ ටිරානොසෝරස් රෙක්ස් ගේ සිරුරේ හිස සහ වලිගය ප්‍රදේශයේ පිහාටු පැල්ලම් පවා දර්ශනය වේ.

ඇමෙරිකානු ස්වභාවික ඉතිහාසය සම්බන්ධ කෞතුකාගාරය විසින් නිර්මාණය කරන ලද ටි. රෙක්ස්ගේ තත්කාලීන වඩාත්ම නිරවද්‍ය නිරුපනය, කෞතුකාගාරයේ සංඛේතාත්මක ඩයිනොසෝරයන් පිළිබඳ නවීන ප්‍රදර්ශනයට මෙසේ ඉදිරිපත් කර තිබේ. වෙනත් සතුන්ගේ ශබ්දයන් මිශ්‍ර කිරීමට මෙන්ම අථත්ය යථාර්ථයක් (virtual reality) ලෙස නරඹන්නන්ට ඇටසැකිල්ලක කොටස්  එකතු කර ගත හැකි වන ස්ථානයක් මෙහි ඇත. සැකිලි එකතුවේ නිරවද්‍යතාවය අවසානයේ තිරයේ දිස්වන ඔබ පසුකර ගොස්  ඔබ ඉදිරියේ පෙනී සිටින සජිවිකරණය කළ ජීවමාන ප්‍රමාණයේ ටී රෙක්ස් ගෙන් හදුනාගත හැකි වේ. ඔබ ඉදිරිපිට බොහෝ වේලාවක් පෙනී සිටින ජීවමාන ප්‍රමාණයේ ටී රෙක්ස් ඔබව  අල්ලා ගැනීමටද ඉඩ තිබේ යැයි ඔබට හැගෙනු ඇත.

ටිරානොසෝරස් රෙක්ස් පිළිබද ඔබේ ප්‍රතිරූපය හුදෙක් "ජුරාසික් පාර්ක්" හි රුදුරු ජීවියෙකු මත පදනම් වූවා නම්, "ඩයිනෝසෝර රජු" පිළිබඳ බොහෝ දේ දැන් වෙනස් වි තිබේ.

"ටි. රෙක්ස්ගේ ක්‍රියාකලාපය ගැන සෑම කෙනෙකුම සිතා සිටිදේ ප්‍රදර්ශනය මගින් බොහෝ සේ වෙනස් වූ පූර්ව නිගමන වශයෙන් සැළකෙනු ඇතැයි ඇමෙරිකාවේ කෞතුකාගාරයේ පාලකයකු වූ Mark Norell (මාක් නෝරල්)"  ව්‍යාපාරික විචාරකයෙකුට පැවසීය. කෞතුකාගාරය විසින් ආරම්භ කරන ලද මෙම ප්‍රදර්ශනය " ටී රෙක්ස් නම් මහා විලෝපිකයා (The Ultimate Predator)" යනුවෙන් හඳුන්වන ඩයිනොසරයාට කැප වූ ප්‍රදර්ශනයක් ලෙස විවෘත කර තිබේ.

ග්‍රීක භාෂාවේ “tyrant (ටිරාන්ට්/ පුරාණ ග්‍රීසියේ නපුරු පාලකයෙක් )" හා "sáv̱ra (lizard/කටුස්සා)" යන වචන වලින් සහ ලතින් භාෂාවේ "Rex (king /රජ)" යන වචනයෙන් සැකසුනු ටිරානොසෝරස් රෙක්ස් අවුරුදු මිලියන 68 ත් 66 ත් අතර කාලයකට පෙර එනම් ක්ෂුද්‍රග්‍රහයකුගේ ඝට්ටනයෙන් නිමවූ ඩෛනොසෞරියෝ යුගයේ අවසානයේ Cretaceous (ක්‍රිටේසියස්/ ඛටිකා) අවධියෙහි  ජීවත්වූ ඩෛනොසෞරියෝ පවුලේ ළාබාලතම සාමාජිකයා වේ. ටිරානොසෝරස් රෙක්ස්ව හෙවත් “tyrant lizard king (ප්‍රජාපීඩක කටුසු රජුව)” අතිශය භියකරු ප්‍රතිරූපයක් ලෙස දැක්වුවද කුඩා දරුවන් පවා විනොදාත්මකව ටි.රෙක්ස්ව ප්‍රතිරුපනය කරයි. මුල්ම ටිරානෝසෝරස් වේගවත් මෙන්ම කුඩාද විය. ඉතින් ටී. රෙක්ස් එතරම් විශාල හා නරකද?

ටිරානාසෝරස් රෙක්ස් "ඩයිනෝසෝර් රජු" සිට "ජුරාසික් පාර්ක්" හි අතිශය භියකරු ප්‍රජාපීඩක කටුසු රජු දක්වා මහජන පරිකල්පනය වෙනස් කිරීමට ස්ටීවන් ස්පීල්බර්ග්ගේ 1993 නාට්‍ය රචනය සමත් වුවද ඒ වන විට  පාෂාණ විද්‍යාඥයින් ටී.රෙක්ස් පිලිබඳව බොහෝ දේ නොදැන සිටි අතර, ෆොසිල වාර්තාවේ අස්ථි කොටස් හතක් හෝ අටක් පමණ ඒ සදහා පාදක වි ඇත. ඉන්පසුව ටී.රෙක්ස්  ඇටසැකිලි තවත් දුසිමක් පමණ සොයාගැනීමෙන් මෙම ජීවීන් පිළිබඳ අපගේ අවබෝධය අළුත් විය.

නිදසුනක් ලෙස, අංශු විශ්ලේෂණයෙන් ටී.රෙක්ස්ට විශිෂ්ට පෙනුමක් සහ ඉතා හොඳ ආග්‍රාහන (ගඳ සුවද දැනීමේ) ශක්තියක්  ඇති බව අඟවයි. සපා කෑමෙන් ඇටකටු පවා බිඳ දැමීමේ හැකියාවක් ටී රෙක්ස්ට තිබෙන අතර යොවුන් වියේදී දිවීමේ හැකියාවද නැවත සනාථ කර ඇත.ධාවනයේදී සෑම විටම එක් පාදයක් සම්පුර්ණයෙන් පොළවට ඉහළින් පවතින නමුත් වැඩිහිටි ටි.රෙක්ස්ගේ විශාල ශරීරයේ බර නිසා එමගින් උන්ගේ අස්ථිවලට හානි සිදුවිය හැකිය. ළදරු ටී රෙක්ස් කුඩා හා සිනිඳු වන අතර නිතර අවදානමට භාජනය වේ. බොහෝ ටි.රෙක්ස් වයස අවුරුදු 1 ඉක්මවා ජිවත් නොවන බව විද්‍යාඥයන් ගණන් බලා ඇත.
කුඩා turkey (කළුකුමා) සතෙකුගේ ප්‍රමාණයෙන් යුත් සිනිඳු ලෝම වලින් සමන්විත ළදරු ටි.රෙක්ස් පිලිබදව දැනගැනිමද රසවත් වනු ඇතැයි මෙහිදී සිහිපත් කළ යුතුය.   

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

March 19, 2019

සම්පුර්ණයෙන් වඳ වීමේ තර්ජනයට ලක්වූ Vaquita (වෝකිටා) මත්ස්‍යා


Vaquita (වෝකිටා) යනු කැලිෆෝර්නියා වරායේ වෙරළබඩ ගල්ෆ් බොක්ක ප්‍රදේශයේ තල්මසුන්, ඩොල්ෆින් සහ මුහුදු උරා වර්ගයේ කුඩාම හා දුර්ලභතම මත්ස්‍යයෙක් වේ. Vaquita ට සුදුමැලි අළු හෝ සුදු පැහැයක් හුරු අළු පැහැයක් ඇති අතර ඇස වටා අඳුරු පැල්ලමක්ද ඇත. Vaquita ගල්ෆ් ජලයේ සන්නිවේදනය කිරීම හා ගමන් කිරීම සඳහා sonar (සෝනාර්/දෝංකාරය) භාවිතා කරයි. තනිව හෝ දෙතුන් දෙනෙකුගේ කුඩා කණ්ඩායම් ලෙස කලාතුරකින් දක්නට ලැබේ. එවැනි උණුසුම් ජලය තුළ දැකිය හැකි එකම මුහුදු ඌරු(porpoise) විශේෂය ද ඔවුන් වේ. Vaquita ගල්ෆ්හි croaker සහ ලෝකඩ-ඉරි සහිත grunts වැනි සාගර මාළු අනුභව කරයි. ඔවුන් ද දැල්ලන් ආහාරයට ගැනීමට දක්ෂය.

පසුගිය වසර පහ තුළදී vaquita ජනගහනය සියයට 90 කින් පහත වැටී ඇත. වෝකිටා 30 ක් පමණ ඉතිරිව සිටින බව 2017 දී වාර්තා වී ඇත. වෝකිටාස් ජීවත්ව සිටින ඉතාම දුර්ලභ ජලජ ක්ෂීරපායි සත්වයෙකි. නව වාර්තාවකට අනුව, මෙම සත්ත්වයන්ගෙන් 10 දෙනෙක් පමණක් දැනට ඉතිරිව ඇති නිසා, උන් අපට සදාකාලිකවම අහිමි වීම සහතික විය තිබේ. වෝකිටාස් 1958 පටන් පමණ ප්‍රසිද්ධ වී ඇති අතර කැලිෆෝර්නියාවේ ගල්ෆ්හි දක්නට ලැබෙන වඩාත්ම අවදානමට ලක්වූ කුඩාම දුර්වල මත්ස්‍යා වේ.  ඒ පිලිබදව මිනිසුන්ට දොස් නැඟුවද ඔවුන් වෝකිටා සඳහා දඩයම් නොකරයි.

එහෙත් වෝකිටාවන්ගේ පැවැත්ම තර්ජනයට ලක්ව ඇත්තේ ඌ හා සමග වාසය කරන තවත් ජීවියෙකු වූ ටොටාබා මාළු සඳහා වන ඉල්ලුම නිසාය. මේ අන්තරායක ටොටාබා මාළු, නීතිවිරෝධී ලෙස gillnets (ගිලන්ට්) යොදාගෙන අල්ල ගන්නා අතර උන්ගේ ප්ලවාශය (swim bladders) කළු කඩ ජාවාරමේ කිලෝග්රෑම් එකක් සඳහා ඩොලර් 46,000 ක් පමණ විශාල මුදලකට වියලා අලෙවි කරයි. චීනයේ දී ප්ලවාශය (swim bladders) ඉතා වටිනා වන්නාක් මෙන්ම  ඒවා ඖෂධීය ගුණ ඇති බවට  විභ්‍රම විශ්වාෂය නිසා හොර බඩු ජාවරකම්කරුවන් චීනයට ඉතා රහසිගතව ප්‍රවාහනය කරන බවද වාර්තා වේ.

අවාසනාවකට මෙන් vaquitas යනු ටොටබා අල්ලා ගැනීමේ ක්‍රියාවලියෙහි අහඹු වින්දතයින් වේ. මෙක්සිකෝ රජය විසින් වෝකිටා සරණාගත/ රක්ෂාස්ථාන ප්‍රදේශ නිර්මාණය කිරීම වැනි විශේෂ විපාක අවම කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇතත් ආපදාව වැළැක්වීම සඳහා එය ප්‍රමාණවත් වී නැති බැවින් නව වාර්තාවකට අනුව වෝකිටා ප්‍රතිප්‍රාප්තිය සඳහා වන ජාත්‍යන්තර කමිටුව  (CIRVA)  ඔවුන්ගේ සොයා ගැනීම් ඉදිරිපත් කරමින් මෙක්සිකානු ජනාධිපති Andres Manuel Lopez Obrador (ඇන්ඩ්රෙස් මැනුවෙල් ලෝපස් ඕඩ්රෝඩෝර්) ට  වෝකිටා ප්‍රතිප්‍රාප්තිය සදහා  ක්‍ෂණික ක්‍රියාමාර්ග ගැනීමට ඉල්ලීම් කර තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

https://youtu.be/BUrxLsS--sA?t=138

මරණයේ නිම්නයෙහි මතු වූ යෝධ විල.


මරණයේ නිම්නය යනු ඇමරිකාවේ වඩාත්ම විශේෂිත ස්ථානයකි. පෘථිවිය මත උණුසුම්ම ස්ථානයක් වූ එහි ස්වාභාවික මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 200 කටත් වඩා වැඩි වන අතර පසුගිය කාලයේදී මෙම කාන්තාරයට වැසි ලැබී නැත. කෙසේවෙතත් එහි ද්‍රෝණියේ සැතපුම් 10 ක් දිග විලක් දර්ශණය වී ඇත. මිටියාවත හරහා ගමන් කරන ලද අසාමාන්‍ය තත්වයේ කුණාටුවක් මිට හේතු වි තිබේ. කුනාටුව ඇද හැලු වර්ෂාපතනය අඟල් 0.87 ක් පමණක් වුවත්, වියළි කාන්තාරයට ජලය අවශෝෂණය කරගැනීමට ඇති නොහැකියාව නිසා විශාල විලක් ක්ෂණයෙන් නිර්මාණය වි තිබේ.

කැලිෆෝනියාවේ මරණයේ නිම්නය පෘථිවියේ උණුසුම් හා වියලි තැන් අතරින් එකකි. එහි කුමන කොටසකින් හෝ ජලය පිරි විලක් සොයා ගැනීමට කිසිවෙකු අපේක්ෂා කරන්නේ නැත. නමුත් සතියක පමණ කාලයක ඇති වූ අධික වර්ෂාව, කුණාටු හා ගංවතුරෙන් පසුව, ඉතා විශාල ජල මූලාශ්‍රයක් දක්නට ලැබී තිබේ.

මුහුදු මට්ටමේ සිට අඩි 282 ක් පමණ පහලින් පිහිටි එනම් උතුරු ඇමෙරිකාවේ පහත්ම බිම් ප්‍රදේශයේ Badwater Basin (Badwater ද්‍රෝනිය) ක ඡායාරූප  ගැනීම ඉලක්ක කර ගත් ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවකින් මෙම විල පිළිබද දර්ශනය මුල්වරට ලැබී තිබේ. ඔහු එය ගංවතුර එක් රැස්වීමක් යැයි සැක කර තිබේ."ලෝකයේ වියළිතම ස්ථානයේ මෙතරම් ජලය දැකීම පුදුම සහගත හැඟීමක්" යයි Elliot McGucken (එලියට් මැක් ගූකන්) SFGate වෙත පැවසීය. "Badwater Basin හි ඡායාරූපයක් ගැනීමට මට නොහැකි වුවද මෙම ඡායාරූප අද්විතය සහ අනන්‍ය වේ.”

1969 ජුලි මස 10 වන දින කැලිෆෝනියාවේ Furnace Creek (ෆර්නස් ක්‍රික්) හිදී පෘථිවියේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 56.7 ° C (134 ° F) වාර්තා වී ඇත. 1972 ජූලි 15 වන දිනයේදී උණුසුම්ම භුමි උෂ්ණත්වය ලෙස  93.9 ° C (201 ° F) වාර්තාගත උෂ්ණත්වයක් එහි වාර්තා විය.
මෙවැනි සීමාන්තික තත්ත්ව යටතේ විලක් නිර්මාණය වීම යනු ඉතා දුර්ලභ අවස්ථාවක් විය හැකිය. නමුත් කාන්තාරයක ජලය එක්රැස්වීම පුදුමයක් නොවේ. කාන්තාරයක බිම වියළී ගිය විට එම බිමෙහි පහසුවෙන් ජලය අවශෝෂණය නොවේ. "කාන්තාරයේ පස් වියළි හා සංයුක්තයි" යනුවෙන් ජාතික ගංවතුර කාලගුණ විද්‍යාඥ Todd Lericos (ටොඩ් ලෙරිකෝස්) පවසයි. "එය කොන්ක්‍රිට් මත වතුර දැමීම වැනි ය."

ඡායාරූපවලින් වැවේ නිශ්චිත ප්‍රමාණය පැහැදිලි වි නොතිබූ නමුත් ජාතික උද්‍යාන සේවයේ නිලධාරින් විසින් පසුගිය සතියේ වැස්සෙන් පසු කිලෝ මීටර් 16 (10 සැතපුම්) ක් වැව දිග බව පවසයි.එහෙත් එය කුඩාවෙමින් පවතියි.

මරණයේ නිම්නය නමින් හැඳින්වුවද එය ජීවින්ගෙන් තොර නොවේ . ලොකු අං ඇති බැටළුවන්, coyote (කොයෝට්) නම් ඇමරිකානු වෘකයින්, කැන්ගරු මීයන්, jackrabbits (ජැක්රැබිට්ස්) සහ ඉබ්බන්  යනාදී සත්වයින් මෙම ශුෂ්ක භුමිය තම වාසභවන කර ගෙන තිබේ. එපමණක් නොව කඳුවලින් වටවී ඇති මුහුදු මට්ටමේ පහළ තටාකයක අද්විතීය භූ දර්ශනය එහි පවතියි.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

March 1, 2019

ලොව බිහිවූ කුඩාතම දරුවා නිරෝගිව නිවසට යයි.


ග්‍රෑම් 268 (අවුන්ස 9.045) ක් එනම් අල පෙති අඩංගු බෑගයක් තරමේ බරක් සහිතව පසුගිය අගෝස්තු 16 වැනිදා ජපානයේ ටෝකියෝහි උපතලත් ලොව කුඩාම දරුවා පසුගිය පෙබරවාරි 20 වැනිදා නිරුපද්‍රිතව තම නිවසට ගිය බව වාර්තා වේ.

මවගේ ගර්භාෂය තුළ දරුවා වැඩිම නතර වි තිබු බව , Keio විශ්ව විද්‍යාල රෝහලේ වෛද්‍යවරු රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත. මළ දරු උපතක් වැලැක්වීම සඳහා හදිසි සිසේරියන් සැත්කමකින් සති 24 ක් මවගේ ගර්භණී තත්වයේ ගත කළ දරුවා බිහි කිරීමට වෛද්‍යවරුන්ට සිදු විය. එහෙත් දරුවා සති 24 දී තිබිය යුතු වැඩිමට  වඩා අඩු වැඩීමක් පෙන්නුම් කර තිබේ. සති 24 ක් මවු කුසේ හොදින් වැඩිම බාහිර ලෝකයට ප්‍රවිස්ටව ජීවත්වීමට අනිවාර්යෙන් අවශ්‍ය බව බොහෝ වෛද්‍යවරුන්ගේ මතය බව එහි දැක්වේ. මෙම කුඩා දරුවාට හුස්ම ගැනීමට හෝ  පෝෂණය ලබාදීමද අසීරු විය. ඔහුගේ මුළු ශරීරයම ඔහුගේ දෙමව්පියන්ගේ සුරතට සීමාවිය.

එහෙත් පසුගිය මාසයේ පෙබරවාරි 20 වන දින මාස පහක ප්‍රතිකාර වලින් පසුව එම ළදරුවා කෙයිඕ සරසවි රෝහලෙන් පිටව තම පවුල සමග ගෙදර යාමට බලධාරින් කටයුතු කර තිබේ. ඔහුගේ බර දැන් කිලෝග්රෑම් 3.2 කි. එය නිරෝගිව රෝහලෙන් පිටවූ වාර්තාගත ඉතිහාසයේ උපත ලද ලෝකයේ කුඩාම කුඩා පිරිමි දරුවා බවට පත් සටහන් වීමක් ලෙස සැලකේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර