March 19, 2019

මරණයේ නිම්නයෙහි මතු වූ යෝධ විල.


මරණයේ නිම්නය යනු ඇමරිකාවේ වඩාත්ම විශේෂිත ස්ථානයකි. පෘථිවිය මත උණුසුම්ම ස්ථානයක් වූ එහි ස්වාභාවික මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 200 කටත් වඩා වැඩි වන අතර පසුගිය කාලයේදී මෙම කාන්තාරයට වැසි ලැබී නැත. කෙසේවෙතත් එහි ද්‍රෝණියේ සැතපුම් 10 ක් දිග විලක් දර්ශණය වී ඇත. මිටියාවත හරහා ගමන් කරන ලද අසාමාන්‍ය තත්වයේ කුණාටුවක් මිට හේතු වි තිබේ. කුනාටුව ඇද හැලු වර්ෂාපතනය අඟල් 0.87 ක් පමණක් වුවත්, වියළි කාන්තාරයට ජලය අවශෝෂණය කරගැනීමට ඇති නොහැකියාව නිසා විශාල විලක් ක්ෂණයෙන් නිර්මාණය වි තිබේ.

කැලිෆෝනියාවේ මරණයේ නිම්නය පෘථිවියේ උණුසුම් හා වියලි තැන් අතරින් එකකි. එහි කුමන කොටසකින් හෝ ජලය පිරි විලක් සොයා ගැනීමට කිසිවෙකු අපේක්ෂා කරන්නේ නැත. නමුත් සතියක පමණ කාලයක ඇති වූ අධික වර්ෂාව, කුණාටු හා ගංවතුරෙන් පසුව, ඉතා විශාල ජල මූලාශ්‍රයක් දක්නට ලැබී තිබේ.

මුහුදු මට්ටමේ සිට අඩි 282 ක් පමණ පහලින් පිහිටි එනම් උතුරු ඇමෙරිකාවේ පහත්ම බිම් ප්‍රදේශයේ Badwater Basin (Badwater ද්‍රෝනිය) ක ඡායාරූප  ගැනීම ඉලක්ක කර ගත් ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවකින් මෙම විල පිළිබද දර්ශනය මුල්වරට ලැබී තිබේ. ඔහු එය ගංවතුර එක් රැස්වීමක් යැයි සැක කර තිබේ."ලෝකයේ වියළිතම ස්ථානයේ මෙතරම් ජලය දැකීම පුදුම සහගත හැඟීමක්" යයි Elliot McGucken (එලියට් මැක් ගූකන්) SFGate වෙත පැවසීය. "Badwater Basin හි ඡායාරූපයක් ගැනීමට මට නොහැකි වුවද මෙම ඡායාරූප අද්විතය සහ අනන්‍ය වේ.”

1969 ජුලි මස 10 වන දින කැලිෆෝනියාවේ Furnace Creek (ෆර්නස් ක්‍රික්) හිදී පෘථිවියේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 56.7 ° C (134 ° F) වාර්තා වී ඇත. 1972 ජූලි 15 වන දිනයේදී උණුසුම්ම භුමි උෂ්ණත්වය ලෙස  93.9 ° C (201 ° F) වාර්තාගත උෂ්ණත්වයක් එහි වාර්තා විය.
මෙවැනි සීමාන්තික තත්ත්ව යටතේ විලක් නිර්මාණය වීම යනු ඉතා දුර්ලභ අවස්ථාවක් විය හැකිය. නමුත් කාන්තාරයක ජලය එක්රැස්වීම පුදුමයක් නොවේ. කාන්තාරයක බිම වියළී ගිය විට එම බිමෙහි පහසුවෙන් ජලය අවශෝෂණය නොවේ. "කාන්තාරයේ පස් වියළි හා සංයුක්තයි" යනුවෙන් ජාතික ගංවතුර කාලගුණ විද්‍යාඥ Todd Lericos (ටොඩ් ලෙරිකෝස්) පවසයි. "එය කොන්ක්‍රිට් මත වතුර දැමීම වැනි ය."

ඡායාරූපවලින් වැවේ නිශ්චිත ප්‍රමාණය පැහැදිලි වි නොතිබූ නමුත් ජාතික උද්‍යාන සේවයේ නිලධාරින් විසින් පසුගිය සතියේ වැස්සෙන් පසු කිලෝ මීටර් 16 (10 සැතපුම්) ක් වැව දිග බව පවසයි.එහෙත් එය කුඩාවෙමින් පවතියි.

මරණයේ නිම්නය නමින් හැඳින්වුවද එය ජීවින්ගෙන් තොර නොවේ . ලොකු අං ඇති බැටළුවන්, coyote (කොයෝට්) නම් ඇමරිකානු වෘකයින්, කැන්ගරු මීයන්, jackrabbits (ජැක්රැබිට්ස්) සහ ඉබ්බන්  යනාදී සත්වයින් මෙම ශුෂ්ක භුමිය තම වාසභවන කර ගෙන තිබේ. එපමණක් නොව කඳුවලින් වටවී ඇති මුහුදු මට්ටමේ පහළ තටාකයක අද්විතීය භූ දර්ශනය එහි පවතියි.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment