March 19, 2019

සම්පුර්ණයෙන් වඳ වීමේ තර්ජනයට ලක්වූ Vaquita (වෝකිටා) මත්ස්‍යා


Vaquita (වෝකිටා) යනු කැලිෆෝර්නියා වරායේ වෙරළබඩ ගල්ෆ් බොක්ක ප්‍රදේශයේ තල්මසුන්, ඩොල්ෆින් සහ මුහුදු උරා වර්ගයේ කුඩාම හා දුර්ලභතම මත්ස්‍යයෙක් වේ. Vaquita ට සුදුමැලි අළු හෝ සුදු පැහැයක් හුරු අළු පැහැයක් ඇති අතර ඇස වටා අඳුරු පැල්ලමක්ද ඇත. Vaquita ගල්ෆ් ජලයේ සන්නිවේදනය කිරීම හා ගමන් කිරීම සඳහා sonar (සෝනාර්/දෝංකාරය) භාවිතා කරයි. තනිව හෝ දෙතුන් දෙනෙකුගේ කුඩා කණ්ඩායම් ලෙස කලාතුරකින් දක්නට ලැබේ. එවැනි උණුසුම් ජලය තුළ දැකිය හැකි එකම මුහුදු ඌරු(porpoise) විශේෂය ද ඔවුන් වේ. Vaquita ගල්ෆ්හි croaker සහ ලෝකඩ-ඉරි සහිත grunts වැනි සාගර මාළු අනුභව කරයි. ඔවුන් ද දැල්ලන් ආහාරයට ගැනීමට දක්ෂය.

පසුගිය වසර පහ තුළදී vaquita ජනගහනය සියයට 90 කින් පහත වැටී ඇත. වෝකිටා 30 ක් පමණ ඉතිරිව සිටින බව 2017 දී වාර්තා වී ඇත. වෝකිටාස් ජීවත්ව සිටින ඉතාම දුර්ලභ ජලජ ක්ෂීරපායි සත්වයෙකි. නව වාර්තාවකට අනුව, මෙම සත්ත්වයන්ගෙන් 10 දෙනෙක් පමණක් දැනට ඉතිරිව ඇති නිසා, උන් අපට සදාකාලිකවම අහිමි වීම සහතික විය තිබේ. වෝකිටාස් 1958 පටන් පමණ ප්‍රසිද්ධ වී ඇති අතර කැලිෆෝර්නියාවේ ගල්ෆ්හි දක්නට ලැබෙන වඩාත්ම අවදානමට ලක්වූ කුඩාම දුර්වල මත්ස්‍යා වේ.  ඒ පිලිබදව මිනිසුන්ට දොස් නැඟුවද ඔවුන් වෝකිටා සඳහා දඩයම් නොකරයි.

එහෙත් වෝකිටාවන්ගේ පැවැත්ම තර්ජනයට ලක්ව ඇත්තේ ඌ හා සමග වාසය කරන තවත් ජීවියෙකු වූ ටොටාබා මාළු සඳහා වන ඉල්ලුම නිසාය. මේ අන්තරායක ටොටාබා මාළු, නීතිවිරෝධී ලෙස gillnets (ගිලන්ට්) යොදාගෙන අල්ල ගන්නා අතර උන්ගේ ප්ලවාශය (swim bladders) කළු කඩ ජාවාරමේ කිලෝග්රෑම් එකක් සඳහා ඩොලර් 46,000 ක් පමණ විශාල මුදලකට වියලා අලෙවි කරයි. චීනයේ දී ප්ලවාශය (swim bladders) ඉතා වටිනා වන්නාක් මෙන්ම  ඒවා ඖෂධීය ගුණ ඇති බවට  විභ්‍රම විශ්වාෂය නිසා හොර බඩු ජාවරකම්කරුවන් චීනයට ඉතා රහසිගතව ප්‍රවාහනය කරන බවද වාර්තා වේ.

අවාසනාවකට මෙන් vaquitas යනු ටොටබා අල්ලා ගැනීමේ ක්‍රියාවලියෙහි අහඹු වින්දතයින් වේ. මෙක්සිකෝ රජය විසින් වෝකිටා සරණාගත/ රක්ෂාස්ථාන ප්‍රදේශ නිර්මාණය කිරීම වැනි විශේෂ විපාක අවම කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇතත් ආපදාව වැළැක්වීම සඳහා එය ප්‍රමාණවත් වී නැති බැවින් නව වාර්තාවකට අනුව වෝකිටා ප්‍රතිප්‍රාප්තිය සඳහා වන ජාත්‍යන්තර කමිටුව  (CIRVA)  ඔවුන්ගේ සොයා ගැනීම් ඉදිරිපත් කරමින් මෙක්සිකානු ජනාධිපති Andres Manuel Lopez Obrador (ඇන්ඩ්රෙස් මැනුවෙල් ලෝපස් ඕඩ්රෝඩෝර්) ට  වෝකිටා ප්‍රතිප්‍රාප්තිය සදහා  ක්‍ෂණික ක්‍රියාමාර්ග ගැනීමට ඉල්ලීම් කර තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

https://youtu.be/BUrxLsS--sA?t=138

0 comments:

Post a Comment