Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

April 25, 2016

ආහාරවල පවතින ස්වභාවික විෂ රසායන සංයෝග

ආහාර වශයෙන් අප ගනු ලබන ද්‍රව්‍ය මගින් පිෂ්ඨය, ප්‍රෝටීන, මේදය, විටමින, ඛනිජ ලවණ වැනි මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සංඝඨක බොහොමයක් ලබා ගනී. එහෙත් ස්වභාවිකව පවතින විෂ රසායන සංයෝග ද ඇතැම් විට ආහාරමය ද්‍රව්‍ය හරහා සිරුරට එකතු වීමෙන් විවිධ මට්ටමේ අසාද්මිකතා, රෝගී තත්ත්වයන් ඇති විය හැකිය.
මේ අතර එලෙස හඳුනා ගෙන ඇති රසායනික සංයෝග කිහිපයක් කෙරෙහි සැලකිල්ල යොමු කරමු.

01. Aflatoxin
ඇතැම් ආහාර මත වැඩෙන දිලීරවල පරිවෘත්තීය ඵලයක් ලෙස ස්වභාවිකවම සෑදෙන Aflatoxin යනු අනෙක් දිලීර විෂ රසායන සංයෝගවලට (Mycotoxins)  වඩා ප්‍රභල ලෙස බලපාන පිලිකාකාරකයක් බව මීයන් යොදා ගනිමින් කරන ලද විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

විශේෂයෙන් ම Aspergillus flavus හා Aspergillus parasiticus යන දිලීර කාණ්ඩ දෙක මගින් ස්වභාවිකවම aflatoxin නිපදවන බවට හඳුනාගෙන ඇත. මෙම දිලීර කාණ්ඩ මගින් ආහාර දූහනය වීම අස්වනු නෙලීමට ප්‍රථම වගා බිමේදී මෙන්ම අස්වනු නෙලීමෙන් පසුව ආහාර ගබඩා තුලදී සිදු විය හැකිය.

පස, දිරාපත් වෙමින් පවතින ශාකමය කොටස් මත වැඩෙන මෙම දිලීර ව්‍යාප්තිය අතින් ඉතා පුළුල් වේ. ඒ අතර, වී, බඩ ඉරිඟු, තිරිඟු වැනි ධාන්‍යමය ආහාර මෙන්ම මේදමය රටකජු, සෝයා වැනි ඇට වර්ග ද, ගම්මිරිස්, මිරිස් වැනි කුළු බඩු වර්ග මත ද පහසුවෙන් හඳුනාගත හැකිය.

මීට අමතරව Aspergillus දිලීරය ආසාදනය වූ ආහාර මත යැපෙන සතුන්ගෙන් ලබා ගන්නා කිරි, බිත්තර වැනි නිෂ්පාදනයන් හි ද aflatoxin පවතින බවට හඳුනා ගෙන ඇත. අක්මාවේ ඇති වන පිලිකා තත්ත්ව Hepatocellular carcinoma (HCC) වලදී aflatoxin හේතු වන බව අධ්‍යනයන්ගෙන් හඳුනාගෙන ඇත.



02. Solanine සහ Chaconine
ඇල්කලොයිඩ් කාණ්ඩයට අයත් විෂ සහිත සංයෝග වේ. අර්ථාපල්, හිරු එළියට නිරාවරණය වීමෙන් එහි පොත්තට යටින් කොළ පැහැති පැල්ලම් ලෙස දැකිය හැකි කොටස් තුල මෙම සංයෝග වැඩි වශයෙන් එකතු වී ඇත. එමෙන්ම ප්‍රරෝහණය වන අර්ථාපල් වල ද වැඩි වශයෙන් සොලනීන් අඩංගුය.
මිනිස් සිරුර තුලදී සොලනීන් (Solanine) සොලනිඩීන් (Solanidine) බවට පත් වන අතර මෙය ආහාර මාර්ග පද්ධතියට මෙන්ම ස්නායු පද්ධතියට විෂ සහිත වේ. අර්ථාපල් හිරු එළියට නිරාවරණය නොවන සේ අඳුරු සිසිල් ස්ථාන තුළ ගබඩා කිරීමෙන් Solanine නිපදවීම වලක්වා ගත හැකිය.


03. Lectins
ප්‍රෝටීන යටතට අයත් ය. ධාන්‍යමය හා රනිලමය ආහාරවල බහුලව අඩංගුය. විශාල වශයෙන් ශරීරගත වීමෙන් අක්මාව, හෘදය, වකුගඩු වැනි අවයවයන්ට හානි සිදු වේ. රනිලමය ඇට වර්ග පැය 05 ක් වත් පෙගෙන්නට හැර තැම්බීමෙන් ලැක්ටීන් විෂවීම වලක්වා ගත හැකිය.

04. Trypsin inhibitors

මෙම රසායන ද්‍රව්‍ය මගින් Trypsin නම් ප්‍රෝටීන ජීරක එන්සයිමය නිශේධනය කරයි. සෝයා බෝංචිවල බහුලව අඩංගු වේ. යම් ප්‍රමාණයකට අමු බිත්තර සුදු මදයේ අඩංගු වේ.

(අන්තර් ජාලය ඇසුරිනි.)

ආර්.ඩී. එන්. ප්‍රියන්ති,
විද්‍යා හා තාක්ෂණ නිලධාරිණී,
කිිරින්ද පුහුල්වැල්ල

April 18, 2016

දියවැඩියාවට එරෙහිව සැල්මොනෙල්ලා එන්නත

සාමාන්‍ය භාවිතයේදී කෙටියෙන් දියවැඩියාව [Diabetes mellitus (DM)] ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය.

දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ වේ. දියවැඩියාවෙහි ප්‍රධාන ආකාර තුනක් ඇත:
·         Type 1 DM: දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා ඇති වෙයි. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියාව [insulin-dependent diabetes mellitus (IDDM)] ලෙස හෝ යෞවන දියවැඩියාව (juvenile diabetes) හඳුන්වන ලදී
.Type 2 DM: ඉන්සියුලින් වලට ප්‍රතිරෝධය නිසා හට ගනී. දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි. රෝගය වර්ධනය වන විට ඉන්සියුලින් හිඟතාවය ද වර්ධනය වේ. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් නොවූ දියවැඩියාව [non insulin-dependent diabetes mellitus (NIDDM)] ලෙස හෝ වැඩිහිටියන්ට වැළදෙන (වෘද්ධ) දියවැඩියාව (adult-onset diabetes) හඳුන්වන ලදී. මෙයට මූලිකම හේතු වන්නේ අධික දේහ බර සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීමයි.

·         ගර්භනික දියවැඩියාව (Gestational diabetes), තුන්වන ප්‍රධාන ආකාරයයි. කලින් දියවැඩියාව නොතිබුන ගර්භනී කාන්තාවකගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉතා ඉහල යාම මගින් මෙය ඇතිවේ.
පළමු වර්ගයේ දියවැඩියා රෝගයෙන් සම්පූර්ණ සුවය ලබා දිමට ලබා දිමට හැකි මුඛ එන්නක් සොයා ගැනීමට     පර්යේෂකයන් උත්සුක වී ඇත.දියවැඩියා රෝගය ආකාර දෙකකට වැළෙදේ. උපතින්ම දියවැඩියා රෝගයට ගොදුරුවීම හදුන්වන්නේ පළමු වර්ගයේ දියවැඩියාව වශයෙනි. උපතින්ම හා ළමා කාලයේ දී මෙම දියවැඩියා රෝගය වැළෙ‍දේ. අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝමෝන නිපදවන සෛල විනාශවීම මෙකී තත්ත්වයට හේතු වේ. එමෙන්ම වෛරස්‌ ආසාදන සොයා නොගත් ස්‌වයං ප්‍රතිදේහ නිසාද පළමු වර්ගයේ දියවැඩියා රෝගයට ගොදුරු විය හැක

මෙම එන්නත නිපදවා ඇත්තේ සැල්මොනෙල්ලා බැක්ටීරියාව පදනම් කර ගෙනය.ප්‍රතිශක්තීකරණ පද්ධතිය විනාශ වීම නිසා විනාශ වූ අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝමෝන නිපදවන සෛල නැවත යතා තත්වයට පත් වන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.
මෙම එන්නත Salmonella typhimurium බැක්ටීරියාව සහ සයිටොකයනින් නම් ප්‍රෝටීනය එකතු කර සාදන මෙම එන්නත  Anti-CD3  ලෙස හදුන්වා ඇත.මේ මගින් අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝමෝන නිපදවන සෛල විනාශවීම
වලක්වා  රැධිරයේ සීනී මට්ටම නැවත යතා තත්වයට පත් කිරීමට හැකියාවක් ලැබෙන බව මීයන් යොදා කරන ලද පර්යේෂණ වලින් අනාවරණය කර ඇත.
අනාගතයේදී මෙම එන්නත සාර්ථක වුවහොත් පළමු වර්ගයේ දියවැඩියාව වලක්වා ගත හැකිවනු ඇත.
තවද අගන්‍යාශයේ ඉන්සියුලින් හෝමෝන නිපදවන සෛල වර්ධනය උත්තේජනය කිරිමට පර්යේෂණ සිදු කරමින් පවතී. මෙය සාර්ථක වුවහොත් පළමු වර්ගයේ දියවැඩියා ව මෙන්ම දෙවන වර්ගයේ දියවැඩියාවද වලක්වා ගත හැකි වනු ඇත.


උපුටා ගැනීම-Science daily  Article

April 9, 2016

ජෛව තාක්‌ෂණය

ජෛව තාක්‌ෂණය යනු ජානයක් හෝ ජාන කොටසක්‌  නවීන ජෛව තාක්‍ෂණ ක්‍රමවේද ඔස්‌සේ වෙනත් ජීවියකු හෝ සෛලයක්‌ වෙත ප්‍රතිවර්ත්‍ය නො වන ආකාරයට ප්‍රවේශ කිරීම මඟින් නව ලක්‍ෂණ සහිත ජීවියකු හෝ සෛල බිහි කිරීම ජාන ඉංජිනේරු විද්‍යාව නමින් හඳුන්වයි.

1980 දශකයේ අගභාගයේ බිහි වූ මේ තාක්‍ෂණය ඔස්‌සේ මේ වන විට කෘමි හා රෝග හානි ප්‍රතිරෝධී ජීවින්, අධික වර්ධනයක්‌ සහිත බෝග හා සතුන් ඖෂධ වර්ග හා පෝෂක සංශ්ලේෂණය කළ හැකි පටක හා ජීවීන් රාශියක්‌ නිර්මාණය කර සාර්ථක වාණිජ නිෂ්පාදනයන් සඳහා භාවිත කෙරෙයි
ජාන ඉංජිනේරු විද්‍යාවේ දී තෝරාගත් ජානයක්‌ ජීවී සෛලයකට බැක්‌ටීරියාවක්‌ මඟින් හෝ ජාන තුවක්‌කු භාවිතයෙන් හෝ සම්ප්‍රේෂණය කර එම සෛලය පටක රෝපණ මාධ්‍යයක වගා කර සම්පූර්ණ ජීවියකු  බවට වර්ධනය කරයි  . මේ ක්‍රමවේදයේ දී තෝරාගත් ජානය නිසි පරිදි ලබාගත් බව නිර්ණය කිරීම සඳහා සාමාන්‍යයෙන් සලකුණු ජානයක්‌ ද (marker gene) ඒ සමග බද්ධ කර සම්ප්‍රේෂණය කරයි
සලකුණු ජානය මඟින් ප්‍රතිජීවකවලට ඔරොත්තු දීම හෝ රසායනිකයක්‌ මඟින් උද්දීපනය කරන වර්ණයක්‌ නිෂ්පාදනය වැනි රූපීය ලක්‌ෂණ ඇති කරනු ලබයි. එම ලක්‌ෂණ මඟින් තෝරාගත් ජානය සාර්ථක ව ජීවියා ගේ ජාන කිටුවට ස්‌ථාපිත වී ඇති බව දැනගනු ලබයි.
ජාන තාක්ෂණයේ යෙදීම්
ජාන තාක්ෂණය මගින් ඉන්සියුලීන් නිෂ්පාදනය
ඉන්සියුලීන් නිෂ්පාදනයට අදාළ මිනිස්‌ ජානය බැක්‌ටීරියාවක්‌ තුළට සම්ප්‍රේෂණය කර එමඟින් ඉන්සියුලින් නිෂ්පාදනය, ජාන ඉංජිනේරු විද්‍යාවේ සාර්ථක වානිජ යෙදවුමක්‌ ලෙස දැක්‌විය හැකි ය.
කෘමි ප්‍රතිරෝධී ශාක
Bacillus thurengenesis (Bt) නම් පාංශු බැක්‌ටීරියාවේ ඇති Cry නම් ප්‍රෝටීන කාණ්‌ඩයේ ජාන උපයෝගී කරගනිමින් කෘමි හානිවලට ප්‍රතිරෝධී Bt-සහල්, Bt-තිරිඟු හා Bt-කපු ශාක නිපදවා ඇත
රන් සහල් නිෂ්පාදනය.
හාල් ඇටය තුළ විටමින් A සංශ්ලේෂණය වන ලෙස වෙනස්‌ කළ වී මඟින් විටමින් A ඌනතාවට පිළියම් යෙදීමට උත්සාහ දැරෙයි. ඉන්ටර්ෆෙරොන් ඉන්ටර්ලියුකීන් වැනි ඖෂධ ක්‍ෂුද්‍රජීවී පද්ධති තුළින් සංශ්ලේෂණය කර මානව වර්ගයා ගේ පෙර සුව කළ නොහැකි වූ රෝග සුව කිරීම සඳහා යොදා ගනියි. Erwinea uredovora නම් බැක්ටීරියාව යොදා ගැනීම
ජාන තාක්ෂණය භාවිතයෙන් අදුරේදී එළිය විහිදුවීමට සමත් පැළෑටි නිපදවීමට ඇමරිකා පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.

කණමැදිරියන් හා රෑ බදුල්ලන් තුල ද  ජෛව සංදීප්තිය යන සංසිද්ධිය දක්නට ලැබේ.
කණමැදිරියන් හා රෑ බදුල්ලන් අදුරේදී එළිය විහිදුවීමට යොදාගන්නා සංයෝගයත් එය නිපදවීමට මුල්වන ජානයත් සොයාගෙන ඇති ඔවුන් කර ඇත්තේ ඒවා ජාන තාක්ෂණය භාවිතයෙන් තෝරාගත් පැළෑටි කිහිපයට ඇතුලත් කිරීමයි.මෙම ශාක තුල අදුරේදී නිල් කොල පැහැති ආලෝකයක් ජනිත කරයි.මෙම ආලෝකය ජනිත වීම සදහා luciferases නම් ප්‍රෝටීනය උපකාරී වේ
ඉන්ධන පරිභෝජනය දිනෙන් දින ඉහල යමින් පවතී පොසිල ඉන්ධන දහනය වායුගෝලය උණුසුම් වීමට හේතු වේ.මෙයට විකල්පයක් ලෙස ජෛව ඉන්ධන භාවිතා කිරිම කාලෝචිතය.
ජෛව ඉන්ධන නිපදවීමට පර්යේෂකයන් විසින් නව ක්‍රමවේදයන් සොයාගැනීම් වල නිරත වෙමින් සිටියි.

පහත ක්‍රමවේදයන් භාවිතා කර ජෛව ඉන්ධන නිපදවිමට හැකි බව සොයා ගෙන ඇත.

ඇල්ගී භාවිතයෙන්  ජෛව ඉන්ධන නිපදවීම
දුම් කොල ශාකයෙන් ජෛව ඉන්ධන නිපදවීම
එළවඵ තෙල් වලින්  ජෛව ඉන්ධන නිපදවීම
ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන්  ජෛව ඉන්ධන  ප්‍රමාණය ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු නොකරන ලදදුම් කොල ශාකයෙන්  ජෛව ඉන්ධන  ප්‍රමාණයමෙන්10 ගුණයකි.
ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන්  500% පැසෙන සීනි නිදහස් කිරීමේ හැකියාව ඇත.
නවතම පර්යේෂණයක් වන්නේ යී ඡාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද යීස්ට්  සෛල  වලින් ජෛව ඉන්ධන නිපදවීමයි.
ඡාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද යීස්ට්  සෛල  වලට සීනි ලිපිඩ සහ තෙල් බවට පත් කිරීමේ හැකියාව ඇත.  90% ප්‍රතිශතයකින් මෙම යීස්ට් සෛල වලට සීනි සහිත උපස්තරය ලිපිඩ බවට පත් කිරීමේ හැකියාව ඇති බව Cockrell School's McKetta හි Hal Alper,පවසා තිබේ.මෙම ක්‍රමය වාණිජ වශයෙන් වාසිදායක වනු ඇත
නවතම පර්යේෂණ වලින් ජීවයේ සම්භවය පර්යේණගාරයක් තුල නිපදවිමට ජාන ඉංජිනේරැ විද්‍යාව සමත් වී ඇත.


 උපුටා ගැනීම -Science daily article

April 8, 2016

‍ඖෂධීය ගුණ සපිරි දෙහි

 ඖධීය ගුණයෙන් පිරි දෙහි, පොදු ජනවහරේ පැගිරි කුලයට අයත් යැයි පවසනු ලබන අතර, විද්‍යාත්මකව හදුන්වන්නේ රුටේෂි  ශාක කුලය ලෙසය. මෙම කුලයට අයත් ශාක සම්භවය වී ඇත්තේ උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය හා දකණු මධ්‍යම චීනයේ යුහාන් ප්‍රදේශය තුලය. මෙම ප්‍රදේශය තුල සිට ආසියාවේ අවට ප්‍රදේශ වලට මෙම බෝගය ව්‍යාප්ත වී වගාවක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබෙන්නේ වාර්තාගත සාධක පවා සොයා ගැනීමට අපහසු තරම්  කාලයකට පෙර සිටය. ඉන්පසු එය ක්‍රමක්‍රමයෙන් ලෝකයේ සෙසු නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශ කරා මිනිසා විසින් ගෙනගොස් වගාකර තිබේ. 

                                    මෙම බෝග අප රටේ විශාල වශයෙන් වගා කරනු ලබන්නේ මොණරාගල, රත්නපුරය, කුරුණෑගල හා බදුල්ල යන දිස්ත්‍රික්ක වලය.
                                     
                                               මෙහි අඩංගු විටමින් සී, විටමින් බී6,  විටමින් ඒ, විටමින් ඊ, නියාසින්, තයමින්, ෆෝලේට්, රයිබෝෆ්ලෙවින්, කොපර්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක් ,පොස්පරස් , පැන්තෝතෙනික් අම්ලය සහ ප්‍රෝටීන් වැනි පෝෂක නිසා ඖෂධීය වටිනාකමක් ඇත.
              
                                       මෙය පලතුරක් සේම එහි අඩංගු ‍‍ ඖෂධීය    ගුණ නිසා උගුරේ අමාරුව,  මලබද්ධය, දත් සම්බන්ධ රෝග,  සියළුම ආකාරයේ උණ රෝග, අභ්‍යන්තර ලේ ගැලීම්,  පිළිස්සීම්,     ස්වශන ආබාධ  අධිරැධිර පීඩනය,  indigestion, rheumatism, obesity වැනි රෝග සදහාද  සුවදායකය. දෙහි යුෂ වල අඩංගු පොටෑසියම් නිසා හෘදරෝග සම්බන්ධ රෝගීන්ට එය පානය කිරීම ඉතා ගුණදායකය. දෙහි යුෂ සම මත ගැල්වීම මගින් හිරු එළියෙන් සමේ ඇතිවන පිළිස්සීම් වළක්වා ගැනීම, සම රුලි වැටීම වළක්වා ගැනීම මෙන්ම කළු ලප ඉවත්වීම සහ දෙහි යුෂ සමග මීපැණි මිශ්‍ර කර පානය කිරීම මගින් සමේ නිරෝගී වර්ධනයක් ඇතිකර ගත හැක.   දෙහි යුෂ හිස්කබල මත ඇතිල්ලීම මගින් හිස්සොරි පාලනය කිරීම සහ හිසකෙස් වැටීම මෙන්ම හිසකෙස් වල ගැල්වීම මගින් ස්වභාවික දිස්නය පවත්වාගත හැකිය. දෙහි යුෂ මද උණුසුම් ජලයේ මිශ්‍ර කර මීපැණි සමග පානය කිරීමෙන් ශරීරයේ බර අඩුකර ගත හැකිය.

                                  අප ශරීරයේ ප්‍රතිශක්තිකරනයටද බලපාන දෙහි යුෂ මුත්‍රාශයේ ගල් දියකරන ඹෞෂධයක් ලෙසද ප්‍රසිද්ධය.  මෙහිදි Urinary citrate   සංයෝගය සෑදීම නිසා   Crystals   ඇති වීම මගහැරී යයි. දෙහි වලින් ලබාගන්නා Scent මදුරුවන් පලවා හැරීමටද යොදා ගනී. දෙහිවල අඩංගු Antibacterial ගුණාංගය නිසා උගුරේ අමාරුව සදහා යොදා ගනී.

                                              දිනකට කුඩා දෙහි ගෙඩියක 1/2 ක යුෂ පානය කිරීමෙන් සෞඛ්‍යමත් ජීවිතයක් ලබාගත හැකිය.
  



සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරි
                
                ඒ.ඒ.සී.වි. අතාවුද
                  
                අරණායක

සුවපත් දිවියක් සඳහා ආහාර.


අප ගන්නා ආහාර මගින් ලැබිය යුත්තේ මිනිසාගේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩීමකි. එහෙත් අද අප විසින් ආහාර යැයි ගනු ලබන බොහොමයක් දේ සම්බන්ධයෙන් ඉහත කාරණා ඉටු වේදැයි යන්න පිලිබඳව නැවත නැවතත් සිත් යොමු කළ යුතුය.

මේ අතරින් නිෂ්ඵල ආහාර (Junk Foods - අධික සීනි හා ලුනු අඩංගු) , පිරිසැකසූ ආහාර ( Processed Foods - කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය යොදා කල් තබා ගැනීමට සැකසූ ආහාර ) අහිතකර මේදය බහුල ආහාර (Trans Fat අඩංගු - ගැඹුරු තෙලේ බඳින ලද ආහාර හා ඇතැම් බේකරි නිෂ්පාදන) පරිභෝජනය පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. හේතුව නිතර නිතර මෙම ආහාර පරිභෝජනය බෝ නොවන රෝග රැසකට අත වැනීමකි.

සාමාන්‍යයෙන් ඔබේ ආහාර පිඟානෙහි ½ ක් ධාන්‍ය හා අල වර්ග ද, ඉතිරි අඩෙන් 2/3 ක් එළවළු ද, පිඟානෙන් ඉතිරි 1/3 ක මාළු, බිත්තර, මස්, පියලි හා ඇට වර්ග ද, මේදය අඩංගු ආහාර මද ප්‍රමාණයෙන් ද තිබිය යුතුය.

විශේෂයෙන්ම ඔබ නැවුම් එළවළු හා පළතුරු අනුභවය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ප්‍රධාන ආහාර වේලට ප්‍රථම පළතුරු අනුභවය වඩාත් යෝග්‍යය. දිනකට අවම වශයෙන් එළවළු වර්ග 3 ක් හා පළතුරු වර්ග 2 ක් වත් ආහාරයට ගත යුතු අතර, මේවායේ විවිධත්වයක් පැවතීම ඉතා වැදගත් වේ.
තවද එළවළු හා පළතුරු ගැනීම තුලින් මළ බද්ධය වැලකෙන අතර. ඉන් ශරීරයට විෂ ද්‍රව්‍ය උරා ගැනීම අවම කරයි.

එළවළු හා පළතුරු වර්ගවල ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝග හා තන්තුමය කොටස් මගින් ශරීරය ආරක්ෂණයක් සිදු වේ. මින් තන්තුමය කොටස් රුධිරයේ සීනි මට්ටම පාලනයට මෙන්ම අන්ත්‍රයේ අවසන් කොටසේ ජීවත් වන හිතකර බැක්ටීරියාවන්ට සුදුසු පරිසරයක් ගොඩ නඟා දීමක් සිදු කරයි.

මිනිස් සිරුරට ඇතුළු වන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ දී පෝෂණය ඉතා වැදගත් ය. මේ අතර,
ක්ෂුද්‍ර පෝෂක - (Micro nutrients - ඛනිජ ද්‍රව්‍ය හා විටමීන් වර්ග) මෙන්ම
ප්‍රතිඔක්ෂිකාරක සංයෝග (Antioxidants) ප්‍රධාන වේ.

ක්ෂ්‍රද්‍ර පෝෂක ශරීරයේ හෝමෝනවල නිසි ක්‍රියාකාරීත්වයට බෙහෙවින් වැදගත්ය. උදා - ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය මනාව සිදු විමට සෙලිනියම් (Se) නම් ක්ෂුද්‍රපෝෂක මූලද්‍රව්‍ය උපකාරී වේ.

අපගේ ආහාරයට එක් කර ගන්නා කොළ මැල්ලුම තුලින් මෙවැනි ක්ෂුද්‍ර පෝෂක ලබා ගත හැකිය.

එමෙන්ම ප්‍රතිඔක්සිකාරක සංයෝග මගින් ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලියේ දි සෑදෙන ඔක්සිකාරක සංයෝග ඉවත් කිරීමක් සිදු කරයි. මේනිසා ශරීරය තුල ඇති වන පිළිකා සෛල විනාශ කර දැමේ.

විශේෂයෙන්ම කහට පිපෙන ස්වභාවය වැඩි හා තද පැහැති එලවළු හා පළතුරුවල ප්‍රතිඔක්සිකාරක බහුලව පවති. උදා- ලෙස හොඳින් ඉඳුනු ලොවි, ජම්බු, වෙරළු, නෙල්ලි වැනි දේශීය පළතුරු මෙන්ම වැටකොළු, අලුකෙසෙල් වැනි එළවළු වර්ග

එහෙත් අද වෙළඳ පොළෙන් අප ගන්නා අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය යෙදූ එළවළු හා පළතුරු පරිභෝජනය ද  ගැටළුකාරී තත්වයකි.

සාමාන්‍යයෙන් රසායන ද්‍රව්‍ය භාවිතය අඩු Green Fifteen කාණ්ඩයට අයත් එළවළු හා පළතුරු අතර, අලිගැටපේර, බඩ ඉරිඟු, අන්නාසි, ගෝවා, ලූණු, අඹ, පැපොල්, වම්බටු, බතල වැනි ආහාර වර්ග ප්‍රධාන වේ.

කෘෂි රසායන ද්‍රව්‍ය අවශේෂ බහුලව අඩංගු Dirty Dozen කාණ්ඩයට අයත් ඇපල්, ස්ට්‍රෝබෙරි, මිදි, අර්ථාපල් වැනි ආහාර වර්ග පරිභෝජනයේ දි සැලකිලිමත් වන්න.

එළවළු හා පළතුරු වර්ග පරිභෝජනයට ප්‍රථම පහත ක්‍රියාමාර්ග තුලින් ඒවායේ ඇති කෘෂි රසායන ද්‍රව්‍ය අවශේෂ යම් පමණකින් ඉවත් කර ගත හැකිය.

1.     ගලායන ජලයෙන් හොඳින් සේදීම
2.     විනාකිරි සහ ජලය 1:4 මිශ්‍ර කර එම ද්‍රාවණයේ එළවළු හා පළතුරු පැයක් පමණ ගිල්වා   තැබීම.
3.    පොතු ඉවත් කිරීම

4.    දෙහි යුෂ තේ හැඳි 01       බේකින් පවුඩර් තේ හැඳි 01        ජලය කෝප්ප 01
         එකට මිශ්‍ර කර සාදාගත් ද්‍රාවණය පළතුරු මතට  spray කර මි. 5 -10 අතර කාලයක් තබා පිරිසිදු ජලයෙන් සෝදා ගැනීම

නීරෝගීමත් දිවියක් සඳහා ඔබ ආහාර පරිභෝජනයේ දී,
3S -  Starch   -   සුදු පිටි
         Sugar    -   සීනි
         Salt       -   ලුණු             පරිභෝජනය අඩු කරන්න.

ආහාරවල ඇති සැඟවුණු සීනි ද ඇතුළත්ව දිනකට සීනි තේ හැදි උපරිමව 6කට ද , ලුණු තේ හැදි 1ක් (5g) කට සීමා කරන්න.

වැඩිපුර සීනි පරිභෝජනයෙන් පිළිකා සෛල වර්ධනයට අවශ්‍ය පෝෂණය වැඩිපුර සැපයෙයි.

ආර්.ඩී.එන්. ප්‍රියන්ති
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
කිරින්ද පුහුල්වැල්ල


(ආචාර්ය චින්තා රූපසිංහ මහත්මිය විසින් පැවැත්වූ දේශනය ඇසුරිනි.)

April 5, 2016

ආහාර ආකාලන

ආහාර ආකාලන ද්‍රව්‍යය(food additives)යනුවෙන් හඳුන්වන්නේ ආහාරයක පෙනුම හා රසය වැඩි කර ගැනීමට හෝ රසය පවත්වා ගැනීමට භාවිත කරන ද්‍රව්‍යවේ.

ආහාර ආකාලන ද්‍රව්‍යය(food additives)   
අතීතයේ සිටම විවිධ ආකලන ද්‍රව්‍යය භාවිත කල අතර උදාහරණ ලෙස විනාකිරි මගින් අච්චාරු සෑදීම, කරවල සඳහා ලුණු දැමීම වැනි ක්‍රම දැක්විය හැක. නූතනයේ ස්වාභාවික මෙන්ම කෘතීම ආකලන ද්‍රව්‍යය ද බහුලව භාවිත කරයි.
විධිමත් කිරීම, පාලනය කිරීම හා පාරෙභෝගිකයා දැනුවත් කිරීමේ අරමුණින් එක් එක් ආකලන ද්‍රව්‍යය සඳහා අනන්‍ය අංකයක් ලබා දී ඇති අතර එය E - අංකය("E numbers") ලෙස හඳුන්වයි. ආහාර වල ලේබලය තුල අදාළ ආකලන ද්‍රව්‍යයේ නාමය හෝ එහි E - අංකය නීති රීති වලට අනුව සඳහන් කල යුතු වන අතර සමහර ලේබලවල E - අංකය පමණක් සඳහන් කර ඇත.

සැකසූ ආහාර ( processed food) වලට එකතු කරන රසකාරක වර්ග 14,000ක් පමණ ලෝකයේ භාවිතා කරයි.
දැනට සමාජයේ බහුල නිදන්ගත රෝග(chronic disease)   ඇති කිරීමට මෙම ආහාර බොහෝ සේ දායක වේ.
උදා-: පිළිකා, දියවැඩියාව ,   තරබාරුව 
CANCER – පිළිකා
සැකසූ ආහාර ( processed food) වලට එකතු කරන සමහර  කෘතීම  රසකාරක පිළිකාකාරක (carcinogenic properties) බව හදුනාගෙන ඇත.
ලොව ප්‍රධානම පිළිකාකාරක ආහාර වර්ග 5
       පැණි බීම
       අර්ථාපල් තීරු බැදුම
       ඩෝනට්ස්
       හොට් ඩෝග්ස්
       පිළිස්සූ මස්
වෙළෙඳපලේ විකිණීමට ඇති හොට්ස්ඩෝග්ස් හා එවැනි සකස්කළ මාංශ ආහාරවල වැඩිපුරම ඇත්තේ කුමන සංඝටකදැයි ඔබ දන්නේද? අධිකව යෙදූ ලුණු, MSG, සෝඩියම් නයිට්‍රේට්, කල්තබාගැනීමේ ද්‍රව්‍ය, කෘතිම රසකාරක ද්‍රව්‍ය, ලාබදායි ලෙස සැකසූ සෙඛ්‍යාරක්ෂිත නොවූ මැද පිරවුම් යනාදියයි.
නිෂ්පාදනයේදී මාංශ වෙන් කෙරෙන්නේ යන්ත්‍රානුසාරයෙනි.
බොහෝ පාරිභෝගිකයන්ට මෙම නිෂ්පාදනවල පෝෂ්‍යදායි ගුණය ගැන වැටහීමක් නැත. යන්ත්‍රානුසාරයෙන් මාංශ වෙන්කිරීමේදී ඒවා දැඩි උෂ්ණත්වයකට හා පීඩනයකට යටත්වන නිසා ඒවාවල පෝෂ්‍යදායිබව වියැකී යයි. උදාහරණයක් ලෙස මාංශවල ඇති ප්‍රෝටීන් ද මෙම අධිකාර්මික ක්‍රියාව නිසා විකෘතිභාවයට පත්වේ.
Antioxidants-ප්‍රතිඔක්සිකාරක Ascorbic acid (E 300) and citric acid (E 330) - which preserve the colour of freshly cut fruits and vegetables.
             ප්‍රතිඔක්සිකාරක වර්ග
E 300    - ඇස්කොබික් අම්ලය -පලතුරැ බීම
E307   - ටොකොපිරෝල් -ධාන්‍ය ආශ්‍රිත ලදරැ ආහාර
E310   - ප්‍රොපිල් ගැලේට් -එළවළු තෙල්
      E320  -බියුලේටඩ් හයිඩ්‍රොක්සි ඇනිසෝල්-චීස් තැවරැම්
E321 - බියුලේටඩ් හයිඩ්‍රොක්සි ටොලුයීන්-චුයින්ගම්
E 322-ලෙසිතීන් -මේදය අඩු තැවරැම්

ඇන්ටිඔක්සිජන් ආහාර ඔක්සනීකරනය වීම සහ ආහාර දුර්වර්ණ වීම වැලැක්වීමට බාවිතා කරයි
මේවායේ  ප්‍රතිඔක්සිකාරක වල eන යුගල වශයෙන් නොපවතී.
මුක්ත ඛණ්ඩක (Free Radicals) මගින්  හා බැර ලෝහ (Heavy  Metals)මගින් ආමශයේ සෛල වලින් හෝ වෙනත් සෛල වලින්  eන ලබා ගෙන ස්ථායී වීම....
ආමාශයේ සෛල යේ  e ක් අඩුයි. එය විකෘතියකි. ආහාර මාර්ගය දිගේ යන විට එම සෛල ද ගමන් කරයි. මෙම තත්වය බොහෝ රෝග වලට හේතු වේ.   ප්‍රතිඔක්සිකාරක එළවළු හා පළතුරු වල ඉතා ඉහලයි.මෙවැනි ආහාර ගැනීමෙන් රෝග මර්ධනය කර ගත       හැකිය.
             ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර  - තද පාට එළවළු හා පළතුරු වල  ජම්බු ,  කොමඩු , ලොවි , ඇපල් ,මිදි     
              කහට ගතිය වැඩි ආහාර   -පොළොස්
වර්ණක
ආහාර වර්ණක පාරිභෝගික රැචිකත්වය දිනා ගැනීමේ එක් සාධකයකි.
කෘතීම රසකාරක සහ සුවද වර්ග නිපදවනුයේ ගල් අගුරැ තාර රසායන සංයුතියකිනි.
දීප්තිමත් වර්ණක අඩංගු සංයෝග පිළිකාකාරක වේ. ඒවා වර්ණ දේහ වලට හානි කර ලෙස බලපෑ හැකිය.
වර්ණක අඩංගු ආහාර
E -100  curcumin -මාජරින්
Add caption
E -101 Riboflavin-සෝස් වර්ග
E-102 Tatrazine - සිසිල් බීම වර්ග
E-110 Sun set yellow F C F -බිස්කට් වර්ග
E-120 Cochieal  -මත් පැන් වර්ග
E-122 Carmoisine -ජෑම් වර්ග
E-155 Chocolate Brown - චොක්ලට් කේක්

අද ස්වභාවික වර්ණක නිස්සාරනය කිරීමට පර්යේෂකයන් සමත් වී ඇත.
උදා දාස් පෙතියා -කහ පාට
පරිරක්ෂක
     ආහාර මත වැඩිය හැකි බැක්ටීරියා ,යිස්ට් හෝ ඇතැම් දිලීර වර්ග වල වර්ධනය  නිෂේධනය කල හැකි
     ද්‍රව්‍යයන් වේ.
පරිරක්ෂක අතුරින් සල්ෆයිට නයිට්ට්‍රේට සහ නයිට්‍රයිට උපරිම විෂ තත්ව පෙන්නුම් කරයි.
සෝඩියම් සල්ෆයිඩ් (Sodium Sulfite E - 221)

මෙය වයින් වැනි පාන වල කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස භාවිත කරයි. සෑම පුද්ගලයින් සිය දෙනෙක්ගෙන්ම එක අයෙකු සල්ෆයිට් සඳහා සංවේදී වන අතර එවනි පුද්ගලයකු ලැබිය හැකි ප්‍රථිපල හානි කරය. ඒ අතර ස්වසනය කිරීමේ අපහසුතා, කුෂ්ඨ, හිසරදය ඇතිවීම සිදු විය හැක.
සෝඩියම් නයිට්‍රේට හා නයිට්‍රයිට.

පරිරක්ෂණය කල මස් ආහාර වන හැම්, සොසේජස්, බේකන්, හොට් ඩෝග්ස් වැනි ආහාර කල්තබා ගැනීමටත්, රසය හා වර්ණය වර්ධනය කර ගැනීමටත් යොදා ගනී. සෝඩියම් නයිට්‍රයිට් විෂ ගති ගුණ ඇති ද්‍රව්‍යයක් වන අතර මෙමගින් ඇතිවිය හැකි නයිට්‍රොසෝ අමීන පිළිකා කාරකය.
රසකාරක
රසකාරකයක් යනු රස සන්නිවේදනය ලබා දෙන්නා වූ සංඝටකයක් හෝ සමූහයකි
සියලුම රසකාරක ඇරෝමැටික සංයෝගයන්ගෙන් සමන්චිතය
මේවාට තනිව රස ගැන්විය නොහැක
ස්වභාවික රසයේ තීවුරතාවය වැඩි කල හැක
අජිනෝමොටෝ (Monosodium Glutamate/MSG - E621)

මෙය ආහාර වල රසය වැඩිකර ගැනීමට භාවිත කරන අතර අවපීඩනය, තරබාරු බව, හිසරදය, බලවත් විඩාව වැනි රෝගී තත්වන්ට හේතු වේ.
MSG යනු Excitotoxineනයක් වේ.  මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් MSG වලට ප්‍රතික්‍රියා දක්වන සෛල අධික ක්‍රියාකාරීත්වයකට (Over Excite) ලක්ව පසුව ඇතිවන තෙහෙට්ටුව නිසා මෙම සෛල දුර්වල වීම හෝ මරණයට පත් වේ. 
කෘතීම පැණිරස කාරක/ ඇස්පාටෙම් (Aspartame - E951)

මෙය සීනි රහිත (sugar free) ලේබලය සහිත ආහාර වල බහුලවම හඳුනා ගතහැකි ආකලන ද්‍රව්‍යයකි. එය නියුරෝන ධුලකයක් හා පිළිකා කාරක ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරන අතර කෙටි කාලින මතකය හා බුද්දිමත් භාවය කෙරෙහි අහිතකර ලෙස බලපායි. එසේම එය හිසරදය, කරකැවිල්ල, මානසික ව්‍යකුලතාවයට තත්ත්ව වලට ද හේතු විය හැකි බව සොයාගෙන ඇත.
අධි ප්‍රක්ටෝස පැණි වර්ග (High Fructose Corn Syrup)
මෙය ශක්තිය ලබා දෙන ද්‍රව්‍යයක් වශයෙන් භාවිත වන අතර අධික ලෙස පිරිපහදු කරන ලද කෘතීම පැණිරස කාරකයකි. මෙය රුධිරයේ අඩු ගණත්ව ලිපෝ ප්‍රෝටීන (LDL) ප්‍රමාණය ඉහල යෑමට හේතුවේ. එමෙන්ම දියවැඩියා තත්ත්වයකට හා පටක හානි වීමටද හේතුවේ.
ට්‍රාන්ස් මේදය (Trans Fat)

මෙය ආහාර වල කාල සීමාව වැඩි කර ගැනීමට භාවිත කරයි. මෙය ගැඹුරු තෙලේ බදිනු ලබන ආහාරවල, භාගිකව හයිඩ්‍රජනී කරනය වූ එළවලු තෙල් වල හමුවේ. එය රුධිරයේ LDL කොලේස්ටෝරෝල් මට්ටම ඉහල දැමීමටත්, හෘද රෝග අවදානම වැඩිකිරීමටත් හේතු වේ.
බියුටිලේටඩ් හයිඩ්‍රෝක්සි ඇනිසොල් හා බියුටිලේටඩ් හයිඩ්‍රෝසිට් ටෝලුයින් (BHA and BHT - E320)

මෙය සමහර ධාන්‍ය වල, බබල්ගම් වල, එළවලු තෙල් ආශ්‍රිතව හඳුනා ගත හැකිවන අතර ආහාර වල රසය, වර්ණය පවත්වා ගැනීමටත් තෙල් මුඩු වීම අඩු කර ගැනීමටත් යොදනු ලබයි. මෙයට පිළිකා කාරක හැකියාවක් පවතින අතර මොලය මත අහිතකර බලපෑම් ඇතිවේ. මේ නිසා හැසිරීම් පවා වෙනස් විය හැක.

නියමිත ප‍්‍රමාණයට වැඩිපුර හෝ අඩුවෙන් හෝ ආහාර වේලට ලූණු එකතු කර ගැනීම නිසා මස්පිඩු පෙරළීම, කරකැවිල්ල, ස්නායු ආවේග සම්පේ‍්‍රෂණය පිළිබඳ ගැටළු මෙන් ම මරණය ද සිදු විය හැකි ය.
        මෙවැනි කෘතීම ආකලන ද්‍රව්‍ය අඩංගු ආහාර අධිකව පරිභෝජනය කිරීමෙන් වලකින්න. එය ඔබට                     නිරෝගී  දිවි  පෙ‍වෙතක් කිරීමට මහත් රුකුලක් වනු ඇත.
         නිරෝගී දිවි පැවැත්මකට

උසට සරිලන බර ශරීර ස්කන්ධ දර්ශක 18.5-24.9 අතර මට්ටමක පවත්වා ගන්න සුදුසුම අගය  - 23
ලුණු අඩු කරන්න
එක් පුද්ගලයෙක් දිනකට ගන්නා ලුණු ප්‍රමාණය තේ හැදි 01 දක්වා සීමා කරන්න
             ට්‍රානස් මේදය ඇති ආහාර අවම කරන්න                          
ව්‍යායාම අවම වශයෙන් සතියට දින 05ක් විනාඩි 30 බැගින් ශාරිරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න
ඇවිදීම ඉතා සුදුසුය
සීනි අඩු කරන්න
දිනකට භාවිතා කරන සීනි ප්‍රමාණය තේ හැදි 06කට වඩා වැඩි නොවිය යුතුය