Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

February 29, 2016

විශ්වයේ මූලික බල 4 එක් බලයක් වීම ( Grand Unified Theory).

 
විශ්වයේ මූලික බල 4 ලෙස භෞතික විද්‍යාවට අනුව ගුරුත්වාකර්ෂණ බලය, දුර්වල අන්තර්ක්‍රියා (දුර්වල න්‍යෂඨික)බලය, විද්‍යුත් චුම්බක බලය, ප්‍රබල අන්තර්ක්‍රිය (ප්‍රබල න්‍යෂඨික) බලය යන බල  හැදින්වේ. එහෙත් බොහෝ භෞතික විද්‍යාඥයන් විශ්වාස කරනුයේ මෙම මුලික බල 04 ම එක තනි බලයක ව්‍යාප්තියක් හෙවත් කොටස් බවයි. මුලික බල 04 හි එකතුව වූ තනි බලය මෙතක් හදුනාගෙන නොමැත. එනමුත් විදුලිය, චුම්භකත්වය සහ දුර්වල බලය එක්වී electroweak අන්තර්ක්‍රියා ඇතිවන ආකාරයට  එම සියලු ක්‍රියා මුලික බල 04 එක් කිරීම සිදු කරනු ඇතැයි සැක කෙරේ.

වත්මන් ක්වොන්ටම් යාන්ත්‍රනයේ මෙම බල පිළිබද පැහැදිලි කිරීමට අනුව අංශු එකිනෙකා හා සෘජුව අන්තර්ක්‍රියා නොකෙරේ.සත්‍යලෙසම අන්තර්ක්‍රියාවන් සදහා තාත්වික අංශු මාධ්‍ය හෙවත් බලපාන බව විද්‍යමාන වීම පමණක් සිදුවේ. ක්වොන්ටම් යාන්ත්‍රනයේ “standard model” ආකෘතිය ගුරුත්වාකර්ෂණ බලය හැර ඉතිරි බල 03 සදහාම අදාළ වේ. එනිසා බල 04 ම එක බලයකට ගොනු කිරීමට එසේත් නැතිනම්  “standard model” යටතේ ගුරුත්වාකර්ෂණයද සැලකීම සදහා ක්වොන්ටම් ගුරුත්වාකර්ෂණ අදහස ඉදිරිපත්වී තිබේ. එමගින් graviton නමැති තාත්වික අංශුවක පැවැත්ම උපකල්පනය කරයි. Graviton ගුරුත්ව අන්තර්ක්‍රියා වලට බලපාන (මාධ්‍ය) මුලිකය ලෙස සැලකේ. දැනට  graviton හදුනාගෙන නැති අතර ක්වොන්ටම් ගුරුත්ව සිද්ධාන්ත විශ්වීය ලෙස සකස් කර හෝ සාර්ථක වී නැත.

විශ්වයේ මූලික බල 4  එක් බලයක් වීම පිළිබද අනුමාන සංකල්පනාවකට අනුව අසිමිත ඉහළ උෂ්ණත්වයකදී ( විශ්වය ආරම්භයේදී ) මෙම මුලික බල 04 එක්ව පැවතියේය. උෂ්ණත්වය සීඝ්‍රයෙන් අඩුවිමේදී (විශ්වය ආරම්භවී තත්පර 10-43 ට පසුව) එනම් GeV 1019 උෂ්ණත්වයේදී පළමුවරට ගුරුත්වාකර්ෂණ බලය, පැවති මුලික බල 04 හි එකතුවෙන් වෙන්විය. ඉතිරි මුලික බල 03 තවදුරටත් තනි බලයක් ලෙස පැවතිණි. උෂ්ණත්වය GeV 1014 දක්වා පහළට ගියවිට ( විශ්වය ආරම්භවී තත්පර 10-35 කාලයකට පසු ) තනි බලයක්ව තිබු මුලික බල 03ද එකිනෙකින් වෙන්ව ක්‍රියාකිරීම ආරම්භ විය. මෙතෙක් හදුනා නොගත් අංශු, අවකාශ කාලය (space time) යනාදිය නිසා මෙම සංකල්පයද තවමත් ප්‍රායෝගිකව සනාථ කර නැත.

Loss of Unity in the Forces of Nature
Characterization
විස්තරය
Forces Unified
එකතු වී ඇති මුලික බල
Time Since Beginning
විශ්වය නිර්මාණය වී ගත වූ කාලය
Temperature
විශ්වයේ උෂ්ණත්වය
(GeV)*
All 4 forces unified
බල 4ම එකතුවී තිබේ.
Gravity, Strong, Electromagnetic, Weak
~0
~infinite
Gravity separates (Planck Scale)
ගුරුත්වාකර්ෂණ බලය වෙන්වීම.
Strong, Electromagnetic, Weak
10-43 s
1019
Strong force separates (GUTs Scale) 
ප්‍රබල අන්තර්ක්‍රියා  බලය වෙන්වීම 
Electromagnetic, Weak
10-35 s
1014
Split of weak and electromagnetic forces 
දුර්වල අන්තර්ක්‍රියා බලය හා විද්‍යුත් චුම්භක බලයද වෙන්වීම.
None
10-11 s
100
Present Universe
වත්මන් විශ්වය 
None
1010 y
10-12
*Temperature Conversion: 1 GeV = 1.2 x 1013 K
මුලික බල 04 එක් තනි බලයක් වීම එනම් “Theory of Everything”/ Grand Unified Theory       (සියලු දේට පොදු ධර්මතාව) පිලිබදව විද්‍යාඥයන් තවදුරටත් අධ්‍යනයේ යෙදේ. 

 
උපුටාගැනීම : අන්තර්ජාලය ඇසුරිනි.  

https://www.youtube.com/watch?v=HYbmLNeetk8 

February 19, 2016

විශ්වයේ ගුරුත්වාකර්ෂණ රැළි

සර් අයිසෙක් නිව්ටන් ඇපල් ගෙඩියක් පොළවට වැටීම නිරීක්ෂණය කරමින් පෟථිවිය වෙනත් ස්කන්ධයන් ආකර්ෂණය කරන බව එනම් ගුරුත්වාකර්ෂණය  සොයාගත්තේය. අහස්යානා වැනි පෟථිවිය තුළ භාවිතා කරන වස්තු මෙන්ම රොකට් වැනි පෟථිවිය කක්ෂය පසුකර යන යානා නිර්මාණයට සහ විවිධ ක්‍රියාවලින් හදුනාගැනීමට ගුරුත්වාකර්ෂදැණුම බෙහෙවින් උපකාරී විය. කෙටියෙන් එය විද්‍යාවේ ඉදිරිගමනේ එක් සුවිශේෂ පරිච්ඡේදයක ආරම්භය ලෙස සැලකේ.

නිව්ටන්ගෙන්  වසර දෙසියකට පමණ පසු බිහිවූ සුපතල විද්‍යාඥයකු වූ ඇල්බට් අයින්ස්ටයින් පෟථිවියේ ගුරුත්වාකර්ෂණයට සමාන වු විශ්වයටම පොදු වූ විශ්වයේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ අනාවැකි පල කළේය. ඔහු හෝ වෙනත් කිසිවෙකු නිරීක්ෂණය නොකල මෙම ශාස්ත්‍රීය  අනාවැකිය සත්‍ය බව වර්තමාන තාක්ෂණ දියුණුව නිසා පසුගියදා මිනිසා විසින් නිරීක්ෂණය කරන ලදී. එනම් නවීන තාක්ෂණයෙන් නිමැවුණු  අතිශය සංවේදී උපකරණ වලට පසුගියදා ප්‍රථම වරට ලැබුණු ශබ්ද සංඥාවන්හි අර්ථය රූප තිරයේ දිස්වීමෙන් විශ්වයේ ගුරුත්වාකර්ෂණ රැල්ලක් සත්‍ය ලෙසම පවතින බව සනාථ විය.  මිනිසාට එය දැකීමට ලැබේ යැයි අයින්ස්ටයින්ද විශ්වාස නොකළේය.

කළු කුහර (Black Hole) දෙකක් එකට ගෑටීමෙන් මෙම විශ්වයේ ගුරුත්වාකර්ෂණ රැළි නිර්මාණය වී තිබේ. මෙම ගැටීම දැනට ආලෝක වර්ෂ බිලියනයකට පෙර සිදු වී ඇත. එතරම් වූ සුවිශාල දුරකින් සිදුවූවද (සුවිශාල කාලයකට පසුවද) අපට එය දැනීමෙන් ගැටීමේ ප්‍රභලත්වයේ තරම සිතා  ගත හැකිය. එම ප්‍රභලත්වය හා සංසන්දනයේදී පෟථිවියේ භුකම්පන, සුනාමි, පරමාණු පිපිරීම් යනාදිය ඒක සෛල ජීවියෙකුටද වඩා කෝටි ප්‍රකෝටි ප්‍රමාණයකින් කුඩාය. දැවැන්ත තාරකා පුපුරා යෑමෙන් හෝ කළු කුහර ගැටීමෙන් ඇතිකරන ගුරුත්වාකර්ෂණ රැළි හේතුකොටගෙන විශ්වයේ ඇතිවන හැකිලීම් හා විස්කාරණය වීම ආලෝකයේ වේගයෙන් විශ්වය පුරා විසිරී යයි.


ඇපල් ගෙඩිය වැටෙන අයුරු අප සියලු දෙනාම දුටුවද එය ගුරුත්වාකර්ෂණය බව පහදා දුන්නේ නිව්ටන්ය. අයින්ස්ටයින් විශ්වයේ ගුරුත්වාකර්ෂණය පිළිබද නිරූපණයක් හෝ නොදැක එවැන්නක් ගැන න්‍යාය සකස් කලේය. එනිසා ඔහු අද ජීවත්ව සිටියේ නම් බොහෝ සතුටට පත්වනු නොඅනුමානය.

ගුරුත්වාකර්ෂණය සොයා ගැනීම නිසා විද්‍යාවේ සිදුවූ සුවිශේෂි ඉදිරිගමන මෙන්ම විශ්වයේ ගුරුත්වාකර්ෂණය ස්ථිර කර ගැනීමෙන් කළු කුහර දර්ශනය කිරීමටත් කාලයේ ආපස්සට ගමන් කිරීමටත් මිනිසාට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති. එපමණක් නොව විශ්වයේ ආරම්භය සේ සලකන (Big Ban) මහා පිපුරුමද දර්ශනය කර ගැනීමට මිනිසා සමත්වනු ඇත. ඒ කෙසේවෙතත් අපගේ මිමුනුබුරන්ට අපගේ ආගමික ශාස්තෘන් වහන්සේලා සජීවීව දැකීමට හැකිවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.


උපුටාගැනීම:-  අන්තර්ජාලය ඇසුරෙනි.
https://www.youtube.com/watch?v=OBybywdPa8U

https://www.ligo.caltech.edu/detection

ඉපැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල ඔසු සහ මිනුම් ක්‍රම

ඉපැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල අඩංගු ඊටම ආවේණික වූ ඔසු සහ මිනුම් ක්‍රම භාවිතා කරයි
කළං 01            - මංචාඩි 20
කළං 01            - ග්‍රෑම් 05
මංචාඩි 01         - මිලිග්‍රෑම් 250
පත 02              - මනා 01
මනා 02            - නැළි 01
නැළි 04            - ලාස් (කුරුණි) 01
මනාවක් යනු    - අඬු කෝප්ප 02කි
පතක් යනු         - අඬු කෝප්ප 01කි
නැළියක් යනු    - අඬු කෝප්ප 02කි

නොයෙක් ඇට වර්ග අනුව මිනුම් ක්‍රම
තල ඇට 03ක් යනු        - අමු ඇට 01කි.
අමු ඇට තුනක් යනු       - වී ඇට 01කි
වී ඇට 04ක් යනු           - ගුංජා (ඔලිඳ) ඇට 01කි
රත්තිකා (ගුංජා) 02ක් යනු මංචාඩි (මදටිය ඇට) 01කි. වී ඇට 08කි.

ආයුර්වේද විද්‍යාවේ ඇතැම් ඔසු වර්ගයන් හඳුන්වන නාම
දෙසඳුන් යනු                - රත් හඳුන් සහ සුදු හඳුන් වේ.
දෙදුරු යනු                    - සූදුරු සහ කළුදුරුය.
ත්‍රිපලා යනු                    - අරළු, බුළු සහ නෙල්ලිය.
ත්‍රිමධුර                          - ගිතෙල්, මීපැණි, උක් හකුරුය.
පංච මධුර                     - කිරි, උක් හකුරු, ගිතෙල්, දධි, මී පැණි.
පංචාංගය                      - මුල්, මල්, කොළ, පොතු, ගෙඩි
පස්ගෝරස                   - කිරි, දීකිරි, මෝරු, ගිතෙල්, වෙඬරු
පස්තෙල්                      - ගිතෙල්, තලතෙල්, එඬරු තෙල්, කොහොඹ තෙල්, මී තෙල්
පස් පැඟිරි                     - දෙහි, ‍දොඩම්, නාරං, යකි නාරං, පූඩලු දෙහි
පස්මල්                         - විළඳ, සමන් කැකුළු, හෙළ අබ, හී තණ, (ලද පස් මල්) සුදු මල් කැකුළු
නවරත්න                      - රතු කැට, මුතු, පබළු, මරකත, පුෂ්පරාග, දියමන්ති, නිල්කැට, ගෝමේද, වෛදූර්යය.
දසමූල                          - බෙලි, මිදි, තොටිල, පලොල්, ඇත්දෙමට, අස්වැන්න, පොල්පලා, හීන්නෙරෙංචි, එළබටු
 මුල්, කටුවැල් බටු
 









එසේම ධාන්‍ය වර්ග සම්බන්ධයෙන් පහත සදහන් දත්තද ඖෂධීය ආහාර පිළියෙල කිරීමේදී  යොදාගනී

ධාන්‍ය වර්ගය
වියලි බර
පෙගවීමෙන් පසු බර
අවශ්‍ය වතුර
තැම්බීමේ කාලය
තැම්බීමෙන් පසු බර
කව්පි (කලු)
ග්‍රෑම් 250
ග්‍රෑම් 526 (පෙගවූ කාලය පැය 5)
අඩු කෝප්ප 2 3/4
විනාඩි 35
ග්‍රෑම් 526
කව්පි (සුදු)
ග්‍රෑම් 250
ග්‍රෑම් 508 (පෙගවූ කාලය පැය 5)
අඩු කෝප්ප 2 3/4
විනාඩි 35
ග්‍රෑම් 524
කඩල
ග්‍රෑම් 250
ග්‍රෑම් 518 (පෙගවූ කාලය පැය10)
අඩු කෝප්ප 5
පැය 1 1/4
ග්‍රෑම් 512
මුං ඇට
ග්‍රෑම් 250
ග්‍රෑම් 508 (පෙගවූ කාලය පැය 5)
අඩු කෝප්ප 2 1/2
විනාඩි 45
ග්‍රෑම් 508

සකස්කළේ :
අනුෂා සාගරිකා ,විද්‍යා හා තාක්ෂණ නිලධාරි ,

පෘථිවියේ සිට පියවි ඇසින් දුටු ක්ෂීරපථය (Milky way Galaxy)

අපි ‍වෙසෙන පෘථිවිය කෙතරම් විශ්මය ජනක ලෝකයක්ද?

බටහිර ඔස්ට්‍රේලියාවේ නැම්බුන් ජාතික උද්‍යානයේදී රාත්‍රි කාලයේ ලබාගත් මෙම ඡායාරූපය ඒ සඳහා පිළිතුරු සපයයි. මෙම ඡායාරූපයේ ඉදිරි දර්ශන කොටසින් අස්භාවික උල් වූ කොත් වැනි කඳු දිස්වේ. ඒවා පැරණි සිප්පිකටු (හුණුගල්) වලින් මිනිසෙකුගේ සාමාන්‍ය ප්‍රමාණයෙන් යුතුව නිර්මිත වී තිබුණද මෙම උල් කොත් කෙසේ බිහිවූයේද යන්න අභිරහසකි.

මැද ඇති උල්  කොත පහලින් පසුබිමේ දිස්වනුයේ නැගී එන දීප්තිමත් චන්ද්‍රයාය. ළසඳ හෙවත් චන්ද්‍රවංකයය. සඳ වටා භිය උපදවන ලෙස දිළිසෙන්නේ ග්‍රහ චක්‍ර එළියයි. සූර්යග්‍රහමණ්ඩලය තුළ භ්‍රමණය වන දූවිලි අංශු නිසා පරාවර්තනය වන හිරු එළිය ග්‍රහ චක්‍ර එළිය ලෙස හැදින්වේ. ඉහලින් වූ වක්‍රකාර රූපයෙන් දැක්වෙන්නේ අපගේ ක්ෂීර පථයේ (Milky way Galaxy) හි මධ්‍ය රේඛාවයි. වෘත්තයක තුල සිට වෘත්තය දෙස බලන විට වෘත්තය මෙලෙස වක්‍රයක් ලෙස දිස්වේ. එනිසා ක්ෂීර පථයේම කොටසක් වූ පෘථිවිය සිට මිනිසා ක්ෂීර පථය නරඹන විට එය මේ ආකාරයෙන් වක්‍රව දිස්වේ. ප්‍රසිද්ධ තාරකා සහ Nebula (කුඩා වලාකුළු) රාත්‍රි ආකාශයේ පසු බිමෙන් පෙනේ. සඳ උල් කොත් කඳු හා ඒවායේ සෙවනැලි පිළිබඳ විස්තරාත්මක සැලසුම් ක්‍රියාවලියක අවසානයේදී මඩල 29 යේ මෙම සමස්ත දර්ශනය ලබාගෙන තිබේ. එහි ක්ෂීර පථය සහ ප්‍රභල සුර්ය මණ්ඩල ආලෝකය පියවි ඇසින් දුටු ආකාරය ඉතා ප්‍රියංකර පුදුමයකි.

මෙවැනි අසාමාන්‍ය දර්ශනීය ඡායාරූප බොහොමයක් apod.nasa.gov ඔබටද නැරඹිය හැකිය.

උපුටා ගැනීම:-

Astronomy Picture Of The Day 2016 Feb 17  : apod.nasa.gov

February 16, 2016

වෛද්‍ය විද්‍යාව සදහා 2015 නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට

වසර 1901 දී ඇල්ෆර්ඩ් නොබෙල් විසින් ආරම්භ කරන ලද නොබෙල් ත්‍යාගය මගින් ලොවට යහපත් දෑ නිර්මාණය කළ පුද්ගලයින්ව ඇගයීම සිදුකෙ‍රේ. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ නොබෙල් ත්‍යාගය පිරිනමන අතර පසුගිය වසරේ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් අමිල සේවයක් කළ අය වෙනුවෙන් පිරිනමන ලද නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනමා ඇත.
ලොව පුරා ලක්ෂ ගණනින් ජීවිත අහිමි කරන මැලේරියා රෝගය සඳහා සාර්ථක ඔසුවක් Artemisinin වූ සොයා ගැනීම වෙනුවෙන් චීන ජාතික විද්‍යාඥයෙකු වූ  යූසු ටූ වෙත ත්‍යාගයෙන් අඩක් හිමිවිය.
ත්‍යාගයෙන් ඉතිරි අඩ  විද්‍යාඥයින් දෙදෙනෙකු හිමි වී ඇත. River Blindness  හා Lymphatic Filariasis යන රෝග වලට සාර්ථක ඔසුවක් වූ Lvermectin ලොවට දායාද කිරීම වෙනුවෙන් අයිරිෂ් ජාතික පරපෝෂිතවේදියෙකු වූ විලියම් සී කැම්ප්‍බේබි හා ජපන් ජාතික සතෝෂි ඔමුරා යන අයට ත්‍යාගයේ ඉතිරි ‍කොටස සඳහා හිමිකම් ලැබී ඇත.


එන්නත් ගහනවට බය අයට සතුටුදායක ආරංචියක්.


ලොකු පොඩි කවුරුත් අසනීප වෙන එකට වැඩියෙන්ම බය වන්නේ අසනීප වි ප්‍රතිකාර ගැනීමට ගිය විට නර්ස්ලා විදින ලොකු ඉන්ජක්ෂන් කටු දුටුවාමයි. එහි අමිහිරිතම වේදනාව ඇත්තේ සුදුසු ස්ථානය සොයා ගත නොහැකි වී කිහිපවිටක් ශරීරයේ ස්ථාන කිහිපයකට විදින්න සිදුවීමයි. විශේෂයෙන් වයසට ගිය අයගේ නහර සොයා ගත නොහැකි වීමෙන් රෝගියා වේදනාවට පත්වීම ප්‍රතිකාර කරන අයටත් විශාල ගැටළුවක්.
නවීන තාක්ෂණයට පිහිට වන්නට මේ සඳහා විශේෂිත වූ ස්ටිකරයක් නිපදවා ඇති අතර රෝගියාගේ එන්නත් විදින ස්ථානයේ එය ඇලවූ විට ස්ටිකරයට යටින් ඇති සමේ ශිරා ඉතාමත් පැහැදිලිව දිස්වේ. එමගින් වැරදීමකින් තොරව ඉතා පහසුවෙන් වේදනාවෙන් තොරව එන්නත් ලබා දීමට හැකියාව ලැබී ඇත.