February 11, 2016

තාක්ෂණයේ බල මහිමයෙන් අන්ධ පුද්ගලයින්ට පෙනීම

දශකයක දෙකක කාලයක සිට අන්ධභාවයට පත්ව සිටින පුද්ගලයෙක්ට කෘතිම ඇසට ස්තූති වන්නට තම බිරිඳ දැකීමට හැකි වු දුර්ලභ අවස්ථාවක් උදාවිය.ඔහු වයස 68ක් වන ඇලන් සිරාඩ්(Allen Zderad) වන අතර retinitis pigmentosa නැතහොත් (ආර්.පී.) ලෙස හඳුන්වන දුර්ලභ, පරිහානීය අක්ෂි රෝග දුක් විඳියි.
මෙම රෝගය දෘෂ්ටි විතානයේ ආලෝක සංවේදී පටක වලට හානි කරයි. එහි ප්‍රතිඵලක් ලෙස සමහර පුද්ගලයින්ගේ රාත්‍රී කාලයේ පෙනීම දුර්වල වන අතර තවත් සමහරෙක් සදාකාලික අන්ධභාවයට පත් වෙයි. ඇලන්ගේ පෙනීම දුර්වලවීම මීට වසර 20කට පෙර ආරම්භ වු අතර අවසානයේදී ඉතා බරපතල තත්වයකට පත්විය. වස්තූන්, මිනිසුන් හෝ ස්වරූප කිසිවක් ඔහුට නොපෙණුනු අතර දීප්තිමත් ආලෝකයක් පමණක් දිස් විය.
රෝගී තත්වය ඇලන්ගේ ජීවිතය උඩු යටිකුරු කිරීමට සමත් විය. ඔහු තවදුරටත් වෘත්තීයෙන් රසායනඥයකු නොවීය. තම  ස්පර්ශ හා අවකාශීය සබඳතා උපයෝගී කරගනිමින් දැව නිර්මාණකරනයට යොමු විය. සුවකල නොහැකි රෝගයක් නිසාත් ප්‍රතිකර්ම වලින් කිසිදු සුවයක් නොමැති නිසාත් සියලු බලපොරොත්තු අත්හැර සිටි ඇලන්ට මායෝ සායනයනික අක්ෂි වෛද්‍යවරයෙකු වන ආචාර්ය රේමන්ඩ් ලෙසී (Dr. Raymond Iezzi) නිසා පෙනීම පිළිබඳ නව බලාපොරොත්තු ඇති විය.
ලෙසී විසින් මෙම කෘතිම ඇස පිළිබඳව පර්යේෂණාත්මක අත්හදා බැලීමකට සුදානම්ව සිටි බැවින් ඇලන්ගේ රෝගී තත්වය ගැන උනන්දු විය. ලෙසීගේ කෘතිම ඇස නිර්මාණය අන්ධ පුද්ගලයන් තුල දෘශ්‍ය සංජායනනයන් ඇති කිරීමට සමත්ය. මෙලෙස ඇලන්ට දෙවනි වරත් පෙනීම ලැබුණු අතර ඔහු ලෙසීගේ උපකරණයට ප්‍රතිචාර දැක්වු ප්‍රථම රෝගියා බවට පත් විය. පහත වීඩියෝවෙන් ලෙසී පැහැඳිලි කරන අන්දමට ආර්.පී රෝගය දෘෂ්ටි විතානයේ ආලෝක සංවේදී පටකවලට හානි කිරීමට හේතු වුවත් මෙම පටලයේ ඉතිරිය සාපේක්ෂව නීරෝගී වන අතර දෘෂ්ටි සෛල වැඩීමේ හැකියාවෙන් යුක්ත වේ.
මෙම උපකරණය ආලෝක සංවේදී පටකවල කාර්යය සිදු කරයි. එහිදී දෘෂ්ටි සංඥා හානි වු දෘෂ්ටි විතානය පසු කර කෙලින්ම දෘෂ්ටි ස්නායු වෙතට සම්ප්‍රේෂණයට උදව් කරයි. මේ කාර්යය සඳහා පළමුව සබඳතා 60 කින් යුතු බහු- ඉලෙක්ට්රෝඩ චිපයක් සැත්කමක් මඟින් රෝගියාගේ ඇස තුල තැන්පත් කරයි. පසුව රෝගියා කැමරාවක් සහිත උපැස් යුවලක් පලඳින අතර එයින් ලැබෙන රූප පටය Patient- Worn  පරිඝනකයක් වෙත යවයි. එමඟින් රූප විශ්ලේෂණය කර  ආලෝක සංඥා බවට පත්කර පුද්ගලයා වෙතට යවයි. අවසානයේ ඉලෙක්ට්රෝඩ මඟින් සංඥා දෘශ්‍ය ස්නායුව වෙත යවන අතර මොලය මඟින් එම සංඥා රූපයක් බවට හඳුනා ගැනීමට උදව් කරයි.
මෙහි උපකාරයෙන් ඔහුට රූපයන් සම්පුර්ණ වශයෙන් දැකිය නොහැකි වුවත් සුදු සැරයටියක් නොමැතිව ගමන් කිරීමට අවකාශය ලැබෙයි.


උපුටාගැනීම-http://www.nbcnews.com/news/us-news/allen-zderad-sees-wife-first-time-decade-after-bionic-eye-n311216

0 comments:

Post a Comment