සර් අයිසෙක් නිව්ටන් ඇපල් ගෙඩියක් පොළවට වැටීම
නිරීක්ෂණය කරමින් පෟථිවිය වෙනත් ස්කන්ධයන් ආකර්ෂණය කරන බව එනම්
ගුරුත්වාකර්ෂණය සොයාගත්තේය. අහස්යානා වැනි
පෟථිවිය තුළ භාවිතා කරන වස්තු මෙන්ම රොකට් වැනි පෟථිවිය කක්ෂය පසුකර යන යානා නිර්මාණයට
සහ විවිධ ක්‍රියාවලින් හදුනාගැනීමට ගුරුත්වාකර්ෂණ දැණුම බෙහෙවින් උපකාරී විය. කෙටියෙන් එය විද්‍යාවේ
ඉදිරිගමනේ එක් සුවිශේෂ පරිච්ඡේදයක ආරම්භය ලෙස සැලකේ.

කළු කුහර (Black Hole) දෙකක් එකට ගෑටීමෙන් මෙම
විශ්වයේ ගුරුත්වාකර්ෂණ රැළි නිර්මාණය වී තිබේ. මෙම ගැටීම
දැනට ආලෝක වර්ෂ බිලියනයකට පෙර සිදු වී ඇත. එතරම් වූ
සුවිශාල දුරකින් සිදුවූවද (සුවිශාල කාලයකට පසුවද) අපට එය දැනීමෙන් ගැටීමේ ප්රභලත්වයේ
තරම සිතා ගත හැකිය. එම ප්‍රභලත්වය හා
සංසන්දනයේදී පෟථිවියේ භුකම්පන, සුනාමි, පරමාණු පිපිරීම් යනාදිය ඒක සෛල ජීවියෙකුටද
වඩා කෝටි ප්‍රකෝටි ප්‍රමාණයකින් කුඩාය. දැවැන්ත තාරකා පුපුරා
යෑමෙන් හෝ කළු කුහර ගැටීමෙන් ඇතිකරන ගුරුත්වාකර්ෂණ රැළි හේතුකොටගෙන විශ්වයේ ඇතිවන
හැකිලීම් හා විස්කාරණය වීම ආලෝකයේ වේගයෙන් විශ්වය පුරා විසිරී යයි.

ඇපල් ගෙඩිය වැටෙන අයුරු
අප සියලු දෙනාම දුටුවද එය ගුරුත්වාකර්ෂණය බව පහදා දුන්නේ නිව්ටන්ය. අයින්ස්ටයින් විශ්වයේ
ගුරුත්වාකර්ෂණය පිළිබද නිරූපණයක් හෝ නොදැක එවැන්නක් ගැන න්‍යාය සකස් කලේය. එනිසා
ඔහු අද ජීවත්ව සිටියේ නම් බොහෝ සතුටට පත්වනු නොඅනුමානය.
ගුරුත්වාකර්ෂණය
සොයා ගැනීම නිසා විද්‍යාවේ සිදුවූ සුවිශේෂි ඉදිරිගමන මෙන්ම විශ්වයේ ගුරුත්වාකර්ෂණය
ස්ථිර කර ගැනීමෙන් කළු කුහර දර්ශනය කිරීමටත් කාලයේ ආපස්සට ගමන් කිරීමටත් මිනිසාට
හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති. එපමණක් නොව විශ්වයේ ආරම්භය සේ සලකන
(Big Ban) මහා පිපුරුමද දර්ශනය කර ගැනීමට මිනිසා සමත්වනු ඇත. ඒ කෙසේවෙතත් අපගේ
මිමුනුබුරන්ට අපගේ ආගමික ශාස්තෘන් වහන්සේලා සජීවීව දැකීමට හැකිවේවා යැයි අපි ප්‍රාර්ථනා
කරමු.
උපුටාගැනීම:- අන්තර්ජාලය ඇසුරෙනි.
https://www.youtube.com/watch?v=OBybywdPa8U
https://www.ligo.caltech.edu/detection
1 comments:
POINTOF.ORG - Sri Lanka’s best feed aggregator brings you fully customizable experience to read and update your English, Sinhala or Tamil blog posts. Create your account or use it... We hope you enjoyed it. #GO NOW … DESKTOP #MOBILE VERSION Go now and see whether your blog post listed on @TODAY'S POPULAR
Post a Comment