February 29, 2016

විශ්වයේ මූලික බල 4 එක් බලයක් වීම ( Grand Unified Theory).

 
විශ්වයේ මූලික බල 4 ලෙස භෞතික විද්‍යාවට අනුව ගුරුත්වාකර්ෂණ බලය, දුර්වල අන්තර්ක්‍රියා (දුර්වල න්‍යෂඨික)බලය, විද්‍යුත් චුම්බක බලය, ප්‍රබල අන්තර්ක්‍රිය (ප්‍රබල න්‍යෂඨික) බලය යන බල  හැදින්වේ. එහෙත් බොහෝ භෞතික විද්‍යාඥයන් විශ්වාස කරනුයේ මෙම මුලික බල 04 ම එක තනි බලයක ව්‍යාප්තියක් හෙවත් කොටස් බවයි. මුලික බල 04 හි එකතුව වූ තනි බලය මෙතක් හදුනාගෙන නොමැත. එනමුත් විදුලිය, චුම්භකත්වය සහ දුර්වල බලය එක්වී electroweak අන්තර්ක්‍රියා ඇතිවන ආකාරයට  එම සියලු ක්‍රියා මුලික බල 04 එක් කිරීම සිදු කරනු ඇතැයි සැක කෙරේ.

වත්මන් ක්වොන්ටම් යාන්ත්‍රනයේ මෙම බල පිළිබද පැහැදිලි කිරීමට අනුව අංශු එකිනෙකා හා සෘජුව අන්තර්ක්‍රියා නොකෙරේ.සත්‍යලෙසම අන්තර්ක්‍රියාවන් සදහා තාත්වික අංශු මාධ්‍ය හෙවත් බලපාන බව විද්‍යමාන වීම පමණක් සිදුවේ. ක්වොන්ටම් යාන්ත්‍රනයේ “standard model” ආකෘතිය ගුරුත්වාකර්ෂණ බලය හැර ඉතිරි බල 03 සදහාම අදාළ වේ. එනිසා බල 04 ම එක බලයකට ගොනු කිරීමට එසේත් නැතිනම්  “standard model” යටතේ ගුරුත්වාකර්ෂණයද සැලකීම සදහා ක්වොන්ටම් ගුරුත්වාකර්ෂණ අදහස ඉදිරිපත්වී තිබේ. එමගින් graviton නමැති තාත්වික අංශුවක පැවැත්ම උපකල්පනය කරයි. Graviton ගුරුත්ව අන්තර්ක්‍රියා වලට බලපාන (මාධ්‍ය) මුලිකය ලෙස සැලකේ. දැනට  graviton හදුනාගෙන නැති අතර ක්වොන්ටම් ගුරුත්ව සිද්ධාන්ත විශ්වීය ලෙස සකස් කර හෝ සාර්ථක වී නැත.

විශ්වයේ මූලික බල 4  එක් බලයක් වීම පිළිබද අනුමාන සංකල්පනාවකට අනුව අසිමිත ඉහළ උෂ්ණත්වයකදී ( විශ්වය ආරම්භයේදී ) මෙම මුලික බල 04 එක්ව පැවතියේය. උෂ්ණත්වය සීඝ්‍රයෙන් අඩුවිමේදී (විශ්වය ආරම්භවී තත්පර 10-43 ට පසුව) එනම් GeV 1019 උෂ්ණත්වයේදී පළමුවරට ගුරුත්වාකර්ෂණ බලය, පැවති මුලික බල 04 හි එකතුවෙන් වෙන්විය. ඉතිරි මුලික බල 03 තවදුරටත් තනි බලයක් ලෙස පැවතිණි. උෂ්ණත්වය GeV 1014 දක්වා පහළට ගියවිට ( විශ්වය ආරම්භවී තත්පර 10-35 කාලයකට පසු ) තනි බලයක්ව තිබු මුලික බල 03ද එකිනෙකින් වෙන්ව ක්‍රියාකිරීම ආරම්භ විය. මෙතෙක් හදුනා නොගත් අංශු, අවකාශ කාලය (space time) යනාදිය නිසා මෙම සංකල්පයද තවමත් ප්‍රායෝගිකව සනාථ කර නැත.

Loss of Unity in the Forces of Nature
Characterization
විස්තරය
Forces Unified
එකතු වී ඇති මුලික බල
Time Since Beginning
විශ්වය නිර්මාණය වී ගත වූ කාලය
Temperature
විශ්වයේ උෂ්ණත්වය
(GeV)*
All 4 forces unified
බල 4ම එකතුවී තිබේ.
Gravity, Strong, Electromagnetic, Weak
~0
~infinite
Gravity separates (Planck Scale)
ගුරුත්වාකර්ෂණ බලය වෙන්වීම.
Strong, Electromagnetic, Weak
10-43 s
1019
Strong force separates (GUTs Scale) 
ප්‍රබල අන්තර්ක්‍රියා  බලය වෙන්වීම 
Electromagnetic, Weak
10-35 s
1014
Split of weak and electromagnetic forces 
දුර්වල අන්තර්ක්‍රියා බලය හා විද්‍යුත් චුම්භක බලයද වෙන්වීම.
None
10-11 s
100
Present Universe
වත්මන් විශ්වය 
None
1010 y
10-12
*Temperature Conversion: 1 GeV = 1.2 x 1013 K
මුලික බල 04 එක් තනි බලයක් වීම එනම් “Theory of Everything”/ Grand Unified Theory       (සියලු දේට පොදු ධර්මතාව) පිලිබදව විද්‍යාඥයන් තවදුරටත් අධ්‍යනයේ යෙදේ. 

 
උපුටාගැනීම : අන්තර්ජාලය ඇසුරිනි.  

https://www.youtube.com/watch?v=HYbmLNeetk8 

0 comments:

Post a Comment