February 3, 2016

වසර 2020 වන විට අහස සිඹින ගොඩනැගිලි

ප්‍රංශයේ අයිෆල් කුළුනේ උසට එනම්  ආසන්න වශයෙන් මීටර 300 ක් හෝ ඊට වඩා උසැති ගොඩනැගිලි 100 කට වඩා ලොව පුරා දැනට ඉදිකර තිබේ. ගෘහනිර්මාණ ශිල්පීන් විසින් ඒවා    ‘ Super tall (සුපිරි උස) ලෙස නම් කර ඇති අතර බොහොමයක් වසර 10 ක කාලය තුලදී ඉදිවූ බවට තොරතුරු අනාවරණය කරයි. ඒ නිසා එම කාල වකවානුව ‘Super tall era සුපිරි උස යුගය ලෙසද හැදින් වේ. Dezeen වාර්තා කරන පරිදි උස් ගොඩනැගිලි හා නාගරික ජනාවාස කවුන්සිලයට අනුව අපි සුපිරි තත්වයෙන් පසු මෙගා උස (Mega tall) තත්වය අපි   ලගා කර ගනිමින් සිටිමු. මීටර 600 ට වඩා උසැති ගොඩනැගිලි ‘Mega tall skyscraper(අහස සිඹින මෙගා උස) කණ්ඩායමට අයත් වේ.

අද දවස වන විට Mega tall skyscraper  කණ්ඩායමට අයත්වන ගොඩනැගිලි 3ක් ඇත. වසර 2010 දී සම්පූර්ණ කරන ලද ඩුබායි හි Burj khalifa  මීටර 828 එනම් අඩි  2717 ක් උසය. චීනයේ සැංනායි නුවර ඉදිකර ඇති Shanghai Tower අඩි  2073 (632 m) උස වන අතර 2015 දී සම්පූර්ණ කර තිබේ. වසර 2012 දී සම්පූර්ණ කළ Mecca හි අඩි 1972 (601 m) උස Makkah Royal Clock Tower  තෙවැන්න වේ. නමුත් මෙම ගොඩනැගිලි ප්‍රමාණය 2020 වන විට දෙගුණයකින් පමණ වැඩිවන බව අපේක්ෂා කෙරේ. ඒ සදහා දැනට ඉදිකරගෙන යමින් පවතින පහත ගොඩනැගිලි 4ද එක්වනු ඇත.



v  Kingdom Tower : සවුදි අරාබියේ ජෙඩාහි ඉදි කරන මෙය 2018 දී සම්පුර්ණ කිරිමට අපේක්ෂිත අතර උස අඩි 3280 (1000 m) එනම් කිලෝමීටර 1 ක් වේ.

v Shanghai Tower: ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ඉදිකිරීමට බලාපොරොත්තු වන මෙම අඩි 2093 ක් (638 m) උස ගොඩනැගිල්ල වසර 2020 දී නිම කිරීමට නියමිතය.

v Greenland centre:  චීනයේ වුහන් නුවර ඉදිකරන අඩි 2087 (638 m) උස මෙම ගොඩනැගිල්ල 2018 දී නිම කිරීමට බලාපොරොත්තු වේ.


v චීනයේ සෙන් සෙන්හි Pin An Finance Centre  අඩි  1969 ක් උස වන අතර 2016 දී නිම කිරිමට බලාපොරොත්තු වේ.

එහෙත් මෙම සියලු ගොඩනැගිලි ආසියාවේ සහ මැද පෙරදිග ඉදිවීම සැලකිය යුතු කරුණකි. යුරෝපය හා ඇමරිකාව මෙම රටාවෙන් මිදී සිටීද Mega tall  Slcyscraper ගොඩනැගිලි අමතර භූමිය ලබා දෙනවා මෙන්ම දියුණුවේ සහ ධනවත් බවේ සංකේතයක් ලෙසද සැලකේ. කෙසේ වෙතත් මෙම ගොඩනැගිලි වල ඉඩ පහසුකම් සඳහා විශාල මිලක් නියම විය හැකි නමුත් ඉදිකිරීමේ විද්‍යාවේ සංවර්ධනය සඳහා ද මේවා තීරණාත්මකව දායක වේ.


උපුටාගැනිම :

Check out all the mega tall skyscrapers   we will have By 2020

https://www.youtube.com/watch?v=Cioj_KYMVP8

0 comments:

Post a Comment