Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Showing posts with label විදුලියமின்சாரம். Show all posts
Showing posts with label විදුලියமின்சாரம். Show all posts

October 11, 2023

ඉන්දියාවේ පමණක් දකින අසාමාන්‍ය සහ මිල අධික අමුතු දේ 2 - (Unusuals Seen in India)

 7. ආන්තික විදුලි රැහැන් - රටපුරා - ඇස්. පිරිවැය: අදාල නොවේ.

නගරයකට වැඩි පිරිසක් පැමිණෙන හා ජීවත්වන විට වැඩිවන අවශ්‍යතා නිසා අමතර විදුලි රැහැන් අවශ්‍ය වේ. ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවල ජීවත් වන සිතාගත නොහැකි තරම් මිනිසුන් නිසා, විදුලි රැහැන් ඇදීම ඔබට සිතාගත හැකි පරිදි සෑම විටම අවුල් සහගතය. කුරුල්ලෙකුට වත් පියාඹිය නොහැකි පරිසරයකි.

කේබල් මත කේබල් ඇති අතර, ඒ සෑම එකක්ම අනෙක් කේබල් දුසිම් භාගයක් (හෝ ඊට වැඩි) සමඟ බැඳී ඇත. මෙය දැකීමෙන් පසු, හෙඩ්ෆෝන් වයර් එතරම් ලොකු ගැටලුවක් නොවිය හැක. මෙවැනි පරිසරයක විදුලි කාර් මිකයන්ට සිදුවන විශාල අනතුරදායක මෙන්ම නිරන්තර තර්ජනය සැලකිල්ලට ගත්විට ඔවුන් ඉන්දියාවේ වඩාත්ම ගෞරවනීය වෘත්තිකයන් නොවන්නේ කෙසේද යන්නද පුදුමයකි.

8. රන් ආභරණ මෝටර් රථය - මුම්බායි - ඇස්.පිරිවැය: $4.57 මිලියන*(ආ.ව. රු. මිලියන 1478)

ඉන්දියාවේ නිෂ්පාදිත ටාටා නැනෝ යනු ලෝකයේ ලාභම මෝටර් රථය වන අතර, එහි නමින්  පැහැදිලිවම ගම්‍ය වන පරිදි, එය කුඩාම මෝටර් රථවලින් එකකි. ඉන්දියානු ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහස්‍ර පහක් සැමරීම සඳහා ගෝල්ඩ්ප්ලස් මගින් එම නැනෝ මෝටර් රථය ස්වර්ණාභරණ වලින් නැවත සකසා වඩාත්ම මිල අධික වාහනයක් බවට එය පරිවර්තනය කළේය.

නැනෝ රාමුව ආලේප කිරීම සඳහා කැරට් 22 රන් ආලේපන රාත්තල් 175 ක් සහ රිදී රාත්තල් 33 ක් භාවිතා කර ඇත. වඩාත් ජනප්‍රිය වීඇත්තේ වාහනයේ පිටත සැලසුම නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඇතුළත් කර ඇති මැණික් 10,000 යි.

9. අමුතු ප්‍රවාහන ශිල්පීය ක්‍රම - ඉන්දියාව - ඇස්. පිරිවැය: අදාල නොවේ

ඉන්දියානු ප්‍රවාහන වාහනයක් යන්තම් එහි බඩු අල්ලාගෙන සිටින බව පෙන්වන මෙම පින්තූරය නිසැකවම අනතුරක් අපේක්ෂා කරන්නකි. මෙවැනි ඡායාරූප දෙස බලන විට, මාර්ග අනතුරුවලින් තුවාල සහ, කණගාටුදායක ලෙස, මරණ සිදුවන ලෝකයේ ඉහළම රට ඉන්දියාව ලෙස සැළකීම ගැන පුදුම විය යුතු නැත. ඉන්දියාවේ වසරකට රිය අනතුරු 450,000 ක් පමණ සිදු වේ.

ඉන් 150,000ක් මාරාන්තිකයි. රට තුළ පැයකට රිය අනතුරු 53 ක් සිදු වන අතර එයින් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සෑම විනාඩි හතරකටම මරණයක් සිදු වන බවයි. Anadolu නියෝජිතායතනයට අනුව, දුර්වල මාර්ග නීති ක්‍රියාත්මක කිරීම, මාර්ග භාවිතා කරන්නන්ගේ නරක හැසිරීම සහ වේගවත් කම්පන සත්කාර නොමැතිකම ඉන්දියාවේ රථවාහන තත්ත්වය මෙතරම් නරක වීමට හේතු වේ. මෙම ඡායාරූපය "නරක මාර්ග භාවිත කරන්නාගේ හැසිරීම" ගණයට වැටෙන බව IFL ලිපියේ මතය ලෙස සදහන් වේ.

10. බස් රථය ඇතුළේ  Hammocks  -  ඉන්දියාව - ඇස්. පිරිවැය: එක් ඇඳ ඇතිරිල්ලක් / දේශීය බස් ගාස්තුව

ඉන්දියාවේ මිනිසුන්ගේ අධික සංඛ්‍යාව සහ පොදු ප්‍රවාහනයේ ආසන ප්‍රමාණවත් නොමැතිකම හේතුවෙන්. දුම්රියවල, මිනිසුන් ගමන් කිරීමට කුඩා ඉඩක් හෝ නොමැතිව එකට ගැවසී සිටිනු දැකීම සාමාන්‍ය තත්වයකි. ශ්‍රි ලංකාවේද එම තත්වය පවතින නමුත් ඉන්දීය බස්රථවල, දේවල් ටිකක් වෙනස් ය. සමහරුට කියන්න පුළුවන්, "අන්න ක්‍රම."

මෙවැනි බස් රථවල ගමන් කරන විට, ආසනය සොයා ගැනීමේදී, තම හිස ආරක්ෂා කරගැනීමට වග බලා ගැනීම මගියාගේ වගකීමකි. මිනිසුන් හිසට උඩින් ඔන්චිල්ලාවල පහසුවෙන් පැද්දෙනු දැකීම අසාමාන්‍ය දෙයක් නොවේ. සමහර බස් රථවල අනෙක් මගීන් දමා ගිය පැරණි ඔන්චිල්ලා තිබේ. නැතිනම් නිවසෙන් ගෙන ආ ඇඳ ඇතිරිල්ලක් ඒ් සදහා යොදා ගත හැකිය. (අන්රටවල් පිටපත් කරයිද?) මෙවැනි ප්‍රවාහන සහ මාර්ග ක්‍රම අතර ලෝකයේ උසම දුම්රිය පාලමද ඉන්දියාව ගොඩනගයි.

11. ලෝකයේ උසම දුම්රිය පාලම - ජම්මු සහ කාශ්මීර.  

ඉන්දියාවේ මිලියන ගණනක ඓතිහාසික ව්‍යුහයන් වසර සිය ගණනක් (දහස් ගණනක් නොවේ නම්) පැවතී ඇත. කෙසේ වෙතත්, මේ සියලු ඉතිහාසය තුළ අහිමි වී ඇත්තේ මේ මහා ජාතියේ නූතන ජයග්‍රහණ විය හැකිය. නිදසුනක් වශයෙන්, රටේ ඈත උතුරේ ලෝකයේ උසම දුම්රිය පාලම වේ.

පාලමේ ඉදිකිරීම් 2004 දී ආරම්භ වූ අතර, සියල්ල හොඳින් සිදුවුවහොත්, මගීන්ට අඩි 1,178 ක් ඉහළින් බක්කල් සහ කෞරි අතර පිහිටි චෙනාබ් ගඟ හරහා දුම්රිය මගින් ගමන් කිරීමට හැකි වනු ඇත. චෙනාබ් පාලමේ සිට භූ දර්ශන පරාසයේ දසුන් ඕනෑම කෙනෙකුගේ හුස්ම ගැනීම වුව වෙනස් කරනු නිසැක ය.

12. Nature’s Toilet Café  (නේචර්ස් ටොයිලට් කැෆේ ) - අහමදාබාද් - ඇස්.පිරිවැය: ආහාර වේලකට $3-$10*(රු.1000- 3300)

අහමදාබාද් හි මෙම කැෆේ එක සාමාන්‍ය කැෆේ වලට වඩා  විශාල වෙනස් වේ. Nature's Toilet Café යනු ප්‍රතිලෝම ආහාර ආපන ශාලාවකි (ශරිරයෙන් ඉවත් කිරීම). එහි ආහාර, තේ සහ කෝපි පිරිනමයි. නමුත් ආසන සැලසුම් කර ඇත්තේ වැසිකිළි ලෙසය. වීදුරු භාජනද වැසිකිළි හැඩැති වේ. අතුරුපස පවා වැසිකිළි හැඩැති වීදුරුවලින් පැමිණේ. Nature's Toilet Café හි වැසිකිලි හෝ වොෂ් රූම් භාවිතා කරන සෑම විටම ඒ් පුද්ගලයාට ඉන්දියානු රුපියල් දෙකක් ලැබේ.

වැසිකිළියේ ඇති සැබෑ වැසිකිළි ජීව වායුව සමඟ සම්බන්ධ වී ඇති අතර, මෙම අපද්‍රව්‍ය මගින් නේචර්ස් ටොයිලට් කැෆේ ක්‍රියාත්මක කිරීමට විදුලිය නිපදවයි. නව දිල්ලි වැසිකිලි කෞතුකාගාරය මෙන්, නේචර්ස් හොඳ සනීපාරක්ෂාව සහ හොඳ සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැපවී සිටී.

13. රන් ආලේපිත දෝසා  - බැංගලෝර් - ඇස්තමේන්තු. පිරිවැය: $19*(රු.6200)

දෝසා, සියවස් ගණනාවක් පුරා දකුණු ඉන්දියානු ආහාරවල කොටසක් වී ඇත. සකස් කිරීමට කෙටි කාලයක් ගත වන අතර අමුද්‍රව්‍ය කිහිපයක් පමණක් අවශ්‍ය වේ. මිල අඩුම ආහාර වලින් ඒකක් නිසා ඒවා සියලුම සමාජ කොටස්වල බෙහෙවින් ජනප්‍රිය වී ඇත. ඉන්දියාවේ දකුණේ නගරයක් වන බැංගලෝරයේ රාජ් භෝග් අවන්හල විසින් සම්භාව්‍ය දෝසා ගෙන එයට ග්ලැම් එන්නත් නැත්නම් ග්ලැම් ආලේපනයක් ලබා දී ඇත.

අර්තාපල් මසාලා පිරවූ බත් සහ පරිප්පු පෑන්කේක් එකක මිල ඩොලර් 0.50 ක් පමණ විය යුතුය. කෙසේ වෙතත්, රාජ් භෝග් අනුග්‍රාහකයින්ට කැරට් 24 රන් පත්‍ර වලින් උඩින් ඔතා ඇති විවිධ දෝසා ඇත. මෙම  තෝරා ගැනීමේ විකල්පයන්ගේ මිල  සාමාන්‍ය කඩදාසි එතුම් සහිත දෝසා මෙන් හතළිස් ගුණයකි.

මෙවැනි දේවල් ඉන්දියාවේ අහඹු සිදුවීම් ලෙසද සැලකිය හැකිය.  

IFL science වෙබ් පිටුව ඇසුරෙන් හර් ෂ

May 15, 2019

රාත්‍රී අහසෙන් විදුලිබලය


සූර්යයා නොමැති වූ විට පෘථිවිය සෙමෙන් සිසිල් වේ. වළාකුළෙන් බරවී අහස ආවරණය නොවුණු පැහැදිලි  රාත්‍රී කාලයේ දී අප පෘථිවි ග්‍රහයාගේ තාපය, අවකාශයේ අන්ධකාරය තුලට පැතිරි යාම මගින් මෙම ක්‍රියාවලියේ සත්‍යතාව අවබෝධ කර ගත හැක. ස්ටැන්ෆෝඩ් සරසවියේ පර්යේෂකයන් මේ තාප ප්‍රවාහය භාවිතා කර විදුලි බලය නිපදවීමට සමත් උපකරණයක් නිර්මාණය කර ඇත.

අන්තර්ජාතික විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක්  විසින් විශ්වයේ සිසිල්භාවය සෘජුව උපයෝගී කර ගෙන ඩයෝඩයක් තුල මැනිය හැකි විදුලි බලයක් උත්පාදනය කළ හැකි බව පළමු වතාවට ප්‍රදර්ශනය කර තිබේ. එහිදී විදුලිය නිපදවීම සදහා අහස දෙසට යොමු කළ අධෝරක්ත අර්ධ සන්නායක උපාංග සහ පෘථිවියේ හා අවකාශය අතර උෂ්ණත්ව වෙනස භාවිතා කර තිබේ.

සූර්ය කෝෂවල ඇති පැහැදිලි විශේෂතාවයක් වන්නේ විදුලිය නිපදවීමට සූර්යාලෝකය අවශ්‍ය වීමයි. එහෙත් දැන්, සූර්යාලෝකය භාවිතා කිරීමෙන් සුර්ය බලශක්තිය නිපදවීමට යොදාගත් භෞතික විද්‍යාව යොදාගනිමින් ශීත උෂ්ණත්වයක් සහිත අවකාශය දෙසට යොමු කරන ලද උපකරණයක් උපයෝගී කර ගෙන බලශක්තිය නිපදවිය හැකි වී තිබේ. නිව් යෝර්ක් හි AIP මගින් ප්‍රකාශයට පත් කරන ලද ව්‍යවහාරික භෞතික විද්‍යා (Applied Physics) ලිපි වලින් සූර්ය කෝෂ ලෙස රාත්‍රී කාලයේදී වුව විදුලිය නිපදවීමේ විභව මාර්ගයක් පිලිබඳ තොරතුරු වාර්තා කර ඇත.

"විශ්වයේ ඇති විශාලත්වය තාප ගතික සම්පතකි. Optoelectronic (ඔප්ටෝ ඉලෙක්ට්‍රොනික) භෞතික විද්‍යාව අනුව, පැමිණෙන විකිරණ වලින් ලබා ගත හැකි බල ශක්තිය හා පිටවෙන විකිරණ වලින් ලබාගත හැකි බලශක්තිය අතර ඉතාම ලස්සන සමමිතියක් තිබේ." යනුවෙන් එම ලිපි නිර්මාණ කළ Shanhui Fan (සැන්හෙයිහි ෆැන්) ප්‍රකාශ කර ඇත.

 සූර්යයාගේ සිට එන විකිරණ භාවිතා කිරීම වෙනුවට, පෘථිවියේ සිට පිටතට යන විකිරණ භාවිතා කිරීම නිසා  පර්යේෂණාත්මක නව උපකරණය ප්‍රතිවිරෝධී සූර්ය පැනලයක් මෙන් දිස්වේ. කෙසේ වෙතත්, ව්‍යවහාරික භෞතික විද්‍යාව පිළිබඳ ලිපිවල වාර්තා කර ඇති ආකාරයට, නව පද්ධතිය ප්‍රතිවිරුද්ධ ආලෝක කිරණ (ප්‍රදීපන) බලපෑම භාවිතා කරයි. උපකරණයේ මතුපිටින් තාපය ගලා යන විට අධෝරක්ත අර්ධ සන්නායක විසින් විදුලිය ජනනය කරයි.

“පෘථිවිය හා අභ්‍යවකාශය අතර විශාල උෂ්ණත්ව වෙනසක් පවතී. අපේ ග්‍රහලෝකය වූ පෘථිවියේ ශීතලම ස්ථානයේ පවා අවම වශයෙන් 200 ° C (360 ° F) උෂ්ණත්ව වෙනසක් ඇත. නව උපාංගයේ සීමාවන් වී ඇත්තේ එහි තාක්ෂණය මිස පාරිසරික තත්වයන් නොවේ. වර්තමාන උපකරණය උත්පාදනය කරන්නේ කුඩා ධාරාවක් වූ වර්ග මීටරයකට නැනෝවොට් 64 ක් පමණයි. මෙම පරීක්ෂණයෙන් අපට නිපදවිය හැකි බලය, න්‍යායාත්මක සීමාවට වඩා බෙහෙවින් අඩුයි. න්‍යායාත්මක අගය වර්ග මීටරයකට වොට් 4 ක් එනම් වර්තමාන නිෂ්පාදනයට වඩා ආසන්න වශයෙන් මිලියනයකට වඩා වැඩියි. එනිසා රාත්‍රී කාලයේදී අවශ්‍ය බලශක්තිය නිපදවීම සදහා නව සොයාගැනීම ඉතා වැදගත් වන අතර එය ඉක්මණින් වැඩිදියුණු කළ යුතුය.”  ප්‍රධාන කතුවරයෙකු වන Masashi Ono (මැෂාෂි ඔනෝ) පැහැදිලි කළේය.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර

April 10, 2019

විදුලිය විශාල ප්‍රමාණයෙන් ගබඩා කර ගත නොහැකිද?


ශ්‍රී ලංකාවේ මේ දිනවල විදුලිය කපා හැරීම් සිදුවේ. විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා විදුලිබල නිෂ්පාදනය අඩුවීම එයට හේතුව ලෙස සදහන් වේ. වැසි අධික කාලයේදී අමතර ජලය ආරක්ෂිතව ගබඩා කර අවශ්‍යතා පැන නගින විට එම ජලය විදුලිබලය නිපදවීමට භාවිතා කල නොහැකිද?


අමතර ජලය ඉහල මට්ටමකට පොම්ප කර ආරක්ෂා කර ගැනීමෙන් ජල හා වෙනත් බල ශක්ති හිඟ අවස්ථාවලදී එම ජලය විදුලිබලය නිපදවා ගැනීමට යොදා ගත හැකි බවත් එය ක්‍රියාත්මක කළ හැකි ස්ථාන හෝ ප්‍රදේශ 500,000 පමණ ලොව පුරා ඇති බවත් වාර්තා වේ.

ජලවිදුලි පොම්ප කිරීමේ  මූලධර්මය ඉතාම සරලයි. විදුලිය බහුලව ඇති විට, ජලය පහත් මට්ටමේ ජලාශයක සිට මීටර් සියගණනක් දක්වා ඉහළ තිබෙන ආරක්ෂිතයකට ගෙන යයි. ඉල්ලුම, සැපයුම ඉක්මවා යන විට එම ජලය පහලට ගලා යාමට සැලැස්ව වීමෙන් ලොව විදුලි නිෂ්පාදනයෙන් හයෙන් එකක් නිපදවන සාම්ප්‍රදායික ජල විදුලි බලාගාරවල ටර්බයින ආපසු කරකවා විදුලිය නිපදවා ගත හැකිය. ඕස්ට්‍රේලියාවේ එලෙස ක්‍රියාත්මක කල හැකි ප්‍රදේශ 22,000 ක් ඇති බවත් ඒවායින් ගෙගාවොට් පැය 67000 ක විදුලි බලයක් නිපදවා ගත හැකි බවත් Australian National University (ANU/ ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය) මගින් සොයා ගෙන තිබේ. විස්තර පහත වගුවෙන් දක්වා ඇත. 2017 දී ශ්‍රී ලංකාවේ  මුළු ස්ථාපිත විදුලි උත්පාදන ධාරිතාවය මෙගාවොට් පැය 4,043 (ගෙගාවොට් පැය 4.043 ) ක් විය.



ප්‍රාන්තය
වැඩ බිම් ප්‍රමාණය
(ආසන්න වශයෙන්)
බලශක්ති ගබඩා කරන
ධාරිතාව ගෙගා වොට් පැය(ආසන්න වශයෙන් )
උස් බිම
(මීටර)
1
NSW/ACT
8,600
29,000
300
2
Victoria
4,400
11,000
300
3
Tasmania
2,050
6,000
300
4
Queensland
1,770
7,000
300
5
South Australia
185
500
300
6
Western Australia
3,800
9,000
200
7
Northern Territory
1,550
5,000
200


ඒකතුව

22,000

67,000


කුමන කාලයේදී හෝ ඉල්ලුමට වඩා වැඩි ප්‍රමාණයක් විදුලිය නිෂ්පාදනය කිරීම මෙන්ම විදුලිය විශාල ප්‍රමාණයෙන් ගබඩාකර ගැනීමේ තාක්ෂණයක් හා එය යොදා ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. සුළං හා සූර්ය බල ශක්තියෙන් යැපෙන ලෝකයට ඒවා වැඩි වැඩියෙන් අවශ්‍ය වේ. අමතර බල ශක්තියක් නිපදවා ගැනීමට හැකි ලෙස ජලයට අමතරව පුනර්ජනනීය සුළං හා සූර්ය බල ශක්තිය යොදා ගත්තද අමතර නිෂ්පාදනය ගබඩා කර ගැනීමද අතිශය වැදගත් වේ. විදුලිය විශාල ලෙස ගබඩා කරන බැටරි නිපදවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. පොම්ප කර  අමතර ජලය ආරක්ෂා කර ගැනීම මගින් විදුලිය ගබඩා කර ගැනීම වඩා හොද විකල්පයක් වේ. පුනර්ජනන ජල විදුලිය අපට යෝග්‍ය වේද?



අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/iFdVX0NIPDE?t=22

May 18, 2018

ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහල


ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහළක් ඉදිකිරීමට අවශ්‍ය නව උළු වර්ග නිපදවීමට සහ අලෙවිය සදහා ලොව ප්‍රසිද්ධ Tesla (ටෙස්ලා) සමාගම කටයුතු කළ බව වාර්තා වේ. 

සූර්ය කිරණ වලින් බලශක්තිය ලබාගත හැකි වන පරිදි වීදුරුමෙන් වූ උළු වලින් වහළය සාදා ඇති අතර පාරම්පරික නිවාසවල වහළට සමාන වහළක් ලෙස දිස්වෙන සේ එම උළු සැලසුම් කර තිබේ. සවි කර ඇති සමහර උළු, සුර්යාලෝකයෙන් විදුලිබලය නිපදවිය හැකි සූර්ය කෝෂවලින් සමන්විත වන නමුත් සියලු උළු ස්වරුපයෙන් ඒකාකාර ලෙස දිස්වේ.

සූර්ය කෝෂ සහිත වර්තමාන සෙවිලි පියැසිවලට වඩා දිගු කල් පවතින, වඩා හොඳ පෙනුමක් ඇති සහ අඩු වියදමින් සුර්ය බලශක්තිය ලබාගත හැකි නව සූර්ය වහළක් නිර්මාණය කිරීම තම ඉලක්කය බව ටෙස්ලා ආයතනයේ නිර්මාතෘ Elon Musk (එලොන් මස්ක්) පැවසුවේය. නව සුර්යකෝෂ උළු සාමාන්‍ය උළු වලට වඩා තෙගුණයකින් ශක්තිමත්ය, එහෙත් බර හරි අඩකින් අඩු බව වාර්තා කරන ටෙස්ලා ආයතනය සුර්යකෝෂ උළු සදහා ජිවිත කාලයක වගකිමක් ලබාදේ.

කෙසේවෙතත් වර්ග මීටර් 240 නිවසක සූර්යකෝෂ වහළක් ස්ථාපිත කිරීමේ වියදම ඩොලර් 69,000 ක් වනු ඇතැයි සමාගම ගණන් බලා ඇත. එය සම්ප්‍රදායික උළු ඇතුළු ද්‍රව්‍ය වලින් ස්ථාපිත වහලකට වඩා අධික වැයකි. එහෙත් සූර්යකෝෂ වහලය නිසා ඉදිරිකාලයේ විදුලි බිල්පත් සදහා නිවැසියන් කළ යුතු ගෙවීම් අඩු කළ විට මෙම අමතර වැය පියවා ගත හැකි බව සාමාගම පවසා තිබේ. තවද සුර්යකෝෂ බලශක්තිය භාවිතා කරන සමහර අයගෙන් රජය අය කරන බදු අඩු කිරීමේ ප්‍රතිපත්තියද මෙහිදී වාසි සහගත වේ.

නිවෙස්වලට විදුලිය ලබාදෙන සුර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරිද ඔවුන්  නිපදවා අලෙවිකරයි. දහවල හෝ රාත්‍රියේ ඕනෑම වේලාවක භාවිතායට ගත හැකි ලෙස විදුලිය ගබඩා කර තබාගන්නා Powerwall නමින් හඳුන්වන එම බැටරිය නව සුර්යකෝෂ වහල ඉදිකිරීමේදී නොමිලේ නිකුත් කරයි.

"සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකි විදුලි මෝටර් රථද අප සමාගම නිෂ්පාදනය කරන නිසා මෙම නිෂ්පාදන ද්විත්වයම පෘථිවියේ බලශක්ති සැපයුම සුරැකීමට උපකාරී වේ. තිරසාර බලශක්ති අනාගතයක් ගැන සිතන විට සූර්යයාගෙන් ශක්තිය උපදවන මෙන්ම මිනිසුන්ගේ අවධානය ලබාගත හැකි සුන්දර වහලවල් අවශ්‍ය වේ. එවිට එම බලශක්තිය Powerwall වැනි බැටරි සහ වාහන ආරෝපණය කරනු ඇත. අප අපේක්ෂා කරන අනාගතය එයයි.” Musk පැවසුවේය.
  
මාදිලි දෙකක නව සුර්යකෝෂ උළු දැනට නිෂ්පාදනය කර ඇති අතර ඉදිරියේදී තවත් මාදිලි කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ආරම්භයක් ලෙස ඇමෙරිකාවේදී සුර්යකෝෂ උළු සහ වහල ඉදිකිරීම් පිළිබද ඇස්තමේන්තු හා මිලදී ගැනීම අන්තර්ජාලය හරහා සිදු කළ හැකි බවද වාර්තාවේ සදහන්ය.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/tgmk6G7uh0M?t=6

April 20, 2018

ගංගා ධාරා සහ උදම් රළ වලින් බලශක්ති උත්පාදනය


ගංගා සහ උදම් රළ වලින් බලශක්ති උත්පාදනය සදහා නව තාක්ෂණය භාවිතා කිරීමට යොමුවි ඇති බව වාර්තා වේ. සමාගම් ගණනාවක් සුළඟ හා සූර්ය ශක්තිය යොදාගනිමින් බලශක්තිය නිපදවීමට යොමුවී ඇති මෙම වකවානුවේ ගංගා ධාරා සහ සමුදුරු ප්‍රවාහ භාවිතයෙන් බලශක්ති උත්පාදනයටද එක් සමාගමක් යුහුසුළු වි තිබේ.

සාගර පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Ocean Renewable Power Company (ORPC) ලෙස හැඳින්වෙන මෙම සමාගම පිහිටා ඇත්තේ එක්සත් ජනපදයේ Maine ප්‍රාන්තයේය. වොෂින්ටනය නගරයේ මෑතකදී පැවති බලශක්ති සම්මේලනයේ දී ඒ සම්බන්ධ නව තාක්ෂණය මෙම සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

බලශක්ති ප්‍රභවයන්ට පහසු ප්‍රවේශයක් නොමැති කුඩා ග්‍රාමීය ජනතාවට මෙම තාක්ෂණය නිර්මාණය කළ බව ORPC සමාගමේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වූ Christopher Sauer (ක්‍රිස්ටෝපර් සෝර්) පවසයි.

ORPC තාක්ෂණය යනු ජලය යට තැබිය හැකි පියවර ගණනාවකින් ක්‍රියාත්මකවන RivGen නම් බලශක්ති උත්පාදකයකි. පළමුව, ජනකය යකඩ කූඩුවක් තුලට (මැදට) දමනු ලැබේ. කූඩුව pontoon (පොන්ටූන්) නමින් හැඳින්වෙන පැතලි අඩියක් සහිත පුළුල් බෝට්ටුවක් ඉහළින් තබනු ලැබේ. උත්පාදකයේ (ජනකයේ) සෑම එක් පැත්තකටම රෝද, හෝ ටර්බයින (Wheels – or, turbines – ) ඈදා ඇත.

pontoon බෝට්ටුව එක් තැනකට සවි කළ පසු එය ජලයෙන් පුරවනු ලැබේ. කුඩුව, pontoonය සහ ජනකය යන සියල්ල ගංගා පතුලේ ගිල්වනු ලැබේ. එවිට ගංගා ධාරාව නිසා සිදුවන රෝද කරකැවීම මගින් කිලෝවොට් 50 ක බලශක්තියක්  නිර්මාණය වේ.

ප්‍රධාන විධායක ක්‍රිස්ටෝපර් සෝර් පවසන පරිදි මෙම උත්පාදක යන්ත්‍රය එතරම් උස නැත. එනිසා එය ඉතා ගැඹුරු නොවන ජල මුලාශ්‍ර ප්‍රදේශ වලද භාවිතා කළ හැකි අතර ගඟේ ජීවත්වන සතුන් සඳහාද ටර්බයිනය ආරක්ෂා සහිත වේ. උපරිම සැමන් මසුන් (salmon) ජනගහනයක් හෙවත් මසුන් දශලක්ෂ 2ක් පමණ පිහිනා ගිය කාලයේදී පවා මෙම උපකරණය මගින් කිසිදු මත්ස්‍යකුට ආපදාවක් සිදු නොවුණු බවද ඔහු ප්‍රකාශ කළේය. තාක්ෂණයෙහි තවත් අංගයක් වන "හරස් ප්‍රවාහ ටර්බයින් (crossflow turbines)" නිසා ගංගා ධාරාව කුමන දිශාවට ගලා ගියද ටර්බයින එක දිශාවකට පමණක් චලනය වේ.

“ටර්බයිනවල හැඩය නිසා සාගරයේ දිය ඇලි වලින්ද බලශක්තිය උත්පාදනය කළ හැකි අතර එවැනි ජනක TidGen ලෙස හැදින්වේ. TidGen කුඩා ගම්මානයකට අවශ්‍ය කිලෝවොට් 600 ක විදුලි බල ශක්තියක් නිපදවිමට සමත්” යැයිද සෝර් පවසයි.
 
මෙලෙස ORPC මගින් නිපදවන බලශක්තියේ වත්මන් මිල කිලෝවොට් පැයකට ශත 50 ක් පමණ වේ. එහෙත් එම මිල ගණන් ස්වාභාවික වායු මගින් නිපදවන බලශක්තිය සමග තරගකාරී නොවේ. කෙසේ වෙතත්, කුඩා ග්‍රාමීය ප්‍රජාවන් ගේ ඩීසල් බලශක්ති සඳහා පැයකට ඩොලර් 1 කට වඩා වැය විය හැකි බැවින් එවැනි අවස්ථාවන්හිදී, ගලා යන ජලයෙන් ශක්තිය ලබා ගැනීම වඩා ලාභදායී විය හැක.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

December 24, 2017

පස් ගුණයක් වේගයකින් ආරෝපණය කළ හැකි නව බැටරි අමුද්‍රව්‍යයක්

Samsung Advanced Institute of Technology (SAIT) ආයතනය මගින් බැටරි සඳහා භාවිතා කළ හැකි ග්‍රැෆීන් "graphene ball" මගින් නිෂ්පාදනය කළ නවතම ද්‍රව්‍යයක් සොයා ගෙන ඇත. එහි විශේෂත්වය වන්නේ වර්තමානයේ භාවිතා කරන ලිතියම් අයන බැටරි වලට වඩා පස්ගුණයක වේගයකින් ආරෝපණය කළ හැකි වීමයි. එනම් 100% ක් ආරෝපණය කිරීම සඳහා ගත වන්නේ මිනිත්තු 12 ක කාලයකි.

මෙම ග්‍රැෆීන් (2D-material)  කාලයක් එහි පවතින කල්පැවැත්ම, ශක්තිමත් බව සහ ඉතා ඉහළ සන්නායකතාවය වැනි එයටම අනන්‍ය ගුණාංග නිසා ඉතා විශේෂ අමුද්‍රව්‍යයක් ලෙස සැලකුණි. මේ පිළිබඳව පර්යේෂණය කරන ලද පර්යේෂකයින් ග්‍රැෆීන්, සිලිකා (SiO2) භාවිතයෙන් ග්‍රැෆීන් 3D popcorn-like material  බවට පත්කිරීමට යාන්ත්‍රණයක් සොයා ගැනීමට සමත්ව ඇත.
මෙම තාක්ෂණයේදී ග්‍රැෆීන් "graphene ball" ඇනෝඩ ආරක්ෂිත ස්ථර ලෙසත් ලිතියම් අයන බැටරි කැතෝඩ ද්‍රව්‍යය ලෙසත් භාවිතා කරයි. Samsung හඳුන්වා දුන් මෙම බැටරි අමුද්‍රව්‍යය බැටරි තාක්ෂණයේ නව පෙරලියක් ඇති කරනු ඇතැයි පර්යේෂකයන්ගේ අදහසයි.

වර්තමානයේ භාවිතා කරන ස්මාට් ෆෝන්, විදුලි මෝටර් රථ, වෙනත් විද්‍යුත් නව උපාංග සඳහා ලිතියම් අයන බැටරි යොදා ගනී. එනම් බලශක්ති අවශ්‍යතාවය සඳහා ලිතියම් අයන බැටරි තීරණාත්මක කාර්යය භාරයක් සිදු කරයි. නමුත් ඉතා ඉක්මණින් ආරෝපණය කළ හැකි වීම සහ වේගවත් ධාරිතාවයක් සහිත වීම වර්තමානයේ වැදගත් සාධකයක් බවට පත්ව  තිබීම නිසා මෙම නව ද්‍රව්‍යය සොයා ගැනීම තවත් එක් ජයග්‍රහණයක් බව පර්යේෂකයන්ගේ අදහසයි. සෙල්සියස් අංශක 60 ක පමණ උෂ්ණත්වයකදී ස්ථායිව ක්‍රියාකාරී තත්වයේ පවත්වා ගැනීමට හැකි වීම මෙහි පවතින තවත් විශේෂත්වයකි.  එමෙන්ම උෂ්ණත්වයකදී ස්ථායිව ක්‍රියාකාරී තත්වයයක පැවැතීම විදුලි මෝටර් රථ සඳහා තීරණාත්මක සාධකයක් වේ.

තව දුරටත් මේ පිළිබඳව පර්යේෂණ සිදු කරමින් විද්‍යුත් ශක්තිය ලබා ගැනීම සඳහා ද්වීතීය බැටරි නිෂ්පාදනය කිරීම පිළිබඳව අත්හදා බැලීම් සිදු කිරීම පර්යේෂකයන්ගේ බලාපොරොත්තුවයි.

උපුටා ගැනීම
http://www.sciencealert.com/samsung-breakthrough-battery-charges-five-times-faster-graphene

සකස් කලේ-
විද්‍යා හා තාක්ෂණ නිළධාරි- ගඟ ඉහළ කෝරළේ