Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 31, 2017

බැටරි අවශ්‍ය නොවන ජංගම දුරකථනයක්.............

නූතන ජංගම දුරකථනයේ අධික ජව පරිභෝජනයට විසදුමක් ඇමරිකානු පරිගණක විද්‍යාඥයින් පිරිසක් හා විදුලි ඉංජිනේරුවන් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා.
            මෙම අධික ජව පරිභෝජනයට හේතුව වන්නේ ශබ්දය වැනි ඇනලොග් සංඥා ඩිජිටල් දත්ත බවට පරිවර්තනයේදී සිදුවන ජව උත්සර්ජනයයි.බැටරි රහිත ජංගම දුරකථනයක් මගින් පුද්ගලයකු කථා කිරීම හෝ ඇමතුමකට සවන් දීමේදී සිදුවන්නේ දුරකථනයේ මයික්‍රෙෆෝනයේ හෝ කථිකයා තුළ ඇති කුඩා කම්පන වලින්ම මෙම කාර්යය සිදු කර ගැනීමයි.මෙම සංරචක වලට සම්බන්ධ වූ ඇන්ටනාව සෛලීය පාදක මධ්‍යස්ථානයකින් නිකුත් කරන ලද සාමාන්‍ය ඇනලොග් රේඩියෝ සංඥා වල වෙනස්කම් බවට පරිවර්තනය කරයි.මෙම ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම පරාවර්තිත රේඩියෝ සංඥා තුළ කථන රටා සංකේතාත්මක නොකෙරේ.
කථනය සම්ප්‍රෙශණය කිරීම සදහා පරාවර්තනය කරන ලද සංඥා වල කථන රටා සංකේත කිරීමට දුරකථනයේ මයික්‍රෙෆෝනයේ කම්පන භාවිතා කරයි.මුද්‍රිත පරිපථ පුවරුවක පිටත කොටස් භාවිතයෙන් කණ්ඩායමේ මූලික දුරකථන ක්‍රියාකාරිත්වය ඉටු කල හැකි බව පෙන්වා දිය හැකි අතර කථනය ,දත්ත සම්ප්‍රේශණය හා බොත්තම් මගින් පරිශීලක ආදාන ලබා ගැනීම සිදු කරයි.
සෑම නිවසකම වයි-ෆයි රවුටරයක් තිබේ නම් සෑම තැනකම බැටරි නිදහස් ස්මාර්ට්ෆෝන් ආවරණයක් ලබා ගත හැකි බව මෙහි නිර්මාතෘවරුන් පවසයී.මෙම බැටරි රහිත ජංගම දුරකථනයේ ඇතැම් මෙහෙයුම් සදහා කුඩා ශක්තියක් අවශ්‍ය වේ.මෙම මූලාකෘතියට ඒ සදහා මයික්‍රොවොට් 3.5 ක බලශක්ති වියදමක් ඇත.
මීලග අදියර වශයෙන් බැටරි රහිත ජංගම දුරකථනයේ මෙහෙයුම් පරාසය වැඩි දියුණු කිරීම සදහා සහ සංවාදය සංකේතාත්මක කිරීමට අවධානය යොමු කිරීමට පර්යේෂණ කණ්ඩායම සැලසුම් කරයි.බැටරි රහිත ජංගම දුරකථන භාවිතයෙන් වීඩියෝ චලනය කිරීමටත් දෘෂ්‍ය දර්ශන විශේෂාංගය අඩු දුරකථන E-Link තිර භාවිතා කරන ලෙසටත් කණ්ඩායම කටයුතු කරයි.



අන්තර්ජාලය ඇසුරිනි.

විදාතා සම්පත් මධ්‍යස්ථානය-මීගමුව.

October 30, 2017

ඉවුම්-පිහුම් සඳහා විදුලිය භාවිත කිරීම යෝග්‍යද?

ආහාර යනු අප සැමට ජීවත් වීම සඳහා නැති ව ම බැරි දෙයකි. මේ නිසා අපි විවිධ ආහාර වර්ග හා ඒවා සැකසීම සඳහා විවිධ ක්‍රම භාවිත කරමු. 
යෝග්‍ය බලශක්‌තිය
අපේ නිවෙස්‌වල ඉවුම් පිහුම් කටයුතු සඳහා විවිධ බලශක්‌ති ප්‍රභව භාවිත වේ. අපේ අවශ්‍යතාව හා ඉන්ධන සුලබතාව අනුව අපට යෝග්‍ය ඉන්ධන වර්ගය තෝරාගත හැකි ය. අපේ රටේ ප්‍රධාන බලශක්‌ති ප්‍රභවය දර ය. එසේ ම ද්‍රව පෙට්‍රොලියම් වායු (LP ගෑස්‌) වැඩි වශයෙන් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල භාවිත කෙරේ. ජීව වායුව මෙන්ම දහයියා, ලී කුඩු වැනි ඉවත ලන ද්‍රව්‍ය ද ඉන්ධන ලෙස යොදාගැනේ. ආහාර පිසීම සඳහා විදුලිය යොදාගත හැකි නමුත් වියදම් අධික නිසා ඉන් වැළකීම යෝග්‍ය ය. එසේ ම එය බලශක්‌තිය නාස්‌ති කිරීමකි.
එසේ ම විවිධ උදුන් වර්ග ද භාවිතයේ ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, දර ලිප් භාවිත කරන්නේ නම් ඒ සඳහා ගල් තුනේ ලිප වෙනුවට වැඩිදියුණු කළ ලිපක්‌ යොදාගැනීම වඩා යෝග්‍ය වේ.

උපකරණ භාවිතය

ආහාර පාන පිළියෙල කිරීම සඳහා යොදාගන්නා විදුලි උපකරණ පිළිබඳව මදක්‌ සලකා බලමු.
මේ උපකරණ සමහරක්‌ ආහාර සැකසීම සඳහා යොදාගන්නා අතර තවත් උපකරණ ආහාර පිසීමට යොදාගන්නා උපකරණ වේ. මේ අතරින් වැඩි වශයෙන් භාවිත වන උපකරණ පිළිබඳ තතු මෙසේ ය.

* රයිස්‌ කුකරය (rice cooker) - බත් ඉවීම සඳහා යොදාගන්නා රයිස්‌ කුකරය බත උණුසුම් ව තබාගැනීමට ද උපකාරී වේ. විදුලියෙන් ක්‍රියා කරන රයිස්‌ කුකරයක ක්‌ෂමතාව සාමාන්‍යයෙන් වොට්‌ 600 පමණ සිට ඉහළට වේ. ඒ වෙනුවට ගෑස්‌ උදුනක්‌ මත තබන පීඩන උදුනක්‌ (pressure cooker) යොදාගැනීමෙන් බලශක්‌තියෙන් 50-75%ක්‌ පමණ ඉතිරි කරගත හැකි ය.
* තාපන තැටිය (Hot plate) - ඉවීම සඳහා යොදාගන්නා සරල උදුනකි. විදුලි තාපන තැටියක ක්‌ෂමතාව වොට්‌ 1000 සිට ඉහළට තරම් ය. ගෑස්‌ උදුන මීට යෝග්‍ය විකල්පයකි.
* විදුලි උදුන් (electric stove/ electric cooker) හා විදුලි පෝරණුව (electric oven) - විවිධ ආහාර වර්ග රැසක්‌ සැකසීම සඳහා මේ විදුලි උදුන් හා විදුලි පෝරණු යොදා ගැනේ. මේවායේ ක්‌ෂමතාව හා විදුලි භාවිතය ඉතා අධික ය. (වොට්‌ 2000 සිට ඉහළට). මයික්‍රොවේව් උදුනක භාවිත වන විදුලි බලය ඊට වඩා අඩු වන නිසා විදුලි පෝරණුවකට වඩා මයික්‍රොවේව් උදුනක්‌ භාවිතය යෝග්‍ය ය.
* කේතලය හා හීටරය - ජලය උණුසුම් කිරීම සඳහා යොදාගන්නා උපකරණ අතර කේතලය හා හීටරය වඩා සුලබ ව භාවිත වේ. විදුලි කේතලයක්‌ හා විදුලි හීටරයක සාමාන්‍ය ක්‌ෂමතාව වොට්‌ 1000 සිට ඉහළට විය හැකි ය. විදුලියෙන් ක්‍රියා කරන මේ උපකරණ වෙනුවට ගෑස්‌ ලිපක තබන කේතලයක්‌ යොදාගැනීම යෝග්‍ය ය. හීටරය යොදාගත යුත්තේ අවම වශයෙනි.
* වෙනත් උපකරණ - බ්ලෙන්ඩරය, ඇඹරුම් යන්ත්‍රය, ටෝස්‌ටරය වැනි වෙනත් විවිධ උපකරණ රැසක්‌ ද ආහාර පිළියෙල කිරීමේ දී භාවිත වේ. මේවායේ ක්‌ෂමතාව සාපේaක්‌ෂව අඩු වන අතර භාවිතයට ගැනෙන්නේ සාපේක්‌ෂව අඩු කාලයකි. 
  
අප කළ යුතු දේ
ආහාර පිසීම සඳහා විදුලි උදුන්, විදුලි කේතල හා තාපන තැටි භාවිත කිරීමෙන් වැළකීම හෝ අවම කිරීම ඉතා වැදගත් ය.
ආහාර සැකසීමේ විදුලි උපකරණ භාවිත කරන්නේ නම්, ඒවායේ සඳහන් ක්‌ෂමතාව හා පැයක්‌ භාවිත කිරීමේ දී වැය වන විදුලි ඒකක ගණන ගැන අවබෝධයක්‌ ලබාගැනීම වැදගත් ය.
ද්‍රව පෙට්‍රොලියම් වායු (LP ගෑස්‌), දර, ජීව වායුව හෝ වෙනත් ඉන්ධන වර්ග ආහාර පිසීම සඳහා යොදාගත හැකි ය. ඒවා අවශ්‍යතාව හා ප්‍රදේශයේ සුලබතාව අනුව තෝරාගත හැකි ය.
ආහාර පිසීමේ දී සිදු වන තාප හානි වීම අවම කිරීම සඳහා පිසින බදුන් (වළං) තෝරා ගත යුතු ය
පැතැලි පත්ලක්‌ සහිත බඳුන් වඩා යෝග්‍ය ය. (පත්ල රවුම් බඳුන්වලින් තාපය හානි වේ).
තාප සන්නායකතාව ඉහළ වානේ හෝ වෙනත් ලෝහමය ද්‍රව්‍යවලින් කළ බඳුන් භාවිත කිරීම. (මැටි වළං රත් කිරීමට වැඩි තාපයක්‌ අවශ්‍ය ය).
 වඩා කාර්යක්‌ෂම ආහාර පිසින බඳුන් වෙළෙඳපොළේ ඇත.
මැටි බඳුන් භාවිත කළ යුතු ම නම්, ඝනකම අඩු හා පැතැලි පත්ලක්‌ සහිත බඳුන් භාවිතය.
ලිපේ ඇති දාහකයේ (burner) ප්‍රමාණයට සමාන හෝ මදක්‌ විශාල බඳුන් භාවිත කිරීම.
බඳුන දෙපසින් ගිනි දැල්ලක්‌ පිටතට විහිදීම තාප හානියකි.
සාමාන්‍ය බඳුනක්‌ වෙනුවට පීඩන බඳුනක්‌ (pressure cooker) යොදා ගැනීම යෝග්‍ය ය.
හැකි හැම විට ම ආහාර පිසීමේ දී බඳුන් වසා පිසීම. (බඳුන් වසා පිසීමේ දී වැය වන්නේ විවෘත ව පිසීමේ දී මෙන් තුනෙන් එකක්‌ තරම් තාපයකි).

  
ආහාර පිසීමේ දී පහත කරුණු ගැන සැලකිලිමත් වීම වැදගත් ය.
ක්‍රමානුකූලව ආහාර පිසීම - වැඩි තාපයක්‌ අවශ්‍ය ආහාරවල සිට අඩු තාපයක්‌ අවශ්‍ය ආහාර දක්‌වා ආහාර පිසීමෙන් තාප හානිය අඩු වේ.
ආහාර අධික ලෙස පීසීමෙන් වැළකීම - අනවශ්‍ය තරම් අධික ලෙස පිසීමෙන් ආහාරවල රස වෙනස්‌ වන අතර බලශක්‌තිය ද අපතේ යයි.
අවශ්‍ය ප්‍රමාණයට පමණක්‌ ජලය එක්‌ කිරීම.
ඇතැම් එළවළු හා පලතුරු අමුවෙන් ආහාරයට ගැනීමෙන් පෝෂණ ගුණය රැකගනිමින් බලශක්‌තිය ද ඉතිරි කරගත හැකි ය.
ආහාර පිසින උදුන පිළිබඳව ද සැලකිලිමත් විය යුතු ය.
ලිප මනා තත්ත්වයෙන් නඩත්තු කිරීම හා පිරිසිදුව තබා ගැනීම - කළු පැහැති දාහකවලින් තාපය උරාගන්නා අතර ඒවා දිළිසෙන ලෙසින් පවත්වා ගැනීම යෝග්‍ය ය.
පෝරණුවක්‌ භාවිත කරන විට ඒ සඳහා ගැලපෙන බඳුන් යොදාගැනීම යෝග්‍ය ය.
පෝරණුව භාවිත කිරීමේ දී එහි දොර නිතර ඇරීමෙන් වළකින්න. ඉන් තාපය හානි වේ.

 
* ආහාර පිසීමේ දී අවධානය යොමු කළ යුතු වෙනත් කරුණු
ශීත කළ ආහාර ලිප තැබීමට පෙර සාමාන්‍ය උෂ්ණත්වයට පත් වන තුරු තැබීමෙන් බලශක්‌තිය ඉතිරි වේ.
අවශ්‍ය කාරණය සඳහා යෝග්‍ය උපකරණ යොදාගැනීම වැදගත් ය - නිදසුනක්‌ ලෙස ගත හොත් පාන් ටෝස්‌ට්‌ කිරීමට පෝරණුවක්‌ නොව ටෝස්‌ටරයක්‌ ප්‍රමාණවත් ය.
සකස්කළේ:
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,  රත්තොට  
උපුටා ගැනීම : අන්තර්ජාලය ඇසුරිණි.