October 12, 2017

වඩාත්ම නිවැරිදි නව ක්වොන්ටම් වායු ඝනක ඔරලෝසුව

ඉතාම සියුම් ලෙස නිවැරිදිව වේලාව මැනීම සදහා පරමාණුක ඔරලෝසු වර්ග නිපදවා තිබේ. ඒවායින් බොහොමයක් සිසියම් (caesium) -133  සමස්ථානික පරමාණු ඔරලෝසු වේ. එම පරමාණුවේ පහළ කක්ෂයක සිට ඉහළ කක්ෂයකට ඉලෙක්ට්‍රෝන පැනීම නිසා විමෝචනය වන සුක්ෂම තරංග මගින් කාලය මැනීම සිදු කරයි.

Caesium පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වලට නිත්‍ය වේග සීමාවක් ඇති නිසා එය කාල පරාස වලට පහසුවෙන් වෙන් කළ හැකිය. එනම් එම පරමාණුවේ ඉලෙක්ට්‍රෝන තත්පරයක කාලයක් තුලදී බිලියන 9 වාරයක් (තත් -1 බිලියන 9) ඉදිරියට හා පසුපසට පනියි. එනිසා caesium පරමාණුක ඔරලෝසුවේ වේලාව තත්පරයකින් අඩු හෝ වැඩි හෙවත් දෝෂ සහිත වීමට වසර මිලියන 300 ක් ගත වේ.

ක්වොන්ටම් වායු ඝනක ඔරලෝසුව නිපදවීම සදහා යොදා ගෙන ඇත්තේ strontium පරමාණුවයි. එහිදී  strontium පරමාණු, ජාලක වැනි (grid-like) රටාවලට සකස් කර එම ජාලක එකමත එක අඩුක් කිරීමක් කර තිබේ. Strontium පරමාණුවේ ඉලෙක්ට්‍රෝන පෙර සදහන් කළ පරිදි සංක්‍රමණය වීම තත්පරයට බිලියන මිලියනයක (තත් -1 බිලියන 1,000,000)ගයෙන් සිදුවේ. එනිසා එය ලොව දැනට නිපදවා ඇති වඩාත්ම නිරවද්‍ය ප්‍රකාශ ඔරලෝසුව වන අතර විශ්වයේ සම්පුර්ණ වයස කාලය තුලදීම තත්පරයක හෝ අඩු වැඩිවීමක් (දෝෂයක්) සිදු නොවන බව Colorado විශ්ව විද්‍යාලයේ Yun Ye පවසයි.

නව ඔරලෝසුවේ නිරවද්‍යතාවය සහතික කිරීමට ප්‍රමාණවත් දීර්ඝ කාලයක් මෙතෙක් ගත වී  නැති නමුත් එයින් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා සිද්ධාන්ත තුලින් ප්‍රකාශිත ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වන විට කාලය ගතවීමේ වේගයද වෙනස් වන බව පරික්ෂා කළ හැකිය. උදාහරණයක් ලෙස වයස අවුරුදු 76 ක කාලයකට පසුව හිස අසල වයසට ගිය කාලය පාදය අසල වයසට ගිය කාලයට වඩා තත්පර බිලියන 1/90 ක් වැඩිය. එලෙස ඉතාම ක්ෂුද්‍රව වේලාව මැනීමට මෙම ඔරලෝසු සමත් වේ. තවද ඈත අභ්‍යවකාශයේ කාලයේ මාවත වෙනස් කරන ගුරුත්වාකර්ෂණ තරංග සෙවීමේ ක්‍රියාවලියටද නව ඔරලෝසුව ප්‍රයෝජනවත් වනු ඇත.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර    

https://youtu.be/b379OKeCyDo?t=1

0 comments:

Post a Comment