October 27, 2017

සහයෝගී සමාජ වගකීමෙහි වැදගත්කම


තුන් වන  ලෝකයේ  දිළිඳු රටවල් අතරින් සංවර්ධනය වෙමින් පවතින රටකි ශ්‍රී ලංකාව. දෙකෝටි විසි ලක්ෂයක ජනගහණයක් ජිවත් වන මෙම රටෙහි දිළිඳු එනම් දරිද්‍රතා රේඛාවට පහළින්  ජීවත් වන අයද සිටින  බව මෙන්ම  මන්ද පෝෂණයෙන් පෙළෙන අයද සිටින බව සංඛ්‍යාලේඛන වල සදහන් වේ. මේ සඳහා රජය මඟින් සෞඛ්‍ය, විද්‍යාව, තාක්ෂණය, සමාජ සුභ සාධනය වැනි ක්ෂේත්‍ර වෙත විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළද ප්‍රශ්නයෙහි පැහැදිළි වෙනසක් දැකිය හැකි නමුත් එය  ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා විසදුමක් වශයෙන් සහයෝගී සමාජ වගකීම යන මාතෘකාව වැදගත් වේ. මෙහිදී සිදු වන්නේ මෙවැනි ප්‍රශ්න විසදීමට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමයි.. මේ පිළිබඳ අධ්‍යනය කිරීමට අවස්ථාව සැලසුනේ ඉන්දියාවේ පුහුණුව ලැබීමට අවස්ථාව උදාවීම මගිනි.


ඉන්දියාවේ කිරි නිෂ්පාදනය ඉතා ඉහල මට්ටමක ඇති අතර  Amull නම් කිරි කර්මාන්ත ශාලාව ඉන්දියාවේ ගුජරාටි හි පිහිටා  ඇත. එයට නන්දෙසින් කිරි ලබාගන්නා අතර කර්මාන්ත ශාලාවේ කිරි අහාර වර්ග 40 ක් පමණ නිෂ්පාදනය කරයි. එනම් චීස්, බටර්, කල්කිරී, රස කළ කිරි පානයන්, ගිතෙල්, යෝගට්, කිරි ටොෆී, දියර කිරි, යෝගට් පානය, මුදවාපු කිරි ආදිය වේ. මෙම නිෂ්පාදන වලින් 40% ක් රටේ දරුවන්ට ලබාදිය යුතුවේ. මෙහි ප්‍රධානම ඉලක්කය ළමයින්ගේ මන්දපෝෂණය දුරුකර ලීමයි.

එමෙන්ම ජායිපූර් ෂූට් ඉන්දියාවේ තවත් කර්මාන්ත ශාලාවකි. එහි කකුල්, අත්, ඇඟිලි අහිමි වුවන් සඳහා එම අවයව නිෂ්පාදනය කරයි. ඉන්පසු එම අවයව සවි කිරීම පමණක් නොව පසු විපරම් කාර්ය දිගටම සිදු කරයි. එනම් කකුල් සවිකළ අයට ඇවිදීම, දිවීම, පෑගීම ආදිය පුහුණුකර කර්මාන්ත ශාලාවේම රැකියා ලබාදේ. අත් සවිකළ අයට ලිවීමට හා අතින් කරන සියලුම කාර්යන් සඳහා හුරු කරවයි. එනම් කර්මාන්ත ශාලාවක වගකීම ලාභ සෙවීම පමණක් නොව රටේ දැවෙන ප්‍රශ්නයකට විසදුම් ලබාදීමට යම් දායකත්වයක් ලබාදීමයි. අපේ රටෙත් මෙවැනි දේ බදු වලින් පමණක් නොව වගකීමක් වශයෙන් ලබාදීම වඩා ඵලදායි සංවර්ධනයක් හේතු වනු ඇත.
එස්.එම්.ටී.කේ. සමරකෝන්,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
ගඟවටකෝරළය.

0 comments:

Post a Comment