October 11, 2017

ආහාර පරිරක්ෂක (Preservatives) පිළිබඳ ඔබ දැනුවත් ද ?

ආහාර ආකලන කාණ්ඩ යටතේ ගැනෙන පරිරක්ෂක (Preservatives):  ආහාර ආකලනය යනු ආහාරයක් නොවන අතර ආහාර වල නිශ්චිත තාක්ෂණික ගුණාංග , එනම් ආහාරයක කල් පැවැත්ම, වයනය, ස්වාභාවික පෙනුම, ගන්ධය, ආම්ලික භාෂ්මික බව වැඩි දියුණු කිරීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලියේ දී එකතු කරනු ලබන ද්‍රව්‍ය වේ.

එම ද්‍රව්‍ය අතරින් එක් කාණ්ඩයක් වන ආහාර පරිරක්ෂක යනු ආහාරය මත වැඩිය හැකි බැක්ටීරියා, යීස්ට් හෝ ඇතැම් දිලීර වර්ග වල වර්ධනය නිශේදනය කළ හැකි ද්‍රව්‍යයන් වේ. බොහෝ පරිරක්ෂක, රසායනික ද්‍රව්‍යයන් වේ. බොහෝ රසායනික පරිරක්ෂකයන්ගේ ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය මාධ්‍යයේ pH අගය, උෂ්ණත්වය සහ ලවණතාවය යන බාහිර සාධක මත රඳා පවතී. පොදු රසායනික පරිරක්ෂක කාණ්ඩ 7 ක් යටතේ වර්ග කළ හැක.

පොදු රසායනික සංයෝග
භාවිතයන්
සෝබේට (Sorbates)
කිරි ආශ්‍රිත නිෂ්පාදන, රසකැවිලි
බෙන්සොඒට සහ පැරා බෙන්සොඒට
(Benzoates & Para Benzoates)
පලතුරු පල්ප, සිසිල් බීම, ජෑම්
සල්ෆයිට (Sulphites)
පලතුරු යුෂ, වියලන ලද එළවළු
බයිෆීනයිල් (Biphenyls)
දෙහි, දොඩම් කුලයේ පලතුරුවල මතුපිට යෙදවීම සඳහා
ඇමීන
කෙසෙල් වල මතුපිට යෙදවීම සඳහා
නයිට්‍රයිට සහ නයිට්‍රේට
මස් සහ චීස් කර්මාන්තය
ප්‍රොපියොනේට
බේකරි නිෂ්පාදනය

සොබේට, සල්ෆයිට, බෙන්සොඒට සහ ප්‍රොපියොනේට වල ක්‍රියාකාරිත්වය මාධ‍්‍යයේ   pH අගය මත රඳා පවති.

pH අගය 3.5 අතර සල්ෆිට විශේෂ 2 ක් ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය පෙන්වයි. (උදා: HSO4, SO3-2) වෙනස් වීම් වලට භාජනය නොවුනු සැකිල්ලක් සහිත සෝබේට, බෙන්සෝට සහ ප්‍රොපියොනේට ප්‍රතිශතය ඒවායේ ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපානු ඇත. ඊට අදාළ අගයන් පහත වගුව යටතේ දක්වා ඇත. බයිෆීනයිල, ඇමීන සහ නයිට්‍රයිට සහ නයිට්‍රේටවල ක්‍රියාකාරීත්වය සඳහා මාධ්‍යයේ අගය බල නොපාන අතර අනෙක් සාධක බලපානු ඇත.

ඇතැම් රසායනික පරිරක්ෂක සඳහා ප්‍රශස්ත pH අගය  
 
පරිරක්ෂක කාණ්ඩය
ප්‍රශස්ත pH අගය
සල්ෆයිට (Sulphites)
3-5
සෝබේට (Sorbates)
6 ට පහළ
බෙන්සොඒට(Benzoates)
4
ප්‍රොපියොනේට (Propionates)
4 – 4.8
                                               
රසායනික පරිරක්ෂකවල අනිසි බලපෑම

රසායනික පරිරක්ෂක කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය නිසා අධික ලෙස භාවිතය තුලින් විවිධ සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දීමට සිදුවේ. එබැවින් රසායනික පරිරක්ෂක භාවිතයේ දී විවිධ තත්වයන් සහ සීමා හඳුන්වා දීම තුළින් සිදුවිය හැකි සෞඛ්‍ය ගැටළු පාලනය කර ගත හැක. 

රසායනික පරිරක්ෂක අතුරින් සල්ෆයිට, නයිට්‍රේට සහ නයිට්‍රයිට උපරිම විෂ සහිත තත්ව පෙන්වනු ලබයි. අධිකව එකතු කරන සල්ෆයිට මඟින් පෙනහළු සහ ශ්වසන පද්ධතියේ ආසාදන ඇති කරනු ලබන අතර නයිට්‍රේට සහ නයිට්‍රයිට මඟින් ඒවායේ අතුරු ඵල  ලෙස නිපදවනු ලබන නයිට්‍රෙසාඇමයින නමැති රසායනිකය නිසා පිළිකා ඇති විය හැක.


සැකසීම - විද්‍යා හා තාක්ෂණ නිලධාරි,තිහගොඩ 
 විදුරාව සඟරාව ඇසුරින්

0 comments:

Post a Comment