Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

March 29, 2018

සජීවී මිනිස් සෛල වලින් ජෛව පරිගණකයක ඇරඹුම.


computer” යන ඉංග්‍රීසි වදන මුලදී භාවිතා කර ඇත්තේ ගණනය කිරීම්වල නියුතු පුද්ගලයින් විස්තර කිරීම සඳහාය. එනම් වර්තමානයේ සංකීර්ණ තොරතුරු විශාල ප්‍රමාණයක් ක්‍රියායනය කිරීමට භාවිතාවන ඉලෙක්ට්‍රොනික උපකරණයක් ලෙස පොදුවේ සලකන computer (පරිගණක) නාමය විද්‍යුත් උපාංග නොමැතිව මිනිසා විසින් කරන සරල ගණනය කිරීම්  සදහාද 17 වන සියවසේදී භාවිතා කළ බවයි. සජීවී මිනිස් සෛල වලින් ජෛවපරිගණකයක් නිර්මාණය කිරීම යනු මෙම ඉතිහාසය සිහිපත් කරමින් නැවත වරක් එහෙත් වඩාත් සංකීර්ණ ආකාරයකට විද්‍යුත් උපාංග නොමැතිව මිනිසා විසින්ම පරිගණක කාර්යයන් කිරීමේ ආරම්භය විය හැකිය.

සුරිච් හි ETH විශ්වවිද්‍යාලයේ  සහ Basel විශ්වවිද්‍යාලයේ පරීක්ෂක කණ්ඩායමක් විසින් සජීවී මිනිස් සෛල භාවිතයෙන් ජෛවපරිගණක නිර්මාණය කිරීමට හැකිවන ඉදිරි පියවරක් තබා ඇති බව Nature Methods සඟරාවේ විද්‍යාත්මක වාර්තාවක් පළකරමින් ඔවුන්ගේ වඩාත් දියුණු ක්‍රමවේදය ඉදිරිපත් කර තිබේ.
මෙම සංශ්ලේෂී ක්ෂේත්‍රයේ ජීවවිද්‍යා කණ්ඩායම විසින් සෛල වර්ග 9 ක් ත්‍රිමාණ රෝපිතයකට එකලස්කර තිබේ. එය ඉතා සරල පරිගණක පරිපථයක් ලෙස හැසිරවීමටද ඔවුන් සමත් වී ඇත.විදුලි රැහැන්, සඥා වෙනුවට රසායන යෙදවුම් මගින් ඉතා සරල ජෛවපරිගණකයක් ලෙස ලැබෙන දත්ත සඳහා ප්‍රතිචාර දැක්වීමට එය සමත්වන අතර වත්මන් පරිගණක ක්‍රමවේදයේ rudimentry logical gate (මුලික ආකෘතිමය තාර්කික ද්වාර) වන “AND”, “NOT” සහ “OR” භාවිතා කර දත්ත  ක්‍රියායනය (processing) කිරීමේ හැකියාවද එයට තිබේ. සෑම ඩිජිටල් (සංඛ්‍යාක) පද්ධතියක්ම logical gates මත පදනම් වේ. උදාහරණයක් ලෙස 1 නම් ද්විපාද යෙදුම “NOT” ද්වාරය (gate) හරහා 0 නම් නිමැවුමක් ලෙස ලබා ගැනීම. මේවා පරිගණක ක්‍රමවේදයේ අතිශය සරල මුලික කරුණු වන නමුත් එය ජෛවපරිගණකයකින් ක්‍රියාත්මක කිරීමට සමත්වීම පර්යේෂණ කණ්ඩායම ලත් ජයග්‍රහණයකි.
 
DNA භාවිතා කර ක්‍රියාකාරී ට්‍රාන්සිස්ටරයක් නිපදවීම, ජෙලිෆිෂ් යොදාගෙන ජීව පික්සල් (pixel) දර්ශන නිර්මාණය කිරීම යනාදී මින් පෙර ඉදිරිපත් කර ඇති ජිවපරිගණක නිර්මාණ චමත්කාරජනක වුවත් පරිගණකයේ logical gate ක්‍රියාවලිය සිදු කළ මෙම ජයග්‍රහණය ජෛවපරිගණක සඳහා විශාල ඉදිරි පියවරක් බව වාර්තාවේ තවදුරටත් සදහන් වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරින් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/HKZ2LtfDrmg?t=2

March 15, 2018

භෞතිකවිද්‍යාඥ මහාචාර්ය ස්ටීවන් හෝකින්ගේ සමුගැනීම.

ලොව සුප්‍රසිද්ධ න්‍යායාත්මක භෞතිකවිද්‍යාඥ මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා කෙම්බ්‍රිජ්හි සිය නිවසේදී අභවාප්‍රාප්ත වූ බව ඔහුගේ ඥාතීන් වීසින් දැනුම් දුන් බව වාර්තා වේ.

amyotropic lateral sclerosis (අමියෝට්‍රොපික් පාර්ශවිය දෘඩතාව) හෙවත් චාලක නියුරෝන පිරිහෙන රෝගය නිසා තරුණ වියේ සිටම මාංෂපේශීන් ස්වභාවිකව චලනය කිරීමට අපහසු තත්වයට පත්වුවද විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් අනුපමේය සේවයක් කළ ඔහු මිය යන විට 76 වැනි වියෙහි පසුවිය. ගණිතය විෂයෙහි පෙරළියක් කරමින් විශ්වය පිළිබද තොරතුරු රාශියක් අනාවරණය කළ ඉතාලි ජාතික ගැලිලියෝ ගැලිලි අභවාප්‍රාප්ත වී 300 වැනි සංවත්සර දිනය වූ 1942 ජනවාරි මස 08 දින මෙලොව එළිය දුටු බ්‍රිතාන්‍ය ජාතික හෝකින්, ලොව අග්‍රගන්‍ය භෞතික විද්‍යාඥ ජර්මන් ජාතික අභාවාප්‍රාප්ත ඇල්බට් අයින්ස්ටයින්ගේ 130 වන ජන්ම දිනය වූ 2018 මාර්තු 14 වෙනි දිනයේදී මෙලොව හැර යාම සුවිශේෂී කරුණකි. ඔස්කාර් සම්මාන දිනු “Theory of Everything” චිත්‍රපටිය ඔහුගේ ජීවිතය ඇසුරෙන් නිර්මාණය කර තිබේ.
 
මහාචාර්ය හෝකින් ශ්‍රේෂ් විද්‍යාඥයකු මෙන්ම අසමසම ධෛර්යවන්ත මිනිසෙකු ලෙස භෞතික විද්‍යා ක්ෂේත්‍රය සදහා කළ සුවිශාල සේවය සහ ලබාදුන් දායාදය සදාකාලික හෝ බොහෝ කාලයක් පවතිනු ඇත. ඔහුගේ හාස්‍ය සහ ප්‍රභාව මුසුවූ ධෛර්යමත් පැවැත්ම ලොව විද්වතුන්, රාජ්‍ය නායකයින් ඇතුළු මුළු මහත් ප්‍රජාවගේ නොමද ඇගයුමට පාත්‍ර විය. වත්මන් විද්‍යාඥයින් අතර හෝකින් විශාල ප්‍රතිරූපයක්  ලෙස සැලකේ. ප්‍රභේද නිර්වචනය කිරීමේ ඔහුගේ “A Brief History of Time”ග්‍රන්ථයේ පිටපත් කෝටියකට වැඩි ප්‍රමාණයක් ලොව වටා අලෙවි වී ඇති අතර විවිධ භාෂා 35 කට පරිවර්තනය කර තිබේ. කාල චාරිකා (Time Travel), පිටසක්වල ජීවින් සිට මැදපෙරදිග දේශපාලනය සහ අතිශය භයානක රොබෝවරුන් දක්වා විවධ ක්ෂේත්‍ර පිළිබඳව ඔහුගේ උපදෙස් චර්යානුගතව මෙන් භාවිතා කර තිබේ. Big Bang Theory, Theory of Everything, කළු කුහර, Hawkins Paradox වැනි විශ්වය පිලිබදව ඔහු පළකළ විද්‍යාත්මක කරුණු හා සිද්ධාන්ත විශ්වය පිළිබද වත්මන් මනුෂ්‍යා ලබා ඇති දැනුම විදහා දක්වයි.
 
අන්තර්ජාලයේ කරුණු ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/mzyHc-3PyfY?t=73
https://youtu.be/ORlnHMAAFvs?t=19   

March 9, 2018

மின்காந்த அலைகள் - பாகம் 1

 

இன்று நாம் பயன்படுத்தும் பெரும்பாலான இலத்திரனியல் சாதனங்கள், உதாரணமாக உங்கள் செல்போன் தொடக்கம், டிவி ரிமோட் வரை மின்காந்த அலைகள் உங்கள் கண்களுக்குத் தெரியாமல், உங்கள் கட்டளைகளை நிறைவேற்றிக்கொண்டுதான் இருக்கின்றன. விண்வெளியில் சஞ்சரிக்கும் செயற்கைக்கோள்கள் தொடக்கம்உடல் பரிசோதனைக்காக வைத்தியசாலைகளில் எடுக்கப்படும் எக்ஸ்ரே வரை எல்லாமே மின்காந்தஅலைகளால் எதோ ஒரு விதத்தில் தொடர்புபடுத்தப்படுகின்றது. அப்படியான இந்த மின்காந்த அலைகள் என்றால் என்ன? எங்கிருந்து அவை வருகின்றது, அவற்றின் பயன்பாடுகள் மற்றும் அதில் இருக்கும் வேறுபட்ட  அலைக்கற்றைகளின் பண்புகளையும் பார்க்கலாம்.


முதலில் அலைகள் என்றால் என்ன என்று பார்க்கலாம். அலைகளில் இரண்டுவகை உண்டு. பொதுவாக நீங்கள் அலைகளைப் பார்த்திருப்பீர்கள். கடலலைகள் ஒரு உதாரணம். நீரில் கல்லொன்றை விட்டெறியும்போது, அந்த நீர் மேற்பரப்பில் ஏற்படும் மாற்றங்களும் அலைகளே, அதேபோல நாம் பேசும்போது வரும் ஒலி, அதுவும் அலைகளே, காற்றினூடு அவை பயணிக்கின்றன. இப்படியான அலைகளை பொறிமுறை அலைகள் என அழைகின்றனர். அதாவது இவை திண்மம், திரவம், வாயு மற்றும் பிளாஸ்மா போன்ற பொருட்களின் பல்வேறுபட்ட நிலைகளின் மூலம் சக்தியைக் காவிச்செல்கின்றன.  இப்படி இவை ஒரு ஊடகத்தைப் பயன்படுத்தி சக்தியைக் கடத்துவதால் இவை பொறிமுறை அலைகள்.

பொறிமுறை அலைகளின் மூலம், பொருட்கள் இடத்துக்கிடம்  கடத்துவதில்லை, மாறாக சக்தி மட்டுமே அலைகளின் மூலம் பயணிக்கிறது. கீழே உள்ள படத்தைப் பாருங்கள். நீரின் மேற்பரப்பில் இருக்கும் தும்பி, அதே இடத்திலேயே இருக்க, அலை (நெளிவாக காட்டப்படும் கொடு) வலப்பக்கம் இருந்து இடப்பக்கம் நோக்கி அசைந்து செல்கிறது. நீரின் மூலக்கூறுகள் மேல்கீழாக மட்டுமே அசைய, அலையின்மூலம் சக்தி இடப்பக்கம் இருந்து வலப்பக்கம் நோக்கி அசைந்துசெல்கிறது.



பொறிமுறை அலைகளுக்கு நிச்சயம் ஒரு ஊடகம் அவசியம். ஒலி என்பதே வளியில் இருக்கும் வாயுக்களின் மூலக்கூறுகள் அசைவதனால் ஏற்படும் ஒரு சக்திப் பரிமாற்றமே. வெற்றிடத்தில் ஒலி எழுப்பமுடியாது. ஆனால் மின்காந்த அலைகள் இந்த பொறிமுறை அலைகளைவிட சற்று வித்தியாசமானது. அவற்றைப் பற்றி பார்க்க முதல், சக்தி என்றால் என்ன என்று பார்த்துவிடலாம்.
சக்தி/ஆற்றல் – “வேலையை செய்துமுடிக்கத் தேவையான அளவுஎன நாம் இலகுவாக இதற்கு வரைவிலக்கணம் கூறலாம். சக்தியானது பல்வேறு நிலைகளில் காணப்படுகிறது, இயக்கப்பாட்டுச்சக்தி, வெப்பசக்தி, அழுத்தசக்தி இப்படி பல்வேறு நிலைகளில் காணப்படும் சக்தியை ஒரு நிலையில் இருந்து இன்னுமொரு நிலைக்கு மாற்றமுடியும். அத்தோடு சக்தியை சேமித்தும் வைக்கமுடியும், உதாரணமாக மின்கலத்தில் மின்சக்தி சேமிக்கப்பட்டிருக்கும். நீரணையால் தடுக்கப்பட்டிருக்கும் நீரில் அழுத்தசக்தி காணப்படும். அதேபோல இயங்கிக்கொண்டிருக்கும் பொருட்களில் இயக்கப்பாட்டுசக்தி காணப்படும், உதாரணம் ஓடிக்கொண்டிருக்கும் சைக்கிள்!
இதேபோலத்தான், ஏற்றம்கொண்ட அணுத்துணிக்கைகளான இலத்திரன்(மறை ஏற்றம்) மற்றும் ப்ரோத்திரன்(நேர் ஏற்றம்) ஆகியன அசையும்போது அவை மின்காந்தப்புலத்தை உருவாக்குகின்றன. இந்தப் புலத்தினுள் மின்காந்த அலைகள் மின்காந்தக்கதிர்ப்புச் சக்தியை காவுகின்றன. மின்காந்தக்கதிர்புச் சக்தி என்ற சொல் உங்களுக்குப் புதிதாக இருக்கலாம். ஆனால் ஒளி என்ற சொல்லை உங்களுக்குத் தெரியும்! ஒளி மின்காந்தக்கதிர்ப்புச் சக்தியின் ஒரு வகையே!
மின்காந்த அலைகள், பொறிமுறை அலைகளை விட சற்று வித்தியாசமானது என்று மேலே கூறினேன். எப்படியென்று பார்க்கலாம். மின்காந்த அலைகள் என்ற சொல்லிலேயே இரண்டுவகையான சக்திபற்றிய குறிப்பு காணப்படுகிறது. ஒன்று மின்”, அடுத்தது காந்தம்”.  இந்த இரண்டு சக்திகளும் ஒன்றோடு ஒன்று தொடர்புபட்டவை. மின்கம்பியில் மின்சாரம் பாயும் போது, அதனைச் சுற்றி காந்தப்புலம் தோன்றும். அதேபோல, காந்தப்புலத்தினுள் மின்கடத்தியை அசைப்பதன் மூலம் மின்சக்தியை பிறப்பிக்கமுடியும். பொதுவாக பாடசாலையில் அறிவியல் / விஞ்ஞான வகுப்பில் நீங்கள் இதைப் பற்றிப் படித்திருக்கலாம். அப்படியும் இல்லையென்றால், டைனமோ என்ற சொல்லாவது கேள்விப்படிருக்கலாம். சைக்கிள் டைனமோ ஒரு எளிய உதாரணம். ஒரு காந்தம், கொஞ்சம் கம்பி காந்தம் சுழல, அதிலிருந்து கொஞ்சம் மின்சக்தி!
முதன்முதலில் மின்சக்திக்கும், காந்தசக்திக்கும் இருக்கும் தொடர்பை பயனுள்ளமுறையில் அறிந்துகொண்டு பயன்படுத்தியவர் மைக்கல் பாரடே. டைனமோஆனாலும் அவரது நண்பரான ஜேம்ஸ் மக்ஸ்வெல்தான் மின், காந்தப் புலங்களுக்கு இடையிலான தொடர்பை சமன்பாடுகள் மூலம் விளக்கியவர். மின்புலத்தில் ஏற்படும் மாற்றம் எவ்வாறு காந்தப்புலத்தைத் தாக்கும் என்றும், காந்தப்புலத்தில் ஏற்படும் மாற்றம் மீண்டும் எவ்வாறு மின்புலத்தில் தாக்கும் என்றும் சமன்பாடுகள் மூலம் நிருபித்தவர். இன்று இந்த சமன்பாடுகள் மக்ஸ்வெல் சம்பாடுகள்என அழைக்கப்படுகின்றன.
இவரது சமன்பாட்டின் பின்னரே ஒளியும் ஒரு மின்காந்த அலை என்பது நிருபணமானது. மக்ஸ்வெல்லின் கோட்பாட்டுப் படி, மின்புலமும், காந்தப்புலமும், ஒன்றுகொன்று செங்குத்தாக குறித்த வேகத்தில் அலைந்தால் (oscillate) மட்டுமே, அது மின்காந்த அலையைத் தோற்றுவிக்கும்.  அந்தவேகம் செக்கனுக்கு 299,792,458 மீற்றர்கள். 

மின்காந்த அலைகள் - பாகம் 2
தொடரும்.....

March 2, 2018

පරිසර හිතකාමී රෙදිපිළි


ගිම්හල ඵලය, පොලිතීන්, ප්ලාස්ටික්, වායු දුෂණය වැනි විවිධාකාර වූ පරිසර දුෂණයන් අතරට අප භාවිතාකරන රෙදිපිලිද ඇතුලත් බව NewScientist සගරාව සදහන් කරයි. දැනට භාවිතාවන රෙදිපිළි නිසා විශාල පරිසර හානියක් සිදුවන අතර පර්යේෂණාගාර වල නිෂ්පාදිත රෙදි වර්ග සහ නව විලාසිත ක්‍රම භාවිතයෙන් එහි විශාල වෙනසක් සිදු කර ගත හැකි බව වාර්තාවේ තවදුරටත් සදහන් වේ.

අපව ආවරණයකිරීම  සහ හැඩගැන්වීම සදහා අත්‍යාවශ්‍ය රෙදිපිළි වර්ග අප ග්‍රහලෝකය දුෂණයට හේතුවන වාණිජ නිෂ්පාදනයකි. වසරකට රෙදිපිළි කර්මාන්තය විසින් බිහිකරන කාබන් විමෝචනය ටොන් බිලියන 1.2 කි. එය ගුවන් ගමනාගමනය නිසා ඇතිවන කාබන් විමෝචනයට වඩා වැඩිය. තවද රෙදිපිළි නිෂ්පාදනය හා නඩත්තු කිරීම සදහා වගුරවන ජලය, බලශක්තිය සහ ප්‍රතිජනනය කල නොහැකි සම්පත් ප්‍රමාණය අතිවිශාල වේ. මේ අනුව රෙදිපිලිවල කළ පැවැත්ම වැදගත් සාධකයක් වේ. කල්පවත්නා ආර්ථික ක්‍රම පිලිබදව වූ MacArthur පදනම විසින් රෙදිපිළි වලින් සිදුවන පරිසර බලපෑම පිලිබදව වාර්තාවක්ද පල කර තිබේ.

බටහිර ඕස්ට්‍රේලියාවේ වයින් නිෂ්පාදනාගාරයක සේවයේ නියුතුව සිටි මිදි වගාව පිළිබද උපාධිධාරියෙකු වූ Gary Cass ට වසර දශක දෙකකට පෙර  සිදුවූ අත්වැරදීමක් නිසා රෙදි වර්ග වඩාත් පරිසර හිතකාමී බවට පත්කිරීමට හැකියාව ලැබී තිබේ. වයින් පිරුණු විශාල පිප්පයකට කාබන්ඩයොක්සයිඩ් මිශ්‍ර කිරීමට එක් දිනක් ඔහුට අමතක විය. එනිසා වයින් පිප්පය තුල වර්ධනය වූ ඔක්ෂිජන් වලින් පණ ගැන්වුණු බැක්ටීරියා විසින් වයින් මතුපිට රොන්බොර තට්ටුවක් සෑදුනු බැවින් නරක්වූ වයින් Cass විසින් මහත් අභිරුචියකින් ඉවතලන ලදී. අදහාගත නොහැකි පරිදි වසර 20 කට පසු එම රොන්බොර වර්ගයම රෙදිපිළි වඩාත් පරිසර හිතකාමී බවට පත්කිරීම සදහා යොදා ගැනීමට හැකිවී තිබේ.

වත්මන් රෙදිපිළි නිෂ්පාදන ක්‍රියායනයේ සිට සේදීම හා ව්‍යාපහරණය දක්වා වූ සියලු ක්‍රියාවලි තුල පරිසර හිතකාමී තත්වයක් ගොඩනැගීමේ උත්සාහදී Cass ක්‍රියාවලියද වැදගත් වී තිබේ. 

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව භාවිතයෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර