Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Showing posts with label පරිගණකகணனி. Show all posts
Showing posts with label පරිගණකகணனி. Show all posts

February 1, 2024

හැකර්වරුන්ට එරෙහි ඇතුළත සටන.

2023 වසරේදී ඇ.ඩොලර් 101,509 ක වාර්ෂික (ආසන්න වශයෙන් වාර්ෂිකව රු. ලක්ෂ 335 කට / මාසිකව රු. ලක්ෂ 28 කට ආසන්න) ඒ්ක පුද්ගල ආදායමක් ඇති ලොව දෙවන ධනවත්ම රට අයර්ලන්තය වේ. 12.5% වැනි ලොව ඉතා අඩු ආයතනික බදු,  පුහුණු බල ශ්‍රමය, ඉංග්‍රීසි භාෂාව, සාමාකාමි සීවිල් පරිසරය වැනි කරුණු නිසා ලොව  ඉහළම තාක්ෂණික සමාගම් (ඇමරිකානු / FAANG) 5  (Google, Apple, Facebook, Amazon, Netflix) ඇතුඵ IBM,  Pfizer, Johnson Johnson, Tik Tok, Oracle, Dell, eBay, Twitter  වැනි ලොව බොහෝ  බහු ජාතික සමාගම් අයර්ලන්තයේ සුවිශේෂි ලෙස ආයෝජනය කිරීම මේ තත්වයට උපකාරි වී ඇත. ලොව පිළිගත් ඉහළ පුහුණු බල ශ්‍රම ජන ප්‍රතිශතයක් ශ්‍රි ලංකාවේ (2023 ඒ්ක පුද්ගල ආදායම ඇ.ඩොලර් 3,293) දියුණුවටද අනෙක් සාමකාමී සාධක සමග හේතු වනු ඇත.

මෙම සමහර සමාගම්  මිනිසුන්ගේ සෞඛ්‍ය හා සම්බන්ධ වේ. කෙසේවෙතත් එරට සෞඛ්‍ය සේවකයෙකු රැවටීමෙන් පසු, හැකර්වරු සේවකයාගේ ආසාදිත පරිගණකය භාවිතා කර අයර්ලන්තයේ මහජන සෞඛ්‍ය පද්ධතියට කඩා වැදී සති ගණනාවක් ජාලය හරහා රහස් වැඩවල  නිරත වීම මගින් එරට බොහෝ ගැටඵ නිර්මාණය කර ඇත. හැකර්වරුන් රෝහලෙන් රෝහලට ගොස්, ෆෝල්ඩර පිරික්සීම, පුද්ගලික ලිපිගොනු විවෘත කිරීම සහ වෙනත් පරිගණක සහ සේවාදායකයන් දහස් ගණනකට ආසාදනය පැතිරීම සිදුකර තිබේ.

ඔවුන් තම කප්පම් ඉල්ලීම ඉදිරිපත් කරන විට, අයර්ලන්තයේ මහජන සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතියෙන් 80% කට වඩා පැහැරගෙන, 100,000 කට අධික පිරිසක් නොබැඳි ලෙස සංවිධානය කිරීමට බල කරමින් සහ රෝගීන් දහස් ගණනකගේ ජීවිත අනතුරේ හෙළමින් සිටි බව සදහන් වේ. ප්‍රහාරකයින් අයර්ලන්තයේ සෞඛ්‍ය සේවා විධායක (HSE) වෙත ප්‍රහාරය මුදා හැරියේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතියේ ප්‍රබල මෙවලමකට උරුම අනුවාදයක ආධාරයෙනි. ආරක්‍ෂක පරීක්‍ෂණවලදී සයිබර් ප්‍රහාර අනුකරණය කිරීම සඳහා නීත්‍යානුකූල ආරක්‍ෂක වෘත්තිකයන් විසින් භාවිතා කරනු ලබන මෙම මෙවලම ලොව පුරා කප්පම් මෘදුකාංග ප්‍රහාර දියත් කිරීම සඳහා පැරණි අනුවාද සොරකම් කරන සහ හසුරුවන අපරාධකරුවන්ගේ ප්‍රියතම මෙවලමකි. පසුගිය වසර දෙක තුළ, හැකර්වරුන් විසින් මෙවලම් මිලියන 1.5 ක් පමණ ආසාදනය කිරීමට උත්සාහ කිරීමට සහ ආසාදනය කිරීමට Cobalt Strike මෙවලමෙහි කැඩුණු පිටපත් භාවිතා කර තිබේ.

නමුත් මයික්‍රොසොෆ්ට් ආයතනයට  සහ Cobalt Strike මෙවලමෙහි හිමිකරු වන ෆෝට්‍රාට, මෘදුකාංගයේ කැඩුණු අනුවාදවලට සම්බන්ධ යටිතල පහසුකම් අත්පත් කර ගැනීමට සහ අවහිර කිරීමට, අයර්ලන්තයේ අධිකරණ අවසරය වැදගත් විය. මෙම අධිකරණ  නියෝගය, සමහර ප්‍රහාර වලදී ප්‍රති-වයිරස පද්ධති අක්‍රිය කිරීමට අපරාධකරුවන් භාවිතා කර ඇති එහි මෘදුකාංග කේතය අනිසි ලෙස භාවිතා කිරීම හා සම්බන්ධ යටිතල පහසුකම් කඩාකප්පල් කිරීමට Microsoft හට ඉඩ සලසන ලදි. නියෝගය අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක කළ දා සිට, ආසාදිත IP ලිපින සංඛ්‍යාව පහත වැටී තිබේ.

මෙවැනි අවස්ථා වලදී හැකර්වරුන්ට යැවීමට අවශ්‍ය පණිවිඩය වනුයේ: “ඔබ අපගේ නිෂ්පාදන ආයුධයක් ලෙස සන්නද්ධ කිරීමෙන් ඔබ ගැලවී යනු ඇතැයි සිතන්නේ නම්, ඔබේ ඒ් සොදුරු සිහිනය භයානක වනු ඇත.” කියා යැයි  අපරාධ ඒකකය (DCU) සහ ඒකකයේ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ සහ බාධා කිරීම් කණ්ඩායමේ ප්‍රධානියා පැවසුවේය.

මයික්‍රොසොෆ්ට් කප්පම් මෘදුකාංග විමර්ශකයින්, ඉංජිනේරුවන් සහ නීතීඥයින් විසින් කොබෝල්ට් ස්ට්‍රයික් යටිතල ව්‍යුහය කඩාකප්පල් කිරීමට සහ සංවිධාන සුරක්ෂිතව තබා ගැනීමට දරන අපරාධ මර්දන ප්‍රයත්නයන් ගැන වැඩිදුර දැන ගැනීමට, අන්තර්ජාලයේ Vanessa Ho ගේ “Inside the fight against hackers who disrupted hospitals and jeopardized lives.” කියවන්න.

January 14, 2024

IBM විසින් AI මූලධර්ම පිළිබඳ නොමිලේ පුහුණුවක් ලබා දෙන බව සඳහන් ලිපියක්

ආරම්භ කිරීමට, IBM හි SkillsBuild ඉගෙනුම් ද්වාරය මත නොමිලේ ගිණුමක් සාදන්න. IBM හි නොමිලේ AI පාඨමාලා සඳහා පහත සඳහන් සියලුම සබැඳි ඔබට එම ගිණුම සාදා ඒවා භාවිතා කිරීමට හැකි වීමට පෙර පුරනය වී තිබීම අවශ්‍ය වේ.

 කෘත්‍රිම බුද්ධි මූලික ඉගෙනුම් සැලැස්ම:

මෙම ඉගෙනුම් සැලැස්ම තුළ, AI හි ඉතිහාසය ගවේෂණය කර, එය ලෝකය වෙනස් කරන්නේ කෙසේදැයි බැලීමට පහසුකම ලබාදේ. ඒ අතරම, AI අනාවැකි පළ කරන, භාෂාව සහ රූප තේරුම් ගන්නා සහ මිනිස් මොළයෙන් ආනුභාව ලත් පරිපථ භාවිතයෙන් ඉගෙන ගන්නා ක්‍රමවල ගැඹුරට යා හැක. ඔබ යන්ත්‍ර ඉගෙනීමේ ආකෘතියක් ගොඩනඟා පරීක්ෂා කරන ප්‍රායෝගික අනුකරණයකින් පසුව, AI හි ඔබේ වෘත්තිය සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඉඟි සමඟ මෙම ඉගෙනුම අවසන් වනු ඇත.

කෘත්‍රිම බුද්ධියට හැඳින්වීම (පැය 1 විනාඩි 15):

සියවසකට වඩා අඩු, AI දැනටමත් පරිවර්තනීය සංවර්ධන මාදිලි තුනකට භාජනය වී ඇත. අද එය මනුෂ්‍යත්වයට සංකීර්ණ දත්ත විශ්ලේෂණය කිරීම සඳහා වඩාත් ප්‍රබල මෙවලම් වේ. අර්ථය සොයා ගැනීමට පමණක් නොව, මිනිස් මැදිහත්වීමකින් තොරව ඉගෙන ගැනීමට උපකාර කරයි. මෙම පාඨමාලාවේදී, ඔබ AI හි ඉතිහාසය සමීක්ෂණය කර මෙතෙක් ව්‍යුහගත නොකළ දත්ත විශ්ලේෂණ ක්‍රම ගවේෂණය කරනු ඇත.

ස්වාභාවික භාෂා සැකසීම සහ පරිගණක දැක්ම (පැය 1 විනාඩි 30):

සමහර AI පද්ධතිවලට මිනිස් භාෂාව තේරුම් ගැනීමට, දෘශ්‍ය රූප හඳුනා ගැනීමට සහ මුල් චිත්‍ර නිර්මාණය කිරීමට පවා හැකිය. නමුත් මෙම පද්ධති එය කරන්නේ කෙසේදැයි ඔබ දන්නවාද? මෙම පාඪමාලාවේදී, ඔබ ස්වභාවික භාෂාව සහ දර්ශන සැකසීමේ න්‍යාය ගවේෂණය කරනු ඇත. මෙම තාක්ෂණයන් චැට්බෝට් සහ ඡායාරූප විශ්ලේෂණය වැනි සැබෑ ලෝකයේ යාන්ත්‍රණයන් මෙහෙයවන ආකාරය ඉගෙන ගනු ඇත.

යන්ත්‍ර ඉගෙනීම සහ ඉගෙනීම (පැය 2):

මෙම පාඨමාලාවේදී, යන්ත්‍ර ඉගෙන ගන්නා ආකාරය සහ සාක්ෂි මත පදනම් වූ විශ්මිත අනාවැකි සිදු කරන ආකාරය ඔබ දකිනු ඇත. පරිගණකවලට ඉගෙනීමට ඇති හැකියාව පිටුපස ඇති තර්කය ගවේෂණය කරන්න. ඉන්පසු මිනිස් මොළයේ ඇති නියුරෝන මගින් ආභාසය ලබන AI පද්ධති දුෂ්කර ගැටලු විසඳිය හැකි නව ක්‍රම විමර්ශනය කරන්න.

IBM Watson Studio (පැය 1 යි මිනිත්තු 45) සමඟ AI මාදිලි ධාවනය කරන්න:

මෙම පාඨමාලාවේදී, ඔබ IBM Watson Studio භාවිතයෙන් උද්දීපනය සමූහයක් මගින් AI යන්ත්‍ර ඉගෙනුම් ආකෘතියක් නිර්මාණය කිරීමට පුරුදු වනු ඇත. මෙය ඔබට AI සමඟ සැබෑ ලෙස ඩවැඩ කිරීමට උදවු කළ හැකි ප්‍රායෝගික වේලාවකි.

AI ආචාර ධර්ම (පැය 1 විනාඩි 45):

AI පද්ධති දත්ත වැරදි ලෙස අර්ථකථනය කරන විට හෝ මානව අගතිය පිළිබිඹු කරන විසඳුම් යෝජනා කරන විට ඇති වන ගැටලු ගැන ඔබ අසා ඇත. ලෝක උදාහරණ හරහා ඔබ AI ආචාර ධර්ම, ඒවා ක්‍රියාත්මක කරන ආකාරය මෙන්ම විශ්වාසදායක AI පද්ධති ගොඩනැගීමේදී, AI ආචාර ධර්ම ඉතා වැදගත් වන්නේ මන්ද යන්න ගැන දැනගත හැක.

AI හි ඔබේ අනාගතය: රැකියා භූ දර්ශනය (පැය 1):

 ඔබ AI හි වෘත්තියක් ගැන සිතනවාද?මෙම පාඨමාලාවේදී, AI රැකියා වෙළඳපොලේ වේගවත් වර්ධනය සහ මෙම ආකර්ෂණීය ක්ෂේත්‍රයේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය කුසලතා පිළිබඳව ඉගෙන ගන්න. සැබෑ වෘත්තිකයන් ඔවුන්ගේ ආරම්භය ලබා ගත් ආකාරය ඔබට ඇසෙනු ඇත, ඔවුන් සමඟ වැඩ කිරීමට ඔබට උපකාර කළ හැකි සම්පත් සහ ඉගෙනුම් අවස්ථා සොයා ගන්න.

බොහෝ සැසි කියවීමේ එකතුවකි, අවධානයට ලක්වන වීඩියෝ කිහිපයක් ඇත. ඒවා ප්‍රශ්නාවලියකින් අවසන් වේ. ඔබ එය නිවැරදිව කරන තෙක් ඔබට නැවත නැවතත් ප්‍රශ්නාවලිය ලබා ගත හැකි බැවින්, පරීක්ෂණ ගැනීමට බිය විය යුතු නැත.

Bing Image Creator භාවිතා කරන්නේ කෙසේද?

සෑම පාඨමාලා වක්ම AI හි අංගයකට ඇතුලු වන අතර පැහැදිලි කිරීමට එය උපකාරී වේ. සැකයකින් තොරව, සමහර උත්පාදක AI ක්‍රියාවලි පෙර කළාට වඩා හොඳ හැඟීමක් ඇති කරයි..

IBM හි පිරිනැමීම් සඳහා විශේෂිත වූ Watson පාඨමාලාවක් තිබේ. එය පැයකට හෝ ඊට වැඩි කාලයක් ගත නොවන අතර, AI-ආශ්‍රිත විසඳුම් සඳහා IBM සතුව ඇති දේ දැන ගැනීම කාලය නාස්ති කිරීමක් නොවේ.

කෙලින්ම කෝස් එකට යන්න බැරි වූ විට පොඩි අවුල් විය හැක. ප්‍රධාන IBM SkillBuild පිවිසුම් ද්වාරය වෙත ගොස් ගිණුමක් සෑදීමට වග බලා ගන්න. ඔබට සත්‍යාපිත ගිණුමක් ලැබුණු පසු (එය නොමිලේ), එවිට ඔබට IBM පිරිනමන පාඨමාලා වෙත පිවිසිය හැක.

වැඩි විස්තර 

YouTube.com/DavidGewirtzTV and

zdnet.com අනුසාරයෙන්



උයන, පිරිසිදු කරන සහ ආරක්‍ෂාව සලසන රොබෝවරයා

රොබෝ තාක්ෂණයේ ඉදිරි පිම්මක් ලෙස, 1X නෝර්වීජියානු සමාගම විසින් වැඩි දියුණු කරන ලද EVE ඇන්ඩ්‍රොයිඩ්, ගෘහ සහ කාර්මික කටයුතුවල වත්මන් ක්‍රම වෙනස් කරයි. විද්‍යාත්මක ප්‍රබන්ධ නිසා මෙම ප්‍රවෘත්තියේ නැවුම් බව මද වුවද තවදුරටත් එය විද්‍යා ප්‍රබන්ධයක් නොවීමම සත්‍ය නැවුම් බවක් මතු කරයි. GPT-4 හි නවීකරණයක් භාවිතා කරන මෙම උසස් රොබෝවරයා වට්ටෝරු යෝජනා කිරීමේ සිට ඉතා සූක්ෂම ලෙස පිඟන් සේදීම දක්වා වූ විවිධ කාර්යයන් ඉටු කරයි. EVE Android රොබෝවරුන් විසින් අපගේ නිවෙස් සහ ගබඩා තුළ දෛනික කටයුතුවල වැඩි කොටසක් සිදු කරනු ලබන අනාගතයකට මග පාදයි.

ගෙදර දොරේ වැඩ විප්ලවය.

මුළුතැන්ගෙයි රාක්ක තුල ඇති අමුද්‍රව්‍ය මොනවාදැයි බලා, තිබෙන අමුද්‍රව්‍ය අනුව ප්‍රණීත ආහාර වට්ටෝරු ඉදිරිපත් කළ හැකි රොබෝවක් ගැන සිතන්න. EVE Android එම දර්ශනය යථාර්ථයක් බවට පත් කරයි, GPT-4V මෘදුකාංගය භාවිතා කරන මෙම අති නවීන ඇන්ඩ්‍රොයිඩ්, ලණු/කඹ වැනි මාංශ පේශි මගින් බල ගැන්වෙන වේගවත් 'අත්' වලින් සමන්විත වේ. අධික වේගය සහ බලය බොහෝ විට වටපිටාවේ සහ මානව අන්තර්ක්‍රියා යන දෙකටම අවදානම් ඇති කරයි. එහෙත් පරිසරය සමඟ ආරක්ෂිත අන්තර්ක්‍රියා සහතික කරමින් ශක්තිමත් නමුත් බලශක්ති කාර්යක්ෂම මෝටරවලින් සමන්විත EVE රොබෝවරුන් එවන් ආරක්ෂක අභියෝග බිඳ දමා ඇත. එම රොබෝ අත්වලට විවිධ කාර්යයන් මනාව හා නිශ්චිතව ඉටු කිරීමට හැකි වීම පුදුමයකි.

 1X සහ OpenAI කළ ඩොලර් මිලියන ගණනක ආයෝජනය EVE Android හි විභවය අවධාරණය කරයි. පිඟන් සේදීමේ සිට රසවත් කුකීස් පිළිස්සීම (බේක් කිරීම) දක්වා කටයුතු කිරීමෙන්, එහි බහුකාර්යතාව සහ අනුවර්තනය වීමේ හැකියාව ප්‍රදර්ශනය කරයි. එය නෝර්වීජියානු කුස්සියක සිය දක්ෂතාවය ඔප්පු කර ඇත.

කර්මාන්ත යෙදුම් සඳහා භාවිතය.

 EVE Android ගෙදර දොරේ වැඩවලට පමණක් සීමා නොවේ. එය දැනටමත් කාර්මික සැකසුම් තුළ රැල්ලක් ඇති කර තිබේ. එක්සත් ජනපදයේ, මෙම කැපී පෙනෙන ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක මුරකරුවෙකු ලෙස ක්‍රියාත්මක වෙමින් ගබඩාවල ස්වයංක්‍රීයව මුර සංචාරයේ යෙදෙන අතර වැරදි හඳුනාගත් විට මිනිස් ක්‍රියාකරුවන්ට අනතුරු අඟවයි. අතථ්‍ය යථාර්ථය ඒකාබද්ධ කිරීම මඟින් මිනිස් සුපරීක්ෂකවරුන්ට අවශ්‍ය විටෙක පාලනය කිරීමට ඉඩ සලසයි. එනම් රැකියා ස්ථානයේ රොබෝ තාක්ෂණයේ සහයෝගීතා හැකියාව අවධාරණය කරයි.

 ඇසුරුම් කිරීම, වර්ග කිරීම, මුද්‍රණය කිරීම, පිරිසිදු කිරීම සහ අධීක්‍ෂණය වැනි විවිධ ඒකාකාරී, කම්මැලි සහ පුනරාවර්තන කාර්යයන් ඉටු කිරීම මගින් EVE හි හැකියාවන් ආරක්ෂක රාජකාරිවලින් ඔබ්බට විහිදේ. ඇන්ඩ්රොයිඩ් නිරීක්ෂණ, සැපයුම්, සිල්ලර වෙළඳාම සහ ගබඩා සඳහා භාවිතා කළ හැක. ගබඩාවල සිට කර්මාන්තශාලා දක්වා EVE Android හි අනුවර්තනය වීමේ හැකියාව විශේෂිත වේ. බහු කර්මාන්ත සඳහා සකසා ඇති EVE විවිධ හැකියාවන් මගින් ශ්‍රම හිඟය අවම කරන අතර අනතුරුදායක මෙන්ම අපහසු පරිසරයන්හි ශ්‍රමිකයන්ට ආරක්ෂාව ලබාදී දරුපවුල් රකියි.

Brenda Kanana ගේ cryptopolitan හි ලිපිය ඇසුරෙන්

January 1, 2024

මූලික ගණිතය භාවිතා කරමින් 14 වතාවක් ලොතරැයි දිනූ මිනිසා

1990 ගණන්වල ස්ටෙෆාන් මැන්ඩෙල් ඇදහිය නොහැකි ලෙස නැවත නැවත ලොතරැයි දිනා ගත්තේය.

ඔබට ලොතරැයිය දිනා ගැනීමේ සම්භාවිතාව ඉතා අඩුය. ඔබට එක් ප්‍රවේශ පත්‍රයකින් EuroMillions නම් ජැක්පොට් දිනා ගැනීමේ අවස්ථාව, උදාහරණයක් ලෙස, 139,838,160 න් 1 කි. ඔබට වෙනත් සංයෝජනයක තවත් ප්‍රවේශ පත්‍රයකක් ලබාගත හැකි වුවද, ඔබට අවස්ථා 139,838,160 කින් අවස්ථාවක් 2 ක් පමණක් ලැබේ. කෙසේ වෙතත්, ඔබට එම සංයෝජන සියල්ල සහිත ටිකට් පත් සියල්ල මිලදී ගත හැකි යැයි උපකල්පනය කළහොත් ඔබට පළමු ත්‍යාගය ඇතුලු සියලු තෑගි හිමි විය යුතුය. දැන් ඔබට ගණිත ගැටලුවක් වෙනුවට ලොජිස්ටික් (න්‍යායාත්මක) ගැටලුවක් තිබේ. එනම් දැනටමත් ජැක්පොට් දිනා නොගෙන ටිකට්පත් 139,838,160 ක් ලබා ගැනීමයි.

The Hustle පුවත්පතට අනුව, ඇතැම් ලොතරැයි වලදී ජැක්පොට් ත්‍යාගය ලොතරැයියේ හැකි සෑම සංයෝජනයක්ම මිල දී ගැනීමේ වියදමට වඩා තුන් ගුණයකට වැඩි බව මැන්ඩෙල් දුටුවේය. ඔබට සෑම සංඛ්‍යා සංකලනයක්ම මිලදී ගත හැකි යැයි උපකල්පනය කළහොත්, ඔබට, ඔබේ ආයෝජනයේ ප්‍රතිලාභයක් සහතික විය හැකිය. (සාමාන්‍ය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එකම සංඛ්‍යා වලින් ජයග්‍රහණය නොකරන බව උපකල්පනය කරමින්, බඳුන බෙදීම). මැන්ඩෙල් මූලික වශයෙන් මෙම කාර්ය කිරීමට තීරණය කළේය.

පැහැදිලි නීතිවලට පටහැනි නොවුණත්, එය හරියටම ක්‍රීඩාවේ නියම ගුණය නොවේ. ගැටළුව, තවදුරටත් ගණිතමය නොවන නමුත්, තවමත් කුඩා නොවීය. ඔහු වසර ගණනාවක් පුරා අත්පත් කරගත් දැනුම මගින්  ප්‍රමාණවත් ආයෝජකයින් සංඛ්‍යාවකට මෙම රහස ඒත්තු ගැන්වීමට ඔහුට මුලින්ම සිදු විය. ඉන්පසු  ඔහුට ඔවුන් ඇතුල් වන ලොතරැයිය තුළ හැකි සෑම සංයෝජනයක්ම මිලදී ගැනීමේ ක්‍රමයක් සොයා ගැනීමට සිදු විය. එයට මිලියන ගණනක් විවිධ සංයෝජන ඇතුළත් විය හැකි බව සලකන විට, ඒ් සදහා ඔහුට ප්‍රවේශපත්‍ර උත්පාදනය කිරීමට ඇල්ගොරිතම නිර්මාණය කිරීමට අවශ්‍ය වූ අතර පසුව ප්‍රවේශ පත්‍ර ඒ් අනුව  සටහන් කිරීමට හෝ මුද්‍රණය කිරීමට සිදුවිය. (එවකට සමහර ලොතරැයි සඳහා ඒ් සදහා  අවසර දී ඇත).

ප්‍රවේශපත්‍ර තොගයක් මුද්‍රණය කර ගැනීමට සූදානම් වු පසු ප්‍රමාණවත් තරම් විශාල ජැක්පොට් එකක් එනතෙක් බලා සිටීම අත්‍යාවශ්‍ය විය. එවිට ඔහුගේ කණ්ඩායම එම ටිකට්පත් සාප්පු වලින් මිලදී ගනු ඇත. එසේ වුවද, ප්‍රවේශපත්‍ර විශාල ප්‍රමාණයක් සම්බන්ධ වූ විට, එය වර්ජිනියාවේ සිදු වූවාක් මෙන් සෑම විටම සුමටව සිදු නොවේ.

ඕස්ට්‍රේලියාවේ කුඩා ලොතරැයි කිහිපයකින් නිෂ්කාශනය වූ මැන්ඩෙල් එක්සත් ජනපදයේ ලොතරැයි වෙත යොමු විය. විශේෂ උනන්දුවක් දැක්වූයේ නව වර්ජිනියා ලොතරැයියටය. එහි දිනුම් ඇදීම්වල අංක 1 සිට 44 දක්වා පමණක් භාවිතා කරන ලදී. මෙයින් අදහස් කළේ හැකි සංයෝජන 7,059,052, ක වටිනාකම, ජැක්පොට් ත්‍යාග මුදල වු ඩොලර් මිලියන 25 හෝ ඊට වඩා බෙහෙවින් අඩු බවයි.

ජැක්පොට් ප්‍රමාණවත් තරම් ඉහළ ගිය විට - ඩොලර් මිලියන 15.5 - ඔහු ප්‍රවේශපත්‍ර තොග වශයෙන් මිලදී ගන්නා ලෙස බිම් මට්ටමේ සිටි තම කණ්ඩායමට නියෝග කළේය. මැන්ඩෙල් ඇත්ත වශයෙන්ම අසාමාන්‍ය මිලදී ගැනීම කල්තියා සූදානම් කර තිබුණි. දින දෙකක මිලදී ගැනීම් වලින් පසු, මැන්ඩෙල්ගේ කණ්ඩායම ජයග්‍රහණය සහතික කිරීමට අවශ්‍ය මිලියන 7 ක සංයෝජන වලින් මිලියන 6.4 ක් මිලදී ගෙන ඇත. එම තත්වයෙන් ඔහු නොසන්සුන් වුවද, ඔවුන්ගේ අසාධාරණ ප්‍රවේශපත්‍ර තොගයේ ජයග්‍රාහී ප්‍රවේශ පත්‍රය ඇතුළත්ව තිබුණි.

පසුව FBI සහ CIA විසින් ඔහුව පූර්ණව විමර්ශනය කළද කිසිදු වරදක් සොයා ගැනීමට නොහැකි විය. සමස්තයක් වශයෙන්, මැන්ඩෙල් විවිධ ලොතරැයි 14 ක් දිනාගත් අතර, ඔහු සහ ඔහුගේ ආයෝජකයින් සඳහා පවුම් මිලියන ගණනක ත්‍යාග මුදල් දිනාගෙන ඇත. දැන් ඔහු නිවර්තන කළාපයේ,වනාටු දූපත් හි වෙරළ ආසන්න නිවසක විශ්‍රාම සුවෙන් පසුවේ.

December 26, 2023

තවත් න්‍යෂ්ටික ඉන්ධන ප්‍රභවයක් ලෙස මුහුදු ජලයෙන් යුරේනියම් නිස්සාරණය කිරීම. uranium from seawater

න්‍යෂ්ටික බල ප්‍රතික්‍රියාකාරක මගින් පරමාණුවක් තුළ ස්වභාවිකව ගබඩා කර ඇති ශක්තිය මුදා හරියි. එය පරමාණුව බිඳ දැමීමෙන් තාපය හා විදුලිය නිපදවයි. එය විඛණ්ඩනය ලෙස හැඳින්වේ.  යුරේනියම් මෙම ක්‍රියාවලිය සඳහා ප්‍රියමනාප මූලද්‍රව්‍ය බවට පත්ව ඇත්තේ එහි සියලු ආකාර අස්ථායී සහ විකිරණශීලී ගුණය එය බෙදීමට පහසු කරන බැවිනි.

 

දැනට, මෙම ලෝහය පාෂාණ වලින් නිස්සාරණය කරන නමුත් යුරේනියම් ලෝපස් නිධි සීමිතය.  එහෙත්, න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය ඇස්තමේන්තු කරන්නේ යුරේනියම් ටොන් බිලියන 4.5ක් අපේ සාගරවල දිය වී ගිය යුරේනයිල් අයන ලෙස පාවෙමින් තිබෙන බවයි.  මෙම රක්ෂිතය ගොඩබිම ඇති ප්‍රමාණයට වඩා 1,000 ගුණයකින් වැඩිය. ACS මධ්‍යම විද්‍යාවේ ප්‍රකාශනය මගින්  පර්යේෂකයන් මුහුදු ජලයෙන් ලබා ගැනීමට අපහසු යුරේනියම් අයන වඩා කාර්යක්ෂමව ආකර්ෂණය කර ගන්නා විද්‍යුත් රසායනික නිස්සාරණය සමඟ භාවිතා කිරීමට ද්‍රව්‍යයක් නිපදවා ඇති බව සනාථ කරයි.

අන්තර්ජාලය ඇසුරෙන්


May 17, 2023

තරංගයක් සහ අංශුවක් ලෙස වූ ආලෝකයේ පළමු ඡායාරූපය.- (light as wave & particle)

 

ආලෝකයට අංශුවක් සහ තරංගයක් ලෙස හැසිරිය හැකි බව විද්‍යාඥයෝ බොහෝ කලක සිට දැන සිටියෝය. 1909 දී ප්‍රථම වරට අයින්ස්ටයින් එ් පිළිබද අනාවැකි පළ කළේය. නමුත් කිසිදු අත්හදා බැලීමකින් අංශුවක් සහ තරංගයක් යන දෙකම එකවර සම්බන්ධ වූ ආලෝකය පෙන්වීමට නොහැකි විය. ස්විට්සර්ලන්තයේ École Polytechnique Fédérale de Lausanne හි පර්යේෂකයන් විසින් තරංගයක් සහ අංශුවක් ලෙස ආලෝකයේ පළමු ඡායාරූපය ලබාගෙන ඇත. ආලෝකයේ චලනය අල්ලා ගැනීම සඳහා ඉලෙක්ට්රෝන භාවිතා කරන නව පර්යේෂණාත්මක තාක්ෂණයක් මේ සදහා යොදා ගෙන තිබේ. මෙම නව තාක්ෂණය සම්බන්ධ එළිදරව්ව Nature Communications සඟරාවේ පළ විය.

පර්යේෂකයන් ලේසර් ස්පන්දන කදම්බයක් නැනෝ වයරයකට  වේගයෙන් විදින ලදි. ලෝහය දිගේ ආලෝකයේ තරංග ආයාම විවිධ දිශාවන් දෙකකින් ගමන් කළේය. තරංග එකිනෙක ගැටෙන විට, ඒවා නිශ්චල රැල්ලක් මෙන් දිස් විය,ඒලෙසම එය අංශුවකි. එම සංසිද්ධිය මෙම ඡායාරූපයෙන් පෙනේ

තරංග චලනය වන ආකාරය බැලීමට, පර්යේෂකයන් නැනෝ වයරය වෙත ඉලෙක්ට්‍රෝන කදම්භයක් විදීම, ජලය ගලන අයුරු නිරීක්ෂණයට ගඟකට සායම් දැමීම වැනි ය. ආලෝක තරංගයේ අංශු එහි ඉලෙක්ට්රෝන චලනය වන වේගය වෙනස් කළේය. එමගින් පර්යේෂකයන්ට තරංග ආකාරයට වූ රූපයක් ග්‍රහණය කර ගැනීමට හැකි විය.

"මෙම අත්හදා බැලීම පෙන්නුම් කරන්නේ, ප්‍රථම වතාවට, අපට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව - සහ එහි පරස්පර ස්වභාවය - සෘජුවම දර්ශනය කළ හැකි බව," යැයි අධ්‍යයනයේ කතුවරයෙකු වන Fabrizio Carbone මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ආලෝකයේ ක්‍රියාකාරීත්වයන් ක්වොන්ටම් පරිඝනක ක්ෂේත්‍රය ආරම්භ කළ හැකි ආකාරය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම Fabrizio ගේ  බලාපොරොත්තු වයි.

April 25, 2023

Facebook ගෙවූ වන්දියෙන් අදාල පරිශීලකයන්ට පෞද්ගලිකත්ව වන්දි ? - (compensation by Facebook?)

කේම්බ්‍රිජ් ඇනලිටිකා ආකාරයේ නීති ක්‍රියාදාම (Cambridge Analytica class action lawsuit ) නඩුව සමථයකට පත්කළ බේරුම්කරණය වෙනුවෙන් ගෙවු මුදලින් දැන්, අදාල ෆේස්බුක් පරිශීලකයින්ට ඔවුන්ගේ කොටස සඳහා ඉල්ලුම් කළ හැකියැයි 2023 අප්‍රේල් 20 දා Harry Guinness වාර්තා කර තිබේ. Facebook හි මව් සමාගම වන Meta, පසුගිය දෙසැම්බරයේ නඩුව සමථයකට පත් කර, ඩොලර් මිලියන 725 ක් ගෙවීමට එකඟ විය. ඔබ ප්‍රාන්තයේ පදිංචි වී 2007 මැයි 24 සහ 2022 දෙසැම්බර් 22 අතර ඕනෑම වේලාවක සක්‍රිය Facebook ගිණුමක් තිබුනේ නම්, ඔබ ඔබේ ගිණුම මකා දමා තිබුණද ඩොලර් මිලියන ගණනක බේරුම් මුදලින්  කොටසකට ඔබට හිමිකම් ඇත. ඉදිරිපස ලස්සන එහෙත් ඒ් සමග අවලස්සන පිටු පස පෙනෙන මොණර නැටුමක් ලෙස සමහරු Facebook භාවිතා කිරීම හෝ වෙනත් කරුණක් නිසා  එය 2023 දී ඔබ තෝරා ගත් සමාජ මාධ්‍ය වේදිකාව නොවුනද, ඔබට පසුගිය වසර 15 හෝ ඊට වැඩි කාලය තුළ ඕනෑම අවස්ථාවක සක්‍රිය Facebook ගිණුමක් තිබුනේ නම්, ඔබට නොමිලේ මුදල් ලැබීමට හිමිකම් ඇත. ඒ් සදහා ඔබ 2023 අගෝස්තු 25 ට පෙර හිමිකම් පෑමක් ඉදිරිපත් කළ යුතුය. සමාවන්න මෙය ශ්‍රී ලාංකික ෆේස්බුක් පරිශීලකයින්ට නොවේ.

  

2016 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී මිලියන 87ක් දක්වා වූ පුද්ගලික තොරතුරු වෙත අනිසි ලෙස ප්‍රවේශ වීම සහ ඡන්දදායකයින් ඉලක්ක කර ගැනීමට භාවිතා කිරීම සදහා ෆේස්බුක් විසින් කේම්බ්‍රිජ් ඇනලිටිකා හට 2018 කළ හෙළිදරව් කිරීම් හේතුවෙන් මෙය සිදු වී ඇත. කේම්බ්‍රිජ් ඇනලිටිකා යනු දැනට අක්‍රියව පවතින බ්‍රිතාන්‍ය උපදේශන සහ දත්ත කැණීම් සමාගමක් වේ. පෞරුෂ ප්‍රශ්න විචාරාත්මක යෙදුමක් භාවිතයෙන් අධ්‍යයන අරමුණු සඳහා මෙම දත්ත රැස් කර ඇත. පුද්ගලයන් 270,000 ක් පමණක් ප්‍රශ්නාවලිය ලබා ගත්තද, Facebook හි ලිහිල් රහස්‍යතා ප්‍රතිපත්ති නිසා, එම යෙදුමට පෙර කී පුද්ගලයන්ගේ Facebook මිතුරන්ගෙන් පුද්ගලික තොරතුරුද සීරීමට හැකි වී ඇතැයි වාර්තාවේ සදහන් වේ. 

පරිශීලකයන්ගෙන් නොවිමසා ඔවුන්ගේ තොරතුරු වෙනත් ආයතනයකට ලබාදිම නුසුදුසු යැයි පිළිගෙන තිබේ. එම තොරතුරු මගින් හදුනාගත්, නව තාක්ෂණයෙන් නිර්මාණය කළ වාර්තා වල ව්‍යාජ ඒවා හදුනාගැනීම අපහසු, විශේෂ ස්ථාවරයක් නැති , වැඩිහිටි ......... යනාදි බොහෝ පරිශිලකයන්ට ඇනලටිකා සමාගම විසින් බෝම්බ වරුසාවක් සේ දැන්වීම් යැවීමෙන්  ඇමරිකානු මැතිවරණයකදී , එංගලන්ත ජනමත විචාරණයකදි ඇතුලු රටවල් කිහිපයක මැතිවරණවලදී සමාගම තම මතය පරිීශීලකයන්ට ඒ්තතු ගැන්වීමට උත්සහ කළේ යැයි චෝදනාවක්ද ඉදිරිපත් වී තිබේ.

අවාසනාවකට මෙන්, 2022 දී එක්සත් ජනපද ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 240 ක් සිටි නිසා සහ  ඔවුන් සියලු දෙනාම හිමිකම් පෑමක් ඉදිරිපත් කළහොත් මෙම බේරුම්කරණයෙන් පරිශිලකයෙකුට ලැබෙන මුදල ඉතා කුඩා වනු ඇත. තවද සම්පූර්ණ පියවීම, පරිපාලන ගාස්තු අඩු කිරීම, නීතිමය වියදම් සහ තවත් වියදම් කිහිපයක් මෙයට ඇතුළත් වේ.

හර්ෂ -අන්තර්ජාලය ඇසුරෙනි

August 1, 2019

නව ප්‍රවේශ සහිත කෘත්‍රිම බුද්ධි පරිඝනක චීප


උසස් චීප (chip) නිර්මාණය පිළිබඳ වර්ධනය වන විශේෂඥතාවයේ සංකේතයක් ලෙස  ස්වයංක්‍රියාව පැදවෙන බයිසිකලයක් පාලනය කිරීම සඳහා නව පරිගණක චිපයක් නිර්මාණය කර ඇත. කෘත්‍රිම බුද්ධි පරිඝනක චිප වල නව ප්‍රවේශ විශේෂත්වය දක්වන ඔබ පසුපස ස්වයංක්‍රියව පැමිණෙන ඔබේ බයිසිකලය ලෙසද එය දැක්විය හැකිය.

එහි එකවර හදුනාගත හැකි පෙනුම සුවිශේෂී නොවන නමුත් මෙම චංචල ස්වයංක්‍රියව පැදවෙන බයිසිකලය, මිනිස් මොළය ආදර්ශයෙන් නිර්මිත පරිගණක චිපයන්ට පුළුල් පරාසයක හැකියාවන් සහිත කෘත්‍රිම බුද්ධියට මග පෑදිය හැකි වනු ඇති බව ප්‍රදර්ශනය කරන බව වාර්තාවේ සඳහන් වේ. වර්තමානයේදී  චිපය ස්වයංක්‍රීය බයිසිකලයක් පාලනය කිරීම සඳහා භාවිතා කර ඇති, නමුත් දිනක එය ස්වයංක්‍රියව  පදවන කාර් සහ ස්මාර්ට් රොබෝවරුන්ට බලය ලබා දෙනු ඇත.

ඇල්ගොරිතම වර්ග දෙකක් ක්‍රියාත්මක කළ හැකි මිනිස් මොළයේ ව්‍යුහය මත පදනම්වූ දෘඩාංග සහිත මෙම චිපය චීනයේ Tsinghua (සිංහුවා) විශ්ව විද්‍යාලයේ Shi Luping (ෂි ලුපිං) සහ ඔහුගේ සගයන් විසින්  නිපදවා තිබේ.

බයිසිකලය සමබර වනවා පමණක් නොව, බාධක මඟ හරවා සරල ලෙස හිමිකරුගේ කටහඬේ විධාන වලට පවා ප්‍රතිචාර දක්මින් ධාවනය වේ. නමුත් එහි වැදගත් කොටස වන්නේ බයිසිකලයේ පිටුපස ඇති මොළයයි. එය Tianjic (ටියැන්ජික්) නමින් හැඳින්වූ  නව ආකාරයේ පරිගණක චිපයක් භාවිතා කරයි.

Tianjic (ටියැන්ජික්) චිපයේ දෙමුහුන් මෝස්තරයක් ඇති අතර එය පරිගණකකරණය සඳහා වෙනස් වාස්තු විද්‍යාත්මක ප්‍රවේශයන් දෙකක් එක් කිරීමට උත්සාහ කරයි. ඒවා නම් සාම්ප්‍රදායික, වොන් නියුමාන් මෝස්තරයක් සහ ස්නායු විද්‍යාත්මකව ආනුභාවයෙන් ලද අනෙක වේ. බාධක හඳුනා ගැනීම, මෝටර් සහ ශේෂ පාලනය සහ කටහඬ හඳුනා ගැනීම මෙන්ම සාම්ප්‍රදායික මෘදුකාංග සඳහා කෘත්‍රිම ස්නායුක ජාල ක්‍රියාත්මක කිරීමට මෙම මුඛ්‍ය තාක්ෂණ දෙක සහයෝගයෙන් භාවිතා කරයි.

Nature Today සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද චිපය සහ බයිසිකලය පිළිබඳ ලිපියක, පර්යේෂකයන් යෝජනා කරන්නේ කෘත්‍රිම බුද්ධියේ අනාගතය සඳහා එවැනි දෙමුහුන් ගෘහ නිර්මාණ ශිල්පයක් තීරණාත්මක විය හැකි අතර සමහර විට කෘත්‍රිම බුද්ධියේ වඩාත් සම්මත/ සාමාන්‍ය ආකාරයන් සඳහා මාර්ගයක් පවා එමගින් ලබා දිය හැකි බවයි. එය තරමක් නිර්භීත ප්‍රකාශයක් වන නමුත් Tianjic (ටියැන්ජික්) මඟින් කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රශස්තිකරණය කරන ලද නව චිප මෝස්තරවල වර්ධනය වන වටිනාකම පෙන්වයි. තවද තමන්ගේම චිප සැලසුම් කිරීමේ හැකියාවන් වර්ධනය කිරීමේදී චීනය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙම චිපය ඉඟි කරයි.


අන්තර්ජාලය පිළිගත් විද්‍යා ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/6yDw9w8uPyQ?t=287


May 30, 2019

වලාකුළු පරිගණකකරණය....................

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වලාකුළු පරිගණකකරණය අපගේ පරිගණක හා ජංගම දුරකථන භාවිතයට සැලකිය යුතු ලෙස බලපානු ඇති බවයි.

වලාකුළු පරිගණකකරණ සංකල්පය යනු අන්තර්ජාලයට සම්බන්ධ ඕනෑම පරිගණක උපාංගයක් පරිගණක ජාලයකදී භාවිතා කල හැකි වීමයි.

වලාකුළු පරිගණක ක්‍රමයේ වාසිය වන්නේ නඩත්තු කිරීමේ අපහසුව හා වියදම අවම කිරීම, කාර්යක්ෂමතාවය, වේගවත් කිරීම හා සම්පත් වැඩි දියුණු කර ගනිමින් ඔබගේම පරිගණක දෘඩාංග සහ මෘදුකාංග ප්‍රගමනය කිරීම හා පරිමාණය කිරීමයි. 

එමෙන්ම මෙහිදී ඔබගේ පරිගණකයේ සැකසුම් වේගය, මතක ධාරිතාවය, මෘදුකාංග යෙදවුම් හා නඩත්තු අවශ්‍යතාවයන් අවම වීමද විශේෂත්වයකි. තවද මෙමගින් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් ඕනෑම ප්‍රමාණයේ, ඕනෑම මාදිලියේ ගොනුවක් වෙත පිවිසීම, ගබඩා කිරීම, ඕනෑම පරිගණක ක්‍රීඩාවක යෙදීම, ඕනෑම පරිගණක පැකේජයක් භාවිතා කිරීම, වැඩිදියුණු කිරීම, වීඩියෝ නැරඹීම, වදන් සංස්කරණය, විද්‍යාත්මක ගණනයන් සිදු කිරීම, වැනි ඔබට අවශ්‍ය ක්‍රියාවන් සිදු කල හැකිය.

මෙම වලාකුළු පරිගණක ක්‍රමවේදය මෙසේ සරල උදාහරණයක් මගින් විග්‍රහ කල හැකිය. ඒ සදහා අප ඔබගේ ගෘහස්ථ විදුලි අවශ්‍යතාවය උදාහරණයකට ගනිමු. ඒ වෙනුවෙන් ඔබගේම විදුලි ජනන ක්‍රමවේදයක් ඇත්නම් ඒ සදහා වැය වන ප්‍රාග්ධනය, නඩත්තු වියදම, ගත වන කාලය, දැරිය යුතු අවදානම ආදී සාධක ගණනාවකින් යුක්ත වේ. මෙය වලාකුළු පරිගණකයකින් සිදු කෙරෙන කාර්යය ඔබගේම පරිගණකයකින් සිදු කිරීමට යාම වැන්නකි.

එසේම,  වළාකුළු පරිගණක භාවිතය, කිසියම් සංවිධානයක් සමාගමක් (හෝ රඡය) වැනි ආයතනයන් ලබා දෙන විදුලි සැපයුම ලබා ගැනීමට සමකල හැකිය.ඔබට ඇත්තේ ඔවුන්ගේ විදුලි ඡාලයට සම්බන්ධ වීම පමණි.ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල ගෙවීම පමණක් සෑහේ. අමතර වියදමක් අවදානමක් කාලය වැය වීමක් සිදුනොවේ.

මයික්‍රොසොෆ්ට් IBM ගූගල් වැනි ප්‍රධාන පෙලේ පරිගණක සමාගම් මෙම වලාකුළු පරිගණක ක්‍රමයේ සංවර්ධනයට හා පර්යේෂණයන්ට මහත් වු ආයෝඡනයන් සිදු කරමින් පවති.

  
මූලාශ්‍රය-Computer Org
K J A V පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
මීගමුව.

May 15, 2019

භාෂාව සඳහා අවශ්‍ය දත්ත (ඩේටා) ප්‍රමාණය floppy තැටියක මතකයද?


ඔබ පළමු භාෂාව ඉගෙන ගන්නා විට, ඔබගේ මොළය තුල ගබඩා කරන තොරතුරු සදහා මෙගාබයිට් 1.5 ක පමණ මොළයේ ගබඩා  ඉඩක් වෙන්කර ගන්නා බවද එය තමා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බොහෝසෙයින් අඩු බවත් නිව්යෝක්හි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය Frank Mollica (ෆ්රෑන්ක් මොලිකා) පවසා තිබේ. එය මුල් යුගයේ පරිගණක සඳහා භාවිතා කළ floppy  තැටියක මතක ප්‍රමාණයට සමානය. මෙම අධ්‍යනය සඳහා මොලිකා සහ ඔහුගේ සගයන් තොරතුරු න්‍යාය ලෙස හැඳින්වෙන ගණිත අංශයේ කොටසක් භාවිතා කර තිබේ. ඉංග්‍රීසි භාෂාව සඳහා මොළයට  අවශ්‍යවන දත්ත ප්‍රමාණය බිට් (bit) කොපමණ සංඛ්‍යාවක්දැයි සොයා ගැනීමට තොරතුරු න්‍යායෙන් ගණනය කිරීමක් කර තිබේ. එය හුදෙක් ඇස්තමේන්තු කිරිමක් පමණක් වන නමුත් එමගින් අනෙක් භාෂා සදහා ගණනයට මෙන්ම ඉංග්‍රීසි භාෂාව සඳහා ගණනය යාවත්කාලින කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇතැයි ඔහු පවසා තිබේ.

ඔබ දන්නා වචනයක් ඇසෙන විට, ඔබට එය අවබෝධ කර ගැනීමට උපකාර කිරීම සඳහා ඔබේ මොළය සියලු වර්ගවල තොරතුරු වලට පිවිසෙන විට: වචනය සෑදී ඇති ශබ්ද, එහි තේරුම, වාක්‍යයේ ඇති සන්දර්භය, වාක්‍යයේ කාල පරාසය යනාදී තව බොහෝ දේ සළකනු ලැබේ.

“භාෂාව සහ සන්නිවේදනය ආහාර හා ජලය ලෙස අතිශයින් වැදගත් වේ. අපි සන්නිවේදනය මගින් තොරතුරු හුවමාරු කර ගැනීම, සබඳතා ගොඩනඟා ගැනීම, කලාත්මක නිර්මාණ වැනි නොයෙක් කාර්යයන් ඉටු කරන්නෙමු. මෙම නව මුලික  විශේෂාංගය මගින් මොළය තුල භාෂාව විද්‍යාමාන වන ආකාරය සහ එය අපගේ දෛනික ජීවිතය හැඩ ගැස්වීම සඳහා කෙසේ බලපාන්නේද බව අපි සොයා සොයා බැලුවෙමු. අපි සියලු දෙනාටම කථා කිරීම සඳහා උපන් භාෂාවක් තිබේ. පසුව එය සාමාන්‍යයෙන් අපේ මව් භාෂාව බවට පත් වේ. විවිධ මාර්ග ඔස්සේ තවත් අමතර භාෂාවක් අප හසුරුවා ගතහොත් එමගින් විවිධ වෙනත් සංස්කෘතීන් හා අත්දැකීම් අපට විවර කර ගත හැකිය.” ප්‍රකාශයේ දැක්වේ.

අධ්‍යන කණ්ඩායමේ ගණනය කිරීම හා අර්ථනිරුපන අනුව ඉංග්‍රීසි ශබ්ද කෝෂයක සාමාන්‍යයෙන් ඇති  වචන 40,000 ක් ඉගෙනගැනීම සඳහා බිට්(bit) 400,000 ක් පමණ අවශ්‍යය. එක් වචනයකට බොහෝ තේරුම් ඇති නිසා එම වචනවල අර්ථය තේරුම් ගැනීම සඳහා තවත් විශාල bit ප්‍රමාණයක් අවශ්‍යය. වචන නිර්මාණය කරන විශේෂිත ශබ්ද phonemes (ශබ්දිම)  50 ක් සඳහා එකකට bit 15 බැගින් bit 750 ක් පමණ අවශ්‍ය වේ. වචනයක සම්පුර්ණ අර්ථය සඳහා වාක් කෝෂිය අර්ථ විචාරය (lexical semantics) සැලකිය යුතුය.  “turkey” වචනය සැලකු විට ඒ සමග විශාල තොරතුරු ප්‍රමාණයක් දැනෙන අතර එමගින් ඌට පියාඹිය හැකිද? ඇවිදිය හැකිද? යනාදිය දැනගත හැකි වේ. මේ සියල්ල සැලකීමෙන් වචන 400,000 වෙනුවෙන් bit මිලියන 12 ක පමණ දත්ත අවශ්‍ය වන බව ඔවුන්ගේ අදහසයි.

භාෂා ඉගෙන ගැනීමේදී සමහර වචන යෙදෙවන වාර ප්‍රමාණයද වැදගත් වන අතර මෙම වචනවල සංඛ්‍යාත තොරතුරු ගබඩා කිරීම සඳහා bit 80,000 ක් පමණ යෙදවිය යුතුය. අවසන් වශයෙන්, වාක්‍ය රචනය - වාක්‍යයන් පාලනය කරන රීති මාලාවන්, අවම වශයෙන් bit  700 ක් පමණ වේ . මේ ආකාරයෙන් සැලකු විට ඉංග්‍රීසි භාෂාව සදහා මෙගාබයිට් 1.56 ක් දත්ත එනම්  floppy තැටියේ ධාරිතාවට වඩා තරමක් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ.

කෙසේවෙතත් මේවා හුදෙක් ගණනය කිරීම් වන අතර එය තවදුරටත් සංවර්ධනය කළ යුතු බවත් වෙනත් භාෂාවන් සඳහා වූ ගණනය කිරිම් වලටද යොදාගත හැකි බවත් මොලිකා පවසා තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර

December 26, 2018

මූසිකය ස්වයං අලුත්වැඩියා කිරීමට අවශ්‍ය හෘද සෛල සතුව නොමැත.මිනිසුන්ට පවා එය සත්‍යය විය හැකිය

බෙදුම් රේඛාවක් හෘදයාබාධයකින් පසුව, මූසිකයාගේ හෘදයාකාරී තුවාල සෛල (රතු) බෙදී ඇත. අධ්‍යයනයකින් පෙන්වන්නේ එම සෛල ප්‍රතිශක්තීකෘත සෛල සහ ඌරන් පටක සෑදූ ඒවා වන අතර, ඉන්ද්‍රිය අලුත්වැඩියා කිරීමට උදව් විය හැකි ප්‍රාථමික සෛල නොවේ. 

හෘදයාබාධවලට ගොදුරු වූ අය සඳහා නරක ආරංචියක් තිබේ: සුව කිරීම ඇතුලත නොවේ. 

පර්යේෂකයන් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ හෘදයන්හි සෛල සතුව තිබේද? ඒවා පැවතියේ නම්, එම සෛල නව හෘද මාස්ක් සෛල නිපදවිය හැකි අතර, තුවාලයෙන් පසු ඉන්ද්‍රිය අළුත්වැඩියා කිරීමට උදව් විය හැක. දැන් විවාදය අවසානයේ අවසන් විය හැක. මූසිකයන්ගේ හදවත් තුළ සෛල බෙදීමේ ඉරණම අනුගමනය කිරීමෙන් පසු හදවත් ප්‍රාථමික සෛල නොමැති බව පර්යේෂකයින් විසින් නිගමනය කර ඇත. 

ඒ වෙනුවට, හෘදයාබාධ හා අනෙකුත් ප්‍රතිරෝධී ප්‍රතිශක්තිකරණ සෛල හා අවයව පෙනහළු ඇති සෛල හා ෆයිබොලැබ්ස් යනුවෙන් හැඳින්වෙන ෆයිබොබ්රස්ට්ස් යනුවෙන් හැඳින්වෙන අතර, තුවාලය වසා දැමීමට වෑයම් කිරීමට උත්සාහ දරයි. මෙම කණ්ඩායම දෙසැම්බර් 7 වන දින ජාතික විද්‍යා ඇකඩමියේ ප්‍රාරම්භක වාර්තා කරයි. මානව හෘදයන්හි ප්‍රාථමික සෛල නොමැති වීම, සාක්ෂි මගින් පෙන්නුම් කරයි. 

"මෙම අධ්‍යයනය මනා ලෙස නිශ්චය වී ඇති අතර නව මාංශ පේශිවලට හේතු වන ප්‍රාථමික සෛල ජනගහනය නොමැති බව අධ්‍යයනයකට නොපැමිණෙන සැන් ෆ්රැන්සිස්කෝ හි ග්ලැඩ්ස්ටෝන් ආයතනයේ හෘද රෝග විද්‍යාඥයකු හා සංවර්ධන ජෛව විද්යාඥයෙකු වන දීපක් එස්රවිවා මහත්මිය පවසයි. 

අනෙක් පර්යේෂකයින් මෙම කාරණය නිරාකරණය කර ඇති බව පෙනී යයි. "මෙය සිත් තැවුලක් මෙන් පෙනෙන්නට පුළුවන", සින්සිනාටි ළමා රෝහලේ හෘද චිකර් ජීව විද්‍යාඥ රොනල්ඩ් වෑනොග්සි පවසයි. දීප්තිමත් පැත්තෙන්, "මෙම කඩදාසි තොරතුරු තොරතුරු පොහොසත් වන්නේය" යනුවෙන් විද්‍යාඥයින් හට හෘදයාබාධයකින් පසු හදවතෙහි සිදුවන දේ තේරුම් ගැනීමටත්, හෘදයාබාධයකින් පසුව විද්‍යාඥයින්ට හැකි වනු ඇත. එම දැනුම නිසා පර්යේෂකයන්ට හෘදයාබාධ හානිය සීමා විය හැක. 

විද්යාඥයන් සිතුවේ ප්‍රාථමික සෛල තිබිය හැකි බවයි. පර්යේෂණයකින් හෙළි වූයේ, හෘද muscle සෛල ස්වල්පයක් මුළු ජීවිත කාලය පුරාම කුඩා හෘද සෛල සෛලයක් නිර්මාණය කර ඇති බවයි. නව අධ්‍යයනය මෙහෙයවූ නෙදර්ලන්තයේ හූබ්රෙච් ආයතනයෙහි හීබ්ර්ච් ආයතනයෙහි ප්‍රාථමික සෛල ජීව විද්‍යාඥයෙකු වන හෑන්ස් ක්ලෙව් පවසයි. කෙසේවෙතත්, හෘද මාංශයේ සෛල සියයට 1 ක් හෝ ඊට වඩා අඩු වන්නේ හයිඩ්රොම යුගයේ න්‍යෂ්ටික බෝම්බ පරීක්ෂණවලින් මුදා හරින කාබන් 14 සෛල සඳහා පර්යේෂණ සිදු කරන පර්යේෂණ අනුවයි (SN: 4/25/09, p. 11). බෝම්බ හෙළීමට කලින් ඉපදුණු මිනිසුන්ගෙන් කාබන් 14 මට්ටම් මට්ටම් පර්යේෂකයන්ට නව සෛල සෑදීමට කොපමණ වේදැයි පැවසිය හැක. 

එහෙත් එම නව මාස්ක් සෛල පැමිණියේ හරියටම අභිරහසක් විය. විද්‍යාඥයින්ට ප්‍රධාන න්‍යායන් තුනක් තිබිණි. එනම් නව හෘද සෛල ඉන්ද්‍රිය තුළ ඇති ප්‍රාථමික සෛල වලින් උපත ලබා ඇති බවය. සෛල බිහි වී ඇත්තේ ශරීරයේ වෙනත් තැන්වලින් රුධිරය ඇතුලු කරන ලද ප්‍රාථමික සෛල වලින් බවත්, එම හෘද සෛල ශෛල ශෛලය බෙදා වෙන් කර ඒවායින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත්ය.






කේ.ඩි.එල්.එස්.ධර්මරාජ

විද්‍යා හා තාක්ෂණ නිලධාරි- අක්මිමන

උපුටා ගැනිම

https://www.sciencenews.org/article/mice-lack-stem-cells-heart-needed-self-repair

ඉලෙක්ට්‍රොනික්: ආධාරක මානව-පරිගණක අන්තර් කියාකාරීත්වය




අපෙන් බොහොමයක් අප ගැන සිතීම නතර නොකරයි, නමුත් අපගේ ශරීරයේ සම ඉතාම ලස්සනයි. සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රිය පීඩනය, උෂ්ණත්ව වෙනස්වීම්, වේදනාව සහ ස්පර්ශය හඳුනාගත හැකි අතර, අපගේ සමට යටින් බොහෝ ස්නායු හා ප්‍රතිග්‍රාහකයන්ට ස්තුති කළ හැකිය. මෙම සුවිශේෂී ඉන්ද්‍රිය අනුපිටපත් කිරීම අපහසු වන්නේ මන්ද යන්න තේරුම් ගැනීම පහසු ය. කෙසේ වෙතත්, ScienceDaily වලට අනුව, පර්යේෂකයන් මේ සඳහා පමණක් කටයුතු කිරීමට කටයුතු කරමින් සිටියි. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ මෙම ගුණාංග විදහාපාන උපකරණ, භාවිතා කළ හැකි සෞඛ්‍ය නිරීක්ෂකයන්, රොබෝ තාක්ෂණය, සහ අත්‍යවශ්‍ය යථාර්ථය තුළ භාවිතා කළ හැකි මානව ගැන්වූ විද්‍යුත් චලන තාක්ෂණය බවට පත් කිරීමයි.
මෙම තාක්ෂණය නිපදවීමට ප්‍රධාන අභියෝගයක් වන්නේ සම සමෙහි, නම්‍යශීලී සහ සිහින් ස්වභාවයයි. පර්යේෂකයන්ට සිදු විය යුතු වූයේ මෙම වර්ගයේ ව්‍යාපාරයට ඉඩ දීමට ප්‍රමාණවත් නැඹුරුවක් හා නැමිය හැකි තරම් සංකීර්ණ 3D පෘෂ්ඨ මතට ය.
යම් ප්‍රමානයකට මේ සඳහා දැනටමත් මෙම අරමුණ ඉටු කර ඇති නම්‍යශීලී "විද්‍යුත් ටැටූස්" වලින් දැනටමත් අත්පත් කර ගෙන ඇත. නමුත් නිෂ්පාදනය සාමාන්‍යයෙන් මන්දගාමී, මිල අධික වන අතර, ෆොටොලිතෝග්රැෆි වැනි පිරිසිදු කාමර සකස් කිරීමේ ක්‍රම අවශ්‍ය වේ. මෙම ව්‍යාපෘතියේ වැඩ කරන පර්යේෂකයින් ඉලක්ක කර ගනිමින් වේගවත්, සරල හා අඩු වියදමක් සහිත ඉලෙක්ට්‍රොණික ආධාරක තාක්ෂණයක් නිර්මාණය කිරීමට සමත් විය.
ඔවුන්ගේ නව ප්‍රවේශයේදී පර්යේෂක කණ්ඩායම සාර්ථකව සකස් කරන ලද "ටාටූ" කඩදාසි මත චිප්ස් ටෙම්ප්ලේට සාදාගත් අතර සාමාන්ය ඩෙස්ක්ටොප් ලේසර් මුද්රණ යන්ත්‍රය, මයික්රොචිප්ස්, සන්නායක "මැලියම්" සහ ගැලිලි-ඉන්ඩියම් ද්‍රව ලෝහ මිශ්‍ර ලෝහයක් නිර්මාණය කිරීම සඳහා නම්‍යශීලී විද්‍යුත් සම නිෂ්පාදනයක්. ඉන්පසු ඔවුන් විවිධාකාර වස්තූන් සඳහා ඉලෙක්ට්‍රොණික "පච්ච කොටා" මාරු කළ අතර, මිනිස්-යාන්ත්‍රික අන්තර් ක්‍රියාවන් අතර රොබෝමය ප්‍රතිස්ථාපන අතකයක් පාලනය කළ හැකි ආකාරය පිළිබිඹු කරන ලදී.

කේ.ඩි.එල්.එස්.ධර්මරාජ
විද්‍යා හා තාක්ෂණ නිලධාරි- අක්මිමන
උපුටා ගැනිම
https://www.electrochem.org/redcat-blog/electronic-skin-aiding-human-machine-interactions/#more-50482