April 25, 2023

Facebook ගෙවූ වන්දියෙන් අදාල පරිශීලකයන්ට පෞද්ගලිකත්ව වන්දි ? - (compensation by Facebook?)

කේම්බ්‍රිජ් ඇනලිටිකා ආකාරයේ නීති ක්‍රියාදාම (Cambridge Analytica class action lawsuit ) නඩුව සමථයකට පත්කළ බේරුම්කරණය වෙනුවෙන් ගෙවු මුදලින් දැන්, අදාල ෆේස්බුක් පරිශීලකයින්ට ඔවුන්ගේ කොටස සඳහා ඉල්ලුම් කළ හැකියැයි 2023 අප්‍රේල් 20 දා Harry Guinness වාර්තා කර තිබේ. Facebook හි මව් සමාගම වන Meta, පසුගිය දෙසැම්බරයේ නඩුව සමථයකට පත් කර, ඩොලර් මිලියන 725 ක් ගෙවීමට එකඟ විය. ඔබ ප්‍රාන්තයේ පදිංචි වී 2007 මැයි 24 සහ 2022 දෙසැම්බර් 22 අතර ඕනෑම වේලාවක සක්‍රිය Facebook ගිණුමක් තිබුනේ නම්, ඔබ ඔබේ ගිණුම මකා දමා තිබුණද ඩොලර් මිලියන ගණනක බේරුම් මුදලින්  කොටසකට ඔබට හිමිකම් ඇත. ඉදිරිපස ලස්සන එහෙත් ඒ් සමග අවලස්සන පිටු පස පෙනෙන මොණර නැටුමක් ලෙස සමහරු Facebook භාවිතා කිරීම හෝ වෙනත් කරුණක් නිසා  එය 2023 දී ඔබ තෝරා ගත් සමාජ මාධ්‍ය වේදිකාව නොවුනද, ඔබට පසුගිය වසර 15 හෝ ඊට වැඩි කාලය තුළ ඕනෑම අවස්ථාවක සක්‍රිය Facebook ගිණුමක් තිබුනේ නම්, ඔබට නොමිලේ මුදල් ලැබීමට හිමිකම් ඇත. ඒ් සදහා ඔබ 2023 අගෝස්තු 25 ට පෙර හිමිකම් පෑමක් ඉදිරිපත් කළ යුතුය. සමාවන්න මෙය ශ්‍රී ලාංකික ෆේස්බුක් පරිශීලකයින්ට නොවේ.

  

2016 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී මිලියන 87ක් දක්වා වූ පුද්ගලික තොරතුරු වෙත අනිසි ලෙස ප්‍රවේශ වීම සහ ඡන්දදායකයින් ඉලක්ක කර ගැනීමට භාවිතා කිරීම සදහා ෆේස්බුක් විසින් කේම්බ්‍රිජ් ඇනලිටිකා හට 2018 කළ හෙළිදරව් කිරීම් හේතුවෙන් මෙය සිදු වී ඇත. කේම්බ්‍රිජ් ඇනලිටිකා යනු දැනට අක්‍රියව පවතින බ්‍රිතාන්‍ය උපදේශන සහ දත්ත කැණීම් සමාගමක් වේ. පෞරුෂ ප්‍රශ්න විචාරාත්මක යෙදුමක් භාවිතයෙන් අධ්‍යයන අරමුණු සඳහා මෙම දත්ත රැස් කර ඇත. පුද්ගලයන් 270,000 ක් පමණක් ප්‍රශ්නාවලිය ලබා ගත්තද, Facebook හි ලිහිල් රහස්‍යතා ප්‍රතිපත්ති නිසා, එම යෙදුමට පෙර කී පුද්ගලයන්ගේ Facebook මිතුරන්ගෙන් පුද්ගලික තොරතුරුද සීරීමට හැකි වී ඇතැයි වාර්තාවේ සදහන් වේ. 

පරිශීලකයන්ගෙන් නොවිමසා ඔවුන්ගේ තොරතුරු වෙනත් ආයතනයකට ලබාදිම නුසුදුසු යැයි පිළිගෙන තිබේ. එම තොරතුරු මගින් හදුනාගත්, නව තාක්ෂණයෙන් නිර්මාණය කළ වාර්තා වල ව්‍යාජ ඒවා හදුනාගැනීම අපහසු, විශේෂ ස්ථාවරයක් නැති , වැඩිහිටි ......... යනාදි බොහෝ පරිශිලකයන්ට ඇනලටිකා සමාගම විසින් බෝම්බ වරුසාවක් සේ දැන්වීම් යැවීමෙන්  ඇමරිකානු මැතිවරණයකදී , එංගලන්ත ජනමත විචාරණයකදි ඇතුලු රටවල් කිහිපයක මැතිවරණවලදී සමාගම තම මතය පරිීශීලකයන්ට ඒ්තතු ගැන්වීමට උත්සහ කළේ යැයි චෝදනාවක්ද ඉදිරිපත් වී තිබේ.

අවාසනාවකට මෙන්, 2022 දී එක්සත් ජනපද ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 240 ක් සිටි නිසා සහ  ඔවුන් සියලු දෙනාම හිමිකම් පෑමක් ඉදිරිපත් කළහොත් මෙම බේරුම්කරණයෙන් පරිශිලකයෙකුට ලැබෙන මුදල ඉතා කුඩා වනු ඇත. තවද සම්පූර්ණ පියවීම, පරිපාලන ගාස්තු අඩු කිරීම, නීතිමය වියදම් සහ තවත් වියදම් කිහිපයක් මෙයට ඇතුළත් වේ.

හර්ෂ -අන්තර්ජාලය ඇසුරෙනි

0 comments:

Post a Comment