April 10, 2019

විදුලිය විශාල ප්‍රමාණයෙන් ගබඩා කර ගත නොහැකිද?


ශ්‍රී ලංකාවේ මේ දිනවල විදුලිය කපා හැරීම් සිදුවේ. විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා විදුලිබල නිෂ්පාදනය අඩුවීම එයට හේතුව ලෙස සදහන් වේ. වැසි අධික කාලයේදී අමතර ජලය ආරක්ෂිතව ගබඩා කර අවශ්‍යතා පැන නගින විට එම ජලය විදුලිබලය නිපදවීමට භාවිතා කල නොහැකිද?


අමතර ජලය ඉහල මට්ටමකට පොම්ප කර ආරක්ෂා කර ගැනීමෙන් ජල හා වෙනත් බල ශක්ති හිඟ අවස්ථාවලදී එම ජලය විදුලිබලය නිපදවා ගැනීමට යොදා ගත හැකි බවත් එය ක්‍රියාත්මක කළ හැකි ස්ථාන හෝ ප්‍රදේශ 500,000 පමණ ලොව පුරා ඇති බවත් වාර්තා වේ.

ජලවිදුලි පොම්ප කිරීමේ  මූලධර්මය ඉතාම සරලයි. විදුලිය බහුලව ඇති විට, ජලය පහත් මට්ටමේ ජලාශයක සිට මීටර් සියගණනක් දක්වා ඉහළ තිබෙන ආරක්ෂිතයකට ගෙන යයි. ඉල්ලුම, සැපයුම ඉක්මවා යන විට එම ජලය පහලට ගලා යාමට සැලැස්ව වීමෙන් ලොව විදුලි නිෂ්පාදනයෙන් හයෙන් එකක් නිපදවන සාම්ප්‍රදායික ජල විදුලි බලාගාරවල ටර්බයින ආපසු කරකවා විදුලිය නිපදවා ගත හැකිය. ඕස්ට්‍රේලියාවේ එලෙස ක්‍රියාත්මක කල හැකි ප්‍රදේශ 22,000 ක් ඇති බවත් ඒවායින් ගෙගාවොට් පැය 67000 ක විදුලි බලයක් නිපදවා ගත හැකි බවත් Australian National University (ANU/ ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය) මගින් සොයා ගෙන තිබේ. විස්තර පහත වගුවෙන් දක්වා ඇත. 2017 දී ශ්‍රී ලංකාවේ  මුළු ස්ථාපිත විදුලි උත්පාදන ධාරිතාවය මෙගාවොට් පැය 4,043 (ගෙගාවොට් පැය 4.043 ) ක් විය.



ප්‍රාන්තය
වැඩ බිම් ප්‍රමාණය
(ආසන්න වශයෙන්)
බලශක්ති ගබඩා කරන
ධාරිතාව ගෙගා වොට් පැය(ආසන්න වශයෙන් )
උස් බිම
(මීටර)
1
NSW/ACT
8,600
29,000
300
2
Victoria
4,400
11,000
300
3
Tasmania
2,050
6,000
300
4
Queensland
1,770
7,000
300
5
South Australia
185
500
300
6
Western Australia
3,800
9,000
200
7
Northern Territory
1,550
5,000
200


ඒකතුව

22,000

67,000


කුමන කාලයේදී හෝ ඉල්ලුමට වඩා වැඩි ප්‍රමාණයක් විදුලිය නිෂ්පාදනය කිරීම මෙන්ම විදුලිය විශාල ප්‍රමාණයෙන් ගබඩාකර ගැනීමේ තාක්ෂණයක් හා එය යොදා ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. සුළං හා සූර්ය බල ශක්තියෙන් යැපෙන ලෝකයට ඒවා වැඩි වැඩියෙන් අවශ්‍ය වේ. අමතර බල ශක්තියක් නිපදවා ගැනීමට හැකි ලෙස ජලයට අමතරව පුනර්ජනනීය සුළං හා සූර්ය බල ශක්තිය යොදා ගත්තද අමතර නිෂ්පාදනය ගබඩා කර ගැනීමද අතිශය වැදගත් වේ. විදුලිය විශාල ලෙස ගබඩා කරන බැටරි නිපදවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. පොම්ප කර  අමතර ජලය ආරක්ෂා කර ගැනීම මගින් විදුලිය ගබඩා කර ගැනීම වඩා හොද විකල්පයක් වේ. පුනර්ජනන ජල විදුලිය අපට යෝග්‍ය වේද?



අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/iFdVX0NIPDE?t=22

0 comments:

Post a Comment