April 8, 2019

චීන වෛද්‍යවරු 5G අන්තර්ජාල භාවිතා කර දුර බැහැර රෝගීන්ට සැත්කම් කරති.


අනාගතයේදී සැත්කම්, ශල්‍යගාරයෙන්  බැහැරව දුරස්ථ ප්‍රදේශයක සිටින ශල්‍යවෛද්‍යවරයෙකුට වුව සිදුකිරීමේ හැකියාව ලැබෙනු ඇත. 5G ජංගම අන්තර්ජාල සම්බන්ධතාවයකින් හදවත් සැත්කමක් සාර්ථක මෙහෙයවීමට රෝගියාට කිලෝමීටර 100 ගණනක් දුර ප්‍රදේශයක සිටි චීනයේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වි තිබේ.  චීනයේ වෛද්‍යවරුන්ට මෙලෙස දුරස්ථව සිටිමින් 5G මගින් හෘද ශල්‍යකර්ම මෙහෙයවීමට හා මොළය උත්තේජනය සිදු කිරීමට හැකියාව ඇති බව  වාර්තා වි ඇත. මෙම ක්‍රියාවලිය අතරතුරදී ශල්‍යකර්මය සිදු කිරීමට යොදාගන්නා රොබෝව දුරස්ථව පාලනය කිරීමේ තාක්ෂණය ශල්‍යවෛද්‍යවරයා විසින්ම ක්‍රියාත්මක කර තිබේ.

ප්‍රධාන පෙලේ විශේෂඥයකු ජීවත් වන ස්ථානයෙන් ඈත්ව සිට හෝ ශල්‍යකර්ම මෙහෙයවීමට හා මැදිහත් වීමට අවශ්‍ය සහභාගිත්වය ලබාදෙන ලෙස ඉල්ලීම් මෙන්ම අවශ්‍යතාවයන් විශාල ප්‍රමාණයක් ඇති වි තිබේ. නමුත් ඒ සදහා විශේෂඥ වෛද්‍යවරයාට හෝ කණ්ඩායමට අමතරව අදාල ස්ථාන අතර විශ්වසනීය හා වේගවත් ජාල සම්බන්ධතාවයක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

චීනයේ වාර්තා වලට අනුව, 5G ජාලය භාවිතා කරන ලොව ප්‍රථම දුරස්ථ සැත්කම් උපකරණ චීනය තුල සාර්ථකව අත්හදා බලා තිබේ. " ගිනිකොන දිග පළාතේ Fujian (ෆුජියාන්) හි වෛද්‍යවරයෙකු, දුරස්ථ ස්ථානයක පිහිටි රසායනාගාරයේ  පරීක්ෂණ තත්වයේ සත්වයකුගේ අක්මා ඉවත් කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන ලදි. "5G සම්බන්ධතාවය මත රොබෝටික ශල්‍ය ආයුධ පාලනය කිරීම මගින් වෛද්‍යවරයා ශල්‍යකර්ම සිදු කළේය." වාර්තාවෙට අනුව වෛද්‍යවරයාගේ පාලන උපාංගය හා ශල්‍යාගාරයේ රොබෝවරයා අතර තත්පර 0.1 ක පමණ ඉතා සුළු කාලප්‍රමාද වීමක් පමණක් පැවතුණි. පර්යේෂකයන් පවසන පරිදි දුරස්ථ ශල්‍යකර්මවලදී සිදු විය හැකි වෛද්‍ය ක්‍රමයේ මාරාන්තික අඩුපාඩු සිදුවීම් සහ අවදානම මෙම අධිවේගී ජාලවේගය මගින් අඩු කර ගත හැකිය. 5G දුරස්ථ ශල්‍යකර්ම මිනිසුන්ටද ආරක්ෂිතව භාවිතා කළ හැකි බව ඔවුහු විශ්වාස කරති. ශල්‍යවෛද්‍යවරුන්ට ආරක්ෂිත ආකාරයකින් දුරස්ථව සිටින රෝගීන් සදහා මෙලෙස ප්‍රතිකාර කිරීමට හැකි වීමෙන් බොහෝ මිනිස් ජීවිත බේරා ගත හැකිවේ .

මාර්තු මාසයේ මැද භාගයේදී ප්‍රථම වතාවට මෙම 5G විසඳුම් මිනිස්  දුරස්ථ ශල්‍යකර්මවල දී භාවිතා කරන ලදී. ඒ ෂෙන්සෙන් නගරයට කිලෝමීටර් 2,000 ක් දුරින් පිහිටි රෝහලක අක්මාව සම්බන්ධ ශල්‍යකර්මයක් බෙයිජිං හි වෛද්‍යවරයෙක්  විසින් සිදු කරනු ලැබීමයි. චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසන පරිදි චීන ජාතික ශල්‍යවෛද්‍යවරයෙකු විසින් 5G තාක්ෂණය භාවිතා කර ලොව ප්‍රථම දුරස්ථ පාලක මොළයේ ශල්‍යකර්මය සිදු කර ඇත. Dr. Ling Zhipei (ලින් ශිපි) කිලෝමීටර 3000 ක් දුරින් සිටි සිය රෝගියාගේ මොළයට ස්නායු උත්තේජකයක් අධිරෝපණය (implant) කිරීම එම ශල්‍යකර්මයයි.

South China Morning Post (දකුනු චීනයේ මෝනිං පෝස්ට්) මාධ්‍ය මගින් ශල්‍යකර්මය සිදු කරන වීඩියෝ පටයක් ප්‍රකාශයට පත් කර තිබේ. https://youtu.be/yFR61jjL1vo?t=4

අන්තර්ජාලය ඇසුරින් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර


0 comments:

Post a Comment