April 8, 2019

උත්තරාලෝකය (Aurora) ඇති කරන අභිරහස් නාදය


පෘථිවියේ උත්තර ධ්‍රැවයේ ඉහළ උන්නතාංශවලදී උතුරු අහසේ පෙනෙන දර්ශනීය ආලෝක රටාව හෙවත් පෘථිවියේ උත්තරාලෝකය (Aurora/Northern Lights), ආලෝක සංදර්ශනයකට වඩා වැඩි යමක් වන අතර ඒවායේ සිත් ඇදගන්නාසුලු අත්පොළසන් හඬක් වැනි පුදුමාකාර ශබ්දයක් ඇති කරන බව නව අධ්‍යයනයක් අනාවරණය කරයි.

බිම් මට්ටමින් අඩි 230 ක් (මීටර 70 ක්) ඉහළ පෘථිවි වායුගෝලයේ ඇති ශක්තිජනක අංශු මගින් නිර්මාණය වන චමත්කාරජනක නැටුමක ස්වරුපයේ ආලෝක වර්ණ හෙවත් උත්තරාලෝකය තුල අත්පොළසන් හඬක් වැනි පුදුමාකාර ශබ්දයක් ඇති කරන බව පර්යේෂකයෝ පවසති.

කාන්තාරවල සංචාරය කරන්නන්ගේ වාර්තා හා ජන කථා මගින් බොහෝ කලක සිට විස්තර කළ උත්තරාලෝකය හා සම්බන්ධ ශබ්දය (aurora borealis)  මෙම ප්‍රතිඵලවලින් සනාථ වන බව පෙනි යයි. "අතීතයේදී පර්යේෂකයන් සිතා සිටියේ, උත්තරාලෝකය ඈතින් පිහිටීම නිසා එහි ඇති ශබ්දය මිනිසුන්ට නොඇසෙන බවයි.” ෆින්ලන්තයේ, හෙල්සින්කි හි  Aalto (ආල්ටෝ) විශ්ව විද්‍යාලයේ මනෝමය ශබ්ද /ධ්වනි එනම් ශබ්ද විද්‍යාව සහ එය අපට තේරුම්ගත හැකි ආකාරය පිළිබද විද්‍යාව හදාරණ  Unto Laine (අන්ටෝ ලේන්) විසින්  නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එක් සවස් කාලයක උතුරු ෆින්ලන්තයේ Saariselkä (සාරිසෙල්කා) හි පිහිටි ජෑස් උත්සවයකදී, Unto Laine (අන්ටෝ ලේන්) හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායමේ මිතුරන් උත්තරාලෝකයේ (aurora borealis) ඇති නිශ්ශබ්දතාවයේ මිහිර විදීමට යෑමට තීරණය කර තිබේ. එය සම්පුර්ණයෙන් නිශ්චල ඉහලින් උත්තරාලෝකය රඟදෙන සෙන්ටිග්‍රේඩ් අංශක 35 ක උෂ්ණත්වයක් සහිත පරිසරයක් වූ අතර ඔවුන් සියලුදෙනාම හුස්ම ගැනීමේ හඬ පවා අඩු කරමින් කිසිදු කතා බහක් නොමැතිව හුදෙක් නිශ්ශබ්දතාවයට පමණක් සවන් දෙන ලද බව වාර්තා වේ. නමුත් ඔවුන් පුදුමයට පත් කරමින් පූර්ණ නිශ්ශබ්දතාව වෙනුවට දුර්වල පසුබිම් ශබ්දයක් කණ්ඩායමට දැණුනු බවත් අවට පරිසරයේ වෙනත් කිසිදු ශබ්ද නැගීමකට අවකාශ නොතිබුණු අතර උතරාලෝකය බොහෝ ඈතින් පිහිටි නිසා ඇරෝරා චලන සමග වූ ශබ්දයක් ඔවුන්ගේ ශ්‍රවන පරාශයට ඇතුල් විය නොහැකි බවත් ඔවුන් මුලදී විශ්වාස කළ බව පර්යේෂණ කණ්ඩායමේ Laine පවසයි. මිට පෙර 1990 දී මෙම අත්දැකීමම ලැබූ නිසා ඔහු වසර 20 ක් එය සනාථ කිරීමේ උත්සයක නියැලුණු බව සදහන් වේ.
 
ලේන් සහ ඔහුගේ සගයන් විසින් උත්තරාලෝකයේ උපරිම ක්‍රියාකාරිත්වයක් සහිත ප්‍රදේශයක පිහිටුවන ලද මයික්‍රෝෆෝන තුනකින් අල්ලා ගන්නා ලද ශබ්ද සංසන්දනය කිරීම මගින් අත්පොළසන් හඬ සහිත ප්‍රදේශය නිගමනය කරන ලදී. තවද ෆින්ලන්ත කාලගුණ විද්‍යා ආයතනය විසින් සිදු කරන ලද සමකාලීන මිනුම් වලදී උතුරු ආලෝක සංඥා සාමාන්‍ය රටාවක් දක්නට ලැබී තිබේ.

සෑම උත්තරාලෝකයක් තුළම අරෝරා ශබ්දයන් හොදින් නොපවතින අතර, සාමාන්‍යයෙන් ඒවා කෙටිකාලින සහ දුර්වලය. එය හඳුනාගැනීම සදහා පරික්ෂාකාරීව සවන් දීම මෙන්ම අවම පසුබිම් ශබ්ද තිබිය යුතුය.

විද්‍යාඥයින් තවමත් වායුගෝලයේ මෙම ශබ්ද නිර්මාණය වන්නේ කෙසේද යන්න නිශ්චිතවම නොදනී. එය විවිධාකාර විය හැකිය එනම් අත්පොලසන් හඬ සිට ආවරක ඝෝෂය (crackles to muffled bangs) සහ පටපටන (ගලායාමේ) ශබ්දය (sputtering sounds) දක්වා වෙනස් විය හැක. මෙම පුදුමාකාර ස්වනික(sonic) විවිධත්වය නිසා මෙම අරෝරා ශබ්දය සදහා විවිධ යාන්ත්‍රණ කිහිපයක් ක්‍රියාත්මක විය හැකි යැයි පර්යේෂකයෝ පවසති.

ලිතුවේනියාව විල්නියස් හි පැවැත්වෙන ශබ්දය සහ කම්පනය පිළිබඳ 19 වන ජාත්‍යන්තර සම්මේලනයේ වැඩමුළුවෙහිදී මෙම නව අධ්‍යනය ඉදිරිපත් කෙරෙනු ඇතැයිද වාර්තාවේ සදහන් වේ.

අන්තර්ජාලය ආසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/9JpsQJmxpFo?t=21

0 comments:

Post a Comment