March 26, 2019

මහා බලවත් ටී රෙක්ස්ගේ සිරුරේ පිහාටුද තිබේ.


නිව්යෝර්ක් නගරයේ පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබද ඇමෙරිකානු කෞතුකාගාරයේදී මෑතකදී ප්‍රදර්ශනය ආරම්භ කරන ලද මෙම සජීවී ප්‍රමාණයේ ටිරානොසෝරස් රෙක්ස් ගේ සිරුරේ හිස සහ වලිගය ප්‍රදේශයේ පිහාටු පැල්ලම් පවා දර්ශනය වේ.

ඇමෙරිකානු ස්වභාවික ඉතිහාසය සම්බන්ධ කෞතුකාගාරය විසින් නිර්මාණය කරන ලද ටි. රෙක්ස්ගේ තත්කාලීන වඩාත්ම නිරවද්‍ය නිරුපනය, කෞතුකාගාරයේ සංඛේතාත්මක ඩයිනොසෝරයන් පිළිබඳ නවීන ප්‍රදර්ශනයට මෙසේ ඉදිරිපත් කර තිබේ. වෙනත් සතුන්ගේ ශබ්දයන් මිශ්‍ර කිරීමට මෙන්ම අථත්ය යථාර්ථයක් (virtual reality) ලෙස නරඹන්නන්ට ඇටසැකිල්ලක කොටස්  එකතු කර ගත හැකි වන ස්ථානයක් මෙහි ඇත. සැකිලි එකතුවේ නිරවද්‍යතාවය අවසානයේ තිරයේ දිස්වන ඔබ පසුකර ගොස්  ඔබ ඉදිරියේ පෙනී සිටින සජිවිකරණය කළ ජීවමාන ප්‍රමාණයේ ටී රෙක්ස් ගෙන් හදුනාගත හැකි වේ. ඔබ ඉදිරිපිට බොහෝ වේලාවක් පෙනී සිටින ජීවමාන ප්‍රමාණයේ ටී රෙක්ස් ඔබව  අල්ලා ගැනීමටද ඉඩ තිබේ යැයි ඔබට හැගෙනු ඇත.

ටිරානොසෝරස් රෙක්ස් පිළිබද ඔබේ ප්‍රතිරූපය හුදෙක් "ජුරාසික් පාර්ක්" හි රුදුරු ජීවියෙකු මත පදනම් වූවා නම්, "ඩයිනෝසෝර රජු" පිළිබඳ බොහෝ දේ දැන් වෙනස් වි තිබේ.

"ටි. රෙක්ස්ගේ ක්‍රියාකලාපය ගැන සෑම කෙනෙකුම සිතා සිටිදේ ප්‍රදර්ශනය මගින් බොහෝ සේ වෙනස් වූ පූර්ව නිගමන වශයෙන් සැළකෙනු ඇතැයි ඇමෙරිකාවේ කෞතුකාගාරයේ පාලකයකු වූ Mark Norell (මාක් නෝරල්)"  ව්‍යාපාරික විචාරකයෙකුට පැවසීය. කෞතුකාගාරය විසින් ආරම්භ කරන ලද මෙම ප්‍රදර්ශනය " ටී රෙක්ස් නම් මහා විලෝපිකයා (The Ultimate Predator)" යනුවෙන් හඳුන්වන ඩයිනොසරයාට කැප වූ ප්‍රදර්ශනයක් ලෙස විවෘත කර තිබේ.

ග්‍රීක භාෂාවේ “tyrant (ටිරාන්ට්/ පුරාණ ග්‍රීසියේ නපුරු පාලකයෙක් )" හා "sáv̱ra (lizard/කටුස්සා)" යන වචන වලින් සහ ලතින් භාෂාවේ "Rex (king /රජ)" යන වචනයෙන් සැකසුනු ටිරානොසෝරස් රෙක්ස් අවුරුදු මිලියන 68 ත් 66 ත් අතර කාලයකට පෙර එනම් ක්ෂුද්‍රග්‍රහයකුගේ ඝට්ටනයෙන් නිමවූ ඩෛනොසෞරියෝ යුගයේ අවසානයේ Cretaceous (ක්‍රිටේසියස්/ ඛටිකා) අවධියෙහි  ජීවත්වූ ඩෛනොසෞරියෝ පවුලේ ළාබාලතම සාමාජිකයා වේ. ටිරානොසෝරස් රෙක්ස්ව හෙවත් “tyrant lizard king (ප්‍රජාපීඩක කටුසු රජුව)” අතිශය භියකරු ප්‍රතිරූපයක් ලෙස දැක්වුවද කුඩා දරුවන් පවා විනොදාත්මකව ටි.රෙක්ස්ව ප්‍රතිරුපනය කරයි. මුල්ම ටිරානෝසෝරස් වේගවත් මෙන්ම කුඩාද විය. ඉතින් ටී. රෙක්ස් එතරම් විශාල හා නරකද?

ටිරානාසෝරස් රෙක්ස් "ඩයිනෝසෝර් රජු" සිට "ජුරාසික් පාර්ක්" හි අතිශය භියකරු ප්‍රජාපීඩක කටුසු රජු දක්වා මහජන පරිකල්පනය වෙනස් කිරීමට ස්ටීවන් ස්පීල්බර්ග්ගේ 1993 නාට්‍ය රචනය සමත් වුවද ඒ වන විට  පාෂාණ විද්‍යාඥයින් ටී.රෙක්ස් පිලිබඳව බොහෝ දේ නොදැන සිටි අතර, ෆොසිල වාර්තාවේ අස්ථි කොටස් හතක් හෝ අටක් පමණ ඒ සදහා පාදක වි ඇත. ඉන්පසුව ටී.රෙක්ස්  ඇටසැකිලි තවත් දුසිමක් පමණ සොයාගැනීමෙන් මෙම ජීවීන් පිළිබඳ අපගේ අවබෝධය අළුත් විය.

නිදසුනක් ලෙස, අංශු විශ්ලේෂණයෙන් ටී.රෙක්ස්ට විශිෂ්ට පෙනුමක් සහ ඉතා හොඳ ආග්‍රාහන (ගඳ සුවද දැනීමේ) ශක්තියක්  ඇති බව අඟවයි. සපා කෑමෙන් ඇටකටු පවා බිඳ දැමීමේ හැකියාවක් ටී රෙක්ස්ට තිබෙන අතර යොවුන් වියේදී දිවීමේ හැකියාවද නැවත සනාථ කර ඇත.ධාවනයේදී සෑම විටම එක් පාදයක් සම්පුර්ණයෙන් පොළවට ඉහළින් පවතින නමුත් වැඩිහිටි ටි.රෙක්ස්ගේ විශාල ශරීරයේ බර නිසා එමගින් උන්ගේ අස්ථිවලට හානි සිදුවිය හැකිය. ළදරු ටී රෙක්ස් කුඩා හා සිනිඳු වන අතර නිතර අවදානමට භාජනය වේ. බොහෝ ටි.රෙක්ස් වයස අවුරුදු 1 ඉක්මවා ජිවත් නොවන බව විද්‍යාඥයන් ගණන් බලා ඇත.
කුඩා turkey (කළුකුමා) සතෙකුගේ ප්‍රමාණයෙන් යුත් සිනිඳු ලෝම වලින් සමන්විත ළදරු ටි.රෙක්ස් පිලිබදව දැනගැනිමද රසවත් වනු ඇතැයි මෙහිදී සිහිපත් කළ යුතුය.   

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment