February 8, 2016

ඔබගේ ස්මාට් දුරකථනය, සූර්ය පනේලයක් වී ස්වයංක්‍රීයව බලශක්තිය උපදවයිද?

අනාගතයේදී ස්මාට් දුරකථනය සූර්ය පනේලයක් බවට පරිවර්තනය වී දුරකථනය විසින්ම ස්වයංක්‍රීයව නැවත ආරෝපනය කරගනු ඇත. එනිසා නැවත ආරෝපණය කිරීම සඳහා විදුලි පේනුවක් සොයනු වෙනුවට හිරු එලිය ඇති ස්ථානයකට යෑම ප්‍රමාණවත් වේ. ස්මාට් දුරකථන මතුපිට පෘෂ්ට පමණක් නොව බොහෝ පෘෂ්ටයන් හෙවත් ස්ථරයන් සූර්ය පනේල බවට පරිවර්තනය කළ හැකි පාරදෘශ්‍ය ආලේපයක් MIT Startup විසින් නිර්මාණය කර තිබේ.

සුර්ය කිරණවල ඇති පෝටෝන උරා ගෙන ඒවා විදුලිය බවට පරිවර්තනය කිරීම සාමාන්‍යයෙන් සූර්ය පනේල මගින් සිදුවේ. අඳුරු බව වැඩිවීම අනුව දෘශ්‍ය ආලෝකය වැඩිවශයෙන් අවශෝෂණය  කිරීම නිසා පනේල බොහෝවිට අඳුරු පැහැයක් ගනී. ඒ අනුව අර්ථ දැක්වීමෙන්ම දෘශ්‍ය ආලෝකය උපරිමව අවශෝෂණය සඳහා සූර්ය පනේල අදුරු විය යුතු බැවින් මෙම පාරදෘශ්‍ය පනේල අසාමාන්‍ය වේ. පාර දෘශ්‍ය ස්ථර තුලින් හිරු කිරණ අවශෝෂණය නොකරන අතර හුදෙක් හිරු කිරණ ඒ තුලින් ගමන් කිරීම සිදුවේ.

MIT ට අනුව සාර්වත්‍රික ශක්තිය ලෙස හිරුගේ පාරජම්බුල කිරණ හා අධෝරක්ත කිරණ අවශෝෂණය කරන ආලේපයක් කාබනික අණු වලින් නිපදවා තිබේ. මෙම කිරණ සාමාන්‍ය මිනිස් ඇසට දෘශ්‍ය වන පරාසයට පරිබාහිර බැවින් ඒවා සාමාන්‍ය ඇසට නොපෙනේ.එනිසා නව ආලේපය පාරදෘශ්‍ය වේ.තවද නව ආලේපය අර්ධසන්නායකද වේ.එවැනි මතු පිටක් හා පෝටෝන ගැටුණු විට එමගින් ඉලෙක්ට්‍රෝන නිකුත් වේ. ස්මාට් දුරකථනය හෝ වෙනත් උපකරණයක් බලගැන්වීම සඳහා මෙම ගලායන ඉලෙක්ට්‍රොනික ධාරාව විදුලි ධාරාවක් ලෙස ක්‍රියා කරයි. මීට අමතරව නව සොයාගැනීමක් වූ මෙම ආලේපය බොහෝ මතුපිට සඳහා ආලේප කළ හැකිය.  එමගින් බොහෝ පෘෂ්ට (ස්ථර) විදුලි ප්‍රභාවයන් බවට පරිවර්තනය කල හැකි බව සමාගමේ නිර්මාතෘ MILES BARR පවසයි. ස්මාට් ඔරලෝසු, දුරකථන, නිවාසවල ජනේල පමණක් නොව මෝටර් රථ බොඩි  (මතුපිට) වැනි විවිධ පෘෂ්ට මෙලෙස විදුලි ප්‍රභාවයන් බවට පහසුවෙන් පත් කළ හැකි වේ. නව තාක්ෂණය තව දුරටත් පරිනත වූ පසු ලොව කර්මාන්තශාලා 2/3 ක පමණ සූර්ය පනේල තාක්ෂණය යොදා ගන්නා අතර සූර්ය කිරණ 10% ප්‍රතිශතයකින් විදුලිය බවට පරිවර්තනය වනු ඇතැයි MILES BARR බලාපොරොත්තු පළ කරයි.


උපුටා ගැනීම :-
Turn your smart phone Into Solar panel. Let Device re Charge itself by Nicole Lou

https://www.youtube.com/watch?v=f3RgaUovObw

0 comments:

Post a Comment