May 10, 2016

වාසභුමියක්ද යන්න අධ්‍යනයට පහසු පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝක

අතිශය සිසිල් වාමන තරුවක් වටා භ්‍රමණය වන ග්‍රහ ලෝක තුනක් මෑතකදී හදුනාගෙන තිබේ. මෙම ග්‍රහලෝක ප්‍රමාණයෙන් හා උෂ්ණත්වයෙන් පෘථිවිය හා සමාන වන අතර වාමන තරුව, අපගේ ක්ෂීරපථයට , සාපේක්ෂව ආසන්න ලෙස පිහිටා තිබේ. මේ නිසා මෙම ග්‍රහලෝක තුන තුළ ජිවය තිබීම සම්බන්ධ අධ්‍යනය සදහා ඒවායේ වායුගෝලය විශ්ලේෂණය කළ හැකි යැයි තාරකා විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

මෙම ග්‍රහලෝක තුන තම තාරකාව (වාමන තරුව) ඉදිරියෙන් ගමන් කරන විට තාරකා දර්ශනයේ සිදු වූ අඳුරුවීම ග්‍රහලෝක හඳුනාගැනීමට මූලික වූ සංසිද්ධිය විය. මෙම අදුරුවිම චිලිහි ස්ථාපිත TRAPPIST නම් දුරදක්නය මගින් හඳුනා ගැනීමට බෙල්ජියම් හි ලිජ් විශ්ව විද්‍යාලයේ මයිකල් ගිලන් ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායම සමත් වී තිබේ. එයින් ග්‍රහලෝක දෙකක්ම ඒවායේ  කක්ෂවල අන්තර් සීමාවෙදී එනම් ද්‍රව ජලය රඳවා ගැනීමට අවකාශ සලසන ප්‍රදේශයේදී  දක්නට ලැබී ඇති බව තවදුරටත් වාර්තාවේ.අනෙක් ග්‍රහයා ඒ මත හෝ ඉන් පිටත විය.

තවද මෙම ග්‍රහලෝක වල ස්කන්ධය නිශ්චිතව තීරණය කර නැති නමුත් ඒවා පෘථිවියේ ස්කන්ධයෙන් අඩක් සහ දෙගුණයක් යන පරාසයේ වේ. බොහෝ විට කදුවලින් සහ අයිස් වලින් මෙම ග්‍රහලෝක සෑදී තිබිය හැක. එවිට එය ක්ෂීරපථයේ ග්‍රහලෝක හෝ සුවිශාල ග්‍රහයන්ට අයත් අයිස් බවට පත් වූ භූගෝලීය චන්ද්‍රයන් මෙන් වේ. වාමන තරුවේ ප්‍රමාණය සහ දීප්තිය අනුව එය “TRANSIT SPECTROSCOPY (සංක්‍රමණ වර්ණාවලික්ෂණය)” සඳහා සුදුසු වේ.

වාසභුමියක් වීමේ විභවයන් සහිත ග්‍රහලෝක බොහෝ ප්‍රමාණයක් අප දැක ඇත. එහෙත් මෙම ග්‍රහලෝක තුන වාසභුමියක් තිබීම පිළිබද අධ්‍යනය සඳහා විශාලතම අවකාශය ලබාදී තිබේ යයි ගිලන් ප්‍රකාශ කරයි.එනම් ප්‍රථම වරට පවතින තාක්ෂණය මඟින් වාසභුමියක්වීම පිලිබද වායුගෝලීය සංයුති විස්තරාත්මකව අධ්‍යනය කළ හැකි අවස්ථාවන් මෙමගින් උදාවී තිබේ.

නිව්යෝක්හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ඩේවිඩ් කිපින් පවසන්නේ “මෙම ක්‍රමය සාර්ථක ලෙස මින් පෙර ක්‍රියාත්මක කර ඇතත් ඒවා මෙවැනි පෘථීවිය තරම් වූ කුඩා ග්‍රහලෝක සඳහා නොවේ. තවද එම ග්‍රහලෝක මෙලෙස ජලපෝෂක ප්‍රදේශ වලද නොවේ. මෙම පද්ධතිය ජීවයේ  පැවැත්ම පිළිබඳව නෛතිකව දැනගැනීමටද හැකියාව ලබාදේ. ඊ ළඟ දශකයේදී එවැනි ජීවීන් සම්බන්ධව වැදගත් ප්‍රකාශ ඉදිරිපත් කිරීමටද හැකි වේ.”

උපුටා ගැනීම:-

Trio of Earth-sized planet around nearby star could reveal life by Sara Goudarzi
https://www.newscientist.com/article/2086496-trio-of-earth-sized-planets-around-nearby-star-could-reveal-life/
https://www.youtube.com/watch?v=v0Y2jx1LJQU

0 comments:

Post a Comment