November 16, 2017

තව වසර 10ක් තුළ රැම් සහ හාර්ඩ් ඩිස්ක් භාවිතයෙන් ඉවතට...?

Related imageවසර 37ක් තිස්සේ පැවැති න්‍යායක් ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ හෙව්ලට් පැකාර්ඩ් ආයතනයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙමරි චිප් ආශ්‍රිත සාර්ථක පරීක්ෂණ ප්‍රතිඵලයක් අත්කරගත්තා. ඒ තමයි මෙරිස්ටර් තාක්ෂණය.


Image result for memristor
 මෙරිස්ටර් යනු විදුලිය විසන්ධි වුවද විදුලිය පවතින විට තිබූ තත්ත්වය නැවත මතක තබාගත හැකිවන ලෙස සකසන ලද ක්ෂුද්‍ර මතක චිප් එකකි. මෙයට සමාන මේවන විට පවතින උපාංගය වන්නේ පරිගණක දෘඩ තැටිය වුවත් එයට වඩා වර්ධනීය ලක්ෂණ ගණනාවකින් මෙම මෙරිස්ටර් චිප් එක වඩාත් ඉදිරියෙන් සිටිනවා. තවමත් පර්යේෂණාගාර තත්ත්වයේ තිබුණද මෙය ෆ්ලෑෂ් මෙමරි වලටත් වඩා ලාබ සහ වේගවත් වන බවයි කියැවෙන්නේ. ඒ වගේම මෙම මෙරිස්ටර් චිප් යොදා සකසන ලද රැම් චිප් මොඩුයල නිසා සහ හාර්ඩ් ඩිස්ක් නිසා පරිගණකවල සහ ජංගම උපාංගවල වේගය දැනට වඩා විසි ගුණයකින් පමණ වේගවත් වන බවයි පර්යෙෂකයන් පවසන්නේ.


දැන් අපි බලමු මෙම මෙරිස්ටර් චිප් යොදා සකස් කළ උපාංගවල ප්‍රායෝගික භාවිතයන් කෙසේ වේවිද කියා.
       මෙම මෙරිස්ටර් චිප් සඳහා වැය වන්නේ අඩු විදුලි බලයක් නිසා ජංගම දුරකථනවල බැටරි ආයු කාලය වැඩි වීම පාරිභෝගිකයන්ට මහත් සහනයක් වේවි.
       මයික්‍රොෙව්ව් උඳුනකට මෙම චිප් යොදා පරිපථයක් සකස් කළ විට එයට හැකියාව ලැබෙනවා මෙයට පෙර එමගින් සකසන ලද ආහාර වර්ගවලට කොපමණ උෂ්ණත්වයක් කොපමණ වේලාවක් ලබා දුන්නේද කියා පෙන්වන්න. එය එය භාවිතා කරන්නාට ඉතා පහසුවක් වේවි.

        දැන් පරිගණකයක් භාවිතා කරමින් සිටින විට විදුලිය විසන්ධි වී ගිය විට හෝ ක්‍රෑෂ් වූ විට සිදුවන්නේ ඒ වන තෙක් තාවකාලික මතකයේ තබාගෙන සිටි තොරතුරු අලුතින් නැවත මතකයට නගාගැනීමට අප විසින් මවුසය හා කී බෝර්ඩය හසුරුවාලිය යුතු වීමය. නමුත් මෙම තාක්ෂණයමුසු වූ විට එසේ අවශ්‍ය නොවන අතර මෙරිස්ටර් මගින් ඒවා සියල්ල පෙර අවස්ථාවේ තිබුණා මෙන් නැවත පරිගණක තිරයට ලබා දෙනවා.


ඉතින් මෙවැනි තාක්ෂණික පහසුකම් ගණනාවකින් සමන්විත මෙරිස්ටර් අපගේ ජීවිතයට නොබෝ දිනකින්ම ළං වෙනවාට සැකයක් නැහැ.

pcworld.com ඇසුරිනි.

විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
නොච්චියාගම.

0 comments:

Post a Comment