November 21, 2017

නිවසේදී විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කරමු.

ශ්‍රී ලංකාවේ බල ශක්ති සැපයුම ප්‍රධාන වශයෙන්  ජෛව ස්කන්ධය , ඛනිජ තෙල් හා ජල විදුලිය යන මූලික සම්පත් මත පදනම් වී ඇත. රටේ ආර්ථිකය හා සමාජික සංවර්ධනයත් සමඟම දිනෙන් දින විදුලි බල ඉල්ලුම වැඩිවෙමින් පවතී. විදුලි පරිභෝජනය ගැන අවධානය යොමුකිරීමේදී ගෘහ ආශ්‍රිත විදුලි පරිභෝජනය රටේ සමස්ථ විදුලි පරිභෝජනයෙන් විශාල කොටසකට හිමිකම් කියනු ලැබේ.

නිවෙස් තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තුළින් විදුලිය නාස්තිවීම අවම කර ගැනීමට හැකියාව ලැබේ. ඒ තුළින් රටේ සමස්ථ විදුලි පරිභෝජනයද අවම කර ගැනීමට හැකියාව ලැබේ. නිවෙස් තුළ විදුලි පරිභෝජනය කළමණාකරණය කර ගනිමින් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා යම් අදහසක් ලබා ගැනීමට පහත වගුව උපයෝගී කර ගත හැක.

කාර්යය
විදුලි උපකරණ
වොට් ප්‍රමාණය
දිනකට සාමාන්‍යයෙන් භාවිතා කරන පැය ගණන (සාමාන්‍ය)
මාසයක් තුළ දැවී යනවිදුලි ඒකක ගණන     (සාමාන්‍ය)
ආලෝකකරණය
Ø සාමාන්‍ය විදුලි පහන් 
Ø ප්‍රතිදීප්ත පහන්
Ø සුසංහිත ප්‍රතිදීප්ත පහන්
Ø LED
75
40
15
5
4
4
4
4
9
5
2
0.6
සන්නිවේදනය සඳහා
Ø රූපවාහිනී යන්ත්‍රය (කළු-සුදු)
Ø රූපවාහිනී යන්ත්‍රය (වර්ණ)
Ø ගුවන් විදුලි යන්ත්‍රය
40
100
40
4
4
4
4.8
12
4.8
ජලය රත් කිරීම
Ø විදුලි කේතලය
Ø ජල රත්කරණය
Ø ගිල්වන විදුලි තාප දඟරය
1500
3000
1000/1500
½
¼
½
23
23
15/23
ආහාර පිසීම
Ø ඇඹරුම් යන්ත්‍රය
Ø විදුලි උදුන
Ø බත් පිසින  උදුන
250
4000
600
¼
1 ½
½
2
180
9
ආහාර කල්තබා ගැනීම හා සිසිල් කිරීම.
Ø ශීතකාරණය
Ø අධිශීතකරණය
130
120
15
16
58
58
පරිසරය සිසිල් කිරීම
Ø මේස විදුලි පංකාව
Ø සීලිං විදුලි පංකාව
Ø වායු සමන යන්ත්‍රය
40
75
1100
8
8
8
10
18
265
රෙදි සේදීම හා මැදීම
Ø රෙදි සෝදන යන්ත්‍රය
Ø වියලනය
Ø විදුලි ස්ත්‍රික්කය
350
150
750
¼
¼
1/3
2.7
1.2
7 - 8
වෙනත්
Ø බිම ඔප දමන යන්ත්‍රය
Ø දූවිලි ඉවත් කරන යන්ත්‍රය
500
850
¼
¼
4
6


තම නිවසේ ඇති විදුලි උපකරණය මඟින් මාසිකව දවාලන විදුලි ඒකක කොපමණදැයි ගණනය කර ගැනීම සඳහා පහත සමීකරණය භාවිතා කළ හැක.

විදුලි ඒකක ගණන =     උපකරණයේ ජවය  (W)×මසකට භාවිතා කරන පැය ගණන
                                                            1000

ඒ අනුව, ඔබ නිවසේ වැඩිපුරම විදුලිය වැය වන්නේ කුමන උපකරණයද යන්න ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකිය. එය නිවසේ බලශක්තිය ඉතිරි කළ හැකි ක්‍රමවේද සඳහා යොමු වීමට පිටුවහලක්ද වනු ඇත.
විදුලි භාවිතයේ ඌණතා
1.       දිවා කාලයේ උපරිම හිරු එළිය ලැබෙන ආකරයෙන්  නිවාස සැළසුම් නොකිරීම.
2.       නිවසේ බිත්තිවලට අදුරු වර්ණ යෙදීම නිසා වඩා ආලෝකමත් විදුලි බුබුළු යෙදීමට සිදුවීම.
3.       හිරු එළිය පහසුවෙන් ලැබෙන ස්ථානවලට විදුලි ආලෝකය යෙදීම.
4.       ආලෝක අවශ්‍යතාවය පිළිබද අනවබෝධයෙන් වැඩි ධාරිතාවයක් සහිත විදුලි බුබුළු භාවිතය.
5.       අවශ්‍ය ප්‍රමාණයට වඩා විදුලි උපකරණ භාවිතය
6.       විදුලි උපකරණ මිලදී ගැනීමේදී  වැය වන විදුලිය පිළිබඳව නොසලකා හැරීම.
7.        රෙදි මැදීමේදී විදුලිය අරපරෙස්සම් කිරීමේ උපක්‍රම නොයෙදීම.
8.       ශීතකරණය භාවිතයේදී හා මිලදී ගැනීමේදී ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම. නිවසේ  සාමාජිකයින්ගේ අවශ්‍යතාවයට /නිවසකට ගැලපෙන  ශීතකරණයක් ගතයුතුවන අතර,සමහර පුද්ගලයින් ව්‍යාපාර සදහා සුදුසු ශීතකරණ නිවසේ පරිභෝජනය සදහා භාවිතා කරයි.නිවසක වැඩිම විදුලි ඒකක ගණනක් වැය වන්නේ ශීතකරණයට බැවින් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.
9.       වායු සමන යන්ත්‍ර භාවිතයේදී දොර ජනෙල් වසා නොතිබීම.
10.   අඩු විදුලි බලයක් වැය වන ප්‍රතිදීප්ත පහන් පිළිබඳ අවබෝධයක් නොතිබීම.
විදුලි පරිභෝජනයේදී ඉහත දැක්වෙන ඌණතාවයන් මඟ හැරීමට ක්‍රියා කිරීම තුළින්ද විදුලි බිල අඩු කර ගනිමින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට හුරුවනු ඇත.අනවශ්‍ය ලෙස බිල්පත සදහා මුදල් ගෙවීමක් සිදු නොවන බැවින්, නිවසේ ආර්ථිකයටද මෙය වාසිදායක ලෙස බලපායි.

අත්පත්‍රිකා සහ පොත්පත් ඇසුරෙනි.

0 comments:

Post a Comment