March 29, 2016

ඉවතලන තක්කාලි වලින් විදුලිය

ශීත කාලය හීනවෙමින් උෂ්ණත්වය වැඩි වී ගිම්හානය ලඟාවෙන විට  වෙරළ සහ තටාක වලට අමතරව තක්කාලි ඵලදාවද හරවත් ලෙස ප්‍රයෝජනයට ගැනිමට අපට අවශ්‍ය වේ.
ඵලදාවෙන් ලැබෙන සියළු තක්කාලි මුළුතැන්ගෙයි රසවත් ආහාර පිසීමට සහ කල්පවත්නා  සෝස් වර්ග නිෂ්පාදනය සඳහා පමණක් භාවිතා නොවේ. තැලීම්, පලදු වීම් හා විරෑපී වීම නිසා තක්කාලි ඵලදාවෙන් විශාල කොටසක් ගොවියන් විසින් වෙලඳපොලට ඉදිරිපත් නොකරම ඉවතලනු ලැබේ. ප්‍රවාහනය වැනි විවිධ කාරනා නිසා පලුදු වූ තැලුණු තක්කාලි විශාල ප්‍රමාණයක් වෙලඳපොලේදීද ඉවතලයි. මේ ඉවතලන තක්කාලි විශාල ප්‍රමාණය තවදුරටත් අපද්‍රව්‍යන් නොවී විදුලිය නිපදවීම සඳහා යොදාගත හැකි ක්‍රමයක් සොයාගෙන තිබේ.

ඇමරිකානු රසායනික සමාජය විසින් මෑතකදී පවත්වන ලද ප්‍රදර්ශනයේදී තක්කාලි වලින් විදුලිය නිපදවන අයුරු ප්‍රදර්ශනය කරන ලදී. මේ සඳහා රසායනික ප්‍රතික්‍රියාවක් යොදාගෙන තිබේ.
නරක් වීම, පලදු වීම නිසා ඉවත දැමූ තක්කාලි ඵලදාව බලවත් බලශක්තියක් බවට පරිවර්තනය කිරීමට හැකි බව අප දුටුවා. ඒ සදහා ඒවා ජෛව විද්‍යාත්මකව එනම් ක්ෂූද්‍ර ජීවී රසායනික ක්‍රියාවලියක් සහිත විදුලි කෝෂ (බැටරි මෙන්) බවට පරිවර්තනය කල හැකිය. එමඟින් තක්කාලි නිසා ඇති වන ඝණ අපද්‍රව්‍ය මෙන්ම ඒ ආශ්‍රිතව සිදුවන ජලය අපිරිසිදු වීමද වලක්වා ගත හැකිය. මෙලෙස සඳහන් කලේ ව්‍යාපෘතියේ පර්යේෂිකාවක් වූ Namitha Shrestha ය.

පර්යේෂණයෙන් තක්කාලි ජීරණය කල හැකි විශේෂ බැකිටීරියාවක් සමග ඉවතලූ තක්කාලි එක් කෝෂයක් තුලට ඇතුලු කරවයි. මෙම ක්ෂූද්‍ර ජීවීන් ඉවතලූ තක්කාලි හා ප්‍රතික්‍රියා කිරීමේදී, එනම් ක්ෂූද්‍ර ජීවීන් නිසා තක්කාලි ඔක්සිකරණය  වීම නිසා ඉලෙක්ට්‍රෝන නිදහස් වේ. එම ඉලෙක්ට්‍රෝන එක්රැස්කර ඒවා විදුලිය බවට පරිවර්තනය කිරීමට ඉලෙක්ට්‍රෝන රසායනික කෝෂ වලට හැකිය. මෙය එදිනෙදා භාවිතවන බැටරිවල ක්‍රියාකාරීත්වයට සමාන ආකාරයෙන් සිදුවේ.
ආරම්භයේදී ඉවතලන තක්කාලි 110 mg කින් ලබාගත හැක්කේ 3 W ක විදුලි බලයක් පමණක් වුවද එම ප්‍රමාණය වැඩිකර ගැනීමටද කඩිනමින් හැකි වනු ඇත.
බිම ගොඩකිරීම සදහා නරක් වූ තක්කාලි ටොන් ගණනක් භාවිතා වීමෙන් සිදුවන හානිය හා ජලමූලාශ්‍ර දූෂණය වීම් පවා මෙමගින් වළක්වාගත හැකිය.
\
උපුටා ගැනීම :   
Damaged tomatoes could provide electricity by Mary Griggs

https://www.youtube.com/watch?v=fyPAKzbuZE0

0 comments:

Post a Comment