March 17, 2016

අඟහරු ජනාවාසකරණයට පෙරනිමිත්තක්........

-අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය-
සැතපුම් 250ක් දුර ඈත අවකාශයේ රදවා තිබෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) තත්පරයට සැතපුම් 05 ක වේගයකින් පෘථිවිය වටා ගමන් කරමින් පවතී. එය තුල අගහරු ජනාවාසකරණය පිලිබද වැදගත් පර්යේෂණයක් සිදු කර ඇත.
ඇන්ටාක්ටිකාව නිජබිම කර ගත් පුස් විශේෂයක් මේ සදහා දායක කර ගෙන ඇත.යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මාස 18 ක කාලයක් අගහරුගේ පරිසරයට සමාන පරිසරයකදී මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.

පෘථිවියේ වාසයට නුසුදුසු පරිසර පිලිබදව සොයා බැලීමේදී ඇන්ටාක්ටිකාවේ වියලි,නිසරු,නිතර වේගයෙන් සුලං හමන මැක්මඩෝ නිම්නය අංක 01ට පැමිණ තිබෙනවා.ප්‍රබල සුලි කුණාටු මගින් හිම සහ අයිස් සූරා දමා ගල් කැබලි පමණක් ඉතිරි කර මෙම වියලි,සිසිල් පරිසරය නිර්මාණය කර තිබෙනවා.මේ පරිසරය තුල ඉහත කී පුස් වර්ගය මේ දක්වා නොනැසී පවතිනවා.
-පුස් විශේෂය-
මැක්මඩෝ නිම්නයේ රැලි ගැසුණු උස් කදු මුදුන් වල cryomyces antarcticus හා  cryomyces minteri ලෙස හදුන්වන පුස් වර්ග දෙක අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Expose –E නැමැති කොටසේදී මේ සදහා යොදා ගෙන තිබෙනවා.මෙහි තිබූ වායුගෝලයේ කාබන් ප්‍රතිශතය 95%ක්,නයිට්‍රජන් ප්‍රතිශතය 3%ක්, හා ඔක්සිජන් ප්‍රතිශතය 0.15%ක් ලෙස සකසා තිබුණා.ඒ අගහරුගේ වායුගෝලයේ සංයුතියට සමාන වන අයුරිනි.(පෘථිවි වායුගෝලයේ නයිට්‍රජන් 78%ක් හා ඔක්සිජන් 21% දල වශයෙන් ඇත.) පරීක්ෂණාගාරය තුලදී අඩු පීඩන තත්ව යටතේ මාස 18 ක කාලය පුරා පාරජම්බුල කිරණ ගැටීමට සලස්වන ලද අතර පුස් වලින් 60%ක් කිසිදු ඩී එන් ඒ විකෘතිවීමකින් තොරව සජීවීව පැවතිණි.

දුෂ්කර පරිසරයක ලයිකන හා පුස් වර්ග පිලිබදව කරනු ලබන පරීක්ෂණ LIFE-Lichens and Fungi Experiments ලෙස හදුන්වයි.

Popular Science ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
මීගමුව.  

0 comments:

Post a Comment